මුස්ලිම්වරුනි ඔබ කොහේ ද?
ශ්‍රී ලංකාව තුළ ඇති විවිධ ජාතීන් අතර ප්රමුඛස්ථානයක් මුස්ලිම් ජනතාවට හිමිවේ. ඔවුන් ලංකාවේ හැම ප්‍රදේශයකම පැතිරී ජීවත්වෙති. සමාජයක් වශයෙන් ගත්කල, ඔවුන් තුල ඇති විවිධාකාර මතවාද හා යල්පැන ගිය විශ්වා සයන් තුළ හිරවී කොටුවී සිටින ඔවුන් තාමත් ජාතීන් අතරින් ඉදිරියට ඒමට නොහැකියාවෙන් මුළුගැන්වී සිටින අයුරු අද මනාව පෙනේ.
මෙරට තුළ විශාල වශයෙන් මුස්ලිම් ජනයා ජීවත් වන ප්‍රදේශ ලෙස කොළඹ, මාවනැල්ල, නුවර, ත්‍රිකුණාමලය , හම්බන්තොට, අම්පාර, පුත්තලම, මඩකලපුව වැනි ප්‍රදේශයන් අපට දැක්විය හැකිය. මේ එක්එක් ප්‍රදේශයක් රැගෙන, එතුළ මුස්ලිම් ජනතාවගේ තත්ත්වය ගැන විමසා බැලීමේදී එ එ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අයුරු අපට දක්නට ලැඛෙන කරුණකි. කොළඹ නගරය ගත්කල, එහි ඉතාමත් ධනවත් පවුල් හා අධික දිළිඳු භාවයෙන් පෙලෙන පවුල් අපට දැකිය හැකිය. මේ පවුල් තුළ අධ්‍යාපන මට්ටම එ එ ආර්ථීක තත්ත්වයන් අනුව වෙනස් වෙමින් පවතී. විශාල වශයෙන් එකම නිවසක විශාල පවුල් සංඛ්‍යාවක් ජීවත්වේ.මේ හේතුව නිසාම අධ්‍යාපනයට වඩා ජීවනෝපාය මුල් කර ගත් ආර්ථීක රටාවකට හුරුවේ.
කුඩා කල සිටම සිය පියාගේ ව්‍යාපාරය පසු පස යන පිරිමි දරුවෝ අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් ඉතාමත් අඩු වයසෙන් ජීවනෝපා-යන් කරා යොමුවෙති. මේ නිසා, ගිලිහී යන අධ්‍යාපනය, ඔවු-න් හැමදාමත් එ නොදියුණු තත්ත්වයේ සිටීමට අඩිතාලමක් වන බව ඔවුන් නොදන්නවා විය හැකිය. මෙලෙස, දිවයි-නේ අනිකුත් පලාත්වලද ඔවුන්ගේ ජීවිතය ගෙවීයන්නේ මේ අයුරිනි. මෙලෙස තාමත් දැඩි මතවාදයන්ගෙන් පෙලෙන සමහර මුස්ලිම් ජනයා ගැහැණු දරුවන්, අධ්‍යාපනය කරා යොමු නොකිරීමද අද අප රට තුළ දක්නට ලැබේ. කොළඹ නගරය තුළ පවා වැඩිවියට පත්වන ගැහැණු දරුවන් අද එ සමගම අධ්‍යාපනය නතර කරන මෙන් දෙමව්පියන් කියා සිටින බව ඔබ දන්නවාද?
දිනෙන් දින දියුණුවට පත්වන සමාජයක්, දැනුවත් අධ්‍යාපනයත් මුස්ලිම්වරුන් තුළින් ගිලිහී යන්නේ ඉතාමත් කණගාටුදායක අයුරිනි. සමාජයක් වශයෙන් මුස්ලිම්වරුන්ට ඉදිරියට යෑමට නොහැකි වන්නේ මේ හේතුව නිසයි. අද සමාජය තුළ වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගුරුවරුන්, හෙදියන් වැනි රැකියාවලදී ද ඉංජිනේරු හා ජන මාධ්‍යය අංශයේද මුස්ලිම් දරුවන්ගේ සහභාගිත්වය අඩු පරිමානයක් ගනී. මේ හේතුව නිසා සමාජීය තත්ත්වය අතින් පිරිහෙන බව ඔවුන්ට නොවැටහෙනවා විය හැකිය.අධ්‍යාපනයට වඩා ජීවනෝපාය මූලික කරගත් ආර්ථීක හා ජීවන ගමනකට ඔවුන් හසුවී සිටී.
