නබි තුමනි ඔබේ පිළිවෙත් සදා මතකයේ තිබේ
කවියට කලාවට ලැදි වුණු මගේ සිත
කව් පද ගොනුකලා නනවිදි ගුණ ඔහුගේ තමන් වෙත
මග පෙන්වීම හා ඔහු දුන් දිරිය මත
මම කවි ලියමි` එ තුළ සත් ගුණ ද ඇත
පාපී පිනැති ක්‍රියා වෙන්කර දෙකට ඛෙදා
දෙසු වදන් මතකයේ රැදෙයි සදා
මා හා සියලූ සත්වයේ යහ පටු මගෙහි රඳා
නිමිනැති මෙහෙවරක් ඉටු කළ සදා
ශක්තිය දිරිය කරුණාව ඔහු ළඟ අසම සම
හදවතේ රැෙඳයි මධ්‍යස්ථය, උපහාර පුදමි මම
අප හැර ගියත් සමුගෙන ඔහු දිවිය නිම
ඔහු දිවි ගෙවි ඔහුගේ උම්මත හද තුළ සදහටම
ෂෙරින් - ගම්පොළ