මැලේ ජාතික මුස්ලිම්වරු : මැලේ ඉතිහාසය හා සංස්කෘතිය
ඉන්දියානු සාගරයේ මුතු ඇටය ලෙස විරුධාවලිය ලත් විචිත්‍රවත් සංස්කෘතියකට හිමිකම් කියන ශ්‍රීලංකාව අතීත උරුමයන් හා ජන විවිධත්වයන් ගෙන් යුක්තය.
සිංහල,දෙමල,මරක්කල යන ප්‍රධාන ජාතීන්ට අමතරව දීර්ග ඉතිහාසයක් හා වර්ණවත් සංස්කෘතියක් හිමි මැලේ ජාතිකයන්ද මෙරට ස්වදේශ සංස්කෘතිය කෙරෙහි සම්මිශ්‍රණයක් වී ඇත .
සමස්ත ජනගහනයෙන් 95,000 වැඩි ප්‍රමාණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජිවත් වන මැලේ ප්‍රජාව ඉස්ලාම් ආගම හෙවත් මුස්ලිම් ධාර්මික ප්‍රජාවකි.
සමස්ත මුස්ලිම් ආගමික ප්‍රජාවගෙන් 10% නියෝජනය වන්නේ මැලේ ජාතිකයන්ය.
මැලේ ජාතිකයන් සම්බන්දයෙන් කතාකල විට බොහෝවිට මතක් වන්නේ හමුදා බුද්ධි අංශ හා ආරක්ෂක හමුදාවේ සේවය කරන රණ විරුවන් සම්බන්දයෙන්ය. ඒ හැර ක්‍රීඩා තරග,සංගීත හා කලාව තුලින්ද මැලේ ජාතිකයන් පිළිබද අසන්නට ලැබේ.
ජා මිනිස්සු , ජාවකයෝ,ජවැනිස් , යන නම් වලින් හදුන්වන මැලේ ජාතිකයන් වැඩිවශයෙන් මෙරටට සංක්‍රමණය වන්නේ ලන්දේසි හා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී වුවද පැරණි මුලාශ්‍ර හා ඓතිහාසික සාදක පෙන්වාදෙන්නේ ඉස්ලාම් ධර්මය බිහිවෙන්නටත් පෙරාතුව එනම් 6 වැනි ශතවර්ශයටත් පෙර සිට ලක්දිව - ජාවක සම්බදතා තිබු බවයි.
බහුතර වර්තමාන මැලේ මුතුන්මිත්තන්ගේ සම්භවය ආරම්භ වන්නේ වර්ෂ 1650-1796 යන කාල වකවානු තුලය. ලන්දේසි යුගයේදී සිට පැහැදිලි ඓතිහාසික තොරතුරු වාර්තාවේ.
මලය අර්ධත්විපයේ ඉන්දුනීසියානු කොදෙව් දුපත් සමුහයක් වූ බාලි,ටිදෝර්,මදුරාස්,සුන්දාන්ස්,බන්දානස් හා අම්බෝයිනාස් ආදී ප්‍රදේශවලින් මෙරටට පැමිණි මැලේ ප්‍රජාව හදුන්වන්නේ ඔරන් ජාවා (Orang Java ) හෝ මෙලායු (Melayu) යන නමිනි.අතීතයේ සිටම සිංහල ප්‍රජාව ඔවුන් හැදින්වුයේ ජා මිනිස්සු (Javanese peoples ) ලෙසය.
මලය අර්ධත්විපයේ ඉන්දුනීසියානු කොදෙව් දුපත් සමුහයක් වූ බාලි,ටිදෝර්,මදුරාස්,සුන්දාන්ස්,බන්දානස් හා අම්බෝයිනාස් ආදී ප්‍රදේශවලින් මෙරටට පැමිණි මැලේ ප්‍රජාව හදුන්වන්නේ ඔරන් ජාවා (Orang Java ) හෝ මෙලායු (Melayu) යන නමිනි.අතීතයේ සිටම සිංහල ප්‍රජාව ඔවුන් හැදින්වුයේ ජා මිනිස්සු (Javanese peoples ) ලෙසය.
