මිසරයේ පාරාවන්ගේ දුෂිත දේශපාලනය
සදාචාරයට සහ නීතියට යටත් නොවෙමින්, අනිසි බලය යොදවමින්, මිනීමැරුම්වල යෙදෙමින්, අහිංසකයන් බන්ධනාගාර ගතකරමින්, සිය බලය රැකගැනීමට වෑයම් දරන ඒකාධිපතියන්ට හිමිවන දඩුවම් , මිසරයේ පාරාවන්ගේ අවසානය ගැන විමසීමෙන් පෙනේ. බලයට වහල්වී සිය මැවුම්කරු ගැන නොසලකා හරින්නන්ට වෙන ඛේදවාචක ගැන අල්- කුර්ආනය නිතර දන්වයි.
දූෂිත දේශපාලනයෙහි පුරෝගාමියාවූ පාරාවෝගේ ෆිර්අව්න්ගේ අසාධාරණ පාලන ක්‍රමවේදය පසුබිම් කර ගෙන අල්- කුර්ආනයේ පෙරකී විස්තරය සැකසිණි. ඔහුගේ දූෂිත දේශපාලනය කරුණු තුනක් මුල්කරගෙන නිර්මාණය විය.
1) මමත්වය: මිහිතලයෙහි සීමා අබිබවා යාම
2) ඛෙදුම්වාදය: රටවැසියන් කණ්ඩායම්වලට ඛෙදීම
3) ජාතිවාදී ඝාතන: පිරිමි දරුවන් සමූල ඝාතනය කිරීම
මානව ඉතිහාසයේ එදා පටන් අද වනතුරු සිටි දරුණු පාලකයන්ගේ දේශපාලනික මූල වල රැඳුණේ පෙරකී බඳු ක්‍රියාදාමයි. ඔවුහු මාන්නයෙන් හා උඩඟ=කමෙන් අන්ධවීම නිසා යථාර්ථය හඳුනා ගැනීමට නොහැකිවූහ.මිසරයේ පාරාවෝගේ ඛෙදුම්වාදී දේශපාලනය ද වර්ගවාදය මත පදනම් වූවකි. එදා මර්දනයට ලක් වූ සුළුතර කණ්ඩායමක් වූ ඉස්රාඊල් සමාජය කැරැලි ගැසීමට පෙලඹේවි යන බියෙන් පසුවූ පාරා- වෝ, ඔවුන්ගේ පුතුන් කුරීරු ලෙස ඝාතනය කිරීමට සිය හමුදාවට අණ දුන්නෝය. ඔවුන්ගේ දූවරුන්ගෙන් සිය ආසා ඉටු කරගැනීමේ අදහසක් තිබුණු බැවින් ඔවුන්ගේ ජිවිත බේරුවෝය.
—මම ඔබලා සැමගේ අතිශ්‍රේෂ්ඨ ස්වාමියාය˜යි නිවේදනය කිරීමට තරම් මමත්වයේ සහ උඩගුකමේ අග්‍රස්ථානයකට හෙතෙම පැමිණි යේය. එය සිය විනාශයේ ආරම්භය බව ඔහු වටහා නොගත්තේය. රටවැසියන් බේදකර, සැහැසි කමින් ඔවුන් ඛෙලහීන කිරීමෙන් අඛණ්ඩව සිය රජපුටුව රැකගත හැකි යැයි ඔහු සිහින දුටු නමුදු, එය දවල් සිහිනයක් බව තේරුම් නොගත්තේය. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැඩ පවත්වමින්, සිය හතුරන් කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් මුළු මිසරයම ෆිර්අවුන්ගේ අසාධාරණවලට බැඳි රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීමට ඔහු සිතුවේය.
ඔහුගේ රූකඩයන් ලෙස හැසුරුණු කුලී හේවායන් ගෙයින් ගෙට ගොස් ෆිර්අවුන්ගේ සතුරන් මෙන් සැලකුණු අහිංසක ජනතාව සොයා කපා කොට ඝාතනය කෙරුණු මොහොතේ දී, ඔහුගේ සැබෑ සතුරා ඔහුගේ මාලිගාව තුළ ආරඬා සහිත පරිසරයක සැප පහසු ලෙස හැදී වැඩෙමින් සිටින බව ඔහු නොදැන සිටියේය. ෆිර්ආව්න් යන නාමය අල්- කුර්ආනයේ වැකි 61ක් තුළ 67 වරක් සඳහන් වන්නේ ඍනාත්මක ලෙසිනි. බිහිසුණු ප්‍රචණ්ඩ පාලකයෙකුට උදාහරණයක් සේ දැක්වීමට ඔහුට සම තවත් කිසි වෙක් නොමැත. රට වැසියන්ගේ පුද්ගලික නිදහස පවා අහිමි කරමින්, ඔහුගේ සිතැඟි පරිදි මිනිස් දඩයමෙහි යෙදුණු ඔහුගේ සැහැසි පාලනය තුළින් මුළු
මිසරයම සිය පුද්ගලික අණසකට යටත්ව ඇති මඩුවක් බවට ඔහු පරිවර්තනය කර ගත්තේය.
