Header Ads

  • Breaking News

    අහංකාරය-උඩගුකම පිටු දකිමු





    උඩගුකම, තැන්පත් බව යන පරස්පර විරෝධී ගුණාංග දෙකෙන් තැන්පත්කම අල්ලාහ් වඩාත් ප්‍රිය කරයි. අල් කුර්ආනයේ මෙසේ සඳහන් වේ.

    —තවද (අහංකාරයෙන් යුතුව) ඔබේ මුහුණ මිනි සුන්ගෙන් හරවා නොගනු. මහපොලොවේ අහං- කාරයෙන් යුතුව සැරිසරන්න එපා. උඩගුකමෙන් පුරසාරම් දොඩන කිසිවෙකුට අල්ලාහ් නියතවශයෙන්ම ප්‍රිය නොකරයි.˜ (අල්-කුර්ආන්-31:18)

    අල්ලාහ් අහංකාරය, උඩගුකම පිළිකුල් කරයි. උඩගුකම යනු, ෂෙයිතාන්ගේ ගුණාංගයකි. තැන්පත් බව යහපත්කමේ  ගුණාංගයකි. ෂෙයිතාන් ව නිර්මානය කර ඇත්තේ ගින්දරවලින් ය. ගින්දර ඉහලට නැගෙයි. පසෙන් නිර්මානය කරනු ලැබූ මිනිසුන් උඩ විසිකරනු ලැබුවත් නැවතත් මහ පොලොවටම පතිතවේ. අබ ඇටයක් තරමක් නොව, එයනි ්සයියනි ්කොටසක අහංකාරයෙන් යුතු තැනැත්තා ස්වර්ගයට පිවිසිය නොහැකි බව නබිතුමා පවසා ඇත.

    උඩගුකම යනු, කුමක් දැයි හඳුනා ගැනීම වැදගත්ය. නබිතුමාගෙන් අනුගා මිකයෙකු මෙසේ විමසුවේය. නබිතුමනිæ මා පළඳින පාවහන් ලස්සනට හා පිය- කරු ලෙස තිබිය යුතු බව මම සිතමි. මෙයත් උඩගුකමක් ද? එය අහංකාර- කමක් නම් මට ස්වර්ගයට පිවිසෙන්න බැරි වෙයිද?

    එවිට නබිතුමා¦ මිත්‍රයා, එය අහංකාරය නොවේ. සෞන්දර්යාත්මක හැඟීම, එයට අල්ලාහ් කැමතියි. උඩගුකම යනු, අල්ලාහ්ගේ සීමාවන් කඩ කිරීමත් මිනිසුන් හෑල්ලූවට ලක් කිරීමත්, සත්‍යය ප්‍රතික්ෂේප කිරීමත්ය යනුවෙන් විස්තර කළේය.

    මෙම විස්තරය අනුව සිතා බැලීමේ දී, අහංකාරකම හා තැන්පත් බව අතර ඇති වෙනස අවබෝධකර ගත හැකිය. අහංකාරයත් ස්වාභිමානයත් එකක් නොවේ. ස්වාභිමානය ඉස්ලාමයෙන් දිරි ගැන්වෙන ගුණාංගයකි. තමා ගැන අභිමානයක් නොමැති තැනැත්තා සෙස්සන්ට ගෞරව කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය.

    එ අනුව, තමාද අල්ලාහ්ගේ නිර්මානයක් බවත් මේ ලෝකයේ ජීවත්වීම සඳහා ඉපදුන අයෙකු බවත් තමාටත් දියුණු විය හැකි බවත් මා වැනි සෙසු අය ජය ලබමින් දියුණුවෙද්දී මා පමණක් වකුටුවී වාඩිවී නිකරුනේ කල් ගෙවිය යුතු ද? මා බොල් මිනිසෙක් ද? යනුවෙන් කෙනෙකු තුළ ස්වාභිමානයක් ඇතිවීම, අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන ආකාරයෙන් උනන්දු වීම, උත්සාහ කිරීම උඩගුකමක් හෝ අහංකාරයක් නොවේ. එය මිනිසෙකු තුල ඇති අනිවාර්යයෙන් තිබිය යුතු ස්වීයත්වයේ ලක්ෂණයකි. ස්වාභිමානයේ කොටසකි.



