ස්ථිරසාර දාන පරිත්‍යාගයේ වැදගත්කම
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා තුමා විසින් වාර්තා කරන ලදී:
මිනිසා මිය ගිය විට කරුණු තුනක් හැර ඔහුගේ සෙසු සියලු ක්‍රියාවන් ඔහුගෙන් වෙන් වී යයි.
ඔහු කළ ස්ථාවර දාන පරිත්‍යාග (සදකා ජාරියා),
(ජනයා වෙනුවෙන් අතහැර ගිය) ප්‍රයෝජනවත් දැනුම,
ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා
(මේවා තුළින් මිය ගිය පසුත් කුසල් හිමිවෙමින් පවතී) පැවසූ බව අබූ හුරෙයිරා තුමා විසින් වාර්තා කරන ලදී˜.
(මූලාශ්‍රය: සහීහුල් මුස්ලිම්)
අපට ලැබී තිඛෙන්නාවූ මෙම ජීවිතය වැඩ බිමකි. මෙහි මිනිසා විසින් වපුරනු ලබන සෑම ක්‍රියාවකටම සරිලන පරිදි අස්වැන්නක් පරලොව දී ඔහු නෙළා ගනී. යහකම් කරන්නා යහපත් ප්‍රතිපලයක් ද අයහකම් කරන්නා ඛේදනීය ප්‍රතිපලයක් ද නෙළා ගනී. ඔහුගේ සෑම ක්‍රියා කලාපයටම වගකිවයුත්තා ඔහුමය. ඔහුගේ ක්‍රියාවන් හි වගකීම සෙස්සන් භාරගන්නේ ද නැත. සෑම තැනෙත්තෙකුම පෞද්ගලිකවම පිළිතුරු දිය යුතුය.
බර උසුලන කිසිම කෙනකු වෙනත් කිසිවකුගේ බර උසුලන්නේ නැතැයි යනුවෙන්ද? (අල්- කුර්ආන් 53: 38)
විශ්වාසවන්තයිනි, ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරනු. යමකු ෂෙයිතාන්ගේ පියවර අනුගමනය කරන්නේ කවරෙක්ද නියතවශයෙන් ෂෙයිතාන් ඔහු අවිනීත සහ දුෂ්ට කටයුතුවලට පොළඹවන්නේය. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දයාව සහ ඔහුගේ අනුග්‍රහය නොවී නම්, කිසිදාක නුඹලාගෙන් කිසිවෙක් පාරිශුද්ධ නොවන්නේය. එහෙත් අල්ලාහ් තමාට අභිමත අය පමණක් පාරිශුද්ධ බවට පත් කරන්නේය. අල්ලාහ් සර්ව ශ්‍රාව්‍යය, සර්වඥය. (අල්- කුර්ආන් 24: 21)
එනමුත්, යහපත් ක්‍රියාවක් හඳුන්වා දී, එය වෙත සෙස්සන් කැඳවන්නා, ඔවුන්ගේ යහකම්හි ප්‍රතිලාභයන්හි කොටසක් ඔහු ද හිමිකර ගනී. එමෙන්ම, අයහපත් ක්‍රියාවක් හඳුන්වා දී, සෙස්සන්වත් එය සඳහා පොළඹවන්නාද ඔවුන්ගේ පාපයන්හි කොටස්කරුවෙකු වන්නේය.
එදින අල්ලාහ් ඔවුන්ගේ නියම ඵලවිපාක ඔවුනට මුළුමනින්ම දෙන්නේය. තවද, නියතවශයෙන් සියලූු දෑ ප්‍රකට කරන පරම සත්‍යය අල්ලාහ් යැයි ඔවූහු දැනගන්නෝය. (අල්- කුර්ආන් 24: 25)
මෙවන් අවස්ථාවක් හැර, අන් සියලු අවස්ථාවකදීම මිනිසා තමාගේ යහපත් අයහපත් ක්‍රියාවන් හි වගකීම තමන් විසින්ම භාරගත යුතුය. මිනිසාට ඔහු වෙහෙස දැරූ දෑ මිස නැතැයිද? (අල්- කුර්ආන් 53: 39)
ඉහත සඳහන් අල්- කුර්ආන් වදන පැහැදිලි කළ අල්- ඉමාම් ශාෆි (රහිමහුල්ලාහ්) මෙසේ පවසයි.
