ඉස්ලාම් යනු කුමක්ද? ෂරීආහ් ප්‍රතිපත්ති
එය සිහි තබාගෙන” මිනිසා ගැන සලකා බලමු’ දෙයාකාර මිනිසුන් සිටින බව පෙනේ’ පළමුවැන්නෝ සිය බල හැකියාවන් හා කුශලතාවයන් ඕනෑකමින්ම වරදවා හසුරුවති’ මෙසේ හැකියාවන් නාස්ති කරති’ තව ද, එ හැකියාවන්ට හානියක් කරති’ අනුන්ටද හානි පමුණුවති’දෙවැන්නෝ අවංක හා සැදැහවත් කොටසකි’ මො-වුහු නොදැනුවත්කම නිසා” වැරැදි කරති’ ඕනෑකමින් වැරැදි කරන්නෝ දුෂ්ඨයෝ ය. වරදට කැමැත්තෝ ය’
එවැන්නන්ට” බලවත් නීතිමය පාලනයක් ද” එමගින් ඔවුන් නිවැරදි කිරීමක් ද සිදුවිය යුතු ය’ නොදැනුවත්කම නිසා” වැරදි කරන්නන්ට” මනා දැනුමක් හා මගපෙන්වීමක් සැපයූ කල” ඔවුහු සෘජු මාර්ගය දකිති’ තමන්ගේ දැනුම් කුශලතාවයන්ගෙන් උපරිම ඵලය නෙලා ගනිති’ අල්ලාහ් විසින් හෙලි කලාවූ ෂරිආහ් - විනය ධර්මය මගින් සිදුකෙරෙන්නේ එයයි.
’ෂරිආහ්වලින්” අල්ලාහ්ගේ අණසක තහවුරු කෙරේ’ මිනිස් ජීවිතයේ ශ්‍රේෂ්ඨ සාර්ථකත්වය උදෙසා” මග පෙන්වීම් හා නීතිමාලාවක් සැපයේ’ මිනිසාට හොඳම මාර්ගය පෙන්වාදීම එහි අරමුණ වේ’ එමගින් ඔහුගේ අතිසාර්ථක හා අති ප්‍රයෝජනවත් ජීවිතය උදෙසා” අදාළ ක්‍රම දැක්වේ’ අල්ලාහ්ගේ නීතිමාලාව” ඉඳුරා මිනිසාගේ යහපත පිණිසම වේ’ අපගේ ශක්තිය” ශ්‍රමය අපතේ යැවීමක් නොකෙරේ’ මිනිසාගේ ස්වභාවික ලැදියාවන්” අවශ්‍යතාවයන් මර්දනය කිරිමේ අරමුණක් එහි නැත’ සාමාන්‍ය හැඟීම් හෝ ආශාවන් මර්දනය කිරිමක් ද සිදු නො-වේ’ එමගින් තපස් රැකීමක් අපේක්ෂා නොකෙරේ’ මෙලොව පිළිකුල් කරවා” ගිහිගෙයි කළකිරවා හැර දමා” සියලූ සැප පහසුකම් දුරලා” වන ලැහැබ-කට ගොස්” කෑමෙන් බීමෙන් තොර ව” නිරුවත් ව පසුවෙමින් දුෂ්කර” ආත්ම වධයක යෙදෙන මෙන් ෂරිආහ්වෙන් නොඉගැන්වේ’
ඇත්තෙන් ම එවැන්නක් මෙහි නැත’ඉස්ලාමයේ එවැන්නකට කිසිදු ගරුත්වයක් දී නැත’ මෙය අල්ලාහ්ගේ ආගමයි’ මෙහි නීතිරිති සැ-කසී ඇත්තේ” මෙලොව මැවූ අල්ලාහ් විසිනි’ ඔහු මැවු මිනිසුන්ගේ යහපත පිණිස ය’ මිනිසාට සියල්ලක් ම පිරිනැමූ අල්ලාහ්” ෂරිආහ්ව ද පිරිනැමුවේ ය’ තමන් විසින් මවන ලද මිනිසුන් විනාශ කිරීමේ කැමැත්තක් ඔහුට නැත’ මිනිසාට නිෂ්ඵල වූ හෝ අනවශ්‍ය වූ කිසිවක් පිරිනමා නැත’ අහසේ හෝ පොළොවේ” මිනිසාගේ සේවය පිණිස නොව” කිසිදු දෙයක් මවා නැත’ අල්ලාහ්ගේ පරමාර්ථය වන්නේ” මේ මහා විශ්වය - අනන්ත අප්‍රමාණ කාර්යයන් කරන මේ මහා සංකීර්ණ වැඩපළ - නොකඩවා සරුවෙන් හා චමත්කාරජනකව” කි්‍රයාත්මකව පැවතිය යුතු බවයි’ එනයින්” ඔහුගේ මහඟ= මැවුම වූ මිනිසා විසින්” එහි බලසම්පත් සියල්ල උරගා” උකහා” උසස්තම හා උපරිම ප්‍රයෝජනය ලබාගත යුතු බවයි:
