Header Ads

  • Breaking News

    අල්ලාහ්තආලාගේ සුන්නාව පිළිපැදීම හා එහි අගයන්



    තමන්ට අයහපත ගෙනදෙන කරුණකින් වැළකීම හෝ යහපත ගෙන දෙන කරුණක් පිළිපැදීම හෝ වේවා, එ පිළිබඳව මිනිසා අවනත කර ගැනීමට දැඩි නීති රීති අවැසි බව අප දන්නෙමු. මග වරදවා ගැනීමට මිනිසා තරම් නැඹුරු අන් සත්වයෙක් තවත් මිහිපිට නොමැත. මිනිසා දුම්පානය, මත් ඇබ්බැහිය, භයානක ලෙඩ රෝග ඇතිකළ හැකි අයථා සේවනය යනාදි වැරදි කරමින් තමන්ට තමාම විනාශය ළඟා කරගනී. 

    උසාවි, නීතිරිති, පොලිසිය, සිරගෙවල් මෙන්ම ආරෝග්‍යශාලා ද අවැසි වනුයේ තිරිසනුන්ට නොව මිනිසුන්ට ය. එතරම්, මිනිසා˜ නපුරුය. වරදෙහි බැෙඳන සුළුය. එහෙයින්, ඔහුට දැඩි අවවාද සහිත මගපෙන්වීම් අත්‍යවශ්‍ය වන්නේය.සියලූ මිනිස් වර්ගයාගේම එකායන විමුක්ති මාර්ගය වන ශුද්ධ වු කුර්ආනය පහළ වූයේ මෙකී මානව වර්ගයාවම සුමගට ගැනීමේ එකායන පරමාර්ථයෙනි. අල්ලාහ්තආලා තම ශුද්ධ වු ග්‍රන්ථය පිළිබඳ මෙසේ පවසයි.


    —තවද, අප ඔබ වෙත මුස්ලිම්වරුන්ට සියලූම මගපෙන්වීම් දයාව හා කරුණාව ඇති පුස්තකය පහළ කර ඇත්තෙමු. (අන්නහ්ල්:89)—
    මෙය විශිෂ්ට ඥාණයෙන් යුත් ප්‍රශංසාවට සුදුස්සාගෙන් පහළ වූවක් හෙයින් ඉදිරි පසින් හෝ පසුපසින් අසත්‍යය එයට සමීප නොවන්නේමය.
    (ෆුස්සිලත්:42)

    ඉස්ලාමය යනු, එය පිළිපදින්නන්ට විශිෂ්ටතම හා වඩාත් යෝග්‍ය විකල්පයන්ගෙන් යුත් ඉස්තරම්ම ජීවන මග පෙන්වන හා ලෞකික උන්නතියේද උසස්ම තලයට පත්කරන, මනුෂ්‍ය ජීවිතයේ ඇතිවන සියලූම සංසිද්ධීන්ම අමතමින්, එහි ඇතිවිය හැකි ගැටළුවලට විසඳුම් ලබාදෙන අනගි මගපෙන්වීම් මාලාවකි. ලොව ඇති සියලූම ජාතීන් තමන් ලබා සිටින අනේක විද්‍යාත්මක හා ලෞකික දියුණු සඳහා ඉස්ලාම් ධර්මයේ ඇති උපදෙස්වලට සදා ණයගැති විය යුතුය.ස්තී්‍රන්, වහලූන් මෙන් කෙළිලොල් භාණ්ඩයක් වශයෙන් පමණක් උපයෝගී කරගත් අවදියක පහළ වු ඉස්ලාම් ධර්මය හා නබි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාණන්ගේ ප්‍රායෝගික නිදර්ශනයන් මගින් ඔවුනට අත්පත් කරදුන් විමුක්තිය අමිලය. අති මහත්ය.

    මේ අතර, ඇතැම් මුස්ලිම් රටවල්වල හා මුස්ලිම් සමූහයක් අතර කාන්තාවන් පීඩනයට ලක්කරන ඇතැම් පාරම්පරික සිරිත්විරිත් ඇතිබව සැබෑය. නුමුත්, එ සියල්ල මුස්ලිම්වරුන් ජීවත්වන ප්‍රදේශවලට හා රටවලට ආවේණික මිස, දිටු සිරිත් විරිත් මිස එ කිසිවක් ඉස්ලාම් ධර්මයේ නිර්දේශයන් නොවන වග ඉඳුරාම සඳහන් කිරීම වටී.තවද, ඉස්ලාමයෙහි, —ජිහාද්˜ යනු පූජනීය සංකල්පයකි. ජිහාද් යන වචනයෙන් අදහස් කරන්නේ වෑයම් කිරීම, කැපවීම යන අරුත් බව වටහා ගත යුතුය. උඩගුකමින් හා මානයෙන් තම අභ්‍යන්තරය මුදා සිය චෛතසිකය යහපත්බවේ උසස් තලයට ගෙන එමට කරන ස්වෝත්සාහය මෙම වචනයේ ප්‍රධාන විග්‍රහය වේ.ඉස්ලාමය දෙසන්නේ සාමය හා සමාදානයයි. 