—යමෙකු අල්- කුර්ආනය පාරා යනය කිරීම මගින් ලැඛෙන්නා වූ පින හා ජීවිතයෙන් මරණයට පත්වූ තැනත්තන්ට පරිත්‍යාග කිරීම මගින්, ඔවුන්ට වාසියක් බව යම් පිරිස් විශ්වාස කරති. එනමුත්, එය එසේ නොවේ. මක්නිසාදයත්, ඔවූහු විසින් තිළිණ ලබා ගැනීමට තරම් මෙම දැහැම් ක්‍රියාව ඔවූහු විසින් කරනු ලැබුවක් නොවේ. එබැවින් නබිතුමාණන් මෙවන් දෙයක් තම අනුගාමිකයින්ට හඳුන්වාදීමක් කළේවත්, එවන් ක්‍රියාවක් කරා දිරිගැන්වුයේ වත් නැත. නබි තුමානන්ගේ අනුගාමිකයින් මෙවන් දෙයක් නබිතුමානන්ගේ ජීවිතකාලයේ සිදු වූ බව දැනුම් දුන්නේ ද නැත. මෙම ක්‍රියාව නියත වශයෙන්ම දැහැම් ක්‍රියාවක් නම් නබි තුමානන්ගේ අනුගාමිකයින් අපට කලින් එය පිළිපදිනවා නියතයි. එනමුත් ජිවිතයෙන් සමුගත් එම තැනැත්තන් වෙනුවෙන් කිරීමට යම් දෙයක් ඉතිරිව ඇත. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ගෙන් අයැදීම, ඔවුන් වෙනුවෙන් දන්දීම වැනි ක්‍රියාවන්හි නියැලීමට හැකි බව ඉස්ලාම්හි විද්වතුන්ගේ ඒකමතික තීරණය වේ. එය සඳහා අල්- කුර්ආනයේ හා නබිතුමාගේ මඟ පෙන්වීම් වලින් සාක්ෂි ලබාගත හැකිය.˜
අප විවරණයට ගත් මෙම හදීසයේ සඳහන් වූ කරුණු පිළිබඳව ඉමාම් ශාෆී රහිමහුල්ලාහ් පහත සඳහන් සේ පවසයි.
—මෙම හදීසයේ සඳහන් වන මිනිසෙකුගේ තිරසාර දාන පරිත්‍යාග තුන (මරණින් මතු ජීවිතය තෙක් පවා නොකඩවා කුසල් ගෙනදෙන යහකම් තුන) නියත වශයෙන්ම ඔහු විසින්ම කරනු ලැබූ, ඔහුගේ පුද්ගලික ප්‍රයත්නයෙන් ගොඩ නැගු කි්‍රයාවක් වේ˜. මේ අනුව, මෙලොව ජීවිතය
අවසන් කර පරලොව ජිවිතයට පා තබන මිනිසා තුන් වර්ගයක යහකම් තමන් සමග ගෙන යන්නේය.
1) මෙළොව ජීවිතයේදී ඔහු විසින් කරනු ලැබූ යහකම් හි ප්‍රතිලාබයන් හා කුසල්. මෙවන් කුසල් ඔහුගේ මරණයත් සමග අවසන් වෙයි.
2) මරණයට පසුත් කුසල් ගෙනුදෙනු අරමුණින් ඔහු විසින් කරනු ලැබූ යහකම් හි කුසල්.
3) ඔහුගේ මරණයට පසු ඔහුගේ ඥාතින් විසින්, ඔහු වෙනුවෙන් කරනු ලබන ප්‍රාර්ථනාවන් හා දාන පරිත්‍යාගයන්.
පළමු කුසල් දෙක ගැන අල්- කුර්ආනය මෙසේ පවසයි.
මිනිසා පළමු කුසල් දෙක තම ජිවිත කාලය තුල හැකි තරම් කල යුතුය. මක්නිසාදයත්, ඔහුගේ මරණින් පසු ඔහු වෙනුවෙන් ඔහුගේ ඥාතීන් ප්‍රාර්ථනා, දන්දීම් හි කෙතරම් දුරට නියැලෙයි ද යැයි විස්වාසයක් නැත.
එබැවින්, තිරසාර හා ස්ථාවර —සදකා˜ වක් මුස්ලිම් බැතිමතෙක් විසින් කරනු ලබන විට කාලයේ අවශ්‍යතාවය අනුව ක්‍රියා කිරීම වැදගත් වේ. නිසි වෙලාවේ නිසි ලෙස නිසි ක්‍රියාවේ නියැලීම —අෆ්ලලුල් ආමාල්˜ ඉතා ශ්‍රේෂ්ඨ කි්‍රයා ලෙස සැලකේ. නබිතුමාණන් මෙවන් ක්‍රියාවන් දිරිගැන්වුයේය.
—සඅද් බින් උබාදා තුමාණන් දන්වයි˜" ධර්ම දුතයිනි, උම්මු සඅද් (සඅද් ගේ මව) මරණයට පත්විය. එය වෙනුවෙන් මා කරන්නා වූ උසස් දානය කුමක් ද? යැය විමසුහ. —ජලය˜ යැයි නබිතුමාණන් පැවසීය. සැනින්ම ඔහු උම්මු සඅද් වෙනුවෙන් ළිඳක් කපා ජනතාවට ප්‍රයෝජන වනසේ ජනතා සතු කලේය.˜ නිසි වෙලාවේ කරනු ලබන නිසි ක්‍රියාවේ වැදගත්කම මෙම හදීසය පැහැදිලි කරයි.