මිනිසා සිය හිතවතුන් සමග” එ සියලූ සම්පත් භුක්ති විඳිය යුතු බවයි’මෙහිදී මිනිසා” එ කිසි ම සම්පතකින්” සිතාමතා හෝ නොදැනුවත් ව” කිසිදු අයුතු ප්‍රයෝජනයක් නොගත යුතු ය’ මේ කාර්‍යයන්හි දී” මිනිසාට මගපෙන්වන්නේ ෂරිආහ්වයි’ මිනිසාට අහිතකර වූ සියල්ල (ෂරිආහ් මගින්) තහනම් කෙරේ’ මිනිසාට හිතකර හා ප්‍රයෝජනවත් දේ සියල්ලට ම අනුමැතිය ලැබේ’ෂරිආහ්වෙහි” මූලික ප්‍රතිපත්තිය නම්” සිය මනා අවශ්‍යතාවයන්” ලැදියාවන් සියල්ල” මුදුන්පත් කරගැන්ම පිණිස” සෑම සාධාරණ පියවරක් ම ගැනීමටත්” එයින් ජය සතුට අත්කර ගැනීමටත්” මිනිසාට සෑම අයිතිවාසිකමක් ම ඇති බවයි’ ඇතැම් විටෙක එකි අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම” මිනිසාගේ යුතුකම ද වන්නේ ය’ නමුත් (මේ වනාහි වැදගත වූ නමුත්) මේ සියල්ල ඔහු කළ යුත්තේ එමගින්” අනුන්ගේ අයිතිවාසිකම්වලට පහරක් හානියක් සිදු නොවන අයුරිනි’ තව ද” මෙහිලා සාමුහික සහායය අන්‍යෝන්‍ය සහයෝගය හා සමගිය ඇතිකරගත යුතු ය’
සෑම දෙයක්ම” හොඳ - නොහොඳ” ලාභ - අලාභ” එකිනෙක මිශ්‍රව පවතී’ සුවිශාල යහපතක් සිදුවේ නම්” සුළුතරම් වූ අයහපතක් වූව ද තෝරාගැ නීමටත්” සුවිශාල විපතක් වළක්වා ගැනීමට නම්” සුළු තරමක පරිත්‍යාගයක් කිරීමටත් මේ නීතියෙන් ඉගැන්වේ’ මෙම අදහස මෙහි ඇති වැදගත්කමයි’ ෂරීආහ්වේ මූලිකාංගය වන්නේ එයයි.මිනිසාගේ දැනුම” සීමාසහිත වූවක් බව දනිමු’ සෑම මිනිසෙක් ම” සෑම වයසකදී ම” හොඳ නො-හොඳ” උපකාරි අපකාරි දේ කවරක් දැයි නො දනී’ මිනිස් දැනුම කොතරම් සීමාසහිත ද යත්” එමගින් කෙළෙසින් තොරවූ” සත්‍යය කවරක් දැයි වෙන්කර හඳුනා ගැනීම අපහසු ය’ දිව්‍ය විභාගයක් හා වැරැදි දේ පිළිබඳව, අල්ලාහ් විසින්, මිනි ස් සංහතියට බියක් ඇතිකරනු ලැබුවේත්” නිවැරැදි ජීවිතයක් සඳහා සම්පූර්ණ නීතිපද්ධතියක් බිහිකරනු ලැබුවේත් එබැවිනි’ කාලයාගේ ඇවෑමෙන්” මේවායේ යහපත හා සත්‍යය මිනිසාට අවබෝධ වනු ඇත’ මේ නීති පද්ධතියේ යහපත්භාවය සම්බන්ධ වූ සත්‍යය” සියවසර ගණනාවක් පුරා මිනිසා නොදැන සිටියේ ය’ නමුත්, දැනුමේ වැඩුමක් සමග” එය දැන් පැහැදිලි ව ඇත’
අද පවා ඇතැමෙකුට මේ නීති මාලාවේ ඇති සෙසු අගයයන් ගැන තවමත් තේරුම් ගියේ නැත’ දැනුමේ වැඩි දියුණුවත් සමග ම” එහි අගය මනාලෙස අවබෝධ වනු ඇත’මුළු ලොව ම දැන් මේ නීති පද්ධතිය පිළිපැදිය යුතු ව ඇත’ සිය වසර ගණනාවක් පුරා වැරැදි කි්‍රයා කොට ප්‍රපාතයට ඇද වැටුණු පසු දැන් මේ නීති පද්ධතියේ අගය” ලෝකයාට වැටහී ඇත’ දිව්‍යමය හෙලිකිරීම් (වහී) පහළ වීම ගැන අවිහ්වාස කළාවූත්” මිනිසාගේ පුහුදුන් දැනුම කෙරෙහි විහ්වාසය තැබුවාවුත් දනෝ” සාපරාධි වැරැදි කි්‍රයාවන් සියල්ල ම කරමින්” අමිහිරි අත්දැකීම් ලැබුවාට පසු” දැන් කිසියම් ස්වරූපයකින් (වෙනත් ක්‍රමවලින්)” ෂරිආහ් නීතීන් කෙරෙහි අවදානය යොමු කරති’ එතාක්, ඔවුන් මොනතරම් පාඩුවක් සිදුකර ගත්තා ද?
