ඔබේ මිත්‍රයා කව්රුන්ද ? නබි තුමාණන් මිත්‍රයන් පිළිබද පැවසු දේ
නබිතුමාණන් මෙසේ පැවසුවේය: ”මිනිසා තම මිත‍්‍රයාගේ මාර්ගයේ ගමන් කරයි. එබැවින්, ඔබලාගෙන් යම් කෙනෙක් තම මිත‍්‍රයා පිළිබඳව පරෙස්සම් වන්න.” (මූලාශ‍්‍ර: අබූදාවූද්, තිර්මිදී)
මිත‍්‍රත්වය යනු, මිනිස් ජීවිතයේ ඉතා සාමාන්‍ය දෙයකි. එනමුත්, මිනිසා තම ජීවිතයෙහි මුණගැසෙන්නාවූ සංදිස්ථානයන්හි සුවිශේෂී භූමිකාවක් එයට ඇත. උතුම් මිත‍්‍රත්ව මිනිස් ජීවිතය ස්වර්ගය කරා මෙහෙයවයි. නරක මිත‍්‍රත්ව අපාය කරා මෙහෙයවයි. නබිතුමාණන්, තම අනුගාමිකයින්ගේ අවධානය මිත‍්‍රත්වය කරා යොමුකිරීමේ හේතුව එයවේ.සැබවින්ම මිනිසා තම පරිසරයේ හා වටපිටාවේ බලපෑමට ලක්වෙයි. ආදරයෙන් හා සෙනහසින් සැදුම් ලත් දෙමව්පියන්ගේ ඉතා තද රැුකවරනෙ-යන් ටිකින් ටික මිදෙන දරුවා, තමන් විසින් සදා ගන්නා ප‍්‍රථම සම්බන්ධකම ලෙස මිත‍්‍රත්වය සැලකේ. පෙරපාසල් මිත‍්‍රයන්ව මුලදී හමුවති. ඉක්බිතිව පාසල, උසස් විද්‍යාලය, විශ්වවිද්‍යාලය යනාදියෙන් ඒම දරුවාගේ මිත‍්‍රත්වයේ රාමුව පුළුල්වෙයි. ගුරුවරුන්, දෙමාපියන් හා වැඩිහිටියන්ගේ කිසිම මගපෙන්වීමකින් තොරව ඔහු තම මිතුරු සම්බන්ධකම ගොඩනගාගනියි. සාමාන්‍යයෙන්, බුද්ධිය පදනම් කොට මිත‍්‍රත්වය ගොඩනැගෙන්නේ නැත. එනමුත්, හැගීම් හා බාහිර ආකර්ෂණ මිත‍්‍රත්වය සඳහා වූ සාධක ලෙස සැලකේ
කාලය ගතවනවාත් සමගම මිනි සා මිත‍්‍රත්වයෙහි බලපෑම් ස්පර්ශ කරන්නට පටන්ගනී. ඒ බලපෑම් යහපත් නම්, එයින් ඔහු සතුටුවෙයි, අයහපත් නම් මිදීමට මගක් නොදැන දුක්වෙයි. මක්නිසාද යත්, දිගුකල් මිත‍්‍රත්වය විසින් ගෙන එනු ලබන බලපෑම්වලින් මිදීම එතරම් ලෙහෙසි කරුණක් නොවේය. කෙතරම් ද කිවහොත්, තම සගයාගේ නරක පුරුදු, සිතුවිලි, ආකල්ප හා සමාජ විරෝධී කි‍්‍රයා විවේචන කිරීමට පවා ඔහු අපොහොසත්වෙයි.මිනිසා තම මිත‍්‍රයින් විසින් දරනු ලබන ආකල්ප, අදහස් හි බලපෑම්වලට ලක්වීම නොඅනුමානයි. යහපත් අදහස් දරන මිත‍්‍රයින් නම්, මොහුගේ අදහස් හා සංකල්ප යහපත් ඒවා වනු ඇත. මිත‍්‍රයින් අයහපත් අදහස් හා කි‍්‍රයා කලාපයන් දරන්නෙක් නම්, මොහුගේ අදහස් හා කි‍්‍රයාවන්ට සමානවීමට බොහෝ ඉඩකඩ ඇත. වැසි පොද හේතුවෙන් ඝන යකඩ පවා මලකඩ කෑමට ලක්වෙයි. මිත‍්‍රයින් නිසා මිනිස් ගතිගුණ වෙනස්වීම විමතියට කරු-ණක් නොවේ. අද අප විවරණයට ගත් හදීසය විග‍්‍රහ කරන්නට උත්සාහ දරන්නේ මෙවැනි අදහසක්ය.
