සූප්‍රකට ඉස්ලාම් වෛද්‍ය විද්‍යා පඩිවරයා අබූ බකර් අල් රාසි
වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ උසස් මටිටමේ කෘතියක් පළ කළ පළමූ ඉස්ලාම් විද්වතා ලෙස සැලකෙන්නේ අලි රබන් ටබාරි ය. හෙතෙම පර්සියානූ, ග්‍රීක, සහ භාරතීය වෛද්‍ය ක්‍රම ගැන තොරතුරු ඇතුළත් කෘතියක් රචනා කළේ ය. ක්‍රි. ව. 9 සියවසේ දී බැග්ඩෑඩයේ බලයට පැමිණි අල් රෂ්ඩ් කාලිෆ්වරයා ගේ පාලන සමය ඉස්ලාමික වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ ස්වර්ණමය යූගයේ ඇරඹූම සනිටූහන් කරයි. ඔහූ උසස් ඉස්ලාම් වෙදකමක් ගොඩනැගීම සඳහා පූර්ණ රාජ්‍ය අනූග්‍රහය සැපයී ය.
මේ කාලයේ බිහි වූ සූප්‍රකට ඉස්ලාම් වෛද්‍ය විද්‍යා පඩිවරයා වූයේ අබූ බකර් අල් රාසි ය.
්න්රසහ් ්ක-සෘ්ස - ක්‍රි. ව. 864-930). ටෙහෙරානයේ උපත ලැබූ පර්සියානූවකු වූ හෙතෙම ලෙඩ රෝග, ඒවා හඳුනාගන්නා ආකාරය සහ ලබා දිය යූතු ප්‍රතිකාර පිළිබඳව සවිස්තරව කරුණූ දෑක්වී ය. අල්හවී (්ක- ්‍ය්අස- නමින් රාසි ලියූ ග්‍රන්ථය වෙළුම් 22කින් සමන්විත ය. වැඩෙමින් පැවැති ඉස්ලාම් චින්තනයට වෙනත් වෛද්‍ය ශාස්ත්‍රවල වූ දෑනූම අවශෝෂණයෙහි ලා අල් රාසි මහත් දස්කම් පෑවේ ය. ඔහූ ගේ කෘති පසූ කලෙක ලතින්, ගී්‍රක, හීබෲ, ප්‍රංශ හා ඉතාලි භාෂාවලට පරිවර්තනය විය. පූනරුද සමයේ දී ඉස්ලාම් වෙදකම පිළිබඳ දෑනූම ලබාගැනීමට බටහිර බූද්ධිමත්හූ අල් රාසි ගේ කෘති පාදක ග්‍රන්ථ ලෙස භාවිත කළ හ. අල් හවී ග්‍රන්ථයේ 9 වැනි වෙළුම අද ද ප්‍රංශ පැරිස් වෛද්‍ය විද්‍යාලයයේ භිෂග්වේදය (ඡය්රප්ජදකදටහ- පිළිබඳ පාඨ ග්‍රන්ථයක් ලෙස සැලකේ.
ග්‍රීෂ්ම දේශගුණ තත්ත්ව යටතේ ඉතා ඉක්මනින් පැතිර යන වසූරිය රෝගය, සරම්ප රෝගයෙන් වෙන් කර හඳුනාගන්නා අයූරු පිළිබඳව අල් රාසි ඉතා සවිස්තරව කරුණූ දක්වා ඇත. මේ රෝග සම්බන්ධයෙන් මේ ආකාරයේ පැහැදිලි කිරීමක් මූල් වරට හමූ වන්නේ අල් රාසි ගේ ලිපි ලේඛනවල ය. පසූව බටහිර වසංගත රෝග විශේෂඥයෝ සහ කෂූද්‍ර ජීවී විද්‍යා විශේෂඥයෝ අල් රාසි ඉදිරිපත් කළ කරුණූ තමන් ගේ "සොයාගැනීම්" ලෙස එළි දෑක්වූ හ.