දැනුදු එ ෂරිආව මුළුමනින් අවබෝධ කර නොගත හ’ අනෙක් අතට” අල්ලාහ්ගේ නබිවරුන් කෙරෙහි” විශ්-වාසය තැබූ අය ද සිටිති’ ඔවුන් නබිවරුන්ගේ වදන්පිළිගෙන” සම්පූර්ණ දැනුමකින් හා අවබෝධයකින් යුතු ව” එය පිළිපදිති. ඔවුන් කිසියම් නීතියක - නියෝගයක - අගය දැන නොසිටියා ද විය හැකි ය’ එහෙත්” ඔවුන් තමන්ගේ දැනුම පමණින්” ෂරිආහ් ව සමස්තයක් වශයෙන් පිළිගනිති’ මේ නිසා අකුශල් වලින් හා මුළාවෙන් මිදුනහ’ දිව්‍ය විභාගයක් හා වැරැදි කි්‍රයාවලින් ගැලවී සිටිති’ ඔවුහු සෘජු මාර්ගයේ සිටිති’ ජය ලබා ගත යුත්තන්ව සිටිති’ෂරීආහ් - උරුමකම් හා යුතුකම්ඉස්ලාමයෙන් අපේක්ෂා කෙරෙන ජීවිතය” අයිති වාසිකම් හා යුතුකම් මාලාවකින් සමන්විත වේ. ඉස්ලාමය පිළිගන්නා ඕනෑම කෙනෙක් එ අනුව ජීවත්විය යුතු වෙයි’
පුළුල් ලෙස සඳහන් කරනවා නම්” ඉස්ලාමය” සෑම මිනිසෙකුට ම සිව්වැදෑරුම් අයිතිවාසිකම් හා යුතුකම් පවරයි’
සෑම මිනිසෙකු විසින් ම,
1’ අල්ලාහ් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම්
2’ තමන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම්
3’ අනුන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම්
4’ මිනිස් සේවය හා යහපත පිණිස පවත්නා සෙසු සියලූ බලසම්පත් වෙනුවෙන්” ඉටුකළ යුතු යුතුකම්’
මේ උරුමකම් හා යුතුකම්” ඉස්ලාම් හි ඉතා මූලික දේ වේ’ සෑම මුස්ලිම්වරයෙකු විසින් ම” මෙය මනාව අවබෝධ කරගත යුතු අතර” ඊට බැඳී” සැලකිළිමත් ව හා උපයෝගිමත් ව” ඉටුකළ යුතු වේ’
මේ සෑම අයිතිවාසිකමක් හා යුතුකමක් ම ගැන ෂරිආහ්වෙහි සවිස්තර ව සඳහන් වේ’ යුතුකම් ඉටුකළ යුතු ආකාරය ද” පැහැදිලි කර ඇත’ එ නිසා” සියල්ල ම” එක ම අවස්ථාවේ ඉටුකළ හැකි වේ’ කිසිවක් අත නොහැරේ’ මේ ගැන දැන් සැකෙ වින් සාකච්ඡා කරමු’ එවිට” ඉස්ලාමීය දිවිපැවැත්ම හා එහි අගය ගැන නියම අවබෝධයක් ලැඛෙනු ඇත’