මැලේ ඉතිහාසය
1220දි වර්තමාන මැලේසියාව හා දකුණු තායිලන්තයට මැදිව තිබුණ ශ්‍රී විජය රාජධාණියේ "තාම්‍රලිංග" (Tambralinga )රටේ රජු වන "චන් ද්‍රභානු" ලංකාව ආක්‍රමනය කළහ. ඔහු මැලේ ජාතිකයෙක්. නමුත් මේ කාලයේ අග්නිදිග ආසියා කලාපයේ සියළුම ජනවර්ග සිංහලයන් විසින් හැඳින්වුයේ "ජාවක" (javaka) නමින්. එබැවින් වංශකතාවල චන් ද්‍රභානු හැඳින්වෙන්නෙ ජාවක රජෙක් ලෙසයි.දමිල ඓතිහාසික ශිලා ලේඛන වලට අනුව ජාවකයන් හැදින්වුයේ සාවක (savaka) නමිනි, පුරාන අරාබි ලේඛන වලට අනුව අරාබි ජාතිකයන් විසින් ජාවකයන් හැදින්වුයේ සබාජ් (ZABAJ) හා සබකා (ZABAKA ) නමිනි.
දකුණු තායිලන්ත ශිලා ලේඛන වලට අනුව චන්ද්‍රබානු ශ්‍රී ධර්මරාජ රජ බවට පත්වන්නේ ක්‍රි.ව.1230 දිය. ක්‍රි.ව.1248 දී බලවත් නාවික හමුදාවක් ඔහු සතු විය.
චන් ද්‍රභානු ගෙ හමුදාව ලංකාවේ දකුණ ආක්‍රමනය කළත්, ඒ වෙනවිට දඹදෙණියේ රජු වුන දෙවන පරාක්‍රමබාහු රජු ඔවුන්ව පසු බස්සවන්න සමත්විය . එවිට චන් ද්‍රභානු උතුරට ගොඩබැස කාලිංග මාඝව මරා යාපනය යටත්කරගත්හ. ඔහුගේ හමුදාව විෂ ඊතල භාවිතා කළ බව ඉතිහාසයේ කියවේ. චන්ද්‍රබානු යාපනය හෙවත් ජාපනය රාජධානියේ පාලකයා බවට පත්විය.
එතැන් පටන් ලංකාවෙ උතුරු ප්‍රදේශය පාලනය වෙන්නෙ ජාවක තාම්‍රලිංග රාජධානියේ කොටසක් ලෙස . චන් ද්‍රභානු ගෙ බලකොටුව පිහිටි ප්‍රදේශය එදා හැඳින්වුනේ "ජා බලකොටුව" කියන අරුත දෙන "ජාවකකෝට්ටේ"නමිනි . අද එය දෙමළ ඌරුවට "චාවාකච්චේරි" ලෙස හැදින්වේ.
මේ අවධියේ කලාපයේ බලවත්ම රාජධාණිය වූ පාඬ්‍යය අධිරාජ්‍යය. චන් ද්‍රභානු නැවත වතාවක් දඹදෙණිය ආක්‍රමනය කරන්න සූදානම් වනවිට දෙවෙනි පරාක්‍රමබාහු රජු පාඬ්‍යය අධිරාජ්‍යයා ගෙන් උදව්ඉල්ලුහ.. ඒ අනුව 1263 දි පාඬ්‍යය සේනාවක් යාපනයට ගොඩ බැස ජාවක තාම්‍රලිංග හමුදාවන් පරාජය කළහ.
දකුණු ඉන්දියානු දමිල රජෙකු වූ සුන්දර පාඬ්‍යයගේ සහෝදරයා වූ වීර පාඬ්‍යය මැදිහත් වී චන්ද්‍රබානු මරා දැමුහ.චන්ද්‍රබානුගේ පුතෙකු වූ සවකන්මෙදන් ගේ පාලනය යටතේ යාපනය රාජධානිය පාලකයා විය.