    එහෙත්, මෙවැනි ස්වාභිමානය, යුක්තිග රුක විය යුතුය. එ වගේ ම සීමාව නො ඉක්මවිය යුතුය. ආහාර පිසීමේදී ලූණු මිශ්‍ර කිරීම වැනි දෙයක් විය යුතුය. ලූණු රසය වැඩිවීමෙන් සමස්ථ ආහාර වේලම නීරස වීමට හෝ විනාශය කරා යාමට තුඩු දිය හැකිය.

    තැන්පත් බව යනු, හීනමානය නොවන බව තේරුම් ගැනීම ද වැදගත්ය. මො- නම අවස්ථාවකවත් විශ්වාසවන්තයෙකු තමන් බාල්දු කරගන්නේ නැත. තමන්ට වඩා වත්පොහොසත්කමෙන් වැඩි අයෙක =දෙස බලා තමා තල= හනීමානයක,් පරාජිත හැඟීමක් ඇති කර ගැනීම තම ආගමික විශ්වාසයේ තුනෙන් එකක් අහිමි කරගත්තෙකු සේ සලකනු ලබන බව නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා අනතුරු අඟවා ඇත. එහෙයින්, ස්වාභිමානයේ නාමයෙන් උඩගුකම ඇති නොවන ආකාරයෙන ්හා තැනප්ත ්බවේ නාමයෙන් හීනමානය ඇති නොවන ආකාරයෙන් මැදහත් මාවතක් තෝරාගත යුතුය.

    කෙනෙකු තුළ උඩගුකම ඇතිවන්නේ කුමන අවස්ථාවක ද? දේපල හා පහසුකම් වැඩිවන විට, උගත් කම, තානාන්තර ඉහල යන විට වැනි අවස්ථා සඳහන් කල හැකිය. ධනවතුන්, උගතුන්, උසස් නිල තල දරන්නන් වශයෙන් මෙය වර්ග කල හැකිය. එහෙත්, මෙවැනි අවස්ථාවලදී සත්‍ය


    විශ්වාසවන්තයෙකු නිහතමානීව, සරල බවෙන් යුතුව කටයුතු කල යුතුය. කොතරම් ධනවත් වූවත් දේපලවලින් පිරී ඉතිරි සිටියත් අල්ලාහ් ඉදිරියේ අප අන්ත දිලින්දන් බව තේරුම් ගත යුතුය. කොතරම් උගත් වුනත් අල්ලාහ්ගේ සර්වඥ ඥානය ඉදිරියේ කුඩා දරුවෙකු තරම්වත් නොමැති බව වටහා ගත යුතුය. නිලතල, උසස් තානාන්තර වල සිටියත් අල්ලාහ්ගේ තත්ත්වය ඉදිරියේ එය පූස්සක් බව අවබෝධකර ගත යුතුය.

    අහංකාරය අහතිකර වනේන ්මක ්නසිාද? එය ආකාර දෙකකට අපට හානිකර විය හැකිය. පලමුවැන්න අල්ලාහ් සමග ඇති සම්බන්ධයෙහි බාධා ඇති කරයි. —අහංකාර කම වනාහි, මා හටම අයිති වස්ත්‍රයක් වෙයි. කිසිවෙකු එයට අත තබන්නේද, එය මා සමග ගැටීමට සමා- නවේ˜ යනුවෙන් අල්ලාහ් සඳහන් කර ඇත. අල්ලාහ් සමග ගැටුනොත් කුමක් සදුිවෙය ිද, ෆර්ිඅව්න,් නම්ුරූද ්වැනන්නට් ඇතිවු අවසානය පිළිබඳ කුර්ආනයේ ඉගැන්වීම් අප හැදෑරිය යුතුය. දෙවනුව මිනිස් සම්බන්ධතාවයේදී එය බාධා ඇති කරයි. ඥාතීන් අතර, මිත්‍රයන් අතර, සමාජ සංවිධානවල හටගන්නා —ඊගෝවලට˜ හේතුව අහංකා රකමයි. ඔබ හොඳින් නිරීක්ෂණය කර බලන්න. උඩගුකමන් පෙලෙන අයෙකු සෙස් සන් අඩුකොට සැලකීමට හා පහත් කොට සැලකීමට පටන් ගනී. කොතරම් උසස් පුද්ගලයෙකු වූවද, කූරා කූඹියෙකු ගාණටවත් ඔහුව ගණන් නොගන්නා ස්වභාවයක් ඔහුගේ හැසිරීමේ දිස් වෙන්නට පටන් ගැනේ.