යම් වෛද්‍ය ක්‍රමයක පැවැත්ම සහ ප්‍රචාරය සඳහා ඒ සතු වේදනානාශක ක්‍රමවේදවල සාර්ථකත්වය බෙහෙවින් බලපායි. විවිධාකාර ව්‍යාධි තත්ත්වවල දී ඇති වන වේදනාව යම් ආකාරයකට සමනය කිරීම රෝග ප්‍රතිකාරයේ දී අත්‍යවශ්‍ය අංගයකි. අද බටහිර වෛද්‍ය විද්‍යාව සතු වන එවැනි ප්‍රබල ම වේදනානාශක ඖෂධ කාණ්ඩයක් වනූයේ "ඔපියම්" ය. උග්‍ර වේදනා සමනයට "මෝර්ෆීන්" නම් ඖෂධය ලබා දෙනූ බොහෝ දෙනකු දෑක ඇතිවාට සැක නැත. මෝර්ෆීන් හැරුණූ විට "ඩයමෝර්ෆීන් ද" ඔපියම් වර්ගයේ තවත් ප්‍රකට ඖෂධයකි. හෙරොයින් ලෙස ප්‍රකටව ඇත්තේ ඩයමෝර්ෆීන් ය. ඉතා ඉක්මනින් යමකු ඇබ්බැහි කර ගැනීමට හැකි වීම ඔපියම් වර්ගයේ ඖෂධ සතු ගුණාංගයකි. වේදනානාශකය සඳහා ඔපියම් වර්ගයේ ඖෂධ යොදා ගැනීම සම්බන්ධයෙන් වූ දෑනූම විවිධ සංස්කෘති සතු විය. එහෙත් ඒ එක සමාන දෑනූමක් ලෙස නො වේ. ඇතැම් දකුණූ ඇමෙරිකානූ ජන කොටස් ඇමේසන් වනාන්තරය ආශ්‍රිතව වැඩෙන ශාකවලින් වේදනානාශක ඖෂධ නිස්සාරණය කළ යූතු ආකාරය මැනැවින් දෑන සිටිය හ. ඔවූන් නිස්සාරණය කළේ "ඔපියම්" බව පැවසූයේ බටහිර ඖෂධ විද්‍යා උගතුන් ය. කෙසේ වෙතත් වේදනානාශක ඔසූ ලෙස මේ වර්ගයේ රසායන භාවිත කළ හැකි බව මූල් වරට සංගතව ඉදිරිපත් කළේ අල් රාසි ය. එපමණක් නො ව බැග්ඩෑඩයේ තිබූ රාසි ගේ රසායනාගාරයේ දී මේ පිළිබඳ විවිධ පර්යේෂණ පැවැත්වූ බව ද එමඟින් නව ඖෂධ වර්ග නිපැදවූ බව ද ඔහූ ගේ ලේඛනවලින් හෙළි වේ. බටහිර විද්‍යාව අද අපට උගන්වන්නේ "විද්‍යාව තුළ සියල්ලක් ම විධික්‍රමයකට අනූව" සිදු වන බවත් පර්යේෂණ කිරිම තමන් පමණක් සතු වන මහාර්ඝ දෑනූමක් බවත් ය. එහෙත් බටහිර විද්‍යාව බිහි වීමට පෙර ලොව විවිධ චින්තන මත දෑනූම නිපැදවූ බූද්ධිමත්හූ පර්යේෂණ කළ හ. ගවේෂණ කළ හ. ඒ ඔවූන් ගේ චින්තන මත ගොඩනැඟුණූ ඔවූන් ගේ සංස්කෘති මඟින් පිළිගත් ක්‍රමවේදවලට අනූව ය. අල් රාසි ද ඉස්ලාම් සංස්කෘතික පසූබිමක පර්යේෂණ කළේ ය. ඒ ඔස්සේ නව දෑනූම නිර්මාණය කළේ ය. එය ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමවේදයක් නො වී ය.
අල් රාසි වෛද්‍යවරයෙක් හෝ හූදු ඖෂධ නිස්සාරකයෙක් පමණක් නො වී ය. හෙතෙම අද වර්ගීකරණය අනූව බලතොත් භෞතික විද්‍යාඥයෙක්, රසායන විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක්, මෙන්ම විශිෂ්ට පර්යේෂකයෙක් ද විය. එකල ඉස්ලාම් ලෝකය දෑන සිටි සියලු ම රසායන සංයෝග සහිත රසායනාගාරයක් අල් රාසි සතු විය. ඉතා තියූණූ විශ්ලේෂණාත්මක මනසකින් යූතු වූ අල් රාසිට ඉස්ලාමීය රසායන විද්‍යාවේ (ඇල්කෙමි) ද සූවිශේෂි ස්ථානයක් හිමි වේ.
