Header Ads

  • Breaking News

    සිහින ලොවින් සැබෑ ලොවට - ඉස්ලාමය කරා

    පාකිස්තානය මුස්ලිම් රටක්. පාකිස්තානු කි්‍රකට් කණ්ඩායමට ශ්‍රී ලංකා මුස්ලිම්වරු සහාය දැක්වූවෙත් එහෙම හිතාගෙනයි. ඒත්, ඇත්ත තත්ත්වය ඊට හුඟාක් වෙනස්. සමහර විට කණපිටය කීවත් වැරැදි නැති තරම්.ලංකාවේ අපට හොලිවූඩ් (Hollywood ) කියන වචනය නුහුරු නෙවෙයි. ඔන්න ඔහොම —වූඩ්˜ (Wood ) ගණනා වක් සිනමා ලෝකයේ තියෙනවා. වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ඒවා —වූඩ්˜ (කැලෑ)ම තමා. එහි සිදුවන දේවලූත් එහෙම තමා.පාකිස්තානය මුස්ලිම් රටක් කියල හිතාගෙන ඉන්න අයට මේ ආරංචිය අළුත් වෙන්නත් පුළුවන්, අරුමයක් වෙන්නත් පුළුවන්. මන්ද, මේ පිටුවේ අපි හඳුනගන්න සූදානම් වෙලා ඉන්න සහෝදරියෝ කිහිපයක් සිනමා නිළියෝ අනෙක් අය නිරූපිකාවෝ. නිරුවත පෙන්නා බඩ වියත රැකගත්තෝ.

    නමුත් අද ඒ අවීචි ජීවිතයට තිත තැබූවෝ.—මම හිජාබයේ අවශ්‍යතාවයත් අරමුණත් අවබෝධකරගත්තා˜යි කියන්නේ නිළියක හා නිරූපිකාවක වන සාරා චෞද්රි සහෝදරිය. —ඒ නිසා මින් ඉදිරියට අල්ලාහ්ගේ නියෝගවලට හිස නැමීමට එක තත්පරයක්වත් අහිමි කරගන්නේ නැහැ. ඒකට කිසිම සමාවක් නැහැ˜යි පළමු වතාවට හිතේ ඇතුලාන්තය විවර කර කථා කළාය.

    ඇය 2010 දී සිනමාවට සමුදුන් තරුණ සහෝදරියකි.කාන්තාවන් අතරේ හිජාබය පිළිබඳ උනන්දුව ඇති කරවා එය ඇඳීම ප්‍රවර්ධනය කිරීමේ සද්කාර්‍යයට තම කාල වේලාව කැප කරන සාරා චෞද්රි සහෝදරිය මෙම කටයුත්ත කරන්නේ කණ්ඩායමක් වශයෙනි. ඒ කණ්ඩායමේ ප්‍රධාන සහෝදරියන් වන්නේ සාදයිෂ් කාන්, මරියම් අලි, රාබියා දුර්රා‚, උරූස් නාසිර් ආදීන්ය. ඉතිං මේ අයගෙන් ඇති වැදගත්කම මොකක්ද කියා හිතන පාඨකයින්ට පොඩි ආශ්චර්යයක්. මේ සියල්ලෝම සාරා වගේම සිහින ලොවෙන් මිදී පියවි ලොවට පා තැබූවෝ වීමයි.
    මෑතකදී පැවැති පාකිස්තානු රණවිරුවන්ට ගෞරව ප්‍රදානය කිරීමේ උත්සවයට හිජාබයෙන් සැරසී පැමි‚ උරූස් නාසිර් සහෝදරිය පාකිස්තානු ජාතික රූපවාහිනි සේවාව තුළින් දුටුව රසිකයින්ගේ ඇහි බැමි නළලටත් ඉහළ ගියාය කීවොත් බොරුවක් නොවේ.රාබියා දුර්රා‚ සහෝදරිය සිනමා නිෂ්පාදිකාවක්. අන්ත-නවීනවාදි (Ultra -Morden ) කියන පවුලකට අයත් ඇය සිනමාව නම් ඛේදනීය තිරය අතහැර ෆර්දාව නම් පුජණිය තිරය ප්‍රවර්ධනය කිරීමට සම්මාදන් වී සිටිනවා.