ඉන්පසු වීර පාඬ්‍යය රජු නෙරපා දැමීමත් සමග පාලනය අතට ගත් මරවර්මන් කුලසේකර පාඬ්‍යය ක්‍රි.ව. 1270 දී කලක් යාපනය පාලනය කල ජාවක රජු වූ සවකන්මෙදන් පලවා හැර ආර්යචක්රවති (ක්‍රි.ව.1277-1283) රජ බවට පත් කරන ලදී.
ඉහත ඉතිහාසයෙන් දැක්වෙන්නේ අග්නිදිග ජාවක රාජධානිය යටතේ තිබු එක් පාලන ප්‍රදේශයක් වුයේ යාපනය රාජධානියයි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා ජාවා ප්‍රදේශයෙන් මෙලායු රාජධානිය බලවත් වීමත් සමග තාම්‍රලිංග (Tambralinga ) රාජධානිය අවසන් විය.
දසභතික රනඣ නය උපඣ නග උපඣ නගහ මරුමකනෙ මහ පසඩිකෙ අභය ඣහපුතෙ ගමණි තිසහ විහරෙ අගත අනගත භිකු සගස නියතෙ
(දසබෑ රජුන්ගේ ජාවක නියමු උපරාජ නාගගේ මුණුබුරු මහපසඩික අභය රජුගේ පුත් ගාමිණි තිස්‌සගේ විහාරය)
මොට්‌ටාගල ට දෙමළ බසින් මොට්‌ටයකල්ලූ කියති. මේ ස්‌ථානය පිලිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව එම ගල්තලාව වටේ පවතින කටාරම් කොටූ ගල් ලෙන් රාශියක් ගවේෂණයට ලක් කර ලෙන් ලිපි කීපයක් ද පිටපත් කර එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පළකර තිබේ. එම ලිපි කියවූ විට මේ වැකි කීපය හමු වෙයි.
මෙම ලෙන් ලිපියට අනුව මෙම ස්‌ථානයේ කාවන්තිස්‌ස රජු විසින් සෑදවූ විහාරස්‌ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජුන් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්‌වීමක්‌ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශවලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්‌තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ ජාවක හෙවත් මැලේවරුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි.
ජාවක - මලක්කා ඉතිහාසය හා රාජධානි යුග
මෙම ලෙන් ලිපියට අනුව මෙම ස්‌ථානයේ කාවන්තිස්‌ස රජු විසින් සෑදවූ විහාරස්‌ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජුන් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්‌වීමක්‌ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශවලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්‌තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ ජාවක හෙවත් මැලේවරුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි.
ජාවක - මලක්කා ඉතිහාසය හා රාජධානි යුග
ගිනිකොණ ආසියාවේ පිහිටි සුමාත්‍රා ජාවා ,ඉන්දුනීසියා දුපත් සමුහය
මෙලයු රාජධානිය (ක්‍රි.ව. 600 ) |
|
සින්හසාරි රාජධානිය (ක්‍රි.ව. 1222-1292 ) |
මජාපහිත් රාජධානිය (ක්‍රි.ව. 1292-1527 ) ඉන්දුනීසියාව,මැලේසියාව,සිංගපුරුව,බෘනායි,දකුණු තායිලන්තය,සූලූ කොදෙව් හා නැගෙනහිර ටිමෝරය ආදී රටවල් එකල මජාපාහිත් රාජධානිය යටතේ තිබුණි, |
12 වැනි සියවසේදී රේඩන් විජය රජුගේ පාලනය යටතේ තිබු මජාපාහිත් රාජධානිය එකල ශ්‍රීලංකාව,ඉන්දියාව,මැදපෙරදිග ,අප්‍රිකාව ,චීනය හා මැඩගස්කර වැනි රටවල් කරා නාවික වෙළද බලය තිබු පැතිරී තිබුණි. |
ලංකාසුකා රාජධානිය (2-15 ශතවර්ෂය )
2 වැනි ශතවර්ෂයේදී මැලේ අර්ධද්වීපයේ පිහිටි පුරාණ රාජධානියක් වන මෙය පිහිටා තිබුනේ දකුණු තායිලන්තය පට්ටානි හා මැලේසියාවට මැදිවය .ලංකා (langkha )යනු "දීප්තිමත් දිවයින" යන තේරුම දෙයි. සුකා (sukkha) යනු යනු මැලේ භාෂාවෙන් සතුට ,ප්‍රීතිමත් යන්නය. ලංකාසුකා (LANGKASUKHA) යන්නෙහි තේරුම සතුටෙන් පිරුණු දීප්තිමත් දිවයින යන අර්ථය දේ.
