සියලූ දේ ඇත· එත්, ලොකු අඩුවක් ඇත...
මුම්බායේ වෙසෙන වයෝවෘධ මිනිසෙකු හදිස්සි-යේම නිව්යෝර්ක් නුවර ජීවත්වන තම පුතාට දුරකථනයෙන් කථා කළේය. තම පියාගේ ඇමතුමෙන් පුතා ආශ්චර්්‍යයට පත්වුනාය. හදිසියේ ඇමතු කාරණය විමසීමට පෙරම පියා කතාව පටන් ගත්තේය.
—පුතා, අද දිනයේ ඔබේ විවේකයට බාධා කිරීමට මා කැමති නෑ. එත් පුතේ මට වෙන කරන්න දෙයක් නෑ. ඔබේ අම්මගේ අඩන්තේට්ටම් තවත් ඉවසන්න බෑ. අවුරුදු 35ක් විවාහ ජීවිතයක් ගත කර අවසන්. තවත් නම් මට වදය ඉවසන්න අමාරු˜යි යනුවෙන් කියාගෙන ගියේය.
පුතා, තාත්තාගේ කථාවට බාධා කරමින්,
—මොනවා ගැනද තාත්තේ ඔය කථා කරන්නේ...˜ යනුවෙන් තිගැස්මෙන් යුතුව ඇසීය.
—ආයේ නම් බෑ පුතේ. අප එකෙක් කෙනා කතා කරගන්නේ නෑ. මම තීරණය කළා ඔබේ අම්මගෙන් වෙන්වෙන්න¦ අපි දෙන්නා කථා කරල මාස ගණන්¦ මට ජීවිතයම එපා වෙලා. හොංකොංවලට කථා කරලා ඔයාම නංගිටත් කියන්න. මම කිව්වයි කියලා...˜ යැයි කියා රිසීවරය තැබීය.
නොසන්සුන්වු ඔහු වහාම හොංකොංවලට දුරකථනයෙන් අමතා නංගිට කථා කළේය. කාරණය අසාගෙන සිටි නංගි,
—මොනවා¦ ඩිවෝස් වෙන්න, පිස්සුද? අය්යා කලබල වෙන්න එපා. මම බලාගන්නම් එවා...˜ කියමින් වහාම මුම්බායිවලට ඇමතුමක් ගත්තාය.
—තාත්තේ, මොනවා හිතාගෙනද ඔය කථා කරන්නේ. අන්න මම කිවිවා, එහෙම ඩිවෝස් කරන්න දෙන්න බෑ තාත්තේ...˜—මම එනවා එතකල් මොකුතකරන්න එපා. කලබල වෙන්නේ නැතුව ඉන්න. මම අයියටත් එන්න කියන්නම්. අපි එනකල් මොන තීරණයක්වත් ගන්න හදිසිවෙන්න එපා. අපි දෙන්නා හෙට උදේ වෙන කොට මුම්බායේ, ඇහෙනවද මම කියන දේ. එහෙනම් හරි නේ, තාත්තේ...˜
දුරකථනය විසන්දි කර බිරිඳ දෙස බැලූ ඔහු —ඕකේ˜ යනුවෙන් සතුටින් ප්‍රකාශ කළේය.
—දෙන්නම දැන් කඩාගෙන එනවා හෙට උදේ වෙන-කොට. අනිද්දා අවුරුද්ද. අවුරුදු දවසේ දෙන්නම අපිත් එක්ක සිටීවි. පහුවදාට අපි දෙන්නාගේ විවාහ සංවත්සරය¦ ළමයින් එක්ක අවුරුදු සමරලා කොච්චර කල්ද? එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක්...˜
—ඔවුන් දෙදෙනාම එනවමයි¦ කිසි දේකට භයවෙන්න එපා...˜—වැඩ වැඩ, වසරේ දින 365 ක්ම වැඩ කරනවාද. තම ලේ ඥාතීන් එක්ක දෙමාපියන් එක්ක දවසක් දෙකක් වත් ගත කරන්න බැරි තරම් මොනවද ඔය තරම් වැඩ. එහෙම අය ගෙන්න ගන්න වෙන මොනවා කරන්නද? දවසකට දෙකකට වැඩේ නැවැත්තුවොත් අහස කඩා වැටෙන්නේ නෑනේ. ඔන්න ඔහේ ආපු දෙං...˜ කියමින් මහළු අඹු සැමි යුවල ඉතා සතුටින් පාර බලාගෙන සිටිති.