Header Ads

  • Breaking News

    ඉස්ලාමය තුළ කාන්තාවගේ ස්ථානය - අල් මුස්ලිමාත්



    ඉස්ලාමය තුළ කාන්තාවගේ ස්ථානය යනු, අපේ කාලයේ විවාදාත්මක මාතෘකාවකි. 


    එනිසාවෙන්, මුස්ලිම් කාන්තාව පිළිබඳ මාතෘකාව ඔස්සේ ඇය පිළිබඳ සැබෑව සාකච්ඡා වට බඳුන් කර සයිබර් අවකාශයේ සරන සිත් අතරට මුදාහැරීම මෙම ලිපි මාලාවේ අරමුණ වේ.

    ඉස්ලාමය තුළ ස්ත්‍රීන්ටත් පුරුෂයින්ටත් සමාන ස්ථාන හිමිවේද?
    ඉස්ලාමය, මෙකී මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමේදී ස්ත්‍රීන් හා පුරුෂයින්ගේ ස්වාභාවිකව පිහිටා ඇති ශාරීරික වෙනස් කම් පිළිබඳ සැලකිලිමත් වෙමින් ඔවුන් අතර සාධාරණත්වය හා සමානාත්මතාව ඇති කිරීම ප්‍රධාන කොට සලකයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය එකිනෙකාගේ අවශ්‍යතාවයන් වුව, එකිනෙකාට අන්‍යෝන්‍ය වන අයුරින් හා ඒවා ඉටු කරගැනීමද එකිනෙකාට අන්‍යෝන්‍ය අයුරින් ඉටු කර ගන්නා සුළු අයුරින් නිර්මාණය කර ඇති බව අපට දැකිය හැක. 
    මෙසේ, ඇතැම් වෙනස් කම් සහිතව ස්ත්‍රීන් හා පුරුෂයින් නිර්මාණය කළද, දෙවිඳුන් ඉදිරියේ දෙපාර්ශවයම සමාන වේ.දෙවිඳුන් වෙත වගකීම් ඉටු කිරීමේදී ස්ත්‍රිය පුරුෂයාට සමාන තත්ත්වයකට පත් වන අතර, කළ කුසල් අකුසල් පිළිබඳ විනිශ් චය ලබා දෙන දිනයේ එකී ලබාදෙන්නාවූ විනිශ්චයටද කිසිදු භේදයක් බල නොපායි.අල්ලාහ් ශුද්ධ කුර්ආනයේ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි.

    —මාගේ මාර්ගයේ ක්‍රියා කිරීමට උත්සාහ කරන්නන්, ඔවුන් පුරුෂයින් හෝ ස්ත්‍රීන් වේවා, ඔවුන් වෙතින් මාගේ අවධානය ඉවත් නොකරන්නෙමි.˜ (සූරා ආල ඉම්රාන් : 195)

    මෙම අල්-කුර්ආන් වැකිය ඉස්ලාමීය දැක්ම තුළ මිනිසුන් සියල්ල එක හා සමාන බව පැහැදිලි කරයි. එකිනෙකාට වෙනස් වන්නාවූ මිනුම් දණ්ඩක් ඉස්ලාමය තුළ නොවන බවද සිහිකරයි.ඇතැම් විට විවිධ ක්ෂේත්‍රයන් තුළට මතුපිටින් එබී බලන්නන් ස්ත්‍රීන් හා පුරුෂයින් වෙත අයිතීන් ඛෙදීයාම අසමාන බවට දෝෂාරෝපණය කරයි. එහෙත්, සැබැවින්ම ඉස්ලාමය නීති සම්පාදනය කර ඇත්තේ ඔවුනොවුන්ගේ ස්වාභාවික පිහිටීම් හා වෙනස්කම් අනුවය. 

    මෙම කරුණු දෙක හේතුවෙන් නීති රීති අතර හා ඇතැම් අයිතීන් සම්බන්ධව වෙනස්කම් ඇති සේ පෙනුනද, කිසි විටෙක ඉස්ලාමය ස්ත්‍රිය හා පුරුෂයා අතර ස්ථානයෙහි පරස්පරයක් ඇතිවීමට ඉඩ නොතබයි.අ

    Post Top Ad

    Post Bottom Ad