මැලේ සාහිත්‍ය ප්‍රබන්දයක් වන කෙඩා අනල්ස් (Kedah Annals) අනුව රණශුරයෙකු වන මෙරෝන් මහාවංශ විසින් මෙම රාජධානිය ගොඩනැගු බව කියවේ.
ඉන්දුනීසියාවේ සිට මැදපෙරදිග හා ඉන්දියාව කරා යාත්‍රා කරන නැව් ගමන් මාර්ගය අරාබි හා පර්සියානු ජාතිකයන් විසින් හදුන්වනු ලැබුයේ කුදා ,කලැහැ,කළහ (Qalha, Kalah Bar, Kalah or Kalaha ) යනුවෙනි .මැදපෙරදිග,ඉන්දියාව හා ශ්‍රීලංකාව කරා ගමන් ගන්නා වෙළද නාවුක යාත්‍රා ඉන්දියානු සාගරෙයේ බෙන්ගාල මුහුදු තිරය ඔස්සේ මැදපෙරදිග හා යෝරෝපය කරා ගමන් ගන්නා කුළුබඩු ප්‍රවාහනය (සේද මාවත ඔස්සේ ) අතීතයේදී පැවති ජාවක-මැලේ සංක්‍රමණය ලංකාවේ වෙළදාම සදහා පැමිණි බව කදිම සාක්ෂියකි.
12 වන සියවසට පෙර ඉන්දියානු සාගරයේ නවීක වෙළද බලය තිබුනේ ජාවක-මැලේවරුන් සතුවය. 11 වැනි ශත වර්ෂයේදී දකුණු ඉන්දියානු බලවත් රජෙකු වූ රාජේන්ද්‍ර චෝල විසින් ඉන්දියානු සාගරයේ වෙළද බලය සහ සිහසුන ලබා ගැනීම සදහා එවකට තිබු ශ්‍රීවිජය රාජධානියට පහර දෙන ලදී.
ක්‍රි.ව. 1025 දී මැලේ අර්ධද්වීපයේ රාජධානියේ පාලකයා වූ ශ්‍රිවිජය රජු පලවා හැර ඉන්දියානු සාගරයේ වෙළද බලය අල්ලා ගැනීමට සමත් විය.ඒ වන විට ලංකාවේ අනුරාධපුර රාජධානිය අක්‍රමණය කල චෝල සේනාව පස්වන මහින්ද රජු අල්ලා සිරභාරයට ගෙන ඉන්දියාවට රැගෙන යන ලදී.මහාවංශයට අනුව 5 වන මහින්ද රජු ක්‍රි.ව.1029 දී සිරභාරයෙදීම මිය යන ලදී.
ක්‍රි.ව. 1077 දී බලයට පත්වූ කුලතුංග චෝල රජ වකවානුවේ ගිනිකොන ආසියාවේ බලය ගිලිහෙන ලදී .
ඉස්ලාමය පැතිරීම (අග්නිදිග ආසියාව- ක්‍රි.ව. 1130)
සුවිශල් ගස් කදන් වලින් සරුසාර දුපත් සමුහයකින් යුතු වූ මලය අර්ධත්විපයේ විසු ජාවක මැලේවරු අතීතයේ පටන් විශාල ඔරු බෝට්ටු තැනීමේහිලා දක්ෂයෝ වුහ.අග්නිදිග ආසියාවේ දුපත් අතර පමණක් නොව චීනය,තායිලන්තය,දකුණු ඉන්දියාව,මැඩගස්කරය,ශ්‍රීලංකාව හා මැදපෙරදිග රටවල් කරා තම නාවික ගමනාගමනය තුලින් සිය වෙළද අනසක පැතිර තිබුණි.
