Header Ads

  • Breaking News

    දරුවන්ගේ මානසික ගැටළු පිලිබදව දැනුවත් වෙමු



    01. අධිකි්‍රයාකාරී සහ ඌණ අවධානය සහිත දරුවා. 
    Attention Deficit Hyperactive Disorder (ADHD) Neuro Behavioural Disorder


    වැඩිහිටියන් වන අපට දැනෙන හැඟීම් වන දුක,සතුට, ඊර්ෂියාව, වෛරය ආදිය කුඩා දරුවන් තුලද ඇතිවේ. දරුවන් මෙහිදී මෙම හැඟීම් ආශි්‍රතව සිදුවන හැසිරීම් රටා එක එල්ලේම ප්‍රකාශ කිරීමට පෙළඹෙති. සමහර දරු- වන් කිසිදු ගැටළුකාරී හැසිරීම් රටා පෙන්නුම් නොකළද, ඔවුන්ගේ ගෙදර පවතින පරිසරය අනුවද, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ හැසිරීම් රටා මගින්ද දරුවා මුරණ්ඩුකාරී හැසිරීම් රටාවන්ට යොමුවීම සිදුවිය හැක. ගෙදර පරිසරය හෝ වැඩිහිටියන්ගේ කි්‍රයාකලාපයන් හේතු කොට ගෙන දරුවන්ට කේන්ති යාම, දෙමාපියන් කියන දේට විරුද්ධ දේ කිරීම, තම සහෝදර සහෝදරියන් සමග පවතින ඊර්ෂියාව හෝ වෛරය නිවසින් පිට ගොස් කාලය ගත කිරීම යනාදී ගැටළු ඇති විය හැක.

    නමුත්, අධිකි්‍රයාකාරී සහ ඌණ අවධානය සහිත දරුවෙකු හඳුනාගැනීමේදී පහත සඳහන් හැසිරීම් රටා දරුවා තුළ පවතීද යන්න ඉතා පරීක්ෂාකාරීව හඳුනා ගත යුතුය. ඔබ, ඔබේ දරුවාගේ හැසිරීම් රටා හඳුනා ගැනීමට අපොහොසත් වන්නේ නම් ලමා මනෝ වෛද්‍යවරයෙකුගෙන් හෝ පලපුරුදු උපදේශකවරයෙකුගෙන් මේ පිළිබඳව කරුණු ලබාගත හැකිවේ.

    මෙම ADHD  තත්ත්වය පවතින දරුවන් අධික වශයෙන් කි්‍රයාශීලී නමුත්, වෙහෙසට පත් නොවෙති. කිසිම තේරුමක් නැතිව දිවීම, උස්තැන්වලට නැගීම, කකුල් වේගයෙන් සෙලවීම, එකම තැනක විනාඩි පහක්වත් රැඳී නොසිටීම, පාසලේ අසල සිටින ළමුන්ට හිරිහැර කිරීම, ගුරුවරිය පන්තියේ පාඩම් උගන්වන විටදී ළඟ සිටින ළමුන් සමග කතා කිරීම හෝ විහිළු කිරීම, පාසලේදී හෝ අමතර පන්තියේදී හේතුවක් නොමැතිව තම පුටුවෙන් නැගිට එහෙ මෙහෙ යාම, පටන් ගත් වැඩක් අවසානය දක්වා නොකර අතරමග නැවැත්වීම, නිතර තදින් කේන්ති ගැනීම, පාසලේදී නිතර තම පැන්සල්, පෑන් නැතිකර ගැනීම, නිතර පවතින කලබලකාරී ගතිය ආදී ලක්ෂණ අධිකි්‍රයාකාරී තත්ත්වය තුළ දැකිය හැක. 

