විවාහ වන වයසේ දරුවන් සිටින දෙමව්පියනි වරදකරුවන් ඔබයි
”උඹට මගේ දේපලවලින් සතයක්වත් ලැබෙන්නේ නෑ. මගේ මරණයටවත් එන්ඩ එපා......”
මෙය සුපුරුදු වදන් පෙළකි. තම පුතු තරුණියක සමග ‘පැන’ ගිය විට බොහෝ පියවරුන්ගේ මුවිනි. මෙසේ නොවේ නම් තම පුතු හෝ දුව ‘පැන’ ගිය විට ඇති ආදරය නිසාම බැන නොවදිති. එහෙත්, කඳුළු සාගරයක වෙසෙති. මෙහි ප‍්‍රශ්නයක් ඇත. එනම් මෙයට සැබැවින්ම වගකිව යුත්තේ තම ‘හිතුවක්කාර’ පුතු හෝ දුව ද? නැතිනම් දෙමාපියන් වන ඔබම ද?වයස 13දී ම මල්වර වන ළමයෙක් වයස 18-20 වන විට උපරිම ලිංගික පරිණතියට පත්වේ. එනම්, සහකාරයෙකුගේ ඇසුර ඇඟ ඇතුළින්ම ඉල්ලා සිටියි. එ් උපරිම තී‍්‍රව‍්‍රතාවයෙනි. නමුත්, ඔබ දෙමාපියන් සිදුකරන්නේ කුමක් ද? එ් සියලූ ජීව විද්‍යාත්මක යථාර්තයන් අහකට දමා තම දරුවා විවාහ කර දෙන්නේ වයස 30ක් පැන්න පසුවය. අවාසනාවකට වයස 35 පමණ වන විට සියලූ හෝමෝන බහින කලාවයි.
ප‍්‍රජනක ශක්තිය හීනවන අවධියයි. කලකට ඉහත ප‍්‍රබෝධයේ පළවූ වෛද්‍ය රයිස්ගේ ලිපිය කට අනුව වයස 35න් පසු විවාහය මන්ද බුද්ධියක අංගවිකල දරුවක් බිහි කිරීමට ප‍්‍රධානතම හේතුවයි. කෙතරම් නින්දිතද? ඔබ අල්ලාහ්ගේ නිර්මාණයට සමච්චල් කරනවා නොවේ ද?අල්ලාහ්, ඔහු සුපිරි නිර්මාණකරුවාය. විවාහ විය යුතු වයස 30 පැන්න පසු නම්, නිකරුනේ දරුවෙකු වයස 12, 13දී වැඩිවියට පත්වීමෙන් පසු වයස 30 වන තෙක් අවුරුදු 17ක 20ක වදයක් නොදෙනු ඇත. (වදයක් ලෙස පවසනු යේ අවිවාහකව ලිංගික කි‍්‍රයාකාරිත්වයන් මැඩපවත්වා ගිනිමින් ඊමානය රැුක ගැනීම, ලොව ඇති දුෂ්කරතම කාර්යය වන නිසාය.)
අනෙක් අතට, ඉස්ලාමය තුළින් පැහැදිලිව අල්ලාහ් පවසනුයේ හැකිතාක් විවාහය කඩිනම් කරන ලෙසටය. නබි වදන් රැුසක් මෙය බල ගන්වද්දී ඉස්ලාමයේ ආදර්ශවත් තරුණයා එය කි‍්‍රයාවෙන්ම කර පෙන්වූයේය. ඔහු අලී (රලි) තුමාය. විවාහ වූයේ වයස 21ක් පමණ වන විටය. සෑම මුස්ලිම් යුවතියකට ම ආදර්ශය වන ෆාතිමා (රලි) තුමිය විවාහ වූයේ වයස 15ට ආසන්නවය.නමුත්, ඔබ දෙමාපියන් සිදු කරන්නේ මේ සියලූ අදර්ශ, අල්ලාහ්ගේ අණපනත්, ජීව විද්‍යාත්මක යථාර්තයන්....ඒ සියල්ල අභිබවා ඔබේ අභිමතයට අනුව නොඑසේ නම් ඔබේ සමාජ මතයට වහල්ව දරුවාගේ ප‍්‍රජනක ජීවිතය මුළුමනින්ම නාස්ති කර ඔහු ‘නාකි’ වු පසු විවාහ කර දීමයි.මෙහි විපාකය ඔබට නොපෙනේද? හලාල් වූ ආකාරයෙන් සහකාරිය සොයා ගන්නට ඔබ දරුවාට ඉඩ නොදුනහොත් ඇඟ ඇතුලින්ම පැන නගින අවශ්‍යතාවය ගෙදරට හොරා හෝ ඉටු කර ගැනීමට දරුවා (තරුණයා) පෙළඹේ.
