Header Ads

  • Breaking News

    ජීවය බිහි වුණේ කොහොමද?


    මහරු කියන්නේ මෙහෙමයි. අජීවී දෙයකින් ජීවය ඉබේම හටගත්තා.

    ඒත් සමහරු ඒ පිළිතුර පිළිගන්න කැමති නැත්තේ ඇයි? සෛලයක ව්‍යුහය හා සෛලයක් ඇති වෙන්න හේතු වෙන රසායනික ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් ගැන විස්තර ඉස්සරට වඩා දැන් විද්‍යාඥයන් දන්නවා. අජීවී දෙයක් හා ඉතාම සරල ජීවී සෛලයක් අතර ලොකු පරතරයක් තියෙනවා කියලත් ඔවුන් දන්නවා. ඒ නිසා ජීවී සෛලයක් බිහි වුණේ කොහොමද කියන එක ඔවුන්ට තවමත් ප්‍රශ්නයක්.

    අවුරුදු බිලියන ගාණකට කලින් පොළොවේ තත්වය ගැන විද්‍යාඥයන් ඉදිරිපත් කරලා තියෙන්නේ උපකල්පන විතරයි. ජීවයේ ආරම්භය ගැනත් ඒ අයට විවිධ මත තියෙනවා. උදාහරණයකට ජීවය ආරම්භ වුණේ ගිනි කන්දක් ඇතුළේ නැත්නම් මුහුදු පතුලේ කියලා ඔවුන් හිතනවා. තවත් අය හිතන්නේ ජීවය බිහි වෙන්න අවශ්‍ය සංඝටක විශ්වයේ කොහේ හරි තැනක ඇති වෙලා උල්කාපාත හරහා පොළොවට ආවා කියලයි. ඒත් ජීවය බිහි වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට ඒ එකකින්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ.

    ජාන හා DNA වගේ දේවල් බවට පත් වුණ අණු ඈත අතීතයේදී තිබුණා කියලා විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ අණු අජීවී දෙයකින් ඉබේම ඇති වුණා කියලත් ඒවාට ස්වයංක්‍රීයව තමන්ගෙම පිටපතක් හදාගන්න හැකියාව තියෙනවා කියලත් ඔවුන් හිතනවා. ඒත් ඒ වගේ අණු තිබුණා කියන්න විද්‍යාවෙන් කිසිම සාක්ෂියක් ලැබිලා නැහැ. මේ වෙනකම් විද්‍යාඥයන්ට ඒ වගේ අණුවක් විද්‍යාගාරවල නිපදවන්න හැකියාවක් ලැබිලත් නැහැ.


    සෛලයක් තොරතුරු ගබඩා කරන විදිහ හා බෙදාහරින විදිහ පුදුමාකාරයි. සෛලයක තොරතුරු පිටපත් කරන්නෙත් අවශ්‍ය උපදෙස් ලබාදෙන්නෙත් ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙත් ඒකෙ තියෙන ජානමය තොරතුරුවලට අනුවයි. සමහර විද්‍යාඥයන් මේ ජානමය තොරතුරු පරිගණකයක සොෆ්ට්වෙයාවලට සමාන කරනවා. සොෆ්ට්වෙයාවලට තොරතුරු ඇතුල් කරන්න නම් කෙනෙක් ඉන්න ඕන. ඒත් ජානවලට තොරතුරු ඇතුල් කළේ කවුද කියලා ඔවුන් දන්නේ නැහැ.

    සෛලයක ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන අණු අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන අණුවක ඇමයිනෝ අම්ල සිය ගණනක් තියෙනවා. ඒවා එතිලා තියෙන්නේ විශේෂිත රටාවකටයි. ඒ වගේම ප්‍රෝටීන අණුවක් ක්‍රියා කරන්න නම් ඒක විශේෂිත ත්‍රිමාන හැඩයකට සකස් වෙලා තියෙන්නත් ඕනේ. එහෙම බලද්දී සංකීර්ණ එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වුණා කියලා කොහොමටවත් හිතන්න බැහැ කියලා සමහර විද්‍යාඥයන් කියනවා. “එක සෛලයක් ක්‍රියා කරන්න ඒ වගේ විවිධ ප්‍රෝටීන අණු දහස් ගණනක් ඕනේ. ඒත් එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වෙන්න බැහැ” කියලා භෞතික විද්‍යාඥයෙක් වන පෝල් ඩේවිස් කිව්වා.

    නිගමනය. දශක ගණනාවක් පුරා විද්‍යාවේ හැම ක්ෂේත්‍රයකම කළ පර්යේෂණවලින් පෙනී යන්නේ අජීවි දෙයකින් ජීවයක් ඇති වෙන්න බැහැ කියලයි.






    දැන් අල් කුර්ආනයේ මෙම විශ්වයේ උපත ගැන සදහන් වන්නේ මොනවාද ?

    “(ආරම්භයේදී)එකට එකතු වී තිබූ අහස්ද භූමියද අපි වෙන් කළෙමු යයිද පණ ඇති සියල්ල ජලයෙන් නිර්මාණය කළෙමු යයිද මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඔවුන් අවධානය කළ යුතු නොවේද?…“(අල් කුර්ආන් 21:30)

    රාත්‍රිය දහවල මාරුවීම ගැන පහත අල් කුර්ආන් වැකිය මෙසේ පවසනවා.


    “ඇත්තෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ගිල්වීමට සලස්වන්නේය.දවාල රාත්‍රියෙහි ගිල්වීමට සලස්වන්නේය…යන්න ඔබ නොබැලුවෙහිද?“(අල් කුර්ආන් 31:29)


    පෘතුවිය හා චන්ද්‍රයා ඇතුළු සිළුම ග්‍රහයන් තම තමන්ගේ කක්‍ෂයන් හෙවත් වටකුරු ගමන් පථයෙහි ගමන් කරනවා කියල මෑතක් වනතුරු විද්‍යාඥයන් විශ්වාස කළා.. පසුව එම මතය වෙනස් කර සූ්‍යර්යා ඉතා වේගයෙන් ගමන් කරන බව සොයා ගෙන ඇත්තේ ඉතා මෑත කාලයකදීය.

    ඒ පිළිබඳ කුර්ආනය මෙහෙම සඳහන් කළේ වසර දහස් ගනනකට පෙර.

    සුර්යයා හා චන‍ද්‍රයාද රැය හා දවාලද නිර්මාණය කළේ ඔහුය. තවද ඒවා සිය කක්‍ෂයන් වටා ගමන් ගනිති (පරිච්ඡේදය: අන්බියා 33වැනි වැකිය)


    කෙටියෙන් කිවහොත් විශ්වයේ ඇති ප්‍රකෝටි සංඛ්‍යාත තාරකා චන්ද්‍රයන් සූ්‍යර්යන් හා සියළු ග්‍රහයන් එකක් නෑර තමන්ට නියමිත කක්ෂයන් වටා නොනවතින ගමනක යෙදී සිටිනවා.අනුව මුළු මහත් විශ්ව තලයම වෘතාකාර ගමන් පථයන්වලින් පිරි එකක් යයි සනාථ වෙලා තියෙනවා. මෙම සත්‍යයපැහැදිලි ලෙසින්ම ශුද්ද කුර්ආනයේ මෙලෙසින් සඳහන් වෙනවා.

    ගමන් පථයන් හා කක්ෂයන්ගෙන් පිරි අහස් ගැබ දිවුරා (කියමි) -අද් දියාරාහ්:7




    Post Top Ad

    Post Bottom Ad