මේනිසා ලංකාව තුළ දියුණු සංකල්ප හා සංවර්ධිත මට්ටමෙන් උසස් ජාතියක් වශ-යෙන් පෙරමුණ ගන්නවාට වඩා ඔවුනොවුන් විසින් ගොඩනගා ගත් සංකල්ප කලාපයකට ගොනුවී තනිවු ස්වරූපයකට පත්වී ඇත. සමාජ විශමතාවයන් හා ආගමික මතිමතාන්තරවලින් ඛෙදී එ සඳහාම සිය කාලය ගත කරනවා හැර, සිය ජාතියේ අභිවෘද්ධිය හා සිය සමාජ තත්ත්වය ලංකාව තුළ අධ්‍යාපනය තුළින් ඉහල නංවා ගැනීමට ඔවුන් පෙළෙඹිය යුතුය.එයටම රැකුම් දෙමින් පටු දේශපාලන වාසි තකා, සුළු පිරිසක් විසින් ඔවුන් තව තවත් නොමග යවමින් සිටී. මේ තත්ත්වයෙන් මිදී සමාජය තුළ අධ්‍යාපනය හා සාරධර්ම ගුණ වගාවකින් පෙරට විත්, දියුණු ජාතියක් වශයෙන් පෙරට යන්නට මුස්ලිම් දෙමාපියන් සිය දරුවන් යොමු කළ යුතු වන්නේය.අද සමාජය තුළ බලනවිට, බොහෝ පිරිමි දරුවන් සාමා-න්යපෙළ සිට ජීවන මාර්ගයන් කරා යොමුවීමක් හැර, අධ්‍යා පනයෙන් ඉදිරියට නොයයි. තවත් සමහරු මැද පෙරදිග රැකියා සඳහා ඇදී යන අතරම, අනිකුත් දරුවන් මව් පිය පරම්පරාවෙන් ඔබ්බට නොයා ඔවුන්ගෙන් උරුම වන ව්‍යාපා රයකට යොමුවෙයි.
එදා සිට අද වනතුරු ලාංකීය මුස්ලිම් ජනයා තුළ ඇති මේ පටු ආකල්ප රටාව තුළ රටේ නොදියුණු ජාතියක් වශ යෙන් ක්‍රමයෙන් පසු පසට ගමන් කිරීමක් දක්නට ලැබේ. මෙ-වැනි වාතාවරණයක් පවතින ලංකාව තුළ මුස්ලිම්වරුන්ගේ අනාගතය කොතරම් දුරට සාර්ථකත්වයක් කරා ගමන් කරාවිදැයි ඔබ සිතන්නේ ද?අද මැලේසියාව, සිංගප්පූරුව, කැනඩාව, බි්රතාන්යය, ප්‍රංශය වැනි රටවල් වල මුස්ලිම් ජනයා මොනතරම් දියුණු අධ්‍යාපන මට්ටම් වලට ගමන් කර ඇති ද කියා ඔබ සිතුවාද?
දියුණුව කරා යන ඔවුන් හා අත්වැල් බැඳගන්න අන්‍ය ජාතීන් පසු බට වෙන්නේ නැත. ලංකාව තුළත් මෙවැනි තත්ත්වයක් ඇති කරමින් බුද්ධිමත් සමාජයක් වශයෙන් ඉදිරියට යෑමට මුස්ලිම්වරුන් දැඩි අධිෂ්ඨානයක් ගත යුතුය.තැනින් තැනට හතු පිපෙන්නා සේ බිහිවන ආගමික පාසල්වල කාර්යයන්ද මෙසේ මුස්ලිම්වරුන්ගේ අධ්‍යාපන තත්ත්වය පසු බසින්නට හේතුවක් වී ඇත. එයට හේතුව එහි විෂය මාලාව තුළින් කාලීන අධ්‍යාපන රටාවට හා සමාජ ආර්ථීක රටාවට ගැලපෙන අයුරින් විෂය මාලාව මාරු නොවීමත්ය. මේ හේතුව නිසා එවායින් බිහිවන දරුවන් මේ සමාජය තුළ කොටුවුණු ස්වරූපයක් හා හුදෙකලා වීමක් දක්නට ලැබේ.මුස්ලිම්වරයෙකුගේ මූලික අභිමතාර්ථය නබිතුමාගේ ගමන් මග ගමන් කිරීමට නම් ලෝකය සමග අත්වැල් බැඳගෙන ඉදිරියට යෑමට ඔබ ශක්තිමත් විය යුතුය.