සාමාන්‍යයෙන්, මිනිස් සමාජය තුළ විවිධ මිත‍්‍රකම් බිහිවෙයි. අධ්‍යාප-නික ජීවිතයේ පංති යහළුවන්, ගමන් බිමන්වලදී ඇතිවන යහළුකම්, වෘතිය හා ව්‍යාපාරික ජීවිතයේ දී ඇතිවන විවිධ යහළුකම් මිනිසා තම ජීවිත කාලය තුළ ගොඩනගාගනියි. මෙවන් යහළුකම්වලට ඔබ්බෙන් තම ලිංගි ක ආශාවන් සපුරා ගැනීම පිණිසත් ඇතැම් යහළුකම් බිහිවනු ඇත. පටු අරමුණු සපුරාලීම පිණිස ගොඩනගනු ලබන මිත‍්‍රකම් අද සමාජය තුළ බිහි වී තිබෙන්නාවූ සදාචාරාත්මක පරිහාණියට හා සමාජ විරෝධි කි‍්‍රයාකලාපයන්ට හේතුවී තිබේ.
උසස් පවුල්වලට අයත් තරුණයින් පවා අයහපත් මිත‍්‍රකම් නිසා සමාජයේ කුණුගොඩට ඇද වැටී ඇත.යෞවන වියේ පසුවන තරුණයන්, මිත‍්‍රකම් හි බලපෑම්වලට බොහෝ සේ ලක්වනු ඇත. දෙමාපියන්ගේ රැුකවරණයේ සිට සමාජය පිවිසෙන මොවුහු තමන්ටම කියා තමන්ගේ රුචිකත්වයට අනුව තෝරා බේරාගෙන මිත‍්‍ර සමූහයක් බිහිකරගනියි. හැඟීම්වලට පමණක් බරවූ මෙවන් මිත‍්‍රකම්, අතීතය, වර්තමානය පිළිබඳව කිසිම දැනුමක් හෝ අනාගත ඉලක්කයන් පිළිබඳව දැක්මක් හෝ අභියෝග පිළිබඳව දෙනුමක් හෝ නැතුව බිහිවන මෙවන් මිත‍්‍රකම් ජීවිතයෙහි අර්ථ ව්‍යාර්ථ කරන සුළුය .ජංගම දුරකතන සම්භාෂණයන්, එස් එම් එස් පණිවූඩ, අඳුරු කාමරවල හිඳ අසබ්‍ය චිත‍්‍රපටි නැරඹීම, වීදි කෝලාහල, මත්ද්‍රව්‍ය පාවිච්චිය හා අලෙවිය යනාදියන් මෙකල මිත‍්‍රකම් අලංකාරකරයි. යම්කෙනෙක් මෙවන් මිත‍්‍රයන් ආශ‍්‍රය කළොත් ඔහුන් මෙවන් දෙයට ඇබ්බැහි වීම ඉතා සුළුදෙයකි. එම නිසා නරක මිත‍්‍රකම්වලින් අප අල්ලාහ් දෙවිඳුන්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය.
පවිත‍්‍රවත් ධර්මයක් මත පදනම් ව මිතුදම් ගොඩනැගීම ඉතා වැදගත් කරුණකි. මෙතුලින් පමණක් යහපත් මිතුරෙක් ලබාගත හැකිවන්නේය. මිතුදම් පවිත‍්‍රවත් වන තරමට එහි යහපත් භාවයද දෙගුණ වනු ඇත. යහපත් මිතුරා සැමවිට යහපත් දේම ගෙනදෙයි. එනමුත්, නරක මිතුරා සැමවිටම අයහපත් දෙයින් තොර වෙන කිසි දෙයක් නොගෙන දෙයි. නබිතුමන්, යහපත් හා අයහපත් මිතුරන්ව සුවිශේෂී නිදසුනක් මගින් විග‍්‍රහ කළේය.