    එ සමගම ඔහු තුල හිතුවක්කාර ගතියක් ද ප්‍රදර්ශණය වේ. තමා හරි බව සිතා ඔහු කටයුතු කරයි. කිසිම අයෙකුගේ උපදෙසක්, අවවාදයක් පිළිගැනීමේ මානසිකත්වයක් ඔහු තුල නොපෙනේ. අනුන්ගේ උපදෙස් මට අවශ්‍ය නොවේ. දෙවිඳුන් මට හොඳ මොලයක් දීලා තිඛෙන කොට අනුන්ගෙන් මොනවට අහන්නේ¦ යනුවෙන් සිතීමටත් එ අනුව කටයුතු කිරීමටත් ඔහු පෙළඹේ.

    කෙනෙකු තුළ මෙවැනි ගුණාංග දිස්වෙන්නට පටන් ගත් විට හෙමින් සීරුවෙන් එක් එක්කෙනා ඔහුගෙන්

    ඈත්වීමට පටන් ගනිති. ඔහුගේ ඇසුර පිළිකුල් කරති. ඔහුට ඇතිවන විපත කදී වත් උදව්වට නොයති. ඔහුගේ පරිහා නිය ආරම්භවන්නේ ද එතුලිනි. එවැනි විනාශයක්, පිළිකුලක් අපට අවශ්‍ය ද? මෙම උපමා කතාව කියවා බලන්න.

    වරක් ගිනිකුරක් ගිනි පෙට්ටිය දෙස බලා මෙසේ ඇසුවාලූ. ඔබයි මමයි අප දෙ- දෙනාම ගැටෙද්දී ඇයි මං විතරක් දැවී යන්නේ. ගිනිපෙට්ටිය සාවධානයෙන් පිළිතුරු දුන්නාලූ. නුඹේ ඔලූව ඉදිමිලා, එකයි නුඹ විනාශය වන්නේ යනුවෙන් පිළිතුරු දුන්නාලූ. ඔලූව ඉදිමීම යනු, අහංකාරය බව අපි තේරුම් ගනිමු.

    ගර්වය, අහංකාරය විනාශය කරා ගෙනියයි නම්, එයින් මිදී ආරක්ෂා වන්නේ කෙසේ ද? එය එ තරම් අපහසු කාර්යයක් නොවේ. අහංකා රයට පත්වන එක් එක් අය තමන්ගේ යථාර්ත තත්ත්වය අවබෝධ කරගත් විට තැන්පත් බව ඉබේම ඇතිවනු ඇත.

    අයෙකු අහංකාරයෙන් යුතුව ඇවිදගෙන ගියේය. තැන්පත් ස්වභාවය පිළිපදින ලෙස තවත් අයෙක් උපදෙස් දුන්නේය. —මම කව්ද කියලා දන්නවාද?˜ ඔහු අහංකාරයෙන් යුතුව ඇසුවේය. ඇයි නොදන්නේ? හොඳටම දන්නවා. ඊයේ ඔබ සාමාන්‍ය ශ්‍රක්‍රාණු බිඳක්, අද ඔබ අශුචිවලින් පිරී මැටි භාණ්ඩයක්, හෙට ඔබ මහපොළොව පස් වන්නයි යන්නේ යනුවෙන් පිළිතුරු දුන්නේය.

    බොහෝ අය සිතන්නේ අප නිසා තමයි මේ ලෝකය පවතින්නේ. අපි නැතිනම් මේ ලෝකයම අස්ථාවර වෙයි කියලයි. එහෙත්, ඇත්ත එය නොවේ. අප මේ ලෝකයෙන් ඉපදීමට පෙරත් ලෝකය හොඳට තිබුණි. අප මැරු ණට පස්සෙත් වෙනසක් සිදුවෙන්නේ නැත. කිසියම් විශේෂ ව්‍යාපෘතියකට හෝ ව්‍යාපාරයකට භාරවී සිටි අයෙකු නැති වූ විට පවා වෙනත් කෙනෙකු එම ස්ථානයට පැමිණ දක්ෂ අන්දමින් එය පවත්වාගෙන යන ආකාරය අපි දැක ඇත්තෙමු. එම තත්ත්වයේ දී මිනිස් මහා සාගරයේ පුරසාරම් දෙඩීමට කිසිම හැකියාවක් අපට නොමැති බව සිතුවොත් තැන්පත් බව ඉබේම ඇතිවෙයි.