දියුණු ජාතියක් වශයෙන් සිය අභිමානය ලබා ගන්නා විට අන් ජාතීන් ඔබ වෙත ලැබීම නිතැතින්ම සිදුවේ. එලෙසම, විශ්වයටම පොදුවු එ අල්ලාහ්තආලාගේ ධර්මය මුළු මහත් ලෝක වාසීන්ටම අව බෝධ කර දීම ඔබේ වගකීමකි. මේ සඳහා ඔබ ශක්තිය ලැබිය යුතුය. තවත් නිදාගෙන සිටීමෙන් ඔබටත් ලෝකයටත් ඵලක් නැත. ලෝකයේ එදිනෙදා ප්‍රශ්නවලට බුද්ධිමත් ජනතාවක් වශයෙන් අල්ලාහ්තආලාගේ ධර්මය මගින් පිළිතුරු දෙන්න. අන් සමාජයන්ට මෙම ධර්මය විශ්වයටම පොදුවූ ධර්මය බව අවබෝධ කර දෙන්න.මෙයින් ජාතීන් අතර අද ඇතිවී තිඛෙන නොහැදිනගැ නීම තුළින් ඇතිවන පරස්පරයන් විරෝධතා එ සියල්ලම නැතිකර බුද්ධිමත් ජනතාවක් වශයෙන් සහෝදරත්වයෙන් එක් වන්න.
කිසිවෙකුටත් වෛර කරමින් ජාතීන් වශයෙන් ඛෙ-දෙනවාට වඩා අන් ජාතීන් අතර අවබෝධයක් ඇති කර ගැනී මට වගබලා ගන්න.අල්ලාහ්තආලාගේ ධර්මය ගැන දන්නා උගතුනි, මෙය ඔබේ වගකීමය. එ විශ්වයටම පොදු ධර්මය අන් ජාතීන්ට අවබෝධ කරදෙන්න, සුහද වන්න, එකතුවන්න, බුද්ධියට ඉඩදෙන්න නිදා සිටීමට කාලය නොවෙයි මේ. නබිතුමා ගිය මාර්ගය පිලිපදින්න. අද රට තුළ නොහැඳින ගැනීම හා නො දන්නාකම නිසා ඇතිවී තිඛෙන හලාල්˜ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. එ තුළින් ජාතීන් අතර ඇතිවන්නට යන එ පරස් පරය එ විරෝධය නැතිකිරීම ඔබට කළ හැකිය. එය ඔබේ වගකීමකි.