තරුණයන් තම මිත‍්‍රයන්ව ඉතා පරීක්ෂාකාරීව සොයාගත යුතු බව නබිතුමාණන් අණකර සිටියි. යම් කෙනෙක් අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය හා සතුට පිණිස පමණක් කිසියම් කෙනෙක් සමග මිත‍්‍ර සම්බන්ධකම් පැවැත්විය යුතුය. ධනය, සම්පත් හා වෙනත් පටු අරමුණු ඉලක්ක කර මිත‍්‍රකම් නොබිහිවිය යුතුය. දේව සතුට හා තෘප්තිය පමණක් අපගේ සෑම සම්බන්ධකම් හි අරමුණ විය යුතුය. මෙලොව හා පරලොව ජීවිතය සෞභාග්‍යයන් කරා මෙහෙයවන්නේ මෙවන් මිත‍්‍රකම් පමණි.
එමෙන්ම, විවාහ ජීවිතයට පිවිසීමට ආශා කරන තරුණ තරුණියන් තම ජීවිත සහකාරිය හෝ සහකාරයා තෝරාගැනීමේදීත් දේව සතුට හා තෘප්තිය පමණක් ඉලක්ක කරගත යුතුය. නබිතුමන් මෙසේ පැවසීය:
”කතක්, ඇයගේ අලංකාරය, ධනය, කුලය හා දහම්ශීළිත්වය යනාදිය සඳහා විවාහ කරගනු ලැබේ. නුඹ දහම්ශීලිත්වයෙන් පිරුණු කතක් තම සහකාරිය ලෙස තෝරාගනු මැනව. නැතහොත් නුඹ විනාශ වනු ඇත.”
විවාහයෙන් පසු අඹු සැමි ලෙස දිගු කාලීන මිතුදහමක් ගොඩනගා ගත යුතු නිසා, පටු අරමුණු මෙවන් සම්බන්ධකම්වලින් බලාපොරොත්තු නොවන ලෙස නබිතුමන් මෙහි අවධාරණය කරයි. නබිතුමන් තවත් අවස්ථාවක මෙසේ පැවසීය:
”මිනිසෙකු, තම සොහොයුරාව බැහැද-කින අදහසින් ගමන් ගත්තේය. එවිට ඔහුව ආරක්ෂා කරනු පිණිස අල්ලාහ් දෙවිඳුන් ඔහු ගමන් කරන මාර්ගයේදී දේවදුතයාව යැවුවේය. ඒ දේවදුතයා ඔහුගෙන් ”නුඹ කොහෙද යන්නේ” කියා විමසා සිටියේය. ”මෙහි වෙසෙන තම සොහොයුරාව හමුවන්නට” කියා ඔහු පිළිතුරු දුන්නේය. ”ඔහු ළඟ තිබෙන්නාවූ යම්දෙයක් ලාබෙට ගනු පිණිසද?” කියා ඒ දේවදුතයා නැවත වරක් විමසුවේය. එයට පිළිතුරු දුන් ඔහු ” සැබැවින්ම නැත. මා ඔහුව අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය වෙනුවෙන් පි‍්‍රය කළෙමි. අල්ලාහ් දෙවිඳුන් වෙනුවයි මා මෙහි ආවෙමි” කියා පැවසීය. ”මා ඔබ වෙත එවනු ලැබූ දේවදුතයක්, අල්ලාහ් වෙනුවෙන් නුඹ ඒ සොහොයුරාව පි‍්‍රය කරනවා මෙන්ම අල්ලාහ් නුඹට පි‍්‍රය කරයි” කියා ඒ දේවදුතයා පැවැසීය.” (සහීහ් මුස්ලිම්)
පවිත‍්‍රවත් ධර්මයක් මත පදනම් ව මිතුදම් ගොඩනැගීම ඉතා වැදගත් කරුණකි. මෙතුලින් පමණක් යහපත් මිතුරෙක් ලබාගත හැකිවන්නේය. මිතුදම් පවිත‍්‍රවත් වන තරමට එහි යහපත් භාවයද දෙගුණ වනු ඇත. යහපත් මිතුරා සැමවිට යහපත් දේම ගෙනදෙයි. එනමුත්, නරක මිතුරා සැමවිටම අයහපත් දෙයින් තොර වෙන කිසි දෙයක් නොගෙන දෙයි. නබිතුමන්, යහපත් හා අයහපත් මිතුරන්ව සුවිශේෂී නිදසුනක් මගින් විග‍්‍රහ කළේය.