    නමුත්, ඔබ දරුවා තුළ මෙවැනි ගැටළු මාස හයකට වඩා පවතිනවා දැයි හඳුනා ගත යුතුයි. මෙම හැසි රීම් රටා නිසා දරුවන් පාසලේ ගුරුවරුන්ගේ සහ නිවසේ වැඩිහිටියන්ගේ දඩුවම , පීඩනයට ලක්වීම හේතුකොට ගෙන දැඩි අසහනයට පත්වෙති. ADHD  දරුවන් තුළ අධිකි්‍රයාකාරිත්වයට අමතරව ප්‍රධාන ගැටලූවක් ලෙස ඌණ අවධානයෙන් පසුවන්නේද යන්න නිගමනය කිරීමට දරුවා තුළ මෙවැනි ගැටලූ මාස හයක පමණ දීර්ඝ කාලයක් පැවිතය යුතුයි.

    ඌණ අවධානය සහිත දරුවා තුල පවතින ගැටලූ, ගුරුවරු සහ දෙමාපියන් වැඩි දෙනෙක්ම දරුවාගේ කම්මැලිකම ලෙස සලකා දරුවාට සැර කිරීම, දරුවාට දඩුවම්  කිරීම ආදී කි්‍රයාකලාපයන්ට පෙලඹෙති. මෙහිදී දරුවා උවමනා- වෙන් වැරදි ලෙස නොහැසිරෙන බව මතක තබා ගන්න. මෙම දරුවන්ට ඔබගේ උදව් අවශ්‍යයි. මෙවැනි දරුවන්ගේ අපහසුතා තේරුම් ගෙන ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමකි. නැතහොත්, අප දරුවා තේරුම් නොගැනීම හේතු කොටගෙන පවතින කියවීමේ දුර්වලතා, ඉගෙනීමේ අපහසුතා, හැසිරීමේ වෙනස් කම් පවතින රෝග තත්ත්වයන්, සමාජ විරෝධී පෞරුෂ වර්ධනය, මානසික අවපීඩනය හෝ ග්‍රස්තිය යනාදී රෝග තත්ත්වයන්ට කාලයක් සමග ඔබේ දරුවා ගොදුරුවීමේ අවධානම වැඩි බව අප වෙතට පැමිණෙන දරුවන් නිරීක්් ෂණය කිරීමෙන් පැවසිය හැක.

    ADHD  හෙවත් අධිකි්‍රයාකාරීත්වය සහ ඌණ අවධානය දරුවෙකුතුල ඇති වන්නේ දරුවාගේ, දෙමව්පියන්ගේ හෝ ගුරුවරුන්ගේ වරදකින් නොවන බවත් ADHD  තත්ත්වය දරුවෙකු තුළ ඇතිවන්නේ දරුවාගේ මොළයේ ෙසෙලවල සහ රසායනික ද්‍රව්‍යවල ඇතිවන වෙනස්වීම් හේතුවෙනි. මෙම වෙනස්වීම් නිසා දරුවාගේ මොළයේ සිතුවිලි සහ හැසිරීම් පාලනය කරන ස්ථාන නිසියාකාරව පාලනය නොවේ. 

    දුම් බොන සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින දෙමව්පියන්ගේ දරුවන් අතරද, ප්‍රසව අවධියේදී දරුවාට නිසි පරිදි ඔක්සිජන් නොලැබී යාම හේතුවෙන්ද, ප්‍රසව අවස්ථාවේදී දරුවාගේ මොළයට සිදුවිය හැකි අනතුරු සහ දරුවා මවගේ කුසතුල වැඩෙන අවධීන්වලදී මව මානසික අවපීඩනයෙන් පෙලීම යනාදී හේතූන් නිසා දරුවන් බොහෝ විට අධිකි්‍රයාකාරී සහ ඌණ අවධානය සහිත හැසිරීම් පෙන් නුම් කල හැකි බව නූතන සමීක්ෂණවලින් පෙන්නුම් කෙරේ. මෙවැන ිඅධිකය්‍රිාකාරී සහ ඌණ අවධානයකනි යුතුව දරුවන් ලමා මනො ්වෛද්‍යවරයෙක වෙත යොම කර වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ පුහුණුව ලත් පලපුරුදු ලමා මානසික උපදේශකවරයෙකු හෝ උපදේශකවරියක් යටතේ පුහුණුවට යොමු කිරීමෙන් දරුවා තුල පවතින බොහෝ ගැටළු නිරාකර ණය කර ගත හැකිවේ. 