එය ඔබ දැන ගන්නේ සිය තරුණ පුතු ඔබ නොකැමැති තරුණියක සමග ගිය විටය. නමුත්, එවිට දරුවාට බැන වැදී වැඩක් නැත. වැරදිකරු ඔබමය.මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා මෙලෙස පැවසුවේය.
”කිසියම් තරුණයෙකු හෝ තරුණිය නිසි වයසට එළඹ සිටිය දීත් දෙමාපියන් ඔහුව හෝ ඇයව විවාහ කර නොදෙයි නම් ඔහු කරන පව්වලින් කොටසක් එම දෙමාපියන්ට ද හිමි වන්නේය.”
ඇතැම් විට ඔබේ දරවා ඔබට ඇති ගෞරවය නිසා හෝ ඊමානයේ තීව‍්‍රතාවය නිසා එලෙස කෙල්ලෙකු සමග නොගියත්, කෙසේ නම් ඔහුගේ දෑස් ආරක්ෂා කර ගන්න ද? එ් විෂ යෙහි තරුණයන් අසරණය. මන්දයත්, දෑස් ආරක්ෂාකර ගන්න උපරිම වෙහෙසක යෙදුනද මේ සංකාර ලෝකය තුළ එය සියයට සියයක් පවිත‍්‍රව තබා ගැනීම උගහට ය.
නමුත්, ඔබගේ දරුවා වැරදි බැල්මක් හෙලන වාරයක් පාසා පව් එකතු වනුයේ ඔහුට නොවේ! ඔබටය. කෙතරම් අවාසනාවන්ත ද ඔබ?
ඔබ ඇතැම් විට මෙලෙස ගර්වයෙන් පවසනු ඇත. ”මමත් විවාහ වුණේ වයස 30දී නේ... ඇයි එහෙනම් පුතාට බැරි....?
මෙහි කරුණු දෙකක් පළමුවෙන් ඔබ, ඔබෙන් හිතට අවංකව ඇසිය යුතුය. එනම්, ඔබ කායිකව වැරදි ඇසුරක් තරුණ කාලයේදී ඇතැම් විට පවත්වා නොගත්ත ද? ඔබේ දෑස් ඔබට 100%ක් ආරක්ෂා කර ගැනීමට හැකි වුණේ ද? පිළිතුර ‘නැත’ යන්න නම් ඔබ කළ ඒ පව්වලට සමාව ලබන්නට අඩුම තරමේ ඔබගේ පුතුව වත් එම පවින් ගලවාගත යුතු නොවේ ද?ඇතැම් විට තරුණියක දෙස වරදි බැල්මක් හැළීම ඔබට එතරම් බැරෑරුම් නොවනු ඇත. නමුත්, ඇතැම් විට ඔබ වඩා වැඩි ඊමානයකි න් පෙළෙන දරුවාටය එහි වැඩිම බැරෑරුම් කම ඇත. අනෙක් අතට ඔබ එදා සිටි ලෝකයට වඩා අද අතිශයින් සංකීර්ණය.අද මෙන් එදා ගැහැණුන් අඩනිරුවතෙන් පාරේ ගියේ නැත. සිිටියත් ප‍්‍රසිද්ධියේ ආලිංගන රැගුම් පෑවේ නැත. එම දර්ශන ඇතුළත් චිත‍්‍රයට තිබුණේ නැත.
නමුත්, අද?
මේ සංකාර ලෝකය තවත් කටුක වනුයේ විශ්ව විද්‍යාලවල සිටින මුස්ලිම් තරුණ තරුණියන්ටය.ගැහැණු පිරිමි පෙම් කිරීම සරසවි සංස්කෘතිය තුළ සාමාන්‍ය දෙයකි. එයට ආචාර්යවරුන් පවා අනුබල දෙති. මා සරසවියට ගිය පළමු දින නවක අපි ගැහැණු පිරිමි ලෙස වෙන් වෙන්ව දේශන ශාලාවෙන් අසුන් ගතිමු. නමුත්, දේශකයා පැමිණි පසු ඔහු කළ පළමු කාර්යය කුමක් ද?