මුස්ලිම්වරයෙකු තමාගේ මරණින් මතු ජීවිතයේදීත්, මෙලොව වාසය කරන්නාවූ මිනිස් සමාජයටත් අඛන්ඩව ප්‍රයෝජනයන් ගෙනදෙන්නා වූ, තිරසාර —සදකා˜ දානයන් පිළිබඳව මුලින්ම සොයාබැලිය යුතුය. ඉහත සඳහන් හදීසය පවසනන් ා වූ යහකම් තුන් වර්ගය, නොකඩවා කුසල් ගෙනදෙන්නා වූ, මරණෙන් මතුවත් ඔහුටත් ඔහුගේ ප්‍රජාවටත් ප්‍රතිපල ගෙනදෙන්නා වූ යහකම්ය. යම්කෙනෙක් මෙ වන් සදාකල ්පේරයාජ්නවත ්නොවන ක්‍රියාවක්, වැඩසටහනක ්නොසොයා හතිමතෙට්, යනන්ම්වාලෙ ්යම් යහපත් ක්‍රියාවක් නිම කර ගියා නම්, ඔහුගේ උසස් චේතනාවට අල්ලාහ්තආලාගෙන් තිළිණ ලැබිය හැක. එනමුත්, ඔහු මිනිස් සමා ජයට යහපතක් කල තැනැත්තෙක් ලෙස සලකනු ලබන්නේ නැත. ඔහු ජලය නැති, එහෙත් මිනිස් ජනාවාස නැති ස්ථානයක ළිඳක් හෑරු කෙනෙක් මෙන්ය.
එමෙන්ම, හදීසයන් තුළින් ස්ථාවර සදකාවන් ලෙස හඳුන්වා තිඛෙන්නා වූ ළිං හෑරීම්, මස් ජිද් නිර්මාණය කිරීම් වැනි කි්‍රයා. පමණක් සැලකිල්ලට ගෙන, කාලීන අවශ්‍යතාවයන් පිළිබඳව තැකීමක් නොකර, අද සිදුකරනු ලබන්නා වූ වැඩපිලිවල් තුලින් සිදුවන්නා වූ සම්පත් නාස් තිය පැහැදිලිවම දැකිය හැක. අද රටේ අවශ්‍යතාවයටත් වැඩ අදිකව ඉදි වී තිඛෙන්නා වූ මස්ජිද් වල හා ප්‍රයෝජනකමක් නැතුව අත්හැර තිඛෙන්නා වූ ළිං වල ප්‍රමාණය මෙයට හොඳ නිදසුනකි. එම නිසා, ඥාතීන් විසින් මරණයට පත් වූ තම ඥාතියා වෙනුවෙන් කරනු ලබන දානයන් පවා කාලීන අවශ්‍යතාවයන් සලකා බලා කළ යුතුව ඇත. අල්- කුර්ආන් හි පිටපත් කිහිපයක් මස්ජිදයට දන්දීම මගින් සෑහීමට පත්වන බොහෝ ඥාතීන්ව අද දැකිය හැකිය. එවන් පිටපත් දූවිලි කන අතර, පාරායනය කිරීමට කාත් කවුරුත් නැතිව මස්ජිද්වල ගොඩගැසී තිබීම කණගාටු දායක තත්ත්වයකි.
එනමුත්, සමාජ අවශ්‍යතාවයන් ඕනෑ තරම් බහුලව දකින්න තිබේ. දිළිඳු කම නිසා අතරමග අධ්‍යාපනය කඩාකප්පල් වූ ශිෂ්‍ය යන්, විවාහ වයස් සීමාව ඉක්මවූ තරුණියන්, දුස්සාධ්‍ය රෝගයන් ගෙන් සදාකල් පීඩාවට පත්ව සිටින රෝගීන්. නිසි වාසස්ථායක් නොමැතිව පීඩා විඳින අසරණ දුගී පවුල්, සමාජය සේවයට කැප වූ නමුත් , මුල්‍යම ප්‍රශ්න වලට මුහුණ දෙන ඉස්ලාමීය සංවිධානයන්, සැත්කම් වියදමට මුදල් නැතිව වීදි ගානේ හිඟා කෑමට පුරුදුවී සිටින රෝගීන්, දෑවැදි ප්‍රශ්න නිසා රටෙන් පිටව ගිහින් ජීවිතය සොයන තරුණියන්.... මෙවන් කාලීන අවශ්‍යතාවයන් ඉටුකිරීම පිණිස යොදවනු නොලබන —සදකාවන්˜ දානයන් (සදකා ජාරියා) ස්ථාවර සදක්කා වන් ලෙස හැඳින්විය හැකිද?
දිළිඳුකම තුරන් කිරීමටත්, අසරණයන්ගේ තත්ත්වය නැංවීමටත්, දීප්තිමත් අනාගතයක් අලුත් පරම්පරාවට සාදා දීමටත් කැපවෙන දාන පරිත්‍යාගයන් —සදකාවන්˜ පමණක් (සදකා ජාරියා) ස්ථාවර සදකාවන් ලෙස හැඳින්විය හැකිවන්නේය. එවන් දානයන් පිරිනමන්නන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට දෑත් ඉබේම අහස් දෙසට එසවෙනවා ඇත.

නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්‍රකට ග්‍රන්ථයක සටහන් කරන්නෙමු. (අල්- කුර්ආන් 36: 12)