විවාහයට පෙර මේ ගැනත් සිතන්න
විවාහයට පෙර, යම් කාන්තාවකට ආදර්ශය වන්නේ තම මවය. එසේම යම් පිරිමියෙකුට ආදර්ශය වන්නේ තම පියාය. දරුවන් හදා වඩා ගන්නා මුල් අවධියේම —අනාගත නායකයෙකු නායිකාවක් පුහුණු කරන්නෙමු˜යි යන උසස් හැඟීමෙන් ප්‍රාර්ථනාවෙන් යුතුව තම දරුවන් හදාවඩා ගත යුතුය. දරවැන් නව යොවුන් වියට පා තැබුවායින් පසුවත් තම ආදරයත් රැකවරණයත් ලබා දිය යුතුය. එවිට දරුවන්ගේ දුෂ්කරතා, මානසික ආතතීන් හඳුනා එයට නිසි පිළියම් ලබා දීමට ඔවුනට හැකිවනු ඇත.
බිරිඳක් සිය සැමියා සමග කෙසේ හැසිරෙන්නී ද? ආදරයෙන්, යහපත්ව හැසිරෙන්නී ද නැත්නම් ඕනෑවට එපාවට, නිතර අනවශ්‍ය ලෙස බහින් බස් වෙමින් දෝෂාරෝපණය කිරිමෙන් සිටින්නීද යන්න වසර ගණනාවක් තිස්සේ අවධානය යොමු කරමින් සිටින දියණියක් අනාගතයේදී ඒ අයුරින්ම සිය සැමියා සමග හැසිරිය හැකිය. මේ අයුරින්ම සැමියෙක්, කෙසේ තම බිරිඳ සමග හැසිරෙන්නේ ද යන්න අවධානයට යොමු කරන පුතෙකු තම අනාගත බිරිඳ සමග ඒ අයුරින්ම හැසිරෙයි. එහිදී කිසිම සැකයක් නො මැත. වගකීම ඇති සෑම මවක්ම පියෙක්ම මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එහෙයින් අනාගතයේදී යහපත් බිරිඳකු සේම සැමියෙකු බිහි කිරීමට නම් වර්තමානයේ දෙමව්පියන්ගේ ආදර්ශවත් කි්‍රයා කලාපය ඛෙහෙවින් අවශ්‍ය වේ. දෙමව්පියන් කතාෙවි මෙන්ම කි්‍රයාවෙහි ආදර්ශවත් වුවහොත් අනාගතයේදී ඔවුන්ගේ දරුවන් යහපත් ස්වාමි පුරුෂයෙකු හෝ බිරිඳකු වනු නොඅනුමානය. නව යොවුන් වියෙහි පසුවන දරුවන් තම හැසිරීම් රටා යහපත් වීමටත් ආදර්ශමත් අය වීමටත් පවුලකට අවශ්‍ය මූලික ජීවන ක්‍රමයක් පිළිබඳව වැටහීමක් මෙන්ම පුහු ණුවක් ලබාදීමටත් දෙමව්පියන් වග බලා ගත යුතුය.
දෙමව්පියන් තම දරුවන්ට පරිඝණක දැනුම ලබා දෙති. ඉංගී්‍රසි දැනුම ලබා දීමට මුදල් සම්භාරයක් වැය කරති. ඉවුම් පිහුම් යනාදි වැඩසටහන් වලට යොමු කරති. මේ සියල්ලම සමාජය අතින් බලන කළ ඉතාමත් වැදගත් ඒවා වේ. නමුත් රැකියාවක් කිරීමට අවශ්‍ය පුහුණුව දැනුම ලැඛෙන තරුණ තරුණියන්ට ජීවත්වීමට අවශ්‍ය පුහුණුව ලැඛෙන්නේ නැත. මෙය ඉතාමත් කණගාටුවට කරුණකි.
පවුල් ජීවිතය නැතිනම් විවාහ ජීවිතය යනු, හුදෙක් කාන්තාවක් හා පිරිමියෙකු අතර වූ නීතිමය ගිවිසුමක් යැයි අදහස් කෙරේ. නමුත් එය මිනිස් හදවත හා සම්බන්ධ ගිවිසුමකි. හදවත් අතර බැඳීම තේරුම් කර දීමත් පවුල් ජීවිතයේදී පැවරී ඇති වගකීම්, යුතුකම්, මෙහෙවර, අරමුණු යනාදිය පිළිබඳ වටහා දීම දෙමව්පියන් සතු වගකීමකි. එසේම සුදුසු සහකාරිය මෙන් ම සහකාරයා තෝරා ගැනී මට අවශ්‍ය මගපෙන්වීම් මෙන්ම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම පවුල් ජීවිතයේ අරමුණු ගැන මනා අවබෝධයක් ලබා දිය යුතුය.
