Header Ads

  • Breaking News

    මෙරටේ ඇයි මෙතරම් දිවි නසාගැනීම් ?





    ශී්‍ර ලංකාව ස්වාභාවික සම්පත්වලින් අනූන රටකි. මෙහි කුසගින්නේ මියැදෙන පුවතක් ඇසෙන්නේ ම නැති තරම් ය. ආසියාතිකරයේ සාක්ෂරතාව අතින් 2 වන හෝ 3 වන ස්ථානයේ අපේ රට ඉහළ ස්ථානයක පසුවෙයි. නිදහස ලැබූ දා පටන් ලබා දෙනු ලබන නිදහස් අධ්‍යාපනය මෙම තත්ත්වයට පදනම් වී ඇත.

    සියවස් ගණනාවක් මේරටේ බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් යන ප්‍රධාන ආගම් හතරක විශ්වාසය හා ඒවායේ සංස්කෘතික නියමයන් ප්‍රචාරය කෙරෙන්නා සේම ඒවා නිසියාකාරව අනුගමනය ද කරනු ලබයි. දිවිනසා ගැනීම මෙකී ආගමික විශ්වාසයන් තූළ තහනම් කර ඇත. මෙවැනි බුද්ධිමත් සමාජයන් ජීවත්වන රටේ දිවිනසා ගැනීම් වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති වීම විස්මයට තුඩු දෙයි. මේ සම්බන්ධයෙන් රජයත්, සමාජ කි්‍රයාධරයනුත් සැළකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය ය.

    පසුගිය (2012) වසරේ මාර්තු මස සිට නොවැම්බර් දක්වා 2704 දෙනෙකු දිවි නසාගෙන ඇති බව වාර්තාවලින් සනාථ කෙරේ. මොවුනතරින් පිරිමින් 2092 දෙනෙකු ද, කාන්තාවන් 612 දෙනෙකු ද සිටින බව පොලිස් වාර්තා දක්වයි. මෙහිලා සාපේක්ෂව බලන කල කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි දෙනෙක් දිවිනසා ගෙන ඇති බව තහවුරු කෙරී ඇත.

    මෙයට බලපෑ හේතුන් ලෙස ආතතිය, සමාජ සම්බන්ධතාවයෙන් තොර වීම, නොදැනුවත්කම ආදිය බව ද එම වාර්තාවෙහි සටහන් කෙරී ඇත. දිවිනසා ගැනීමට අමතරව දිවිනසා ගැනීමට උත්සාහ කිරීම් සංඛ්‍යාව අපමණය.

    ලොවෙහි මිනිස් ජීවිතය පිළිබඳ නිසි අර්ථාන්විත අවබෝධයක් නොමැතිකම හෝ එය වටහා ගැනීමට ඇති අසමත්කම හේතුවෙන් තමා මුහුණ පාන ගැටළුවලට එකම විසඳුම දිවිනසා ගැනීම ම බව මෙවැන්නෝ අදහති. එම නිසාමය වැරදි තීරණයක් ගෙන තමන්ව ම විනාශ කරගන්නට පෙළඹෙන්නේ. මිනිස් ගති විවිධ වේ. එය පුද්ගලයාගෙ න් පුද්ගලයාට වෙනස් වේ. අඩු වැඩි වේ. තරුණ අය දිවිනසා ගැනීමට පෙළඹීම ගැන පහත සඳහන් කරුණු බලපාන බව පැවසේ. ගැටවර වියේ දී ඇති වන විරුද්ධ ලිංගිකයින් කෙරෙහි වූ ආකර්ශනයට බාධා ඇති වන විට දී. ආදරය ප්‍රතිෙක‍ෂ්ප කරනු ලබන විට දී,පරාජිත වීමේ දී දෙදෙනාම හෝ එක් අයෙකු මෙම දිවිනසා ගැනීමේ විසඳුම තෝරා ගනිති. පවුලෙන් කොන් කරනු ලැබීම: හුදෙකලා වීමෙන් ඇතිවන මා- නසික ආතතිය: විභාගවලින් අසමත්වීම: පෞද්ගලිකාර්ථයට හානියක් සිදුවීම දරා ගැනීමට ඇති නොහැකියාව වැනි මෙකී නොකී හේතූන් ගෙන හැර දැක්විය හැකිය.

    පවුල්කරුවන් හා වැඩිහිටියන් දිවිනසා ගැනීමට පෙළඹීම සැළකිල්ලට ගනිද්දී, මතු දැක්වෙන කරුණු හේතුකාරක විය හැකි බව අනුමාන කෙරේ.

    ජීවිතයේ දැරිය නොහැකි ආර්ථීක බර: සැමියා, බිරිඳ, දරුවන් අතර ඛෙදීම්: අවිශ්වාසය, ණය බර: නෑයන්ගේ රැ කවරණය අහිමි වීම ආදියට මුහුණ පාන වැඩිහිටියන් සියලූම ආතතියන්ගෙ න් මිදිය හැකි එකම විසඳුම දිවිනසා ගැනීම ම ය යන දැඩි විශ්වාසය.