    අධිකි්‍රයාකාරී සහ ඌණ අවධානය සහිත දරුවෙකුට නිවසේදී දෙමව්පියන්,වැඩිහිටියන් විසින් කල හැකි කි්‍රයාකාරකම් සමහරක් අප පහතින් සඳහන් කරන්නෙමු. ඔබත් ඔබේ දරුවා සමග පහත කි්‍රයාකාරකම් කිරීමට යොමුවන්න. ඔබේ දරුවා වෙනදාට වඩා ඔබට ආදරය කරනු ඇත.

    1. දරුවාගේ යහපත් හැසිරීම් දුටු විගස අගය කරන්න. දරුවා ප්‍රශංසා කර උරහිසට තට්ටු කර දරුවාට දැනෙන අයුරින් ඔහුව අගය කරන්න.

    2. ඔබේ දරුවාට දෙන අවවාද ඉතා පැහැදිලිව කෙටි වාක්‍යවලින් ලබා දෙන්න

    3. දරුවා සමග ඔබ කතාකරන විටදී ඔහුගේ ඇස් දෙක දිහා බලා ආදරය දැනෙන අයුරින් කරුණු කියාදීම සහ දිනකට තුන්වතාවක් දරුවා ආදරයෙන් ස්පර්ශ කිරීම (උදා : ඔළුව අතගෑම, පිටට තට්ටුවක් දීම, ඔඩොක්කුවේ තබා කතාවක් කියා දීම)

    4. පාසලේදී පවරන වැඩ කලබලයෙන් තොර පරිසරයක සිට ඔබගේද සහයෝගයෙන් කරවීම අත්‍යවශ්‍ය වන අතර, එම පැවරුම් කුඩා කොටස්වලට කුඩා සරල ලෙස ඔහුට ලබා දිය යුතුයි.

    5. දරුවාගේ පාසලේ ගුරුවරු සමග දරුවා ගැන සාකච්ඡා කරන්න. මාස්පතා දරුවාගේ හැසිරීම් රටාවන්ගේ වාර්තාවක් ගුරුවරයාගෙන් ලබා ගන්න.

    6. ඔබේ දරුවා කාල සටහනකට අනුව වැඩ කිරීමට හුරු කරන්න. මෙවැනි දරුවන් අලූත් දෙයකට හැඩ ගැහීමට එතරම් පහසු නොවන බැවින් දරුවාට මෙය ඔබ හුරු කළ යුතුයි.

    7. කාල සටහනකට අනුව දරුවාගේ දිනය ඔබ සකස් කරන්නේ නම් දරුවා සමගද සාකචඡා කර දරුවා කැමති දේවල්ද කාල සටහනේ සඳහන් කරන්න. අනිවාර්්‍යයෙන්ම ඔබ අදහන ආගම (සලාතය) කියාදීමට දරුවාට කාලයක් වෙන් කරන්න.

    8. ඉස්ලාම් දහමට අනුව දරුවාට ඉගැන්වීම සඳහා බො- හෝ දේ ඇත. එබැවින්, සතියට දවස් තුනක් වෙන්කර පැය දෙක බැගින් ඔබත්, දරුවාගේ පියාද, දරුවාද සමගින් මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණන්ගේ හදීසයන්හි අර්ථයන්ද, එයින් අපට ලබා ගත හැකි පාඩම් ද, කුර්ආනයේ සඳහන් සූරාවන්හි අර්ථයන් පිළිබඳව ද සාකච්ඡා කරන්න.

