Header Ads

  • Breaking News

    සංස්කෘතික අයිතිය සුරකිමු

    ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතියක් ඇත. එය මූලික අයිතිවාසිකමකි. ඒ ඒ ආගමට ආවේණික වූ සංස්කෘතියක් ඇත. එය සංස්කෘතික අයිතියකි. ඒ අනුව ඒ ඒ ආගම ඇදහීමට ඒ ආගමට අයත් සංස්කෘතිය පිලිපැදිමට බැඳී සිටී. ඒ අනුව, එම ආගම අදහන අයට එම සංස්කෘතියට අයත් සියළුම කටයුතු කිසිම අවහිරයකින් තොරව භුක්ති විඳීමට නීතියෙන් අවසර ඇත. මෙම සංස්කෘතික අයිතිය උල්ලංඝනය කිරිමට කිසිම කෙනෙකුට අයිතියක් නැත. ඒ අනුව රටක ජිවත් වන රට වැසියන්ගේ සියලූම ආගම්වලට ගරු කළ යුතුයි.



    තමන් අදහන ආගම ඒ අයුරින්ම පිලිපැදිය යුතුයි. ඒ අනුව තමයි එම පුද්ගලයා නියම බෞද්ධ, මුස්ලිම් හෝ හින්දු භක්තිකයෙක් බවට පත්වන්නේ. පළමුව තමන්, තමන්ගේ ආගම ඇදහිය යුතුයි. ඒ අනුව,තමන්ගේ ආගම ඒ ආකාරයෙන්ම අදහන අය කවදාවත් තවත් ආගමකට හෝ එම ආගමට අයත් සංස්කෘතිය විවේචනය නොකරයි. ඒ ආගමට අයත් සංස්කෘතික දර්ශනයේ ඇඳුම් පැළඳුම් අඳින ආකාරය, කෑම බීම අනුභව කිරීම, විවාහය. පවුල් ජිවිතය අසල්වැසියන්, දරුවන් ගැන හොඳ නරක ඒ ඒ ආගමට අයත් දරුවන් පොඩි කාලයේ සිටම එම ආගමට ලැදි ප‍්‍රජාවක් වශයෙන් බිහිකි රීමේ අරමුණෙන් දහම් පාසල් යනාදිය ඇතිකර ඇත්තේ එම ආගමය අයත් සංස්කෘතික අයිතිය අනුවයි. 

    මෙහිදී එම සංස්කෘතියෙන් කියා සිටින්නේ සංස්කෘතියට අයත් හොඳ නරක පිළිපැදීම තුළින් යහපත් ආගමට ලැදි පුද්ගලයෙකු බවට පත්වීමය.මෙහිදී හොඳ දේ පමණක් කළ යුතුයි. නරක දේවල් වලින් මිදිය යුතුයි. හොඳ කියා කියන්නේ ඒ ආගම අනුමත කළ දේවල්ය. නරක කියා කියන්නේ එම ආගම අනුමත නොකරන දේය.ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ෙඡ්දයේ 10වන ව්‍යවස්ථාවෙන් මුලික අයිතිවාසිකම් වන සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යටතේ සඳහන්වී ඇත්තේ සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරිමේ හෝ පිළිගැනීමේ නිදහස ඇතුළුව සිතීමේ නිදහසට,හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික දහසට හිමිකම් ඇත්තේ කියාය. 

    බෞද්ධ රටක් වූ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ෙඡ්දයේ 9 වන ව්‍යවස්ථාවේ, බුද්ධාගම පිළිබඳ සඳහන් කර ඇත්තේ, ශී‍්‍ර ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛත්වය පිරිනමන අතර එහි 10වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ (1 වන අණු ව්‍යවස්ථාවේ (ඉ) ෙඡ්දයෙන් සියලූම ආගම්වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂාකර, බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු වන්නේය කියාය.ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, සියලූම ආගම්වලට පිරිනමන අයිතිවාසිකම් ආරක්ෂාකරදීම රජයේ වගකීමකි.මෙවන් පැහැදිලි තත්ත්වයක් තිබියදීත් අද ශ‍්‍රී ලංකාව තුළ සංස්කෘතික අයිතිය දවසින් දවස උල්ලංඝණය වෙමින් පැවතීම ඉතා කණගාටුදායක සිද්ධියකි.