කෙඩා සුල්තාන් රාජ්‍යය - Sultanate of Kedah (1136–1941)
ස්වදේශීය ජන සමාජයක් සහිත වූ කෙඩා රාජ්‍යය පාලනය ක්‍රි..පු . 170 තරම් අතීත ඉතිහාසයක් ඇති පැරණි රාජ්‍යයකි.
ක්‍රි.පු.630 දී මහරාජා දෙර්බර් රජා ලෙස හදුන්වන බන්ඩර් අබ්බාස් (now known as Bandar Abbas) පර්සියානු යුද්දයකදී පරාද වී ශ්‍රීලංකාව කරා යන ගමනේදී කුණාටුවකට හසුව කෙඩා වෙරල තිරයට ගසාගෙන පැමිණීම සමග ඔහුව පිලිබදව තොරතුරු විමසීමේදී ඔහු බුද්ධිමත් නාවිකයෙකු විය.කෙඩා ප්‍රජාව සමග ප්‍රජාවට අවශ්‍ය දැනුම හා සාස්ත්‍රය ලබාදීමත් සමග ක්‍රි.පු. 634 දී කෙඩා රාජ්‍යයේ පාලකයා ලෙස තෝරා පත් කරන ලදී.ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් ආගමික හා පර්සියානු සම්ප්‍රදාය සමාජයට ලබා දෙන ලදී.කෙඩා රාජ්‍යයේ අගනුවර ලංකාසුකා විය.
ක්‍රම ක්‍රමයෙන් ඉස්ලාම් ධර්මය ජන සමාජය කරා ව්‍යාප්ත වීමත් සමග ඉස්ලාම් ධාර්මික ප්‍රජාවක් ඇතිවිය.
අග්නිදිග ආසියාවේ ප්‍රථම ඉස්ලාමිය සුල්තනෙට් රාජ්‍යයක් බිහිවන්නේ ක්‍රි.ව. 1136 දී කෙඩා හි පාලයකයෙකු වූ පරා ඔන් මහාවංශ (Phra Ong Mahawangsa ) ඉස්ලාම් ධර්මය වැලද ගැනීමත් සමග සුල්තාන් මුසාෆර් ශා (Sultan Muzaffar Shah) ලෙස නම වෙනස් කරන ලදී. 15 වන සියවස දක්වා හින්දු-බෞද්ධ සම්ප්‍රදාය දිගටම පැවතියේය.
ඉස්ලාමිය පාලන යුගය
මලක්කා සුල්තානෙට් ඉස්ලාමිය රාජධානි යුගය (1400-1511)
- ඉස්කන්දර්ෂාහ් (පරමේශ්වර රජා ) ක්‍රි.ව. 1400-1414
- මෙගාත් ඉස්කන්දර් ෂාහ් රජු (1414-1424)
- මුහම්මද් ෂාහ් රජු (1424-1444)
- අබු සයාහිඩ් ෂාහ් (1444-1446)
- මුසාෆර් ෂාහ් රජු (1446-1459)
- මන්සුර් ෂාහ් රජු (1459-1477)
- අලාඋද්දින් රියයත් ෂාහ් රජු (1477-1488)
- මහමුද් ෂාහ් රජු (1488-1511)
- අහමත් ෂාහ් රජු (1511-1513)
ජොහාර් සුල්තානෙට් රාජධානිය (1528-1855)
ජෝහොර් සුල්තාන් රාජධානිය (Johor Sultanate/کسلطانن جوهر / Kesultanan Johor) ස්ථාපන ය කරන්නේ ක්‍රි.ව.1528 දී මලක්කා සුල්තාන් රජ වූ සුල්තාන් මහමුද් ගේ දෙවැනි පුත්‍රයා වන අලා උද්දින් ෂාහ් II (Alauddin Riayat Shah II) රජු විසිනි.මලක්කා අධිරාජ්‍යයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ තුවාන් මුතහිර්ගේ දියණිය වන තුන් ෆාතිමා අලා උද්දින් ෂාහ් II රජුගේ මවයි.