    9. දරුවා නිතර විවේචනයට ලක් නොකර වාචිකව සහ ශාරීරිකව දරුවාට හිරිහැර කිරීමෙන් වැළකී දරුවා පිළිබඳව දැඩි සෝදිසියකින් සිටින්න. දරුවා දැඩි ලෙස දඟකාර සහ හැඟීම්බර නිසා නොයෙකුත් අනතුරු සිදුකර ගැනීමට ද හැක.

    10. ඔබට අධි කි්‍රයාකාරී දරුවා කළමණාකරණය කර ගැනී මට අපහසු නම් ළඟම සිටින ළමා මනෝ වෛද්‍යවර- යෙකු වෙත පෙන්වා ඔවුන්ගේ උපදෙස් පරිදි විශේෂ පුහුණුව ලත් ගුරුවරයෙකු හෝ ලමා උපදේශකයෙකු යටතේ පුහුණුවකට දරුවා යොමු කරන්න.




    02  Conduct Disorder  හෙවත් ප්‍රචණ්ඩත්වයට, බොරුවට, සොරකමට ගොදුරු වු දරුවා
    කුඩා අවධියේ අධි කි්‍රයාකාරිත්වය සහ ඌණ අවධානය සහිත දරුවන් නිසි පුහුණුවකින් තොරව නිවසේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් සහ පාසලේ ගුරුවරුන්ගේ දෝෂා- රෝපණයද සමගින් වැඩෙන සමහරක් දරුවන් වයස අවුරුදු දහයත් දහ අටත් අතර Conduct Disorder තත්ත්වයට ගොදුරු විය හැක. අප වෙතට පැමිණෙන Conduct Disorder තත්ත්වයේ පසුවන දරුවන් බොහෝ දෙනෙකුගේ කුඩා අවධීන් නිරීක්ෂණය කිරීමේදී බොහෝ දරුවන් ADHD  අධිකි්‍රයාකාරි තත්ත්වයෙන් පෙළී ඇති බව සොයා ගැණුනි. සමහරක් ADHD  හෙවත් අධි කි්‍රයාකාරී දරුවන් වැඩීමේදී නිවෙස්වල පවතින යහපත් පරිසරය හේතුකොට ගෙනද, දෙමව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ තේරුම් ගැනීමේ ශක්තිය නිසාද යහපත් හැසිරීම් රටාවල්වලට යොමු වු දරුවන්ද බොහෝ සිටිති. 

    අධි කි්‍රයාකාරී දරුවා බොහෝ දඟකාර, ඌණ අවධානය සහිත ආවේගශීලී දරුවන් බැවින්, මොවුන්ගේ නිවස තුළ සහ පාසලේ පංති කාමරය තුළදී නොයෙකුත් විවේචනවලට, උසුළු විසුළුවලට, වාචිකව සහ ශාරීරිකව දැඩි හිරිහැරවලට ඛෙහෙවින්ම ලක්වෙති. මෙම දරුවන්ගේ හැසිරීම් රටා හඳුනා නොගන්නා දෙමාපියන්ද, වැඩිහිටියන්ද, ගුරුවරුන්ද දරුවා ඕනෑකමින් හැසිරෙන බව සිතා දරුවාට ද~ුවම් කිරීමෙන් සහ දරුවා මත අනවශ්‍ය පීඩාකාරී හිරිහැර පැටවීමෙන් දරුවා වැඩෙන කාලය තුළදී ගැටළු රාශියකට මුහුණ දීමට දරුවාට සිදුවේ. මේ හේතුකොට ගෙන කාලයත් සමග ඔවුන් ප්‍රචණ්ඩකාරී හැසි රීම් රටාවල්වලට යොමුවීම ද සිදුවේ. මෙම තත්ත්වය දරුවාගේ හැසිරීම් රටාව තුල ඇතිවන එක්තරා රෝගී තත්ත්වයක් වන අතර, දරුවන් වැඩි වශයෙන් අවුරුදු 10-18 අතර වයස් කාණ්ඩ තුළ දැකිය හැකි තත්ත්වයකි.