    සියලූම ආගම් හා සියලූදෙනාවම එක හා සමානව සැළකිය යුතුය. මෙය මූලික අයිතිවාසිකමකි. ඔනෑම කෙනෙකුට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියක් ඇත. මෙයද මූලික අයිතිවාසිකමකි; නමුත්, මෙසේ අදහස් ප‍්‍රකාශ කිරීමේදී එය සංස්කෘතික අයිතියට පටහැනි නොවන අයුරින් අදහස් ප‍්‍රකාශ කළ යුතුය. මෙසේ පටහැනි වන අයුරින් අදහස් ප‍්‍රකාශ කිරීමේදී ගැටළුවකට, ගැටුම්කාරි තත්ත්වයට පත්විය හැක. මෙසේ ගැටුම්කාරි තත්ත්වයකට පත්වුවහොත් එය රටේ සාමයට බාධාවක් විය හැක. පුරා අවුරුදු 30ක කාලයක යුධ පරිසරයෙන් සාම පරිසරයට පා තැබූ ශ‍්‍රී ලංකාව නැවතත් සංස්කෘතික අයිතිය තේරුම් නොගත් නිසා නැවතත් රට විනාශකාරී තත්ත්වයකට ඉඩ දෙනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතු කාලය එළඹිලයි තියෙන්නේ.

    දැනට ශ‍්‍රී ලංකාවේ උද්ගතවී ඇති ගැටළුව, සංස්කෘතික අයිතිය පළිබඳව නොදැනුවත් කමයි. ඉස්ලාම් ආගමේද අනිකුත් ආගම්වලට අයත් ආකාර යෙන්ම හොඳ නරක පෙන්වා දී ඇත. මෙහිදී හොඳ කියා සඳහන් කරන්නේ ඉස්ලාම් අගමේ අනුමත වූ දේවල්ය. නරක කියා සඳහන් කරන්නේ ඉස්ලාම් ආගමේ අනුමත නොකරපු දේවල්ය. ඒ අනුව, ඉස්ලාම් ආගම අනුමත කරපු දේවල් වලට ”හලාල්” කියාත්, අනුමත නොකරපු  වල්වලට ”හරාම්” යනුවෙනුත් අරාබි භාෂාවෙන් හඳුන්වනු ලබයි. මෙය ඉස්ලාම් ධර්මයට අයත් සංස්කෘතික අයිතියකි. ශ‍්‍රී ලංකාව 1948 දී නිදහස ලැබූ කාලයේ සිට මේ දක්වා වූ කාලය තුළ සියලූම ආගම්වලට අයත් නායකයන් රටේ සංවර්ධනයටද, යුධ පරිසරයෙන් සාම පරිසරය ලබාගැනීමේ අරමුනින් සියලූම ජාතීන්ට අයත් ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ ජීවිතය පරදුවට තබමින්, මෙම යුද්ධය නිසා සියලූම ආගම්වලට අයත් බිලිවුනු ප‍්‍රජාවන්ගේ ජීවිත මගින් ද හොඳ ඉතිහාසයක් නිශ්චිතව දැනගැනීමට හැකිය. 

    මෙම යුද්ධයෙන් සංවර්ධනය අඩපනවී තිබී දැන් සංවර්ධනය වෙමින් පවතින ශී‍්‍ර ලංකාව තුළ අප සියලූදෙනාම එකමුතුව එක්සිත්ව සියලූම ආගම්වලට හා ඒ ආගම්වලට අයත් සංස්කෘතියට ගරු කරමින් සියලූ දෙනාගේ ගරුත්වය එක හා සමානව සළකමින් රටේ සංවර්ධනයට ඇපකැපවී ආසියාවේම යුද්ධ යෙන් පසු සංවර්ධනය වූ රටක් බවට ශ‍්‍රී ලංකාව පත්කරගැනීමට දායක වෙමු.

    Post Top Ad

    Post Bottom Ad