Header Ads

  • Breaking News

    Vegetarian ද? non-Vegetarian ද? නිර්මාංශ ප්‍රශ්නය



    මට vegetarian riceඑකක් දෙන්න.
    miss ට? මට Fish rice  එකක්.

    මෙය සාමාන්‍යයෙන් දහවල් කාලයේ දී ආපනශාලාවල, හෝටල්වල නිතරම අසන්නට ලැඛෙන දෙබස්ය. දිනක්, විශ්ව විද්‍යාලයේ ආපනශාලාවට මා හා තවත් යහළු යෙහෙළියන් පිරිසක් දවල් ආහාර ගැනීම පිණිස ගියෙමු. එහිදී මගෙ යහළුවන Vegetarian, chicken, fish නොයෙකතු ්ආහාර(rice) - රැගෙන හිස් මේසයක් ඇති තැනක බලා ගියෝ ය. මා ද  fish rice එකක් රැගෙන ඔවුන් සමග එකතු වුණෙමි. 

    හන්සි: ඇත්තටම මං අහන්නේ, Vegetarian බතක් ඔයගොල්ලන්ට කන්නම බැරිද?

    තරිඳු: ඔයා Vegetarian කියලා අපි මොනවා කරන්නද? ඉගෙන ගන්න අපිට මස්වල ගුණයත් ඕනේ.

    හන්සි: එහෙම නොවෙයි, දවසක් නොකෑවා කියලා අඩුවෙන්නේ නැහැනේ.

    කසුන්: ආ... හන්සි ඇත්තටම ඔයා Vegetarian ද?

    හන්සි: ඔව්. මං දන්න කාලයක මස් කටේ තියලවත් නැහැ.

    සාරා: එතකොට ඔයා හැමදාම උදේට ආපනශාලාවෙන් මාත් එක්ක පසකන  milk packe ගන්නවානේ. ඔයා හිතුවේ එක පොල් කිරි කියලද?

    හන්සි: ඔව්..  කිරි නම් බොනවා එහෙම නැතුව බැහැනේ. ප්‍රෝටීන් ඕනනේ අපේ ඇඟට.

    තරිඳු: හා... කිරි කියන්නේ සත්ව ආහාර නේ. එකේ බැක්ටීරියා එවගේම සත්ව ප්‍රෝටීන් තියෙනවානේ. එහෙනම් 1/2  Vegetarian  එතකොට ඔයාට එ අවසථ්ාවේදී සතව් කරුණාව ගැන අදහසක් නොවන එකයි පුදුමේ. මොකෝ අපි බොන කිරිත් පොඩි පැටිය වෙනුවෙන් එරුණු එවා.

    නුෂ්රාන්: එතැන සතෙක්ව සෘජුව හිංසා කරන්නේ නැහැනෙ නේද?

    සාරා: එක තමයි මිනිස්සුන්ට වැරදුණු තැන. මිනිසුන් හිතන්නේ කාට හරි හිංසාවක් වෙන්නේ, එක්කෝ තුවාලයක්. වෙන්නෝනේ, නැත්නම් මාරාන්තික දෙයක් වෙන්න ඕනේ කියලානේ, සිතට වෙන වේදනා, කයට වෙන වේදනා කිසිම පොතක නැහැ.

    කසුන්: සාරා.... ම එක එහැටි වැටහුනේ නැහැ.

    නුෂ්රාන්: ඇයි ඉතිං මිනිස්සු හිතන්නේ ශාකවලට පණ තිබුණත් එවා  අපෙ ආහාරවලට ගත්තට  පව් නැහැ කියලනේ.

    තරිඳු: විද්‍යාත්මක වශයෙන් ශාකවලට පණ තියෙනවා නමුත්, සාහිත්‍යමය වශයෙන් ශාකවලට පණ නැහැ කියලානේ කියන්නේ එකනේ ගස් වැල් සුළඟට සෙළවුණේය කියලා කිව්වම teacher  පොඩි කාලේ කියනවානේ එක වැරදි  ගස් වැල් සුළඟට සෙළවෙයි˜ කියලා.

    හන්සි: එක ඇත්ත තමයි. මම නම් එගැන හිතුවෙවත් නැහැ.

    සාරා: උදාහරණයක වශයෙන හිතන්න , අන්ධ , ගොළු සහ සාමාන්‍ය පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්නවා කියලා. අපි මේ තුන් දෙනාටම එක වගේ හිංසාවන් කරාම බලාගෙන ඉන්න තුන්වන පාර්ශවයාට ගොඩාක් දුක හිතෙන්නේ, කිසිම දෙයක විරුද්ධව ප්‍රකාශ කරන්න බැරි අන්ධ, ගොළු පුද්ගලයන් ගැන ද? නැත්නම් ශාරීරික සෞඛ්‍යයක් තිඛෙන අංග සම්පූර්ණ පුද්ගලයා ගැන ද?

    කසුන්: අන්ධ, ගොළු පුද්ගලයින් ගැන,

    නුෂ්රාන්: අනන් හරි. එක තමයි කියන්නේ  එතකොට තුන්වන  පාර්ශවයට දුකවැඩියෙනම දැනෙනේන හන්සිගේ  පිඟානටද? අපේ පිඟාන වලට ද?

    (සියල්ලෝම මදක් නිහව සිටියි)

    හන්සි මම මේ ඔයාට කියලා කිව්වේ නැහැ. හරි දේ හරි ආකාරව බුද්ධිමත් සිසුන් විදියට තේරුම් ගන්න ඕනේ නිසයි කිව්වේ මාත් එක්ක අමනාප වෙන්න එහෙම එපා හරිද?

    හන්සි: දැන් තමයි මට මගේ වැරැද්ද හරියටම තේරුණේ.

    සාරා: නැහැ. ඔයා වැරැද්දක් කරා කියලා අපි කවදාවත් කිව්වෙ නැහැ. අපි පැහැදිලි කරන්න හැදුවේ ඇත්තටම මේ vege  සහ non v කියලා ඛෙදීමෙහි අරුථයක් තියෙනවාද කියලා මනසෙන් තර්ක කරලා විමසලා බලන්න කියලා



    :: මිෆ්තා නූරුල් 
     - ගල්කිස්ස ::

    Post Top Ad

    Post Bottom Ad