    තැන්පත් බවේ සංකේතය කුමක් දැයි විමසා බලමු. මමත්වය තමයි අහංකා රකමේ බාහිර ලක්ෂණය¦ zඅපිZ යන්න, තැන්පත් බවේ සංකේතයයි. සෑම තැනකදීම තමාව පමණක් ඉදිරියට දැමීම අහංකාරකමේ ඉරියව්වකි. අවශ්‍ය තැනකදී පමණක් අවශ්‍ය ආකාරයෙන් තමාව ඉදිරියට දැමීම තැන්පත් බවේ සංකේතයකි. තමන්ගේ කාර්යයන් අනුන්ට පැටවීම අහංකා රයේ සංකේතයයි. අනුන්ගේ කාර්යයන් තමන්ගේ කාර්යය බව සලකා නිම කිරීම තැන්පත් බවේ සංකේතයකි.

    වරක් කලීෆා (ජනාධිපති) උමර් ඉබ්නු අබ්දුල් අසීස් (දෙවෙනි උමර්) තුමා හමුවීමට අයෙක් පැමිණියේය. කලීෆා සමග ඔහු ද නවාතැන් ගත්තේය. රාති්‍ර කාලයේ දී කලීෆා කිසියම් රාජකාරියක යෙදී සිටියේය. එහි දැල්වෙමින් තිබු ලාම්පුව නිවී යන්න පටන් ගත්තේය. එවිට ආගන්තුකයා එය සකස් කිරීමට තැත් කලේය. ආගන්තුකයාට වැඩ

    පැවරීම අශීලාචාර කමක් බව කලීෆා කිව්වේය. එසේ නම් සේවකයා ලවා එය කල හැකි නොවේ දැයි ආගන්තුකයා අදහස් දැක්වීය. එවිට කලීෆා, උදේ සිට මහන්සි වී වැඩකල ඔහු දැන් තමයි නිදා ගත්තේ. ඔහුගේ නින්දට බාධා කරන්න බැහැ යැයි පවසා තමාම නැගිට ගොස් එම ලාම්පුව සුද්ද කර තෙල් දමා සකස් කලේය.

    පුදුමයෙන් බලා සිටි ආගන්තුකයා දෙස බලා, උමර් ඉබ්නු අබ්දුල් අසීස් තුමා —මා ලාම්පුව සකස් කිරීමට පෙරත් උමර් තමයි ලාම්පුව සකස් කිරීමෙන් පසුත් එම උමර් ම තමයි මගෙන් කිසිවක් අඩුවුනේ නෑනේ˜ යනුවෙන් සාවධාන යෙන් පැවසීය.

    අද අපි අනුන් ඉදිරියේ අපේ ලොකුකම ගැන කීර්තිය ගැන උදම් අනමු. ප්‍රසංසා මුඛයෙන් කථා කරන්නෙමු. එහෙත්, හෙට අවසාන විනිස්චය දිනයේ දී අල්ලාහ් ඉදිරියේ අපේ තත්ත්වය කෙසේ වෙයි දැයි අප කවදා හෝ සිතා බලා ඇත්ද? මෙලොව පහල තත්ත්වයෙහිලා සලකනු ලබන්නන් එලොවදී උසස් තත්ත්වයෙහිලා සලකනු ලැබීමට හැකිය. කෙනෙකුගේ තත්ත්වය, සුදුසුකම තීරණය කිරීමේ බලය ඇත්තේ අල්ලාහ් සතුය. එහෙයින්, බොරු පුරසාරම්, අහංකාරකම දුරලා තැන්පත් ගතිය ආභරණයක් කර ගැනී මට උනන්දු වෙමු.

    අහංකාර කම, උඩඟ= කම කෙලින් සිටීමට උදව්වනු ඇත. එහෙත්, දිනක එය පරිහානියට හේතු විය හැකිය. තැන්පත් බව යටහත් බවක් පෙන්නුම් කළ හැකිය. එය දිනකදී විජයග්‍රහණයට හේතුවනු ඇත. තල් ගස හා නුග ගස දෙස බලන්න, තල් ගස උසට වැඩෙමින් ඝාම්භීරයෙන් තිබිය හැකිය. එහෙත්, කිසි කෙනෙකුටත් එයින් සෙවනක් නොලැබේ. නුග ගස පහත් වී යටහත් වී පෙනුනත් සියල්ලන්ටම සෙවන දීමට එය සමත්ය. ඔබ කැමති තල් ගසක් වීමට ද නුග ගසක් වීමට දැයි ඔබම තීරණය කරන්න.


    Post Top Ad

    Post Bottom Ad