එකී පසුබිම ගැන අල්- කුර්ආනයේ අපට විස්තරාත්මකව වටහා ගත හැක. දෙවිඳුන් විසින් පොදුවේ එක් සමුහයක් හෝ ප්‍රදේශයක් ඉලක්ක කරගෙන, ධර්මදූතයන් යැවුණු නමුදු, ධර්මදූත මූසා තුමා යැවුණේ පාරාවෝගේ රාජ්‍යය පමණක් ඉලක්ක කරගෙන බව අල්- කුර්ආනය කියා සිටී.
ධර්මදූත මූසා තුමාගේ මෙහෙවරට අදාළ අරමුණ හා පසුබිම ගැන අල්- කුර්ආනය දන්වයි.
සිය හතුරන් වැනසීමෙහි යෙදුණු ෆිර්අව්න්ගේ මැර පාලනය පිළිබඳව අල්- කුර්ආනය පැහැදිලි කරයි.
ධර්මදූත මූසා තුමා සමඟ කෙ රුණු විවාදයේදී අන්ත පරාජයට ලක්වූ ෆිර්අවුන් සිය පරාජය නොපිළිගෙන, සිය රාජ්‍ය බලය උපයෝගී කරගෙන, දේවදූතයාට තර්ජනය කළේය.
දේවදූත මූසා පැමිණීමෙන් අනතුරුව සිය රට වැසියන් සත්‍යය දෙසට ඇදීයන වග වටහාගත් පාරාවෝ සිය ක්‍රියා සාධාරණය කරමින්, ධර්මදූත මූසාවෙත රට වැසියන්ගේ ද්වේෂයක් ඇති කිරීමේ අදහසින් අභූත චෝදනා ඉදිරිපත් කළේය. අවසානයේදී, ධර්මදූත මූසා වැනසීමෙන් සිය නීච අදහස් සාධාරණය කර ගැනීම සඳහා පාරාවෝ විසින් මහජනතාවට ඉදිරිපත් කරන ලද කරුණු අල්- කුර්ආනයේ සටහන්ය.
සත්‍යය උසුලමින් පැමිණි ධර්මදූත මූසාට අභූත චෝදනා ඉදිරිපත් කරමින්, සිය රට වැසියන්ගේ භක්තිය දිනා ගැනීමට ෆිර්අවුන් අනේක උත්සාහ වල යෙදුණේය.
ලෝක දේශපාලනයේ වත්මන් පිහිටී ම දෙස දෙනෙත් යොමු කිරීමේදී, පාරාවෝගේ කෘෘර වාතාවරණය යළිත් වරක් පණ ගැන්වේවි දැයි බියක් හටගනී. පාලකයෙකුගේ ප්‍රතිපත්ති විවේචනය කරන්නෙකුට ඒ හේතුවෙන් අසාධාරණය හා වධ වේදනා පමුණුවීම හෝ සිරකර තැබීම මහත් පිළිකුලක් ගෙන දෙන දුෂ්ඨ ක්‍රියාවකි. එනමුත්, යමෙකුගේ විවේචන ඉවසා දරාගෙන, ඒවාට නිිසි අන්දමින් පිළිතුරු බැඳීම බැතිමත් පාලකයෙකුගේ වගකීමකි. සත්‍යය නඟා සිටුවීම වෙනුවෙන් ශක්තිය වෙහෙසන බැතිමත් ජනතාවට ත්‍රස්තවාදී හෝ කලහකාරී යන හංවඩු ගැසීම පාරාවෝහ්ගේ කි්‍රයාවකි. සිය බලය මත රැඳී සිය පරමාධිපතියා ගැන නොසැලකිලිමත් වූ සාපරාධී නායකයින්ගේ ඉරණම ගැන අල්- කුර්ආනයෙහි පැහැදිලිව සඳහන්ය.
අරුණෝදයේ නාමයෙන්ද, රාත්‍රියේ නාමයෙ- න්ද, ඉරට්ටේ හා ඔත්තේ දිනවල නාමයෙන්ද, නික්ම යන රාත්‍රියේ නාමයෙන්ද ය. මෙහි ප්‍ර×වන්තයිනට (ඇති තරම්) සත්‍යය තිෙ- බනවා නොවේද? ආද් නම්, උස් කුලූනු කරු- වන්වූ ඉරම් වාසීන්ට ඔබගේ පරමාධිපතියා කුමක් කළේ දැයි ඔබ සිතා නොබැලූවේද?

