ඇසුරුම් කල ආහාර ගන්නේ බලාගෙනයි
ආහාර කල්තබා ගැනීමට, ඇසුරුම් කරණයට මෙන්ම ආහාර සැකසීමේ ක්‍රියාවලියට යොදාගන්නා කෘතිම රසායනිකයන් මිනිසුන්ගේ සෞඛ්‍යයට තර්ජන ඇතිකල හැකිබවට විද්වතුන් අනතුරු අඟවති. මෙම කි‍්‍රයාවන්ට දීර්ඝකාලීනව මිනිසුන් යොමුවීම මගින් ගැටලූ මතුවිය හැකි බව පෙන්වා දෙන්නේ පාරිසරික විද්‍යාඥයන් පිරිසක් Journal of Epidemiology and Community Health 2014ට වාර්ථාවක් යොමු කරමිනි. මෙම ප්‍රධානතම හේතුව වන්නේ රසායනිකයන්වල ඇති විශකාරක නාශනය නොකර භාවිතයට ගැනීම මගින් ඒවා ආහාරවලට මිශ්‍රවිය හැකි බැවිනි. සමහර රසා යනික ද්‍රව්‍ය භාවිතය තහනම් නොවන නමුත්, අසුරන ලද හා සකසන ලද ආහාර දීර්ඝකාලීන භාවිතයේදී මෙවන් රසායන සුළු වශයෙන් ශරීරගත වීමට ඉඩ ඇත. මෙමගි න් දීර්ඝ කාලීනව ඇතිවිය හැකි විපාකයන් ගැන ඇති දැනුම ඉතා අල්ප වේ.
විද්වතුන් පෙන්වා දෙන අන්දමට මෙසේ ශරීරගතවන රසායනිකයන් මගින් මිනිසාගේ කලල සර්භාෂය තුලදී වර්ධනය වන අවස්ථාවේදී සිදුවිය හැකි බලපෑම් ගැන විද්‍යාත්මක තාක්සේරුවකට ලක්කර නොමැති බවකි. මෙවන් රසායනිකයන් ගැන බලන විට නීත්‍යානුකූලව භාවිතාවන ෆෝමැල්ඩිහයිඩ් පිලිකා කාරක- යකි. මෙය සුළු ප්‍රතිශතයක් ලෙසින් සමහර ප්ලාස්ටික් බෝතල් වල මෙන්ම මෙලමයින් වලින් සෑදු කෑම මේස උපකරණ කට්ටලවල ඇතිබවට සාධක ඇත. එසේම හෝමෝනයන්ට ට බලපෑම් එල්ල කල හැකි රසායනි කද මෙම ක්‍රමවේදය මගින් ආහාර ද්‍රව්‍යවලට ඇතුළු විය හැක.
මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ සමහර රසා- යනයන් ගැන කතිකා ඇතිවුනද තීන්දු තීරණ ගන්නන් පාර්ෂවකරුවන් සතුටු කිරීමට උත්සාහ දරන අතර පාරිබෝගි කයන් නොදැනුවත්කමින් මෙම රසායනය- න්ට දිනපතා ගොදුරු වෙති. මේ අධ්‍යනය මෙහෙයවූ J. Muncke ඇතුළු පරියේෂකයන් පිරිස පවසන්නේ අද වනවිට වැඩිපුර ජනතාව මෙවන් ඇසුරුම්වල ඇති ආහාර ලබාගන්නා බැවින් මේ ගැන ඔවුන් දැනුවත්වීම ඉතා වැදගත් බවයි.