අල් - කුර්ආනය යනු කුමක්ද?

අල්කුර් ආනය සම්පූර්ණ ජීවන සැලැස්මකි. මෙහි පරිච්ඡේද 114 ක් වේ. වාක්‍ය 6666 කි. අල්කුර් ආනය කලාප 30 කට බෙදා තිබේ.
අල්ලාහ් නආලා සහ මිනිසා අතර ඇති බැඳීම, මිනිසුන් එකිනෙක අතර බැඳීම, නීතිරීති යනාදිය සමඟ ජීවිතයට අවශ්‍ය සියලු අංග කුර්ආනයේ සඳහන් වේ. අල්ලාහ් දෙවියන් සහ නබිවරුන් පිළිබඳ දැනුමද මලාඉකාවරුන් (දේවදූතයින්) සහ අවසාන දිනය පිළිබඳ විවරණ ද ස්වර්ගය සහ අපාය පිළිබඳව කරුණු ද අල්කුර්ආනයේ පැහැදිලිව දැක්වේ.
මිනිසුන් විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත් ද අල්ලාහ් තුආලාගේ ප්‍රකාශන සහ අවවාද එහි අන්තර්ගතය. මුහම්මද් නබිතුමාට අල්කුර්ආනයේ පළමු වාක්‍ය පහළ වූයේ මක්කාවේ පිහිටි ‘හිරා’ නම් වූ ගුහාවේදීය. එතුමාගේ අවසාන හජ් යාත්‍රාවේදී එනම් හිජ්රි දස වැන්නේ දී කුර්ආනයේ අවසාන වාක්‍ය පහළ විය. කුර්ආනය සම්පූර්ණයෙන්ම පහළවීමට අවුරුදු 23 ක් ගතවිය. එය උස්මාන් (රලි) තුමාගේ පාලන සමයේ දී ලේඛනාරූඪ කොට බෙදාහරින ලදි.