සහකරු හෝ සහකාරිය තෝරා ගන්නා විට ලස්සන පෙනුම, සම්පත හෝ ධනය, පරම්පරාව, අධ්‍යා පනය, සමාජයත් සමග තිඛෙන්නාවූ බැදීම, කි්‍රයාව, ලැදියාව, ගතිගුණ හා ආගම යනාදී සුදුසුකම් තිඛෙනවා දැයි බලන්නෙමු. සාමා න්‍යයෙන් විවාහයට පෙර වූ අවධිය නව යොවුන් වියයි. එම අවධියේදී ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳව බලන කළ ඔවුන් වැඩියෙන්ම මුල් තැන දෙන්නේ දැනුමට නොව තම ආශාවන්වලටය. මෙය එම අවධියේ ස්වභාවයයි. හෝර්මොන්වල ඇති උච්ඡ අවස්ථාව හේතුවෙන් ඔවුන් ගන්නා තීරනවලදී දැනුමට වඩා හැඟීම් මුල් තැනක් ගනී. එවන් අවස්ථාවන්හිදී තම හැඟීම්වලට අනුව සහකරු/ සහකාරිය සෙවීමට පෙළඹෙති. එනිසා මේ අවධියේ පසුවන්නන්ට සුුදුසුකම්වලට අනුව සෙවීමේ ඇති ප්‍රයෝජන හා එහි දිගුකල් පැවැත්මට අවශ්‍ය අනුශා සනා හා පුහුණුව ලබා දිය යුතුව ඇත. මේ සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් සලකා බලමු.
නිසි වයස එළැඹුනු පසු විවාහ වීම නුවණට හුරුය. නමුත් වැඩිවියට පත්වීම කෙනෙකුගේ නිසි වයස ලෙස ගත නොහැකිය. කෙනෙකුගේ සංස්කෘතිය, පවුල් පසුබිම, දැනුම යනාදිය සලකා බලා විවාහයට සුදුසු වයස තීරණය කළ යුතුය. මන්දයත්, එයට ශාරීරික හා මානසික ශක්තිය බලපායි. බොහෝ විවාහ ජීවිත කඩාකප්පල් වීමට විවාහ ජීවිතය පිළිබඳව දැනුමක් නොතිබීම, නිසි වයසට එළැඹ නොතිබීමද හේතුවක් වේ. පවුල් ජීවිතයක් ගොඩ නැගීමට අවශ්‍ය මානසික මෙන්ම ශාරීරික ශක්තිය ධෛර්යය ඇති වැඩිවියට පත් කාටත් විවාහ වීමට පුළුවන. නමුත් නිසි වයස පැමිණියත් විවාහ ජීවිතය කල් දැමීම එතරම් සුදුසු නොවේ. මන්දයත්, කාන්තාවන් ගත් කළ ඔවුනට දරුඵල ලැබීමේ ප්‍රවණතාවය අඩුවිය හැකිය. පිරිමින් ගත් කළ ඔවුන්ගේ දරු වන් නව යොවුන් වියට පා තබන විට ඔවුනට අවශ්‍ය මග පෙන්වීම් ලබා දීමට නොහැකි තරමට වයස් ගතවිය හැකිය. එහෙයින් විවාහයේදී නිසි වයස පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.
සුදුසු සහකරු හෝ සහකාරිය තේරීමේදී ගැහැණු පිරිමි දෙපාර්ශවයම අතර වයස් පරතරය ගත් කල, කිසියම් වයස් පරතරයක් තිබිය යුතුමය යන්න මනෝ විද්‍යාවෙහි පවසා නොමැත. කොටින්ම කියතොත් සම වයසේ පසුවන්නන්ට සුුදුසුකම්වලට අනුව සෙවීමේ ඇති ප්‍රයෝජන හා එහි දිගුකල් පැවැත්මට අවශ්‍ය අනුශා සනා හා පුහුණුව ලබා දිය යුතුව ඇත. මේ සම්බන්ධව ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් සලකා බලමු.