    ඉහත කී කරුණු බැහැර කිරීමට නම්, භෞතික ක්‍රමවේදයන් සියල්ල යෙදවිය යුතුය. මානසික ආතතිය - මානසික පී- ඩනය ආදිය සමනය කිරීම සඳහා මනෝ චිකිත්සක උපදේශනය විමධ්‍යගත කළ යුතුය. තැනින් තැන උපදේශන සේවා මධ්‍යස්ථාන පිහිටුවීම අවශ්‍යය. මේ සියල්ලට ම එහා ගිය ඉතා අත්‍යවශ්‍ය වූත්, අර්ථවත් වූත් ක්‍රමවේදය වන්නේ මිනිස් ජීවිතය පිළිබඳ යථාර්ථය වටහා දීම ය.

    එම යථාර්ථය වනාහි.....
    1. ඒක දේවත්වය විශ්වාස කිරීම හා පරමාන්ත දිනයෙන් පසු පරලොව ජීවිතය ගැන විශ්වාස කිරීමත් වේ. මිනිසා, අල්ලාහ් විසින් මවන ලද්දෙකු බවත්, මිනිසාට අල්ලාහ් විසින් ශරීරයත් ජීවිතයත් ප්‍රදානයන් ලෙස ලැබුණු ඒවා බවත්, කිසි- වෙකු තම ශරීරයට හානි පැ- මිණවීමකට හෝ තම ජීවිතය අහිමි කරගැනීමකට හෝ ඔහුට (අල්ලාහ් විසින්) අයිතිවාසිකමක් ලබා දී නැති බවත් ඉස්ලාමයේ නියමය මෙන්ම දේවත්වයේ නියමය ද වේ.

    2. මිනිස් ජීවිතය මරණයත් සමඟ අවසන් නොවනු ඇත. මරණයෙන් මතු අනන්ත වූ ජීවිතය ඇරඹෙයි.

    3. කෙටි කාල වකවානුවක් වන මෙලොව ජීවිතයේ දී ඒක දේවත්වය විශ්වාස කොට, ඔහුගේ නියමය අනුව යහ කි්‍රයාවල නිරත වුවහොත්, මරණයෙන් පසු ඔහු ස්වර්ගයට යන්නේ ය. එහි වයසට යාම හෝ මරණය හෝ සිදු නොවේ. අනන්ත වූ අපමණ වූ සුඛ විහරණවලින් හෙබි ජීවතයක් ගෙවනු ඇත. එසේම මෙලොව ජීවිතයේ දී ඒක දේවත්වය විශ්- වාස නොකොට, එසේම මෙලොව ජීවිතයේ දී අල්ලාහ් කෙරෙහි විශ්- වාසය නොතබා දේව නියමයන්ට පටහැනිව කි්‍රයා කොට අකුසල්වල යෙදුණ හොත් මරණයෙන් පසු ඔහු නිරයට යන්නේ ය. එහි දී අඛණ්ඩ වූ, අනන්ත වූ වේදනාවලින් පිරි ශාරීරික වද හිංසන සිදු කරනු ලබයි. නිරයේදීත් මරණයක් කිසිදා සිදු නොවේ.

    එමනිසා, දිවිනසා ගැනීම ඉතා අකුසල්කාරි පාප කර්මයක් වේ. එහි අවසානය නිරයේ වද වේදනාය. මෙම සත්‍ය යථාර්ථය වටහා ගෙන , අවබෝ ධයෙන් යුතුව කටයුතු කිරීම දිවිනසා ගැනීමට නොයා, තමන් මුහුණ පාන ගැටළුවලට අදාළ ස්ථීරසාර විසඳුම වේ.

    මුහම්මද් නබිතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ.

    —කන්දකින් පැන දිවිනසා ගන්නා තැනැත්තා නිරයේ අපා ගින්නෙහි සදාකාලිකව වට්ටනු ලබනු ඇත. වස විස පානය කර දිවිනසා ගන්නා තැනැත්තා නිරයේ අපා ගින්නෙහි නොනිමි දිවියක් ගෙවයි. එහි ඔහු පානය කළ වස ද තිඛෙනු ඇත. (යකඩ) ආ- යුධයකින් දිවිනසා ගත් තැනැත්තා නිර- යේ අපා ගින්නෙහි සදාකාලිකව විඳවනු ඇත. ඔහුගේ ආයුධය ඔහුගේ සුරතෙහි වෙයි. තමන්ගේ කුසෙහි එය ඇණ ගනිමින් ඔහු (නිරයේ) පසුවනු ඇත.˜ (මූලාශ්‍ර ග්‍රන්ථය : සහීහ් බුහාරි)


    Post Top Ad

    Post Bottom Ad