විශ්වයේ මැවීම අල්-කුර්ආනයේ සඳහන් සංකල්ප
විශ්වයේ මැවීම
විශ්වයේ මැවීම ගැන අල්-කුර්ආනයේ සඳහන් සංකල්ප පරී-ක්ෂා කිරීමේදී කැපී පෙනෙන වඩාත්ම වැදගත් කරුණ වනුෙ-ය්, කුර්ආනීය විස්තර විග්රහයන්, බයිබලයේ එන කරුණුවලින් බොහෝ සේ වෙනස් වීමයි. මැවීම ගැන සඳහන් කිරීමේදී, බටහිර ප්‍රදේශවල පවත්නා ප්‍රබල අදහසක් වන ”මැවීම සම්බන්ධව කුර්ආනයේ සඳහන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා)තුමා විසින් බයිබලයේ උපුටා ගත් එ්වා ද’ යන්න සළකා බැලිය යුතුය.
දින හයකින් අහස් හා පොළොව නිර්මාණය කළ පසුව (අර්ෂ්) රාජාසන-යෙහි අසුන් ගත් අල්ලාහ්මය නියතවශයෙන්ම ඔබලාගේ රබ් (පරමාධිපති) වන්නේය. ” (අල්-කුර්ආන් 7:54)
විශ්වය යනු කුමක් ද?
විශ්වයේ මිලියන 300ට වඩා වැඩි ක්ෂීරපථ (Galaxies) ඇත. එම ක්ෂීරපථ (Galaxies)) වල බිලියන 250ට වැඩි තාරකා ඇත. සූර්්යයාව මුළුමනින්ම වැසීමට නම් පෘථිවිය 330000 ගණන් එකට එකතු කර සූර්්යයාව වැසිය යුතුය.
”පොළොව සහ ඊට ඉහළෙන් අහස මැව්වේ දෙවියන් ය...’’(අල්-කුර්ආන්-20:4)”
අහස් සහ පොළොව එකට එක්ව පැවති අතර, අප එය වෙන්කර හැරියෙමු” (අල්-කුර්ආන්-21:30)”
අහස්ද මහපොළෙවද ඒ දෙක අතර ඇති සියළු දෑද සදිනකින් නිර්මාණය කළේ ඔහුමය.” (අල්-කුරආන්-25:59)
ඉර හා සඳ
”අල්ලාහ් විසින් ආකාශ 7ක් එකකට ඉහළින් අනික පවතින සේ මවා එ්වාට ඉර (ලාම්පුව) සහ සඳ (එළිය) ලබා දුන් බව නොදුටුවෙහි ද?”(අල්-කුර්ආන්-78:12-13)
තාරකා හා ග්‍රහලෝක
ලෝකයේ දැනට සොයා ගනු ලබන අතර, විශාලතම තාරකාව වනුයේ V.V. Cephei ය. පැයට කි.මී 900 වේගයෙන් යන ගුවන් යානයකින් මෙය වටා යෑමට අවුරුදු 1100ක් ගත වන්නේය.
”පහළ ආකාශය අලංකාර ආභරණ වු ග්‍රහලෝකවලින් අපි සරසා ඇත්තෙමු...” (අල්-කුර්ආන්-37:6)
කක්ෂය”රාති‍්‍ර සහ දවාලත්, සූර්්‍යයා හා චන්ද්‍රයාත් මවන ලද්දේ දෙවියන් වහන්සේ විසිනි. සූර්්‍යයා හා චන්ද්‍රයා එකිනෙකින් වෙනස් වු කක්ෂවල එ්වාට ආවේ ණික වු චලන වේගයන්ගෙන් යුතුව ගමන් කරති” (අල්-කුර්ආන්-21:33)
විශ්වයේ ප්‍රසාරණ වීම1929 එඞ්වින් හබල් නැමැති විද්‍යාඥයා විසින් විශ්වෙ-ය් ප්‍රසාරණ සොයා ගනුලැබුවේය. තරු දුරස් වීමද සොයා ගනුලැබුවේය.
”මම අසහාය බලයක් සහිතව අහස සෑදුවෙමි. තවද එය ප්‍රසාරණය කරනු ලබන්නේ ද මා විසිනි” (අල්-කුර්ආන්-51:47)
අභ්‍යවකාශ ජය ගැනීමනූතන විද්‍යාව තුළින් අත්පත්කරගන්නා ලද ජයග්රහන අතරට ”අභ්‍යවකාශ ජය ගැනීමද මෑතක එක් වී ඇත. මිනිසාගේ මුල් චන්ද්‍ර ගමන තුළින් මෙය සිදුවිය.
”එ්කාරාශී වී සිටින ජින්වරුනි, මිනිසුනි! ඔබට හැකිනම් පෘථිවී තලයෙන්, ආකාශයෙන් යම් යම් ප්‍රදේශ තරණය කරන්න. අල්ලාහ්ගේ අනුදැනුම හා අධිකාරිය රහිතව ඔබට මෙම ප්‍රදේශ තුළට එළඹිය නොහැක...”(අල්-කුර්ආන්-55:33)
අභ්‍යවකාශයේ ගමන් කිරීමට බලය ලබා දිය හැක්කේ, අභ්‍ය වකාශ චලන සම්බන්ධ නීති කි‍්‍රයාත්මක කරවන මැවුම්කරු හට පමණි. මෙම සම්පූර්ණ කුර්ආන් පරිච්ෙඡ්ද මගින් අල්ලාහ්ගේ ගුණය මිනිසාට වටහා ගත හැකිවිය.නූතන විද්‍යාවේ සොයා ගනු ලබන දේවල් මීට අවුරුදු 1400කට පෙරම අල්-කුර්ආයේ අල්ලාහ් සඳහන් කර ඇත. එය ඔහු මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමාට ලබා දුන් ”මුඃජිසාත්” හාස්කම් වේ.
මෙවැනි කරුණු මෙහිදී ඔබ හමුවේ තබන්නේ, කුර්ආනය මිනිස් පැහැදිලි කිරීමට අව්‍යාජ ලෙස අභියෝග කෙරෙන බැවින් අප ඉදිරියේ ඇති එකම විකල්පයක් පමණි. එනම්, කුර්ආනය නිසැක වශයෙන්ම දෙවියන් වහන්සේ විසින් මෙලොව පහල කරවන ලද්දක් යන්න පිළිගැනීමය.