පසු ගිය කාලයේ ඔබ, ඔබලාට ලැබුණු මහත් අනගි අවස්ථාවක් නැති කරගන්නාසේ මේ අවස්ථාවත් නැතිකරගන්න එපා. එදා මුළු ලෝකයම දෙසැම්බර් 21 ලෝක විනාශය ගැන කියද්දී, බිය වදිද්දී අල්ලාහ්තආලාගේ විශ්වය මැවීමත්, ලෝක විනාශය ඇතිවීම සිදුවන්නේ කෙසේද යන්නත්, පිළිබඳව අන් ජාතීන්ට අවබෝද කර දීමට ශක්තිය මුස්ලිම්වරු වශයෙන් ඔබලාට තිබුණා. ඉන් එ ශක්තියෙන් ඔබලා ප්‍රයෝජන ගන්නේ නෑ. එලෙස, මේ අවස්ථාවත් ගිලිහෙන්නට නොදී නින්දෙන් අවදිවෙන්න. වගකීමෙන් සුහදත්වය පතුරුවන්න. අවබෝධ කර දෙන්න අන්ධ වූ ඔවුන්ට —හලාල්˜ යනු කුමක් දැයි කියා. එ වගේම අද මුළු මහත් ලෝකයම කැලඹූ රිසානාගේ කථාව˜ මුස්ලිම් වරුන්ට මහත් පහරක්¦ ෂරීආ නීතිය, කුර්ආනයේ මූල ධර්ම අන් ජාතීන් අතින් ඉතාමත් පහත් අන්දමට විවේචනය වනවා¦ එයට කිසිවක් නොදන්න ඔවුන්ට දොස් තබා පලක් නෑ. ඔවුන් අතින් විවේචනය වන එ නීතිමාලාව හා ධර්ම ග්‍රන්ථය පිළිබඳව අවස්ථාවට අනුකූලව පෙන්වා ලෝකයට අවබෝධ කර දෙන්න අවස්ථාව ඇවිත්,ඔබට මෙයයි අල්ලාහ්තආලා වෙනුවෙන් ඔබ සතු වගකීම හරි මග, හරි දේ, පැහැදිලි කර දෙන්න යහමග නොලැබූ අන් ජාතීන්ට.මේ කිසිවක් නොකරමින් තමන් අතට පත්වන හැම අවස්ථාවක්ම අත් හැර දමන මුස්ලිම් ජනතාව හුදු සංකල්පීය දර්ශනයක් වශයෙන් ගෙන දඃවා ව්‍යාපාරයට දායකත්වය දීම ඇත්තටම විහිළුවක් නොවන්නේ ද?
සිතා බැලිය යුත්තේ ඔබමයි.එලෙසම, ඔබලාගේ දඃවා ව්‍යාපාරය සාර්ථක වීමට නම්, ප්‍රථමයෙන් මුස්ලිම් සමාජය තුළ එ සංකල්පය පිළිබඳ අව බෝධයක් තිබිය යුතුය. අල්ලාහ්තආලාගේ ධර්මය කෙරෙහි විශ්වාසයෙන් ඔබ වෙත එන ඔවුන් පිළිගැනීමට තරම් උසස් මානසික මට්ටමක් ඔබ සතුව තිබිය යුතු බව තරයේ සිතට ගන්න. එලෙසම, මුස්ලිම් ඔබ මෙයද අමතක නොකළ යුතුය. ඉස්ලාම් යනු මුස්ලිම් ඔබලාට පමණක් සීමාවු ධර්මයක් නොවන බවත්, එය මේ මුළු මනුෂ්‍ය සංහතියටම පොදු ධර්මයක් බවත්, විශ්වය හා මිනිසා මැවූ එ අල්ලාහ්තආලාට මෙලොව හැම කෙනෙක්ම සමානයන් බවත්. එ නිසා ධර්මය අවබෝධ කර ඔබ වෙතට එන එ යහමග නොලැබූ අල්ලාහ්තආලාගේ දරුවන්ව උසස් අයුරින් සහෝදරත්වයෙන් ඔබ පිළිගත යුතු බවත්, ඔබ මෙය අමතක නොකළ යුත්තක් බවත් පවසමි.
එලෙසම, එදිනෙදා ලෝකයේ ඇතිවන ප්‍රශ්නවලට ඉස්ලාම් ධර්මයේ සුහද විවරණය සහෝදර ජනයාට ලබා-දෙන්න. සහෝදරත්වය පතුරුවන්න. විශ්වය ජයගත හැක්කේ එවිටයි. මුස්ලිම්වරුනි, එක්වන්න ඔබ වෙත ඇති පටු ආකල්ප ඉවත දමමින් ලංකාව තුළ දියුණු ජාතියක් වශයෙන් ඉදිරියට යන්න අදිටන් කරගන්න. පුහු මතිමතාන්තර ඉවත දමන්න. එවායින් ඔබලාට ලැඛෙන යහපතක් නැත. නබිතුමා මෙන් සිය ජීවිතය අධ්‍යාපනය මතින් ගොඩනගාගන්න, සහෝදරත්වය පතුරවන්න, අන්‍ය ජාතීන් හා සුහදව සාමයෙන් ජීවත්වන්න. එවිටයි ඔබට උතුම් අල්ලාහ්ගේ ආශිර්වාදය තුළින් නබි තුමාගේ සහායකයෙකු විය හැක්කේ...