සලාතය හෙවත් දෙවියන් නැමදීම
ඉස්ලාම් දහමේ දෙවැනි වගකීම වන්නේ සලාතයයි. මුස්ලිම් බැතිමතුන් අනිවාර්යයෙන්ම දිනකට පස් වතාවක් සලාතය හෙවත් දෙවියන් නැමදීම සිදුකළ යුතුය. මෙය මිනිසාගේ යහපත් පැවැත්ම උදෙසා බෙහෙවින් බලපාන සාධකයකි.
‘නිශ්චය වශයෙන්ම සලාතය මූමින්වරුන්ට, කාලය සිහිපත් කරවන යුතුකමක් වන්නේය.’
යැයි අල්කුරාණයේ සඳහන් වී තිබේ.
‘නියමිත වේලාව අතපසු නොකර වහාම සලාතය ඉටු කරන්න’
යැයි ද කුරාණය අපට පැහැදිලිවම කියා තිබේ.
දෛනික කටයුතු ක්‍රමානුකූලව ඉටුකිරීමට සලාතය පිටිවහලක් වන බව සඳහන් කළ යුතුය. මානසික හා ශාරිරික වශයෙනුත් සාමාජීය වශයෙනුත් සලාතයෙන් අප්‍රමාණ ප්‍රයෝජන ලැබේ. සෑම වැඩිහිටියෙකුම දිනකට පස් වතාවක් අනිවාර්යයෙන්ම සලාතය ඉටු කළ යුතුය යනුවෙන් වරක් මගේ ළඟම මිතුරියකට මා කීවෙමි. එවිට ‘දිනකට පස් වරක් සලාතය ඉටු කරන්නට කාලය තිබේදැයි ඇය මගෙන් විමසුවාය.
‘ඇත්තෙන්ම තිබෙනවා. අපට කන්න, බොන්න, අඳින්න පළඳින්න, රැකියාවේ නිරතවීමට ආදී සෑම දෙයකටම කාලය වෙන්කර ගැනීමට හැකිනම් දෙවියන් සිහි කිරීමට ඉතා සුළු වේලාවක් වෙන් කිරීමට නොහැකිදැයි මා පෙරළා ඇගෙන් විමසුවෙමි.
අපගේ පහසුව සඳහා සලාතය දිනකට පස් වරක් පමණක් වෙන් කර තිබේ. උදෑසන හිරු උදාවත් සමග ‘සුබහූ’ සලාතය ඉටුකළ යුතුය. දිවාකාලයේ හිරු මුදුන් වීමෙන් පසුව ‘ලුහර්’ සලාතය ද, හිරු බැසීමට ආරම්භ වනවිට ‘අසර්’ සලාතය ද, හිරු බැස යනවිට ‘මහරිබ්’ සලාතය ද ඉටුකළ යුතුය. දිනයේ අවසන් සලාතය වන ‘ඉෂා’ සලාතය ඉටුකළ යුත්තේ රාත්‍රී කාලයේ දීය.
සලාත් ඉටුකිරීමට පෙර සිත,ගත, ස්ථානය පිරිසුදුව තිබිය යුතුය. සලාතය ඉටු කිරීමට මොහොතකට පෙර සිත සන්සුන්ව තබාගත යුතුය. අල්ලාහ් දෙවියන් පිළිබඳ මෙනෙහි කරමින් සලාතයට සූදානම් වන විට නිරායාසයෙන්ම එය සිදුවේ.
චිත්ත පාරිශුද්ධියෙන් තොරව ඉටුකරන සලාතයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ඉටු නොවේ. එය අල්ලාහ් දෙවියන් පිළිනොගන්නා බවත් කුරාණයේ සඳහන් වේ.
සලාත් කරන ස්ථානය, සලාත් කරන තැනැත්තා හා ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් පැළඳුම් පිරිසුදුව තිබීම අතවශ්‍ය වන අතර සලාත් කිරීමට පෙර ‘වුළු’ කිරීම සිදුකළ යුතුය.
මුඛය, නාසය, මුහුණ, දෑත් වැලමිට දක්වා, නළල, දෙසවන් හා දෙපා පිරිසිදු කරගැනීම ඊට ඇතුලත්වේ. ඒ අනුව බලන විට දිනකට පස් වතාවක් සලාතය ඉටු කරන්නා පස් වතාවක් මේ ‘වුළු’ කිරීමෙන් නිරතුරුවම පිරිසුදුව සිටියි. ‘වුළු’ සිදුකිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය නොවන නමුත් විවාහකයකුට සිය බිරිය හෝ සැමියා සමග කායිකව එක්වීමෙන් පසු සලාතය ඉටු කිරීමට පෙර ස්නානය කිරීම අනිවාර්ය වේ. එමෙන්ම ‘වුළු’ සිදු කිරීමෙන් පසුව සලාතයට පෙර යම්කිසි කෙනෙකුට වැසිකිලි යාමට අවශ්‍ය වුවහොත් සිය අවශ්‍යතාවයෙන් පසුව නැවත ‘වුළු’ සිදු කළ යුතුවේ.
සලාතය තනි තනිව ඉටු කිරීමට හැකි නමුත් සමූහ වශයෙන් ඉටු කිරීම වඩාත් නිවැරැදිය. එය ‘ජමාත්’ වශයෙන් හැඳින්වේ.
කෙනෙකු මුස්ලිම් ද නැද්ද යන්න වෙන්කොට ගැනීමට හැකිවන්නේ සලාතයෙන් බවත්, එය ස්වර්ගයේ දොරටුව බවත් එතුමා තව දුරටත් දේශනා කළහ.
මුස්ලිම් බැතිමතෙකු සලාතය ඉටුකිරීම පැහැර හැරීම බලවත් වරදකි.
පස්වේලේ සලාතය ඉටු කරන්නා නිරතුරුවම අල්ලාහ් මෙනෙහි කරයි. එය පව් කිරීමෙන් වැළකී සිටීමේ මාර්ගයකි.
දෛනික ජීවිතයේ කලබලකාරී වාතාවරණයෙන් මිදී පීඩාකාරී මනසට යම් සහනයක් ලබාගැනිමට සලාතය කදිම ඔසුවකි. එය සහෝදරත්වය සහ සමාජීය සහජීවනයේ වර්ධනයටත් බෙහෙවින් ඉවහල් වන්නකි.

‘තනි තනිව ඉටු කරන සලාතයට වඩා 'ජමාත්’ සලාතය විසිහත් ගුණයකින් වටින බව මුහම්මද් නබිනායකතුමාණෝ දේශනා කළහ. (සහිහුල් බුහාරි)