නියතවශයෙන්ම අපි (ධර්මදූත) නූහ්, ඔහුගේ ජනයා වෙත යැවුවෙමු. (අල්- කුර්ආන් 11: 25)
මදීනා (නගරවැසියන්) වෙත ඔවුන්ගේ සොහොයුරු ෂුඅයිබ් (අපගේ දූතයෙකු ලෙස දායාද කළෙමුු). (අල්- කුර්ආන් 7: 85)
සමූද් (වැසියන්) වෙත ඔවුන්ගේ සොහොයුරු සාලිහ් (අපගේ දූතයකු ලෙස දායාද කළෙමු). (අල්-කුර්ආන් 7: 73)
ධර්මදූත මූසා තුමාගේ මෙහෙවරට අදාළ අරමුණ හා පසුබිම ගැන අල්- කුර්ආනය දන්වයි.
ඔබ ෆිර්අව්න් වෙත යන්න. නියතවශයෙන්ම ඔහු සීමා ඉක්මවා ගොස්ය. (අල්- කුර්ආන් 20: 24)
අපගේ සාධක සහිතව අපි ෆිර්අවුන් සහ ඔහුගේ ප්‍රධානීන් වෙත මූසා යැව්වෙමු. ඔහු (ඔවුන් අමතා) නියතවශයෙන්ම ම විශ්වාධිපති විසින් එවන ලද දේවදූතයෙකුයි නිවේදනය කළේය. (අල්- කුර්ආන් 43: 46)
සිය හතුරන් වැනසීමෙහි යෙදුණු ෆිර්අව්න්ගේ මැර පාලනය පිළිබඳව අල්- කුර්ආනය පැහැදිලි කරයි.
(ධර්මදූත මූසාගේ ජයග්‍රහණයෙන් අනතුරුව) හූනියම්කරුවෝ මුණින් වැටී නමස්කාර යෙහි යෙදෙමින්, —හාරුන්ගේත්, මූසාගේත් පරමාධිපතියා කෙරෙහි අපි විශ්වාසය තබමු˜ යැයි පැවසුහ. (මෙය දුටූ ෆිර්අවුන්) —මා නුඹලාට අවසරදීමට පෙර නුඹලා ඔහු ගැන විශ්වාස කළෙහුද? නියතවශයෙන්ම ඔහු නුඹලාට හූනියම් ඉගැන්වූ නුඹලාගේ නායක- යාය. මම නුඹලාගේ දෑත් ද නුඹලාගේ පාද ද මාරුවෙන් මාරුවට සිඳ ලන්නෙමි. තවද, ඉඳි කෙඳහි තබා නුඹලාට ඇණ ගස්සන්නෙමි. එවිට අපෙන් කවරෙකු ද~ුවමෙහි වඩාත් දැඩිද, වඩාත් ස්ථීරද යන්න නුඹලා දැනග න්නෙහු˜ යැයි ඔහු තර්ජනය කළේය. (අල්- කුර්ආන් 20: 70, 71)
ධර්මදූත මූසා තුමා සමඟ කෙ රුණු විවාදයේදී අන්ත පරාජයට ලක්වූ ෆිර්අවුන් සිය පරාජය නොපිළිගෙන, සිය රාජ්‍ය බලය උපයෝගී කරගෙන, දේවදූතයාට තර්ජනය කළේය.
නුඹ, මා හැර වෙනත් කිසිවෙකු දෙවියකු ලෙස ගත්තේ නම් නියතවශයෙන්ම මම නුඹ සිරකරුවන්ගෙන් කෙනෙකු බවට පත්කරමි යැයි ෆිර්අවුන් තර්ජනය කළේය. (අල්- කුර්ආන් 26: 29)
දේවදූත මූසා පැමිණීමෙන් අනතුරුව සිය රට වැසියන් සත්‍යය දෙසට ඇදීයන වග වටහාගත් පාරාවෝ සිය ක්‍රියා සාධාරණය කරමින්, ධර්මදූත මූසාවෙත රට වැසියන්ගේ ද්වේෂයක් ඇති කිරීමේ අදහසින් අභූත චෝදනා ඉදිරිපත් කළේය. අවසානයේදී, ධර්මදූත මූසා වැනසීමෙන් සිය නීච අදහස් සාධාරණය කර ගැනීම සඳහා පාරාවෝ විසින් මහජනතාවට ඉදිරිපත් කරන ලද කරුණු අල්- කුර්ආනයේ සටහන්ය.
ෆිර්අවුන් පැවසුවේය: (සිය රාජ්‍ය සභිකයන් අමතමින්,) මූසා මරන්න මට ඉඩදෙන්න. ඔහුට ඔහුගේ පරමාධිපතියා කැඳවීමට ඉඩහරින්න. ඔහු නුඹලාගේ ආගම වෙනස් කරාවි, නැතහොත් රටේ අවුල් වියවුල් ඇති කරාවි යැයි මම බියවන්නෙමි. (අල්- කුර්ආන් 40: 26)