අප සියලූ දෙනාට අසුන්වලින් නැගිටින්නට පවසා ගැහැණු පිරිමි කවලමේ ඉඳ ගන්නට සැලැස්වීමයි.එය විශ්ව විද්‍යාල තුළ සංකාරත්වයේ සරලතම දෙයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිදසුනක් කොට තවත් කියන්නම්. එහි තැන් තැන්වල ඉඳි වූ Summr Huts එනම්, කූඩාරම් වැනි දෑය. එහි ප‍්‍රයෝජන දෙකකි. එකක් යහළු මිතුරු ආශ‍්‍රයටය. දෙවැන්න පෙම් කෙළීමටය. මන්ද, එම කුඩා කූඩාරම් තුළම ඉදි වු තවත් කුඩා කාමරයක් හෝ දෙකක් ද තිබෙන නිසාය. එපමණක් නොවේ. Lover's Lane නම් වනගත උද්‍යාන දෙකක් ද විශ්ව විද්‍යාලය සතුය. එයට ඇතුළු විය හැක්කේ Couples ලාට පමණි.
මොහොතක් සිතන්න, මුස්ලිම් විශ්ව විද්‍යාල සිසුන්ට මේවා නිතරම ඇහ ගැටෙද්දී, එ්වායින් ‘අත්දැකීම්’ ලැබ පැමිණෙන සිය මිතුරන් එවැනි දෑ පවසද්දී ඊමානය රැක ගැනී මට කෙතරම් දරුණු සටනක් දිය යුතු ද?තවත් බොහෝ දේ ලියන්නට තිබුණද ලිපියේ ගරුත්වයට හානිවේය යන බියෙන් සීමා කරමි. මෙතුළින්ම කියන්ට උත්සාහ දරන්නේ මෙයයි.
ආදරණීය දෙමාපියනි, අද තරුණ අපට ඊමානය රැුක ගැනීමට දිය යුතු සටන එදා ඔබ තරුණ අවධියේ සිටිය දී මෙන් නොවේ. දැරිය යුතු වෙහෙස ඔබට කිසිසේත් සිතා බැලිය නොහැක. මෙයිනුත් තේරුම් ගත යුත්තේ මුස්ලිම් තරුණයෙකුට සුරාවෙන් සූදුවෙන් ඇතුලූ සියලූ පව්වලින් මිදී සිටිය හැක. නමුත් පස් වේලම ඉමාම් ජමාඅතයේ යෙදෙන භක්තිමත් තරුණයෙකුට පවා ගැලවී සිටීමට අපහසුම පාපය නම් ‘ස්තී‍්‍රය’ යි. මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) තුමා සිය අවසන් දේශනයේ පැවැසූ එක් කරුණක් වූයේ ද, ලොව ඇති ‘ෆිත්නා’වලින් දරුණුතම ‘ෆිත්නාව’ ස්තී‍්‍රය යන්නයි.
මතක් වූ නිසාවෙන් මේ උදාහරණයද නොලියා සිටීමට නොහැක. එනම් විශ්ව විද්‍යාල තුළ කිසියම් සාදයක් හෝ උත්සවයක් තිබෙන විට එහි සැරසිලි ලෙසින් යොදා ගන්නේ පුම්බපු බැලූම් බෝල නොව, පුම්බපු උපන් පාලන කොපුය. අද විශ්ව විද්‍යාල මුස්ලිම් තරුණයෙකුට ඊමානය රැක ගැනීමට දිය යුතු සටන අවබෝධ කර ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍යද?
ඉතින්, ආදරණීය අම්මේ තාත්තේ, ඉස්ලාමය අංග සම්පූර්ණ බව ඇයි ඔබ අමතක කරන්නේ ද? මේ පා-පයෙන් මිදීමට ඉස්ලාමය තුළ පිළියමක් තිබනෙවා නේද? විවාහය ඇයි ඔබ තවත් කල් දමන්නේ ද?දෙමාපියන් තම දරුවන්ගේ විවාහය කල් දැමීමට ප‍්‍රධාන හේතු තුනක් ඇත,
1. අධ්‍යාපනය
2. රැකියාව
3. ආකල්ප යන තුනයි.
මුස්ලිම් තරුණයන්ගෙන් බෙහෙවින්ම අවාසනාවන්ත වනුයේ වැඩිදුර අධ්‍යාපනයේ නියැලෙන අයයි. මන්දයත්, ඔවුන් සිය විශ්ව විද්‍යාල පාඨමාලාව අවසන් වන තෙක් විවාහ කර දීමට දෙමව්පියන්ට කිසිම අදහසක් නැත. සාමාන්‍යයෙන් එලෙස පාඨමාලා අවසන් වන්නේ වයස 26-27ක් පැන්න පසුවය. නමුත්, වැඩිදුර අධ්‍යා පනයක් නොලබන තරුණයින් බොහෝ විට වයස 22න් 23න් විවාහ වන බව දෙමාපියන් නොදකින සැටිය. මෙහිදී දෙමාපියන් පවසනු ඇත්තේ විවාහයට වඩා අධ්‍යාපනයට මුල් තැන දිය යුතු බවයි. මා හට පැවැසීමට ඇත්තෙ එහි පරස්පරයයි. මන්දයත්, ඉස්ලාමය ‘පවින් මිදීම’ට මුල් තැන දෙයි. පින් රැුස්කළ යුත්තේ දෙවනුවයි. සිදුරු වු භාජනයකින් වතුර (පින්) රැස්කර පළක් නැත.
