Header Ads

  • Breaking News

    මව් සෙනෙහස තරම් වටිනා දයාලූ ගුණයක් නැත



    ඔබයි මෙලොව සිනහපොද
    ඔබයි මෙලොව සැනසීම 
    ඔබයි මෙලොව වසන්තය 
    ලෝ දනන්ගේ ගිමන් හල

    මෙලොව සියලූ මිනිසුන්ට මෙන්ම සතුන්ට පොදු මව් සෙනෙහස තරම් වටිනා දයාලූ ගුණයක් මෙන්ම සම්පතක්ද තවත් නැති බව සියලූ සත්ත්වයන්ම දන්නා කරුණකි. සියලූ සිත් සනසන ක්ෂේම භූමිය වන්නේ තමා මෙලොවට ජනිත කළ මවයි. ඇය තරම් මෙලොව විශ්වාස කළ හැකි වෙනත් කිසිවෙකු සිටීද?

    දස මසක් කුස දරා, දරුවෙකු මෙලොවට බිහි කරන තුරා සහ බිහි කරන විටද, නොවිඳිනා දුක් විඳ සියල්ල ඉවසා දරාගනිමින් සිටි මාතෘත්වය මෙලොවට තිළිණ කරන ඇය, අනතුරුව දිවා රෑ නිදි නොලබා තම සියලූ කාලය සහ ශ්‍රමය වැය කර ඇය ඔහු උස් මහත් කර ගැනීමට වෙර දරන්නීය. දරුවෙකුගේ වැඩීම සමගම මවගේද සෙනෙහස සහ ආදරයද තව තවත් වැඩිවන අතර තම දරුවාගේ නිරෝගී බව සහ ආරක්ෂාව සඳහා නිතරම ප්‍රාර්ථනා කරන්නී ඇයම මිස වෙන කවරෙක් ද?

    අල්ලාහ්æ කුර්ආනයේ මෙසේ පවසයි. 



    "මට කීකරු වන්න, මුහම්මද් (එතුමාණන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවාæ) තුමාණන්ට කීකරුවන්න, නමස් කාරය ඉටුකරන්න, සකාතය නිසි පරිදි ඉටුකරවන්න˜.මට කළ ගුණ සළකන්න ඔබ වැදු ඔබේ දෙමව්පියන්ට කළ ගුණ සළකන්න"

    ඇත්ත වශයෙන්ම මවකගේ ආදරය දෙවැනි වන්නේ, අල්ලාහ්ගේ ආදරයට පමණි. මවක් තරම් මෙලොව නැමැති රඟමඩලෙහි රඟන වෙනත් ප්‍රධාන චරිතයක් තවත් නැත. මෙම —මව˜ හිමිවිය යුතු වැදගත් ස්ථානය හා ගරු සැළකිලි පිළිබඳව ඉස්ලාමය නිතරම මෙනෙහි කර දෙයි. මව පිළිබඳව ඉස්ලාමය සිය දහස්වර පුන- පුනා පවසන්නේ ඇයගේ මාතෘත්වයේ මහිමය පිළිබදව හෙළි කිරීමටයි.

    "මවකගේ පාමුල ස්වර්ගය ඇත"යනු, 
    නබිතුමාගේ ප්‍රධාන රුවන් වැකියකි. ඇයගේ උදාර ගුණය සහ මෙහෙය පිළිබඳ විවිධ හදීස් රාශියක් ඇත.

    සහාබිවරයෙකු හජ් කාර්්‍යය ඉටුකරන අවස්ථාවේදී, තම රෝගී මව උසුලාගෙන එම වතාවන්වල යෙදුනු බව දැනගත් මුහම්මද් (එතුමාණන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවාæ) තුමාණෝ, එම සහාබිවරයා ට දන්වා සිටියේ, එය උතුම් කෘතගුණ සැළකීමක් වූවද, එම මව ඔහු කුස දරා සිටි කාලයේදී විඳි අපහසුතාවලින් බිඳකට හෝ එම කෘතඥ සැළකීම සමකළ නොහැකි බවයි.