නිසි වයස එළැඹුනු පසු විවාහ වීම නුවණට හුරුය. නමුත් වැඩිවියට පත්වීම කෙනෙකුගේ නිසි වයස ලෙස ගත නොහැකිය. කෙනෙකුගේ සංස්කෘතිය, පවුල් පසුබිම, දැනුම යනාදිය සලකා බලා විවාහයට සුදුසු වයස තීරණය කළ යුතුය. මන්දයත්, එයට ශාරීරික හා මානසික ශක්තිය බලපායි. බොහෝ විවාහ ජීවිත කඩාකප්පල් වීමට විවාහ ජීවිතය පිළිබඳව දැනුමක් නොතිබීම, නිසි වයසට එළැඹ නොතිබීමද හේතුවක් වේ. පවුල් ජීවිතයක් ගොඩ නැගීමට අවශ්‍ය මානසික මෙන්ම ශාරීරික ශක්තිය ධෛර්යය ඇති වැඩිවියට පත් කාටත් විවාහ වීමට පුළුවන. නමුත් නිසි වයස පැමිණියත් විවාහ ජීවිතය කල් දැමීම එතරම් සුදුසු නොවේ. මන්දයත්, කාන්තාවන් ගත් කළ ඔවුනට දරුඵල ලැබීමේ ප්‍රවණතාවය අඩුවිය හැකිය. පිරිමින් ගත් කළ ඔවුන්ගේ දරු වන් නව යොවුන් වියට පා තබන විට ඔවුනට අවශ්‍ය මග පෙන්වීම් ලබා දීමට නොහැකි තරමට වයස් ගතවිය හැකිය. එහෙයින් විවාහයේදී නිසි වයස පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.
සුදුසු සහකරු හෝ සහකාරිය තේරීමේදී ගැහැණු පිරිමි දෙපාර්ශවයම අතර වයස් පරතරය ගත් කල, කිසියම් වයස් පරතරයක් තිබිය යුතුමය යන්න මනෝ විද්‍යාවෙහි පවසා නොමැත. කොටින්ම කියතොත් සම වයසේ කෙනෙකු තවත් කෙනෙකු සමග හැඟීම් කිවයුතු සම්බන්ධකම් පවත්වන්නේ කිසියම් වයසකට පසුවය. ඒ වනතුරු ඔවුන් ආදර යෙන් සෙනෙහසින් සම්බන්ධතා පවත්වන්නේ තම දෙමව්පියන් සමගය. විවාහ වනතුරු ළමුන්ට රැකවරණය ලබා දී හදාවඩා ගැනීමට දෙමව්පියන් කළ නොහැකි තරම් වූ ප්‍රයත්නයක් දරති. ඔවුන්ගේ කැපවීම, පරිත්‍යාගය, උනන්දුව දරුවන්ගේ වර්ධනයට හේතුවේ.
යෞවන වියෙහි පසුවන්නන් මේ සත්‍යය පිළිගත යුතුය. මන්දයත්, ආදරය ඇස් බැන්දුමක් වනවා සේම සමහර අවස්ථාවන්හිදී ආත්මාර්ථකාමීත්වයත් එහි රැඳී ඇත. මාස තුනක ආදරයක් වෙනුවෙන් අවුරුදු විස්සක් පුරා තමා හදා වඩාගත් මා දෙමව්පියන් ගණනකට නොගැනීම කෙතෙරම් ආත්මාර්ථකාමී කි්‍රයාවක්ද? දෙමව්පියන්ගේ ආශිර්වාදයත් සමග විවාහය සිදුවිය යුතුය. හේතුව, විවාහයට පසු කිසිවෙකුත් වැරදි සහගත හිතකින් ජීවත්නොවිය යුතුය. අන් අයගේ උපකාරයක් නොමැති —ආර්ථීක, සමාජීය, සංස්කෘතික කාර්‍යයන් ඉටු කිරීමට අප දෙදෙනා පමණක් සෑහේ˜ යැයි සිතීම කෙතෙරම් අනුවණකමක්ද? දෙමව්පියන් සමග අමනාප වී විවාහ ජීවිතයක් අරඹන කවුරුත් නැවත දෙමව්පියන් වෙතටම ඒ මට තරම් පවුල් පරිසරයක් ඇතිවනවා නසිැකය. වැඩි දෙනෙක ්මෙවැනි වැරදි ගැන සිතා පසුතැවිලි වන්නේ දරුවෙකු ලැබුණු පසුවයි. මේ හේතුවෙන් දෙමව්පියන්ගේ අනුදැනුම ඇතිව තීරණ ගැනීම වඩාත් යෝග්‍යවේ.