Header Ads

  • Breaking News

    සෑම ජීවීන්ම මරණය නැමැති සාගරය තරණය කල යුත්තෝමය



    මරණයෙන් තොර කිසිම ආත්මයක් විශ්වයේ නොමැත. මෙය විශ්වයේ යථාර්තයයි. මෙම විශ්වයේ ආරම්භයක් ඇති සේම, සර්ව බලධාරියා වු අල්ලාහ් මෙම විශ්වයට අවසානයද නිර්ණය කොට ඇත. එබඳු දෘෂ්ටියකින් බැලු විට ලොව පවතින සෑම ජීවීන්ම මරණය නැමැති සාගරය තරණය කල යුත්තෝමය. 

    ඉහත සඳහන් අරුත් සියල්ල ගැබ් වන අන්දමින් අල්ලාහුතආලා අල්-කුර්ආනයේ මෙලෙස ප්‍රකාශ කරයි. —

    සෑම ජීවියෙක්ම මරණය (ලක්විය) භුක්ති විඳිය යුතුයි.˜ (අල්-කුර්ආන් 3:185)

    මරණය, සැක කිරීමට මගක් නොමැති නිශ්චිත කරුණකි. නමුත්, දැන් පවතින සමා- ජයේ වැඩි පිරිසක් මේ ගැන අමතකයෙන් සිටිති. එනිසා මුස්ලිම්වරයෙකු මෙලොවෙන් සමුගැනීමට පෙර පරලොව සඳහා සූදානම් වීම සේම මරණය ගැන වැඩියෙන් සිහි කිරීම හා එ සඳහා සූදානම් වීමද අවශ්‍යයි. එපමණක් නොව, විශ්වයේ ඇති සියල්ලක්ම විනාශවන සුළුය. අල්-කුර්ආනය මෙසේ පවසයි. 

    —(පොළොවෙහි) ඇති සියල්ලක්ම විනාශ වන්නේය.˜ (අල්-කුර්ආන් 55:26)

    කිසියම් මිනිසෙකුට මෙලොවෙහි අමරණීය තත්ත්වයක් නොමැත. එසේ පවතින්නේ නම් එය සර්වබලධාරීයාවූත්, පෝෂකයාවූත් රක්ෂකයාවූත් අල්ලාහුතආලා පමණයි යන්න අල්-කුර්ආනයේ 55 වන පරිච්ඡේදයේ 27 වන වැකියේ මෙලෙසින් පවසයි. 

    —තේජාන්චිත සහ ගෞරවාන්චිත නුඹගේ රබ් (පරමාධිපති) පමණක් සදා අමරණීයව සිටී.˜ (අල් -කුර්ආන් 55:27)

    අල්ලාහ්තආලා විසින් මෙලෙස අල්-කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර තිබේ. මෙලෙස සඳහන් වුවත් අප සමාජය කෙතරම් පහත් තත්ත්වයක ඉන්නවාද? මොවුන්ගේ කි්‍රයාවන් නිසා අනාගතයේ එන දරුවනුත් ඔවුන්ගේ පහත් කි්‍රයාවන් අනුග මනය කරති. අප සැවොම මරණයට බිය වී අපගේ කි්‍රයාකාරකම් පැත්ත දියුණු කර අපගේ නායක මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා ගේ කි්‍රයාවන් අනුගමනය කළොත් අපගේ මෙලොව ජීවිතය යහපත් ජිවිතයක් ලෙස ගත කිරීමට පුළුවන. එපමණක් නොව අපට ස්වර්ගයට පිවිසීමටත් පුළුවන්.

    මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා මෙසේ පවසයි,

    —(අවස්ථාවන්) පහට පෙර (අවස්ථාවන්) පහ ප්‍රයෝජනවත් කරන්න. ඔබ, මරණයට පෙර ජීවිත කාලයද, ලෙඩ වීමට පෙර නිරෝගි කාලයද, කාර්‍යබහුල වීමට පෙර විවේක කාලද මහළු වීමට පෙර යෞවන කාලයද, දිළිඳු වීමට පෙර ධනයද ප්‍රයෝජනවත් කරන්න.˜ (මුස්නද් අහ්මද්)

    මිනිසාගේ ආයුෂ කාලය අල්ලාහ්හැර අන් කිසිවෙකු නොදන්නා ගුප්ත වු කරුණකි. එනිසා අප සැම විටම මරණය ගැන සිතීම යහපත් ය. කිසියම් කෙනෙකු තමා කෙදින, කවර ස්ථානයෙහි මැරෙන්නේ ද යන්න නොදන්නේය. මක්නිසාද යත්, නියත වශයෙන්ම මෙය අල්ලාහ් පමණක් දන්නා සැඟවුණු කරුණකි.

    මරණය පැමිණි විට එයට බාධා කිරීම හෝ පමා කිරීම හෝ එය මගහැරමින් පැන දිවීම කළ නොහැක.



    වැලිගම ඉබ්නු මිස්බාහ් - 
    තන්වීර් ඇකඩමිය

    Post Top Ad

    Post Bottom Ad