    දිනක් සහාබිවරයෙක් "මෙලොව මා වැඩියෙන්ම ආදරය කළ යුත්තේ කා හටද?" යැයි නබි තුමාණන්ගෙන් විමසූ අවස්ථාවේදී, එතුමාගේ පිළිතුර වූයේ "මවට˜ බවයි. දෙවැනි හා තෙවැනි වරට ඔහු එම ප්‍රශ්නයම නැගූ අතර නබිතුමාණන්ගේ පිළිතුරද වූයේ "මව" යන්නයි.

    සිවුවැනි වරට විමසීමේදී, එතුමා "පියාට "යනුවෙන් පිළිතුරු දුන්නේ, ඉස්ලාමය මවකට දී ඇති ස්ථානයේ වටිනාකම හුවා දැක්වීමටයි.

    මවකගේ රැකවරණය, ඇයගේ ආදරය, ඇයගේ ලෙන්ගතුකම සහ පෝෂණය දරුවෙකුට නොලැඛෙන්නේ නම් හේ අවාසනාවන්තයෙකි. තම දරුවා රෝගී මොහොතේදී මෙන්ම නිරෝගී මොහොතේදී ද එක සමානව රැකගන්නා අව්‍යාජ භවේ ප්‍රතිමූර්තිය මවක්ම නොවේද? එසේ නම් ඕනෑම කෙනෙකුට තම පළමු ආදරය තමා වැදූ මවට පුද කිරීමේ වරදක් තිබේද?

    කෙනෙකුට තම සමීප හිතවතුන්ගේ චෝදනා විරෝධතාවලින් සැනසීම ලබාගැනීම සඳහා තම මවගෙ න් සහය ලැඛෙයි. තම මවගෙ න් ලැඛෙන පිටි වහළ කියා නිමකල නොහැකි සමහරෙකුට තම මව ජීවත්ව සිටියදී ඇයගේ

    අගය නොතේරුනද, ඇයගේ මරණයෙන් පසු එය නිසිලෙස තේරුම් යනු ඇත. ඇත්ත වශයෙන්ම මවක් ජීවත්ව සිටියදී ඇයගේ සිත රිදවූයේ නම් එම පාපය මෙලොවදීම විඳීමට සිදුවන බව නබි තුමාගේ හදීසයකි.

    අනෙකුත් අය දෙපයින් තල්ලූ කරන විට දෑතම පා දරුවන් තුරුල්කරමින් සැනසුම්වදින් පවසන්නී මවම නොවේද. ඇයගේ මෙම ගුණයද අල්ලාහ්ගෙ න් ලද මාහැඟි තිළිණයකි. ඇය කුමන ජාතියකට අයත් තැනැත්තියක් වූවද, ඇයට ගරුකළ යුතු බව කුර්ආනයෙන් අණකර ඇත.

    මෙලොව වැසියන්ගේ සිත් සනසන අල්ලාහ්ගේ උත්කෘෂ්ටම මැවීම වූ මව සහ ඇයගේ මාතෘත්වයට මුල්තැනදී යහපත් සමාජයක අඩිතාලම බඳු, යහපත් දූ දරුවන් මෙලොවට දායාද කරන යහපත් මවුවරුනි, නිරතුරුවම ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය සහ ශක්තිය ධෛර්යය නොකඩවා මෙලොව පවතින තුරු ලැඛෙනු ඇත.

    එසේම, අපගේ සෙනෙහස හා දයාවද නොමසුරු ගෞරවයද ඇයට නොඅඩුව ලබාදෙමින් ඇයගේ නිරෝගී බව සහ යහපත සඳහා නිතරම ප්‍රාර්ථනා කරන අල්ලාහ්ගේ ගැත්තන් බවට අප පත්වෙමු.


    Post Top Ad

    Post Bottom Ad