ගණන් හදන පැළෑටි- සමහර ශාක ආහාර පරිභෝජනය කරන්න ගණන් හදනවා
ප්‍රභාසංශ්ලේෂණයේදී ශාක හිරු එළිය උපයෝගී කරගෙන ආහාර නිපදවනවා. සමහර ශාක විශේෂයන්, තමන් නිපදවපු ආහාර පරිභෝජනය කරන්න ගණන් හදනවා කියලත් පර්යේෂකයන් හොයාගෙන තියෙනවා.
සිතන්න: දවල් කාලෙදී ශාක වායුගෝලයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන පිෂ්ඨය හා ග්ලූකෝස් හදනවා. ඒ විදිහට දවල් කාලෙදී ගබඩා කරගන්න ආහාර, හුඟක් ශාක ප්‍රයෝජනයට ගන්නේ රාත්‍රී කාලයේදී. ඒ නිසා ඒවා පෝෂණය වෙනවා වගේම වර්ධනයත් වෙනවා. ශාක ගබඩා කරගත්ත ආහාර පරිභෝජනයට ගන්නේ නිශ්චිත වේගයකින්. ඕනෑවට වඩා හෙමින්වත් වේගයෙන්වත් නෙමෙයි. ඊළඟ දවසේ එළිය වැටෙද්දී මේ ශාක ගබඩා කරගත්ත ආහාරවලින් 95%ක් පරිභෝජනය කරලා ඉවර කරනවා.
මේ තොරතුරු හොයාගත්තේ අබ වර්ගයට අයත් පැළෑටියක් ගැන පර්යේෂණ කරලයි. ඒ පැළෑටි දවල් කාලයේ ගබඩා කරගත් ආහාර රාත්‍රිය පවතින කාලයට අනුව කොටස්වලට වෙන් කරගෙන ආහාරයට ගන්නවා. ඒ නිසා පසුවදා එළිය වැටෙන්න පැය 8ක් 12ක් හෝ 16ක් ගත වුණත් පැළෑටිය පෝෂණය වෙන එක නතර වෙන්නේ නැහැ. මේ විදිහට බලද්දී ගබඩා කරගෙන තියෙන ආහාර, කොටස් වශයෙන් පරිභෝජනයට ගන්න පුළුවන් හොඳම විදිහ තීරණය කරන්න මේ පැළෑටිවලට පුළුවන් කියලා පර්යේෂකයන් හොයාගත්තා.
මේ ශාක ගබඩා වෙලා තියෙන ආහාර ප්‍රමාණය දැනගන්නේ කොහොමද? කාලය මනින්නේ කොහොමද? ශාකවලට ගණන් හදන්න පුළුවන් වුණේ කොහොමද? ඉදිරියේදී කරන පර්යේෂණවලින් ඒ තොරතුරු අපිට දැනගන්න පුළුවන් වෙයි.
ඔබේ නිගමනය කුමක්ද? ගණන් හැදීමේ හැකියාව ශාකවලට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය කාගේ හරි නිර්මාණයක්ද?