”යහපත් මිතුරා කස්තූරි වෙළෙන්දෙකුට සමානවේ. ඔහු නුඹට කස්තුරි සුවඳ සිඹ බැලීමට අවස්ථාවක් දෙනු ඇත. නැතහොත් නුඹ ඔහුගෙන් එය මිලදී ගනු ඇත, නැතහොත් ඒ සුවඳ ඔහුගෙන් නුඹ හට පැතිරී එනු ඇත. අයහපත් මිත‍්‍රයා කම්මලක යකඩ තලන්නෙකුට සමානයි. ඔහු නුඹගේ වස්ත‍්‍රය පිළිස්සීමට ඉඩ තිබේ. නැතහොත්, ඔහුගෙන් පැතිරී එන දුර්ගඳ නිසා නුඹ පීඩාවට පත්වනු ඇත.” (බුහාරි, මුස්ලිම් )
මුස්ලිම්වරයෙක් සැම විට උසස් ගති ගුණවලින් පිරිපුන් මිතුරන්ව සෙවීම ඔහුගේ සුවිශේෂ ලක්ෂණයකි. මක්නිසාදයත්, මිතුරන් විසින් මිනිසෙකු හට, ඔහු නොදැනුවත්ව නිර්මාණයකරන්නාවූ බලපෑම් පිළිබඳව ඔහු හරි හැටි දැනුවත් වී සිටින නිසාය.අඹ යාළුවන් ලෙස ජීවත් වී ඔවුන් එකිනෙකා අතර යහමග පෙන්වීමක් හෝ අයහපත් කි‍්‍රයාවන් වලක්වාලීමක් සිදු නොවන්නේ නම්, මෙවන් මිත‍්‍රකම් පිළිබඳව අල්-කුරානය දැඩි ලෙස අවවාද කරයි.
”අහෝ දුක්මුසු කරවන මාගේ ඛේදය! අසුවල් අය මිතුරෙකු ලෙස මා තෝරා නොගත්තේ නම්” (අල්-කුර්ආන්-25:28 )
දේව විශ්වාසයට, දේව භක්තියට හා දේව තෘප්තියට පටහැනිවන සියලූ මිත‍්‍රකම්වලින් ඈත්වී ජීවත්වීම නබිතුමන් මග පෙන්වීම වේ. වරක් නබිතුමන් මෙසේ පැවැසීය:
”අල්ලාහ් වෙනුවෙන් මිතුදම් පවත්වා අල්ලාහ් වෙනුවෙන්ම වෙන්වී ගිය මිතුරන් හට විනිශ්චය දිනයේදී අල්ලාහ්, තම ”අර්ෂය” ට පහළින් සෙවණැල්ලක් ලබා දෙනු ඇත.”
එමෙන්ම, ඉස්ලාම්හි මග පෙන්වීම්වලට අණුව අපේ මිත‍්‍රකම් ගොඩනගා අල්ලාහ් දෙවිඳුන්ගේ කරුණාවට හා තෘප්තියට පාත‍්‍රවූ යහපත් පුද්ගලයන් ලෙස ජීවත්වී, යහපත් පුද්ගලයන් ලෙසින්ම අභාවයට පත්වීමට අප හට කරුණාව දක්වනමෙන් අල්ලාහ් දෙවිඳුන්ගෙන් ප‍්‍රර්ථනා කරමු.තරුණයන් තම මිත‍්‍රයන්ව ඉතා පරීක්ෂාකාරීව සොයාගත යුතු බව නබිතුමාණන් අණකර සිටියි. යම්කෙනෙක් අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය හා සතුට පිණිස පමණක් කිසියම් කෙනෙක් සමග මිත‍්‍ර සම්බන්ධකම් පැවැත්විය යුතුය. ධනය, සම්පත් හා වෙනත් පටු අරමුණු ඉලක්ක කර මිත‍්‍රකම් නොබිහිවිය යුතුය. දේව සතුට හා තෘප්තිය පමණක් අපගේ සෑම සම්බන්ධකම් හි අරමුණ විය යුතුය. මෙලොව හා පරලොව ජීවිතය සෞභාග්‍යයන් කරා මෙහෙයවන්නේ මෙවන් මිත‍්‍රකම් පමණි.