    තවද, එය අල්ලාහ් දෙවිඳුන්ට සම්පූර්ණයෙන් යටත් වී ඔහුගේ අණසක ලොව ස්ථාපිත කිරීමට උපදෙස් දෙන සාමකාමී ජීවන දහමකි. ඉස්ලාමයේ සතුරන් ප්‍රචාරය කරන්නාක් මෙන් ඉස්ලාමය සුළු දෙයකට පවා කඩුව හෝ කැත්ත ඔසවන ආගමක් නොවේ. සටන් කිරීම වනාහි, නොකරම බැරි තත්ත්වයක අකමැත්තෙන් හෝ කලයුතු අවසාන පියවරක් ලෙස අල්ලාහ් නිර්දේශ කරයි. 
    නුමුත්, අද සමහර මුස්ලිම් රටවල —ජිහාද්˜ යැයි කියමින් යුද්ධ කර මිනිස් ජීවිත වනසා දැමීම දැකිය හැකිය. මුස්ලිම් රටක් වූ පමනින් —ජිහාද්˜ යැයි පවසා තුවක්කුවක් අතට ගත් පමණි න් කෙනෙකු අල්ලාහ් ඉදරියේ නියම ජිහාද්වාදියෙකු නොවේ. වෙසෙසින්ම —ජිහාද්˜ කරන විට කිසිම හේතුවක් මත ගැහැණුන්, ළමයින් මෙන්ම සතුන්ට පවා හිරිහැරයක්, හිංසාවක් කිරීම ඉස්ලාමය අනුමත නොකරයි. නුමුත්, ඇතැම් කොටස් —ජිහාද්˜ යැයි කියමින් ළමුන් පවා හිංසනයට පමුණුවමින් ගෙන යනුයෙන් නියම ඉස්ලාමයේ ජිහාදය නොවන බව අවධාරණය කරගත යුතුය.එකෙකු යටකර දමා අනෙකා රජවීම මිනිස්කම නොවේ. එමෙ-න්ම, එකෙකු පාගා දමා තවකෙකු නැගී සිටීමද මිනිසත් බව නොවේ. 

    පොදුවේ සියල්ලන් එකසේ කටයුතු කරන, අයිතීන් ලබාදෙන සමාජ ක්‍රමය තුළ පමණක් නියම මිනිසත් බව දැකිය හැක. ඉස්ලාම් ධර්මය හරහා ඉගැන්වු ශිෂ්ටාචාරය තරම් සහජීවනය හා ආගමික බහුත්වයට ගරුකළ අන් ශිෂ්ඨාචාරයක් ලොව නැති තරම්ය. ශුද්ධ වු කුර්ආනයේ සඳහන් කරන්නා තරම් එය ඉස්ලාම් දහම අගය කරනු දැකිය හැකිය.

    —අහස් ගැබ හා පොළෝ තලය මවා තිබීම ද, ඔබලාගේ භාෂාවල විවිධත්වයෙන් ද, ඔබලාගේ (සමේ විවිධ) වර්ණද අපගේ සළකුණු අතර වෙති. දැනුවත් මිනි සුන්ට මෙහි නිදසුන් ඇත.˜ (අර්රූම්:22)

    යමෙකු, අල්ලාහ්් —සුන්නාව˜ පිළිපැද එ අනුව ජීවිතය සරිකර ගන්නේ ද ඔහු හෝ ඇය මෙලොව මෙන්ම පරලොව ජීවිතය ද ජයගත්තවුන් වේ. තවද, කවරෙකු අල්ලාහ්ගේ නීතිය නොසලකා හරින්නේද ඔවුන් සදා පරාජය ලැබුවන්වේ.

    —කවරෙකු අල්ලාහ්තආලාගේ නීතිරිති පිළිනොපදීද, ඔවුන් ප්‍රතිෙක‍ෂ්ප කරන්නන් වශයෙන් ජීවත්වෙති. කුරානයේ නීතිරීතිවලට පටහැනිව කවරෙකු තමන්ට ආ-වේණික නීති පිළිපදීද ඔවුන් පරාජය වූවෝ වෙති.˜ (මායිදා:45-48)

    මෙම සියලූම දේවල් පැහැදිලි කරදෙමින්, ඉස්ලාම් ධර්මයේ ප්‍රායෝගික අගය විදහා දක්වා මෙම පිවිතරු ගමන් මග මුස්ලිම්වරුන් අතර පමනක් නොව, මුලූ ලෝවැසියා අතරම පැතිරවීම සෑම මුස්ලිම්වරයෙකුගේම හා පැහැර හැරිය නොහැකි වගකීමක් වේ.එමෙන්ම, පුද්ගලික වශයෙන් අප අපගේ වගකීම ඉටු කර ඇත්තේ කොතරම් දුරට දැයි අප අපගෙන්ම විමසිය යුතුය. අප ජීවත්වන්නේ මුස්ලිම් රටක වූවද, නැතිවූවද මුස්ලිම් වාතාවරණයක වූවද, නැතිවූවද එ සෑම තැන්හිම ඉස්ලාමිය අගයන්, සුන්නාවේ වැදගත්කම ඉස්මතුවන පරිදි අප ජීවත්වන්නෙමු ද?
    මේ සියල්ලම අපට අද ඇති අභියෝගයන්ය. අප සත්‍යය හා අව්‍යාජ විශ්වාසිකයින් විය යුතුය. අප වටා ඇති නිවසේ වාතාවරණය ඉස්ලාමීය එකක් බවට පත්කල යුතුය. එමගින් ලෝකයාට එහි විශිෂ්ටත්වය කියාපෑම පහසු වනු ඇත. එවිට ලෝකය අප දකිනවාට වඩා ලස්සන තැනක් වනු නොඅනුමානය..







    ෂිෆානි - බලංගොඩ 

    Post Top Ad

    Post Bottom Ad