මහරජුනි, නුඹයි විශ්වයෙ රජිඳානන්
පිටුවනීල කඳු පේලි මතින් හිරු නැග එන යාමේ,
සේද වලා පට අතුරෙන් හිරු හිනැහෙන යාමේ,
ඈත සිතිජ මායිමෙන් එ හිරු බැස යන යාමේ,
ගුණ ගයමි යා අල්ලාහ්, මා නුඹෙ ගුණ ගයමි යා අල්ලාහ්...
ගොම්මන් කලූවර සමගින් සඳු මතු වෙනා යාමේ,
තරු කැට හා ඔච්ච්ම් පාමින් සඳු බැබලෙනා යාමේ,
තුෂර බිඳිති වගුරා එ සඳු සැඟවෙනා යාමේ ,
තුති පුදමි යා අල්ලාහ් ,මා නුඹට තුති පුදමි යා අල්ලාහ්...
විහඟුන් කිති බිති නදින් ගී ගයන්නේ,
තුරු ගොමු මඳ පවනේ රිසි සේ නැලවෙන්නේ,
මුදු මල් සුවඳයි සැමතින් හමන්නේදෙවිඳුනි
මා නුඹේ මහිමයයි මේ පවසන්නේ...
හෝ හෝ ගගා රැුල්ලයි වෙරලට එන්නේ,
පෙණ පිඩු ගල් කුළුණු මතින් බිඳී විසිරෙන්නේ,
නල මුදු මුහුදු සුළං සියොලඟ පැටලෙන්නේ,
යා අල්ලාහ් නුඹයි නිර්මාපකයාණන් වන්නේ...
ඇල දොළ ගං වල මසුන් රහස් දොඩන්නේ,
වන පෙත් වල සිව්පාවුන් ඔබ මොබ සරිසරන්නේ,
රන්වන් සමනල ?න් තැන තැන රංචු ගැසෙන්නේ,
යා අල්ලාහ් නුඹටයි උන් තුති පුදන්නේ...
සැඩ හිරු රැුස් කඳ මහ පොලොව පෙලන්නේ,
වැටෙනා වැහි බිඳු පොලොවේ ගිනි නිවන්නේ,
කෙත් වතු ගොවි බිම් සරු සාරට වැඩෙන්නේ,
මහරජුනි, නුඹයි විශ්වයෙ රජිඳානන් වන්නේ...::
ෆස්නා නයීම් - ගාල්ල ::