    මෙම තත්ත්වයට ගොදුරු වු දරුවන් තුළින් තව කෙනෙකුට හානිදායක ලෙස හැසිරීම, සතුන්ට හිංසා කිරීම, බඩු පොළවේ ගැසීම, නිතර කේන්තියෙන් පසුවීම, බොරු කිරීම සහ සොරකම් කිරීම, ගෙදරින් සහ පාසලින් පැනයාම සහ මත්පැන්, සිගරට්, මත්කුඩුවලට ඇබ්බැහිවීම යනාදී හැසිරීම් රටා දැකිය හැක. ඉහත හේතූන් නිසා තමන්ගේ පාසල් ජීවිතය, පාසල් අධ්‍යාපනය සහ රැකියා ජීවිතය අවුල් වී තිබීම අපට දැක ගත හැක. මෙම තත්ත්වයෙන් පසුවන දරුවන්ගේ හැසිරීම් රටාවන් යහපත් හැසි රීමකට ගොඩනැංවීම ඛෙහෙවින් අපහසු කාර්්‍යයක් වේ. නමුත්, මනෝ වෛද්‍ය වරයෙකුගේ උපදෙස් අනුව පලපුරුදු උපදේශකවරයෙකු යටතේ පුහුණුවකට යොමු කිරීමෙන් හැසිරීම්වල යම්තාක් දුරට පාලනයක් බලාපොරොත්තුවිය හැක. මෙවැනි දරුවන් සිටින නිවසක නිතර ගැටුම්කාරී තත්ත්වයක් හටගනී. 

    මෙවැනි හැසිරීම් කළමණාකරණය කල හැකි කි්‍රයාකාරකම් සමහරක් සඳහන් කරන්නෙමු.

    1. ඔබ දෙමාපියෙක් වශයෙන් දරුවාගේ හැඟීම් සමග සම්බන්ධ වන්න. දරුවාගේ හැඟීම් පිළිබඳව කතා කිරීමට දෛනිකව පැයක කාලයක් වෙන් කරන්න.

    2. නිතර දරුවාට චෝදනා එල්ල කරන, තරවටු කරන පරිසරයක් වෙනුවට නිවසේ පරිසරය දරුවාගේ හැඟීම් තේරුම් ගන්නා පරිසරයක් ලෙස ගොඩ නගන්න. උදා: සතියකට වතාවක් දරුවා සමග කී්‍රඩා තරඟයක්, චිත්‍ර ප්‍රදර්ශනයක් වැනි දරුවා කැමති තැනකට ගොස් දරුවා කාර්්‍යබහුල වූවත් දවසේ එක් වේලක් හෝ පවුලේ සාමාජිකයන් සමගින් ආහාර ගන්න.

    3. දරුවාගේ මානසිකත්වය තේරුම් ගන්න. මෙහිදී දෙමාපියන් වශයෙන් ඔබ මානසිකව සුවෙන් සිටිය යුතුයි. දරුවා වෙනුවෙන් ගනු ලබන තීරණ පිළිබඳව දරුවා සමග වාද නොකරන්න. දෙමාපිය- න් වශයෙන් ඔබ දෙදෙනා සාකච්ඡා කර විසඳුමක් ලබාගෙන එ පිළිබඳව දරුවා සමග සාකච්ඡා කරන්න.

    4. පාසල් පරිසරය, පාසල් යහළුවන් පිළිබඳව දරු- වාට අගෞරවයක් නොවන අයුරින් සොයා බලන්න.

    5. දරුවාගේ සමාජ කුසලතා වර්ධනය කර ගැනී මට ඔබ දායක වන්න. පාසලේ හෝ අමතර පංති වශයෙන් සංගීතය,නර්තන, කී්‍රඩා නාට්‍ය වැනි කි්‍රයාකාරකම් වලට දරුවා යොමු කරන්න.

    Post Top Ad

    Post Bottom Ad