විචාර බුද්ධියට ආරාධනාවක්!
නුතන විද්‍යාව පරීක්ෂණය නිරීක්ෂණය හා නිගමනය යන ක‍්‍රමවේදයන් උපයෝගී කර ගෙන විද්‍යාත්මක සිද්ධාන්තයක් ස්ථාපිත කරගන්නා අතර, නිශ්චිත වශයෙන් ඔප්පු කර නොගන්නා යමක් සත්‍යය ලෙස පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරයි. අල්-කුර්ආනය ද මෙම විද්‍යාත්මක ආකල්පය අනුවම සිතන්නට මිනිසාව දිරිගන්වයි. පහතින් දක්වා ඇති කුර්ආන් වැකියෙන් මිනිසා සත්‍යය යැයි පවසන්නාවු කරුණු පිළිගැනීමට සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අභියෝග කරයි.
”කිතුණුවන් හෝ යුදෙව්වන් හෝ හැර (අන් කිසිවෙකුත් ස්වර්ගයට ඇතුළු නොවන බව ඔවුහු පවසති. මෙය ඔවුන්ගේ පදනම් විරහිත විශ්වාසයක් (මිස සත්‍ය නොවන්නේය) නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාක්ෂින් ගෙන එවු යැයි (නබිවරයාණෙනි) පවසවූ”. (අල්-කුර්ආන්-2:111)
එහෙයින්, ඉස්ලාමය මිනිසාගේ විචාර බුද්ධියට ගෝචර වන පරිදි, පිළිගත හැකි සාක්ෂීන් පදනම් කරගෙන ඔප්පු කළ හැකි හා ඔප්පු කරනු ලැබූ සත්‍යයන් බවට ආගමික විශ්වාසය තිබිය යුතු යැයි පවසයි.
”කව්රුන්, අල්ලාහ් සමග අන් දෙවියෙකු අයැදීද, ඔහු වෙත එයට අවශ්‍ය සාක්ෂි කිසිවක් නොමැත”.(අල්-කුර්ආන්-23:117)
අන්ධ භක්තිය ප‍්‍රතික්ෂේප කරන ලෙස මනුෂ්‍ය වර්ගයාට අල්කුර්ආනය උපදෙස් දෙයි. අප දහම් තෝරා ගෙන ඇත්තේ තමන් උපන් පවුල අනුව බව නොරහසකි. දෙමව්පියන්ගේ දහම කිසිදු විමසුමකින් තොරව පරම සත්‍යය ලෙස පිළිගෙන කටයුතු කිරීම අල්-කුර්ආනය ප‍්‍රතික්ෂේප කරයි.
”අල්ලාහ් විසින් පහළ කරන ලද අල්-කුර්ආනය වෙතද රසුල්වරයා වෙතද පැමිණෙනු යැයි ඔවුනට කියනු ලැබුවහොත්, අපගේ පියවරුන් කුමක් කෙරෙහි (අනුගමනය කරමින්) සිටියේ දැයි අප දැක්කෙමුද, එයම (අනුගමනය කිරීම) අපට ප‍්‍රමාණවත් වන්නේ යැයි කියන්නෝය. ඔවුන්ගේ පියවරුන් කිසිවක් නොදැනුවත්ව ද සෘජු මාර්ගයෙහි නොවී සිටියදී ද (ඔවුන් තමන්ගේ පියවරුන් අනුගමනය කරන්නේ).” (අල්-කුර්ආන්-5:104)
ඉහත විද්‍යාත්මක සාධක ගෙනහැර දැක්වූයේ, නුතන විද්‍යාව ඉතා මෑතකදී සොයාගත් කරුණු, අල්-කුර්ආනයට අවුරුදු 1400 කට පෙර ඇතුළත් වී තිබේ නම් නිශ්චිත වශයෙන්ම අල්-කුර්ආනය මනුෂ්‍ය බුද්ධියේ නිර්මාණයක් විය නොහැකි බවටත් එහි මූලාශ‍්‍රය සහතික වශයෙන්ම සර්වඥාධෑය එකක් විය යුතු බවටත් සනාථ කිරීමටය. කුර්ආනයේ සඳහන් විද්‍යාවට ගෝචර භෞතික කරුණු සියයට සියයක්ම නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව හා සත්‍යය බව ඔප්පු වන්නේ නම්, විද්‍යා වට ගෝචර නැති පාර භෞතික කරුණුද (මරණින් මතු ජිවිතය, නිරය, ස්වර්ගය වැනි කරුණුද) සත්‍යයන් බවට අපට පිළිගන්නට සිදු වෙනවා නොවේද?