ඉස්ලාමයේ අන්තිවරම මෙයයි
විශ්වාසයේ පදනම වනුයේ —ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලූල්ලාහ්˜ අල්ලාහ්තආලා හැර (වැදුම් පිදුම් කිරීමට, භාර හාර වීමට, ප්‍රාර්ථනා කිරීමට, නීති සම්පාදන කිරීමට) වෙනත් කිසිවෙකු නැත. මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා අල්ලාහ්ගේ වක්තෘවරයාණන් වේ.
˜ඉස්ලාම්, විශ්ව දහමකි. සදාතනික දහමකි. මේ මිහිපිට වාසය කරන ඕනෑම පුද්ගලයෙකුට අභිමානයෙන් හා විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට මග පාදන අංග සම්පූර්ණ ජීවන ප්‍රතිපදාවකි. එ නිසා, එදත් අදත් සතුරන්ගෙන් ඉස්ලාමයට එල්ලවන තර්ජන, ගර්ජන, අඩම්තේට්ටම්වල කිසිදු අඩුවක් දක්නට නැත. විවිධ මුහුණුවරින් විවිධ තාක්ෂණයන් ඔස්සේ ඉස්ලාමයට පහරදෙන උදවිය එදත් අදත් අප දැක ඇත්තෙමු. මෙලෙස ඉස්ලාමයට පහර දුන්නා යැයි ඉස්ලාමයේ වර්ධනයෙන් කිසිදු අඩුවක් හෝ පසුබෑම් නොදක්නට ලැඛෙන්නේ නැත. මෙයයි ඉස්ලාමයේ දක්නට ලැඛෙන සුවිශේෂත්වය. ඊට ප්‍රධානතම හේතුව කුමක් දැයි ඔබ දන්නෙහි ද?
ඉස්ලාම් උගන්වන දේව විශ්වාසයයි. එහෙත්, ඇතැම් අය මේ විශ්වාසය හරිහැටි අවබෝධ නොකර, මෙය හුදෙක් අන්ධ විශ්වාසය හා අන්ධ භක්තිය ලෙස ඉටු කරති.අද ලෝකයේ ජීවත් වන අපි, නොයෙකුත් දේ කෙරෙහි විශ්වාසය තබා ඇත්තෙමු. විශ්වාසය නොමැති නම් අපට අනාගතයක්, වර්තමානයක්, අතීතයක් ද නොමැත. විශ්වා සයක් නැතිනම් අපට සතුටින් ජීවත් විය නොහැකිය. මන්දයත්, විශ්වාසය නොමැති තැන ඇත්තේ අවිශ්වාසයයි. නැතිනම් සැකයයි. එසේත් නැතිනම් විචිකිච්ඡාවයි.
—ඊමාන් (විශ්වාසය) යනු, අපේක්ෂාවෙන් උපදින්නක් නොව, සිතෙහි මුල් බැස කි්‍රයාකලාප මගින් ඔපවත් වන්නකි˜ යැයි මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා පැවසුවේය.
දිනක් එඬේරුවෙකු එළුවන් රැලක් රැගෙන කාන්තාරයේ යන්නට විය. එවිට, මගියෙක් පැමිණ —මල්ලී,
මට හරි බඩගිනියි මා රැගෙන ආ ආහාරයද ඉවර වුණා. එමනිසා මේ එළුවන්ගෙන් එකෙකුගේ කිරි දොවලා මට ඉන් ටිකක් බොන්නට දෙනවා දැයි˜ ඇසුවේය. එවිට, එඬේරා ඔහුගේ නියම තත්ත්වය දැන (ඔහු ඉතාමත් බඩගිනි තැනැත්තෙකු බව දැන) —සමාවෙන්න මේ එළුවන් මාගේ නොවෙයි. ඇත්තටම එය මාගේ නම් මම ඔබට කිරි දොවලා දෙනවා. එත් කරන්නට දෙයක් නෑ. මේ එළුවන් මගේ යහළුවෙකුගේ˜ යැයි කීවේය.
එම මගියාට තවත් අදහසක් පහළ වී, —මල්ලී, මම එළුවෙක් සල්ලිවලට ගන්නම්. අයිතිකරුවන් ඇසුවහොත් වෘකයෙක් ඩැහැගෙන ගිය බව කියන්න. වෘකයන් සැමවිට එළුවන්ට පහර දී ඩැහැගෙන යන නිසා ඔහු එය පිළිගනීවි. මෙයින් මගේ කුසගින්නද නිවෙයි. ඔබටත් මුදල් ලැබේ. දෙදෙනාම ලාභ ලැබුවෝ වෙමු˜ යැයි කීවේය. එවිට එඬේරා —අයිතිකරුට මෙසේ මා පැවසුවහොත් ඇත්තටම විශ්වාස කරයි. මටත් හොඳ ගාණක් අතට ලැඛෙයි. හැබැයි අයිතිකරු මෙම ගනුදෙනුව බලා නොසිටියත් මාගේ දෙවිඳුන් අල්ලාහ් සියලූම දේවල් බලාගෙන ඉන්නවා. එමනිසා මට එය කළ නොහැකිය. සමාවෙන්න˜ යැයි කීවේය.
එවිට මගියා එම එඬේරා දෙස නොසෙල්වී බලා සිට ඉන් අනතුරුව දැඩි විශ්වාසයෙකින් යුතුව, —මල්ලී, නුඹ වැනි අය අප අතර සිටින තාක්කල් වෘකයන්ට අපේ එළු පැටවුන් ඩැහැගෙන යන්න බැහැ˜ යනුවෙන් පවසා කිසිවක් නොදොඩා යන්නට ගියේය.