අල් රාසි ගේ ප්‍රකට පර්සියානූ ශිෂ්‍යයකු වූ අබූ මන්සූර් මූවාෆාක් ගේ ලේඛනවලින් හෙළි වන පරිදි බිඳුණූ අස්ථි නිවැරැදි පිහිටූමකට ගෙන නො සොල්වා තබා ගැනීම සඳහා ජිප්සම් භාවිත කිරිමේ දෑනූමක් අල් රාසි සතු විය. ජිප්සම්, බිත්තර සූදු මද සහ තවත් රසායනික සංයෝගයක් සමඟ මිශ්‍ර කර ඒ සඳහා යොදාගත් බව සඳහන් ය. මේ දෑනූම ද අල් රාසි ගේ නිපැදවීමක් විමට බොහෝ ඉඩ ඇත. කැඩූම් බිඳුම් වෙදකම සඳහා ජිප්සම් යොදා ගැනීම අද බටහිර විකලාංග ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ දී සූලබ ලෙස සිදු වේ. කොටින් ම කිව හොත් බටහිර කැඩූම් බිඳුම් වෙදකම රඳා පවතින්නේ ප්‍රධාන කරුණූ 2ක් මත ය. එකක් පැරිස් බදාම ලෙස හඳුන්වන ජිප්සම් ය. අනෙක එක්ස් කිරණ ය, අස්ථියක් බිඳී ගිය රෝගියකු පැමිණි විට බටහිර විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු පළමූව සිදු කරනූයේ එක්ස් කිරණ ඡායාරූපයක් ලබාගෙන අස්ථියට සිදු ව ඇති හානිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි. ඉන්පසූ බිඳී ගිය අස්ථි කොටස් නිවැරැදි පිහිටූමකට ගෙන නො සෙල්වෙන පරිදි සකස් කර (ඇතැම් විට මේ සඳහා ඇණ මූරිච්චි, ලෝහ තහඩූ ආදිය ද යොදාගනී.) පැරිස් බදාම ස්ථරයක් යොදයි. බිඳී ගිය අස්ථි හා වීම ඉක්මන් කරවිය හැකි බෙහෙතක් හෝ සංයෝගයක් බටහිර වෙදකම සතු නො වේ.
ජිප්සම්වලට "පැරිස් බදාම" යන නම ලැබූණේ ප්‍රංශයේ පැරිස් නූවර ජිප්සම් ආකර බහූල වූ හෙයිනි. 1666 වසරේ දී ඇති වූ ගින්නකින් ලන්ඩන් නගරයේ බොහෝ ගොඩනැගිලි දෑවී අළු වී ගිය බව ඇසූ ප්‍රංශ පාලකයෝ එවැනි අවදානමකින් පැරිසිය රැකගැනීමට සියලු ම දෑවමූවා ගොඩනැගිලිවලට ජිප්සම් බදාම ආස්තරයක් යොදන ලෙස නියෝග කළ හ. මෙවැනි කටයූතු සඳහාත් ප්‍රතිමා නෙළීම සඳහාත් ජිප්සම් යොදා ගත්ත ද කැඩූම් බිඳුම් වෙදකම සඳහා එය භාවිත කිරීමේ දෑනූමක් බටහිරයන් සතු නො වී ය. ඔවූන් මූල්වරට කැඩූම් බිඳුම් වෙදකම සඳහා ජිප්සම් යොදා ගෙන ඇත්තේ 1850 දී පමණ ය. ඒ අරාබි භාෂාවෙන් ලියැවී තිබූ දෑනූම ගැන තම පර්යේෂණාගාරවල අත්හදාබැලීම් සිදු කිරීමෙන් පසූ ය. කැඩූම් බිඳුම් වෙදකම සඳහා ක්‍රමවත් ලෙස ජිප්සම් යොදා ගැනීම ඇරඹූයේ අල් රාසි විය හැකි වූව ද බටහිරයන් එය "බැග්ඩෑඩ් බදාම" ලෙස හැඳින්වූයේ නැත. කැඩූම් බිඳුම් වෙදකමට යොදාගත් ජිප්සම් බදාමය ද "පැරිස් බදාම" ම විය. මේ තුළින් ද පැහැදිලි වන්නේ වෙනත් සංස්කෘති තුළ වූ දෑනූම අවශෝෂණය කර ගෙන තමන් ගේ දෑනූමක් ලෙස හැඩගැසාගැනීමට බටහිරයන්ට තිබූ හැකියාවයි. අනෙක් අතින් බටහිර දෑනූම් ආධිපත්‍යයයි.