Header Ads

  • Breaking News

    සංකීර්ණ ජීවීන් ඇති වුණේ කොහොමද?


    සමහරු කියන්නේ මෙහෙමයි. මුල්ම ක්ෂුද්‍ර ජීවියා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වෙලා මිනිස්සු ඇතුළු වෙනත් ජීවීන් ඇති වුණා. එහෙම වුණේ ස්වාභාවික වර්ණයේ හා විකෘති වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

    ඒත් සමහරු ඒ පිළිතුර පිළිගන්න කැමති නැත්තේ ඇයි? සමහර සෛල ගොඩක් සංකීර්ණයි. සරල සෛලයක් සංකීර්ණ සෛලයක් දක්වා පරිණාමය වුණේ කොහොමද කියන එක “පරිණාමයේ දෙවෙනි අභිරහස” කියලා එක වාර්තාවක සඳහන් වෙනවා.


    හැම සෛලයකම ප්‍රෝටීන අණුවලින් හැදුණු සංකීර්ණ අණුක යන්ත්‍ර (molecular machines) තියෙනවා. සෛලයක් තුළ සිදු වන සංකීර්ණ ක්‍රියාවලියට දායක වෙන්නේ ඒ අණුක යන්ත්‍රයි කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒවා මගින් පෝෂ්‍ය කොටස් ශක්තිය බවට පරිවර්තනය කිරීම, සෛල අලුත්වැඩියා කිරීම හා සෛල තුළ පණිවිඩ ගෙන යෑම වගේ දේවල් සිදු කරනවා. ඒ වගේ සංකීර්ණ අණුක යන්ත්‍රයක් ස්වාභාවික වරණයෙන් හෝ විකෘති වීමෙන් බිහි වුණා කියන එක ගොඩක් අයට පිළිගන්න අමාරුයි.

    සතුන් හා මිනිසුන් ඇති වෙන්නේ යුක්තානුවකින්. ව කලලයක් බවට පත් වෙනවා. ඊටපස්සේ කලලයේ සෛල දිගින් දිගටම බෙදෙනවා. ඒ සෛල අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලත් ඒවාවලින් වෙන්න ඕන කාර්යය මොකක්ද කියලත් ඒ සෛල දන්නවා. ඒත් ඒ එක් එක් සෛල අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලා ඒවා හරියටම දන්නේ කොහොමද කියලා පරිණාමවාදීන්ට විස්තර කරන්න බැහැ.

    එක සත්ව විශේෂයකින් තවත් සත්ව විශේෂයක් ඇති වෙන්න නම් සෛලවල තියෙන අණුවල ඉඳන්ම වෙනසක් වෙන්න ඕන කියලා විද්‍යාඥයන් දැන් සොයාගෙන තියෙනවා. සරලම සෛලය ඇති වුණේ පරිණාමයෙන් කියලා ඔප්පු කරන්න විද්‍යාඥයන්ට බැරි නම් සත්ව විශේෂ ඇති වුණේ විකෘතිවලින් හා ස්වාභාවික වරණයෙන් කියලා ඔවුන් කියන එක තර්කානුකූලද? සතුන් ගැන කළ පර්යේෂණවලින් පෙනී යන්නේ “හිතාගන්නවත් බැරි පුදුමාකාර සංකීර්ණකමක් උන්ගේ සැකැස්මේ තියෙනවා කියලයි. ඒත් ඒ වගේ දෙයක් බුද්ධිමත් කෙනෙක්ගේ මැදිහත් වීමක් නැතුව ඉබේම ඇති වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම දෙයක් තාම හොයාගෙන නැහැ” කියලා ජීව විද්‍යාඥයෙක් වන මයිකල් බීහී කියනවා.


    මිනිසුන්ට සිහිකල්පනාව ඇතුව වැඩ කරන්න, තර්කානුකූලව හිතන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පරිත්‍යාගශීලී වෙන්න, පරාර්ථකාමී වෙන්න හා හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්නත් පුළුවන්. මිනිසුන්ට විතරක් මේ වගේ වටිනා ගුණාංග තියෙන්නේ ඇයි කියලා ජීවීන් පරිණාමය වුණා කියලා කියන අයට පැහැදිලි කරන්න බැහැ.

    නිගමනය. ජීවීන් ඇති වුණේ පරිණාමයෙන් කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒත් ජීවය බිහි වුණු විදිහ හා සංකීර්ණ ජීවීන් ඇති වුණු විදිහ ගැන පරිණාමවාදීන් කරන පැහැදිලි කිරීම් ගැන අනිත් අය සෑහීමට පත් වෙන්නේ නැහැ.


    Post Top Ad

    Post Bottom Ad