Header Ads

  • Breaking News

    ආදරය හා බැදුණු යහපත් ගුණාංග





    සෑම මිනිසෙකුටම අත්‍යවශ්‍ය දෙයක් වගේම සෑම දරුවෙකුම තම මවගෙන් බලාපොරොත්තු වන්නේ ද මෙයයි. සතා සිව්පාවන්ද තම වර්ගයාගෙන් ආදරය හා සෙනෙහස බලාපොරාත්තුවේ. සියලූම මිනිසෙකුටම මෙය තිබිය යුතු ගුණාංගයක් වූවද, වර්තමානයේ අසන්නට හා දකි න්නට ලැඛෙන ඇතැම් සිද්ධීන් දෙස බැලූ විට සමහරෙකුගෙන් මෙම ගුණාංගයන් ගිලිහී ගොස් ඇති බවට සැකයක් ඇතිවේ.

    කෙසේ වෙතත් අවසාන වක්තෘ නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණන් තුල මෙම ගුණාංග යන් මනාව පැවැති බව අල්කුර්ආනය හා හදීස් සාක්ෂි දරයි. එතුමා සෑම ජීවියෙකුටම ආදරය දක්වන්නෙකු ලෙස සිටියහ. එතුමා මිනිසුන් අතර ඉමහත් ගුණාංගවලින් පිරී සිටියහ. නබිත්වයට පෙරද එතුමා මෙම ගුණාංගයන්ගෙන් පිරිපුන් විය. නබිත්වයට පසු මෙම ගුණාංග වර්ධනය වන්නට විය. අල්ලාහ් දෙවිඳුන් අල්-කුර්ආනයේ එතුමා ගැන මෙසේ පවසන්නේය.

    "නබිතුමනි ඔබ උතුම් වූ ගුණාංගශිලයෙන් සිටින්නේය " අල් - කුරාන් 68:4

    එතුමා මිනිසුන් යහපත් ගුණාංග කරා කැඳවීය. කුමන ශ්‍රේෂ්ඨ ගුණාංගයන් කරා තම සහාබාවරුන් කැඳවූයේ ද, එතුමා ඔවුන් අතර එම ගුණාංගයන්හි ආදර්ශවන්තයා ලෙස සිටියහ. එතුමා, තමා අණ කළ නීතිරීතීන් හා දේශනා ඔවුන් අතර වැපිරීමට පෙර උතුම් ගුණාංග තම ජීවිතයෙහි අනුග මනය කිරීම මගින් ඔවුන් අතර වැපුරුවේය.

    දිනක් එතුමා තම කිරිමව හලීමා තුමියව දිගු කලකට පසු මදීනාවේදී දැකීමෙන් තමා ළඟ තිබු පොරවනය බිම අතුරා එතුමියව එහි වාඩි කරවීය. එතුමියව බැහැර යනවිට තෑගි බෝග පිරිනමා එතුමියට පිටත් කර යැවීය. නබි තුමාගේ ශ්‍රාවකකරුවෙක්වු අනස් (රලි) තුමා මෙසේ වාර්තා කරන්නේය.

    මා, නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාට වසර දහයක කාලයක් සේවකයෙකු ලෙස කටයුතු කළෙමි. එතුමා මට කිසිදු අවස්ථාවක —චී˜ යනුවෙන් පිළිකුල් ලෙස නොකිව්වේය. කිසියම් කාර්යයක් සඳහා ඇයි මෙසේ කළේ? ඇයි මෙසේ නොකලේ යනුවෙන් ද විමසා නො මැත.

    මෙවන් සිද්ධීන් කියවන විට දෑසට කඳුළු නැගෙනවා නොඅනුමානයි. මෙවැනි හදවතක් කාහට නම් පහවෙයිද? සෑම මනුෂ්‍යයෙකුටම මෙවන් ගුණාංග තිබුණහොත්, වර්තමානයේ පවතින රණ්ඩු දබර, කල කෝලාහල, සේවක වර්ජන ගැටළු ආදිය නික්ම යෑම නිසැකය. දිනක් නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා මැහැල්ලක් දැක ඇයට ගරු කලේය. එය දුටු සහාබාවරු මැය කවුදැයි විමසූහ. ඇය තම ආදරණීය බිරිඳ වන කදීජා තුමිය ජීවත්වන විට අප නිවසට නිතර පැමිණි අයෙකියි පැවසූහ.

    එතුමා තරම් උණුවන හදවතක් වෙනත් කිසිවෙකුටත් නොවන බව එතුමා පිළිබඳව ඉතිහාසය කියවීමේ දී පැහැදි ලිවේ. අල්ලාහ් විසින් තේරාගත් අවසාන වක්තෘවරයා වන නබිතුමාණෝ අප හට මහත් ආදර්ශවත් චරිතයකි. එතුමාගේ අඩිපාරේ ගොස් එතුමා අල්ලාහ්ට දැක්වු දේ භක්තිය, අල්ලාහ් දෙවියන්ව නැමදීම කෙරෙහි එතුමා දැක්වු වත්පිළිවෙත් නිසියා කාරව කි්‍රයාවට නංවා එතුමා මෙන්ම අල්ලාහ් දෙවියන්ගේ කරුණාව හා දයාව ලබාගැනීමට අප සියළු දෙනාම උත්සුක වෙමු.

    අල්ලාහ් දෙවියනි, අපගේ පාපයන් ක්ෂමා කල මැනව. ඔබ අපට පහල කළ වූ ඉස්ලාම් ධර්මය (පිළිපැද) ඒ අනුව ක්‍රියා කිරීමටත් ඉස්ලාමය පිළබඳව නොදන්නා අයට පැහැදිලි කරදී උතුම්ම සේවකයෙකු ලෙස සියලූ මනුෂ්‍යයින් අතුරින් මා තෝරාගනු මැනව. (ආමීන්)


    Post Top Ad

    Post Bottom Ad