අම්මේ තාත්තේ...නමුත්, බොහෝ අය නො දකින පැත්තක් දැඩිව අවධාරණය කරනු කැමැත්තෙමි. එනම් විවාහය අධ්‍යාපනයට බාධාවක් නොව, මහඟු රුකුලකි. ඒ කෙසේ දැයි පැහැදිලි කරගැනීමට මත්තෙන් මා මෙහිදී ‘විවාහය’ යනුවෙන් අදහස් කරන්නේ එකවර නව යුවළ තනි නිවසක වාසයට පැමිණ සැණින් දරුවන් හතර පස් දෙනෙකු බිහි කිරීම නොවන බව තේරුම් ගත යුතුය.
ඉස්ලාමයට අනුව විවාහය යනු, පිරිමියා සහ ගැහැණිය එකිනෙකාට කැමති වූ පසු ගැහැණියගේ පාර්ශවයෙන් එයට අනුමැතිය ලබා ගැනීම සහ මෙවැනි එකඟතාවක් ඇති වූ බවට දෙදෙනෙකු සනාථ කිරීමයි. (සාක්ෂියට සිටීමයි) මේ හැර රෙජිස්ට‍්‍රාර් ගෙන්වා අත්සන් කිරීම හෝ සාදයක් පැවැත්වීම හෝ තනි නිවසක වාසයට පැමිණීම හෝ ලිංගික කාර්යයේ නිරත වීම හෝ අත්‍යාවශ්‍ය කරුණු නොවේ. ඉහත කී පරිදි සාක්ෂිකරු-වන් දෙදෙනෙකු ඉදිරියේ ගැහැණියගේ පාර්ශවයෙන් අනුමැතිය ලබාගත් කළ එම තරුණයාට සහ තරුණියට රිසි සේ කථා කිරීමට ආශ‍්‍රය කිරීමට කිසිදු තහනමක් නැත. එලෙසම තවදුරටත් තරුණියට ඇගේ දෙමාපියන් ගේ නිවසේ වාසය කිරීමටත් තරුණයාට ඔහුගේ නිවසේම වාසය කිරීමටත් තහනමක් ඇත්තේ ද නැත.
එනම් විශ්වවිද්‍යාල මුස්ලිම් තරුණයෙකුට මෙලෙස ‘නිකාහ්’ ගිවිසුම පමණක් සිදු කර අධ්‍යාපනය නිමා කරන තෙක් තම තමන්ගේ දෙමාපියන්ගේ නිවාස්වල ම වාසය කිරීමයි. තවත් විදිහකින් කිවහොත්, අද පවතින හරාම් වූ ,(Engagement) සම්ප‍්‍රදායේ හලාල් වූ ක‍්‍රමයයි. කෙනෙකු මෙලෙස ප‍්‍රශ්න කළ හැක. ‘එක නිවසක වාසයට නොපැමිණෙන්නේ නම් එවැනි විවාහයක් කුමකට ද? කියා ඇසිය හැක. එහි අවශ්‍යතාවය ඇත්තේ මුස්ලිම් තරුණයෙකුට හලාල් වූ ස්ති‍්‍රයක්, මෙම නිකාහ් ගිවිසුම තුළින් හිමිවන නිසා ඔහු වැරදි ඇසුරකට යෑමෙන් ආරක්ෂාව හිමිවන අතර, තම හැඟීම් සිතුම් පැතුම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීමෙන් ඊමානය රැක ගැනීමට දැරිය යුතු බව ද සැහැල්ලූ වේ.අනෙක් අතට මෙහි වාසිය ඇත්තේ එවැනි ‘නිකාහ්’ බන්ධනයක් ඇති කිරීම අධ්‍යාපන යට මහත් රුකුළක් වීමය. හේතුව තනිකඩ මුස්ලිම් තරුණයෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියැලෙන්නේ ඊමානය රැක ගැනීමට දරන්නා වූ අති විශාල පීඩ නයක් හමුවේය. කොටින්ම අධ්‍යාපනයට සාප කරමින් කවදාද විශ්ව විද්‍යාලයෙන් පිට වී විවාහ වන්නේ යන චකිතයකිනි. එනම්, සරලව ගත් කළ මුස්ලිම් තරුණයෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියැළෙන්නේ ආශාවෙන් නොව එය ‘බරක්’ ලෙස දකිමිනි.