    දානියා කාන් වේදිකා නිළියක්. මෑතකදී ශුද්ධවූ මක්කා පුරවරයේ කඃබාව තවාෆ් (පැදකුණු) කිරීමේ වතාවත් ඉටුකළ ඇය වේදිකා තිරය වසා දමා පවුලේ ආරක්ෂක තිරයක් බවට පත් වී සිටීයි.මෙම වෙනස්කම ගැන අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රිනියක වන විශ්රාමික කපිතාන් වෛද්‍ය කවුසර් ෆිර්දව්ස්:

    —මෙම සංවිධානයේ අරමුණු දෙකක් තිඛෙනවා. පළමුවැන්න හිජාබය යනු, අල්ලාහ්ගේ නියෝගයක්, ෂරීආවෙහි ඉල්ලීමක් යන කරුණ. දෙවැන්න සමාජයේත් කාන්තාවගේත් දියුණුවට හිජාබය කිසිම විටෙක බාධාවක් නොවේය යන්න. මෙලෙස ප්‍රකාශ කරන කව්සර් ෆිර්දව්ස් පාකිස්තානු හමුදාවේ වෛද්‍ය අංශයේ මුහුණ වැසූ හිජාබය පැලඳ සේවය කළ පළමුවන කාන්තා නිලධාරි‚යයි.මෙම සහෝදරියන්ගේ සද්කි්‍රයාවට එරෙහිව ගල් මුල් විවේචන එල්ල නොවෙනවා නම් එය අටවැනි ලෝක පුදුමය තමා. ඒ ගැන ඔවුන් දක්වන අදහස මෙහෙමයි: —

    මෙම සංවිධානයට දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. මොනම ආකාරයෙන්වත් දේශපාලනය උපයෝගී කරගන්නා අදහසකුත් අපට නැහැ. මෙය හිජාබයත් සදාචාරයත් අපගේ සමාජයේ වර්ධනය කිරීමටත්, කාන්තා නිදහස කියමිනුත් සම අයිතිවාසිකම් කියමිනුත් අපගේ කාන්තාවන් නොමග යවා විනාශ කරන නපුරු බලවේග වලට එරෙහිව කි්‍රයාත්මක වීමේ අරමුණ සහිතවූවක්.

    ˜අප දකිනා අසනා රටකට වඩා එහි ඇතුලාන්තය වෙනස් ය. ඔවුන් සතු ප්‍රශ්න, ගැටළු වෙනස්ය. එහෙත්, ඕනෑම රටකට ස්වෛරිභාවය යනු පොදු සංවේදීතාවයකි. මෙම ස්වෛරිභාවය පිළිබඳ සංවේදිතාවය පාකිස්තානයට මෙන් ශී්‍ර ලංකාවටත් පොදුය.මෙවන් විශ්ව සංවේදිතාවය සහිත ස්වෛරිභාවය විනාශ කළ හැකි බලවේගයන් ජාත්‍යන්තරයේ කි්‍රයාත්මක වෙමින් පවතී. ඔවුන් මුලින්ම බිල්ලට ගන්නේ එම රටේ අනාගතයයි. එනම්, කාන්තාවයි.

    බිලියට අමුණන ඇම කාන්තා නිදහසයි. මෙම පාකිස්තානු සහෝදරියන් සටනට බැස ඇත්තේ එම බලවේගයන්ට විරුද්ධවයි. ඔවුන් ජය ලබනු ඇත. මන්ද, තම සමාජය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් නිර්මාණය කරමින් පවතින්නේ කිසිම බලවේගයකට බිඳ හෙලිය නොහැකි බලකොටුවකි. එයයි හිජාබය එයයි සදාචාරය..



    Post Top Ad

    Post Bottom Ad