එම මගියා නම්, මුඃමින්වරුන්ගේ නායකයා වූවද ඉස්ලාමීය රාජ්‍යයේ දෙවෙනි කලීෆාවූ —උමර් ෆාරූක් (රලි) තුමාණන් විය. එතුමාණෝ තම පාලනය යටතේ සිටින ජනතාවගේ තත්ත්වය වටහා ගැනීමට මෙසේ වෙස්වලාගෙන යෑම සිරිතක් විය. ඇත්තෙන්ම, මෙයයි දෙවිඳුන් කෙරෙහි දැඩි විශ්වාසයක් තිඛෙන කෙනෙකුගේ ස්වේච්ඡාවෙන් කි්‍රයාත්මක වන ස්වභාවික කි්‍රයාමාර්ගය වන්නේ¦ජීවිතය නම් වු ගමන ඉතාම බැරෑරුම් එකක් බවශුද්ධවූ අල්-කුර්ආනය ඉතාමත් මනහර අන්දමින් කියා අවසානයේ අප දෙවිඳුන් මුණ ගැසෙමු. ජීවිතයේ යතාර්ථය එයයි යැයි පවසා ඇත.
තම ජීවිතයේ අවසානය ගැනත්, තමා යන නියම ස්ථානය ගැනත් අධිෂ්ඨානයෙන් යුතුව සිටින්න. අල්ලාහ්ගේ මතකයෙන් ඈත් වන්නෙ නැත. ගමන දුෂ්කර වූවකි. සිත වෙනතක යොමු කරන බාධක රැසක් ඇත. අපගේ නියම අරමුණෙන් අපව ඈත් කරන්න. ෙෂෙයිතාන් ද අප සිත තුළ තිඛෙන ආශාවන් නොමග යවන්න උත්සාහ කරයි. දිනුම් කණුව බොහෝ දුරින් ඇත. එහෙත්, සුපරික්ෂාකාරීව සිටින බුද්ධිමත් කෙනෙකු, තමා යන ස්ථානයේ මතකයෙන් ඈත් වෙන්නේ නැත. එවැන්නන් දෙවියන් ගැන විශ්වාසයෙන් තම ජීවිතය පරිපූර්ණ කර ගනී. අල්ලාහ් මෙසේ පවසයි.විශ්වාසයේ
ඉතින් අප සැවොම, අපේ දෛනික ක්‍රියාවන් මොනවගේ බලපෑමක් අන් අය තුළ ඇති කරන්නේ ද යනු, අපි නො දනිමු. තවත් කෙනෙකු කියවන ශ=ද්ධ වු අල්-කුර්ආනයේ සාක්ෂිය අප විය හැකිය. නැතහොත් මුස්ලිම් නොවන කෙනෙකු අප තුළින් ඉස්ලාමය දැකිය හැකිය. එබැවින් උතුම් මුස්ලිමෙකු වන්නට ප්‍රවේශම් වන්න. අවංකවන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ඉස්ලාමයේ අත්තිවාරම වන ඊමානය තරයේ පිහිටුවා ගන්න. ඔබගේ කි්‍රයාවන් වෙත අවධානය යො මු කරන්න. ඔබ නොදනියි. අල්ලාහ් ඉදිරියේ සිටිනවාසේ සැමවිටම හැකි තරම් යහපත් කි්‍රයාවන්හි නිරත වන්න.
නූරුල් ශසීනා මිෆ්තා
මුස්ලිම් බාලිකා විද්‍යාලය
බම්බලපිටිය

—මිනිසා, ඔබ, ඔබගෙ රබ් (පරමාධිපති) හමුවට යනතෙක් (යහපත් හෝ අයහපත් කාර්යයන්හි නිරත වී) දුෂ්කරතාවයෙන් උත්සාහ කරමින් සිටින්නෙහිය. පසුව ඔබ ඔහුව මුණ ගැසෙන්නේය.˜ (අල්-කුර්ආන්-84:6)
තම ජීවිතයේ අවසානය ගැනත්, තමා යන නියම ස්ථානය ගැනත් අධිෂ්ඨානයෙන් යුතුව සිටින්න. අල්ලාහ්ගේ මතකයෙන් ඈත් වන්නෙ නැත. ගමන දුෂ්කර වූවකි. සිත වෙනතක යොමු කරන බාධක රැසක් ඇත. අපගේ නියම අරමුණෙන් අපව ඈත් කරන්න. ෙෂෙයිතාන් ද අප සිත තුළ තිඛෙන ආශාවන් නොමග යවන්න උත්සාහ කරයි. දිනුම් කණුව බොහෝ දුරින් ඇත. එහෙත්, සුපරික්ෂාකාරීව සිටින බුද්ධිමත් කෙනෙකු, තමා යන ස්ථානයේ මතකයෙන් ඈත් වෙන්නේ නැත. එවැන්නන් දෙවියන් ගැන විශ්වාසයෙන් තම ජීවිතය පරිපූර්ණ කර ගනී. අල්ලාහ් මෙසේ පවසයි.විශ්වාසයේ
අහස් හා මහ පොළොව මැවීමෙහිත්, දිවා රාති්‍ර පරස්පරානු ගමනෙහිත් මනා සිහි බුද්ධියේ පසුවන අයට නියත වශයෙන් සංඛ්‍යා වන් (බොහෝ) ඇත. මොවුහු කවරෙක් ද නම්, නැගී සිටීමෙන්ද හිඳ ගනිමින් ද ඔවුන්ගේ ඇෙඳන් හිඳ ගනිමින් ද අල්ලාහ් සිහි කරන්නෝ වෙති.˜ (අල්-කුර්ආන්-3:190, 191)