පිහාන් හෙවත් දාරුල් මක්මුර් හි ප්‍රාදේශීය පාලකයා වූ මන්සුර් ෂාහ් රජුගේ දියණිය වන කුසුමා දෙවී අලා උද්දින් ෂාහ් II රජුගේ ආදරණිය බිරිද වුවාය.උතුරු ඉන්දුනීසියානු රාජධානියක් වූ ඒච් ආක්‍රමණයේදී අලා උද්දින් ෂාහ් II රජු මරණයට පත් වීමත් සමග පුතුණුවන් වූ මුසාෆර් ෂාහ් II රජු (1546–1570) කිරුළු පළදන ලදී.
ක්‍රි.ව.1511 දීපෘතුගීසි ආක්‍රමණයට පෙර සිට ජෝහොර් රාජධානිය මලක්කා රාජධානියේ කොටසක් ලෙස පැවතියේය.
කුළුබඩු දුපත් හෙවත් මලුකු දුපත (Spice Islands)
අතීතයේදී කුළුබඩු වෙළදාම කෙරෙහි වඩා ජනප්‍රිය වුයේ ඉන්දුනිසියාවයි ,එකල සේද මාවත ඔස්සේ කුළුබඩු වෙළදාමේ ආධිපත්‍ය දැරූ මැලේ නාවික වෙළදුන් තම කුළුබඩු හා රසකාරක යුරෝපයට,මැදපෙරදිගට පමණක් නොව අප්‍රිකානු රටවල්වලට පවා ගනුදෙනු සිදු කලහ. ඉන්දුනීසියාවේ බන්දා දුපත්වලට අවේනික වූ ලොව අනර්ඝතම කුළුබඩු වන සාදික්කා අතීතයේදී මැදපෙරදිග ඇතුළු යුරෝපානු රටවල් වල ඉහල මිලකට අලෙවි විය.
ශ්‍රීලංකාව හා සුමාත්‍රා -ජාවා දුපත් දැක්වෙන සිතියම |
පෘතුගීසි ආක්‍රමණය (1512–1850)
ක්‍රි.ව.1497-1499 කාල වකවානුව තුලදී පෘතුගීසි කපිතාන් වූ වස්ගෝ ද ගාමා ඉන්දීය මුහුදු වෙළද මාර්ගය අල්ලා ගැනීමත් සමග දකුණු ඉන්දීය මැලේ මුස්ලිම් නාවික වෙළද බලය ගිලිහෙන ලදී.මලක්කා අධිරාජ්‍යය විවිධ කාල වකවානු තුල පෘතුගීසි ආක්‍රමණ වලට මුහුණ දී ජය ගත්තද ක්‍රි.ව. 1512 දී සෙබළුන් 400 ක සේනාවක් සමග මලක්කා නැව්තොට අල්ලා ගැනීමත් සමගම යටත්විජිතයක් බවට පත්වෙන ලදී.
ඊට සමගාමිව ශ්‍රීලංකාව හා දකුණු ඉන්දියාවත් පෘතුගීසි පාලනයට තතුවිය.
පෘතුගීසි ආක්‍රමණයේ ප්‍රධාන ඉලක්කය වී තිබුනේ ජාවක නාවිකයන් සතුවූ දකුණු ඉන්දීය සාගරයේ නාවික බලය අඩපන කොට වෙලද බලය අල්ලා ගැනීමටය.
16 වන ශතවර්ෂයේ පෙරදිග ඉන්දීය සමාගම ආරම්භ වීමත් සමග කුළුබඩු වෙළදාම යටත් කරගැනීම හා කතෝලික මිෂනාරි ව්‍යාපාරයද ප්‍රචලිත විය.
ලන්දේසි ආක්‍රමණය (1602–1800)
මෙම ලිපිය යාවත්කාලින කෙරෙමින් පවතින බැවින් නැවත පැමිණෙන්න....