Header Ads

  • Breaking News

    ජාතිවාදය යනු කුමක්ද ?




    අල් අස්කා නැමති සහාබිවරයා වරක් නබිනායක තුමාගෙන් ජාතිවාදය යනු, කුමක් දැයි විමසුවේය. එවිට නබි මුහම්මද් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා) තුමා මෙසේ පිලිතුරු දුන්නේය.




    ඔබේ ප්‍රජාවට අයත් වූවන් අසාධාරණය කරන වබව දැන දැනත් ඔබ ඔවුනට සහාය දීම ජාතිවාදයයි කීය. (ග්‍රන්ථය මිෂ්කාත්)

    තම පවුලේ ඥාතීන්, තම ජාතියට අයත් වූවන් බව සලකා ඔවුන් සත්‍යයෙන් තොරවූවත් ඔවුන්ගේ වැරදි කි්‍රයාවන් වලට උදව් උපකාර කිරීමේ, අනුමත කිරීමේ ආකල්පය ජාතිවාදයයි.

    ඉස්ලාමීය මගපෙන්වීම ලැබීමට පෙර අරාබියේ වැසියන් ගෝත්‍ර වශයෙන්, කුල වශයෙන් ඛෙදී ජීවත් වූහ. එක් එක් ගෝත්‍රිකයින් තම ගෝත්‍රිකයින්ට සහයෝග යෙන් සිටීම වගකීමක් බව විශ්වාස කළහ. තම කුලයට හෝ ගෝත්‍රයට අයත් වූවන් අනුන්ට හිංසා පීඩා කලත් ඔවුනට උදව් කිරීම සාධාරණ බව ඔවුන් තර්ක කළහ.
    අල්-කුර්ආනය, මෙම ප්‍රතිපත්තිය පිළිකුලෙන් හෙලා දකිමින් සත්‍යය විනාශ කිරීමටත් මිනිස් අයිතිවාසිකම් උදුරා ගැනීමෙන් තම ප්‍රජාවේ හෝ පවුලේ අය ඉදිරිපත් වුවහොත්. එයට උදව් නොකළ යුතු බවත් එසේ උදව් කිරීමට ඉස්ලාමීය සමාජ ක්‍රමයේ පදනම විනාශ කිරීමක් බවත් ඉස්ලාමයෙන් අවධාරණය කැරිණි. අල්- කුර්ආනයේ 103 පරිච්ඡේදයේ 3 වෙනි වාක්‍යයේ මෙසේ සඳහන් වේ.

    —විශ්වාසය කොට යහපත් කි්‍රයාවල නියැලී තවද, සත්‍ය පිළිබඳව එකිනෙකා අතර උපදෙස් දී ඉවසීම පිළිබඳව එකිනෙකා අතර උපදෙස් දී කටයුතු කරන්නන් හැර, (නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිය).˜

    එදා අරාබි අර්ධද්වීපයේ විවිධ රටවල ජාතිවාදී හැඟීම් උත්සන්න වී තිබුණි. අනුන් සූරා කෑමට, මංකොල්ල කෑමට, තම ජාතියට කුලයට උදව් කිරීම අවශ්‍ය බව ඔවුන් විශ්වාස කළහ. මෙය ජාතිවාදය බව නබි මුහම්මද් (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය හිමිවේවා) තුමා ඉහත හදීසයෙන් තහවුරු කළේය. තම පවුලේ ඥාතීන්, ජාතිකයින් හෝ තම රට වැසයින අනුන්ට  හිංසා කලහොත එයින් වැලකෙන ලෙස ඔවනුේගන් ඉල්ලාසිටිය යුතුය. යහ ක්‍රියාවලදී ඔවුනට උදව් උපකාර කළ හැකිය. සහයෝග යෙන් කටයුතු කළ හැකිය. එහෙත්, සීමාව ඉක්මවා යන පාප කි්‍රයාවලට සහාය විය නොවන ලෙස කුර්ආනය පැහැදිලි ලෙසම දන්වා ඇත.


    Post Top Ad

    Post Bottom Ad