අනෙක් අතට විශ්ව විද්‍යාල වල සිටින මුස්ලිම් නොවන තරුණ තරුණියන් 70% කට වඩා සිටින්නේ ‘Couples’ ජෝඩු ලෙස වන අතර මෙම හේතු නිසාම සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල විභාගවලින් ඉහළම ලකුණු ලබා ගන්නේ අනිවාර්යයෙන්ම මෙලෙසින් Couple වී සිටින මුස්ලිම් නොවන තරුණ තරුණි යන්ය. (විශ්ව විද්‍යාල තුළ සිටින .Couple. විවාහක ජෝඩුවකින් වෙනස් වන එකම දෙය රෙජිස්ටාර් පත‍්‍රය මත අත්සන් තබා නැති වීම පමණක් ම බව නැවත වරක් මතක් කර දිය යුතු නැතැ‘යි සිතමි.
තවත් දෙයක් නම්, මුස්ලිම් තරුණයෙකු එලෙසින් සියලූ ආශාවන් නෙරපා ගෙන සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කොට විවාහ වූ විට එක්වරම තම හැඟීම් පිට කිරීමට යාම නිසා ඔහුට ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යා පනයේ නියැළීමේ කිසිම බලාපොරොත්තුවක් නැති වේ. මුස්ලිම් සමාජයේ මූලික උපාධිය ඇත්තවුන් තරමක් සිටියද, පශ්චාත් උපාධියක් ඇති අයෙක් දකින්නට වත් නැත්තේ මේ හේතුව නිසාය.මොහොතක් සිතන්න. වයස 22න් 23න් විශ්ව විද්‍යාල තුළ සිටිය දීම ‘නිකාහ්’ කර ගත් මුස්ලිම් තරුණයෙකුට කෙතරම් නිරවුල් මනසින් සිය අධ්‍යාපනයේ නියැළිය හැකිද? මන්දයත්, ඔහුට ජීවිතයේ සිතන්නට තවත් දෙයක් නැත. ඔහුගේ සිතුම් පැතුම් බෙදාගන්නට හලාල් වූ සහකාරියක් සිටී. එනිසාම වයස 27න් එනම්, මූලික උපාධියකින් අධ්‍යාපනය කෙළවර කරන්නට කිසිඳු හේතුවක් ඔහුට නැත. එනිසා ඔහුට ඉහලම පශ්චාත් උපා ධියක් දක්වා නොඑසේ නම් ජීවිතාන්තය දක්වා ම වැඩිදුර අධ්‍යාපනයේ නියැළීමට කිසිදු බාධාවක් නැත.
දෙමාපියන්, මේ ගැන ගැඹුරින් සිතන්න.විවාහය කල් දැමෙන ඊළඟ හේතුව නම් රැකියාව සහ ආකල්පමය වශයෙන් ඇති සම්ප‍්‍රදායයි. එනම්, ගෙයක් මිලදී ගන්න තුරු හෝ වාහනයක් මිලදී ගන්නා තුරු ලෙසින් රැකියාවේ නිරත තරුණයෙකුගේ විවාහය ද කල් දැමීමයි. මෙයට කිව යුත්තේ මා මෙම ලිපිය ලියන්නේ මෙලොව සම්පත් රැස් කිරීමටවත් ඒවා ගැන උදව් අහන්නටත් ජීවත් වන තරුණයෙකු වෙනුවෙන් නොව, සියලූ ලෞකික සැප සම්පත් අත්හැර පරලොව වෙනුවෙන් ජීවත් වන තරුණයෙකුගේ ඊමානය රැක ගැනීම උදෙසාය. එවැනි ඊමානයක් ඇති තරුණයෙකුට රැුකියාවකුත් තිබියදීත් රැකියාවේ .Settle' වෙන තෙක් කියා හෝ ගෙයක් මිලදී ගන්නා තුරු කියා හෝ විවාහය කල් දමන්නේ නම් නියත වශයෙන් ම කියාමත් දිනයේ දී ඔබ දෙමාපියන් අල්ලාහ් ඉදිරියේ වැරදි කරුවන් වන්නේය. යා අල්ලාහ්, අපවත් අපගේ දෙමාපියන්වත් එම අවාසනාවන්ත තත්ත්වයෙන් ආරක්ෂා කරනු මැනවි!..