Header Ads

  • Breaking News

    බිය ගුලූ බව තුරන් කළ ජීවන මාර්ගයක්



    කෙනෙකුට තමන් බියගුල්ලෙකු බව දැනෙන්නේ  කුමන අවස්ථාවකද? ඔහු සතුව මිළ මුදල්,දේපල නොමැති වූ විට, ඔහු උසස් කුලයකට අයත් නොවන බව සිතනවිට, තමන් සතුව කිසිම බලයක් නොමැති බව තේරුම් ගන්නා විට, තමා සෙස්සන්ට වඩා හැම අතින්ම පහත් බව සිතනා විට තමා බියගුල්ලෙකු බව තීරණය කරයි.තමා වීරයෙකු බව අයෙකු තීරණය කරන්නේ කුමන අවස්ථාවකද? දේපල, පිළිගැනීම, පදවිය, කුල මහිමය වගේ කරුණු කෙනෙකු සතුව ඇති බව තීරණය කරයි. මේ කිසිවක් නැතුවත් සමහරෙකු වීරයෙකු වශයෙන් සිටී. ඔහුට මොනම කාරණයක් පිළිබඳවත් මොනම ආකාරයේ කනස්සල්ලක් හෝ බියක් නොමැත.ඉස්ලාමයේ ආගමනයට පෙර අරාබියේ ධනවත්තු,පාලකයෝ, ප‍්‍රභූවරු, පූජකවරු උසස් කුලයට අයත් වූවෝසෙසු ජනයින් බියගුල්ලන් කරමින් එම බියගුලූ බව නොකඩවා ආරක්ෂා කිරීමට තම බලය යොදාගනිමින් ජීවත්වූහ. පූජකවරු දෙවියන් පෙන්වා ජනතාව බිය ගුල්ලන් බවට පත්කරමින් යහතින් ජීවත් වූහ. 



    ඉස්ලාමය මුලින්ම කඩා බිඳ හෙළුවේ මිනිසුන් තුළ තිබූ මෙම බියගුලූ බවයි. ඉබ්රාහීම් නබිතුමා තරුණ වියේදීම ඉස්ලාමය තේරුම්ගෙන තම ජීවිතය අල්ලාහ්ගේ මාර්ගයේ පිහිටුවා ගත්තේය. තනි පුද්ගලයෙකු වූවත්, බලවත් ප‍්‍රභූවරුන්ට එරෙහි වීමේ වීරත්වය ඔහුට ලබා දුන්නේ කුමන කරුණක් ද? අල්ලාහ් කෙරෙහි තිබු නොසැලෙන විශ්වාසය ඔහු තුල එම නිර්භීත බව ඇති කලේය. ගිනි මැලයක් සාදා ඉබ්රාහීම් ඔසවා එතුලට විසි කිරීමට තැත් කල අවස්ථාවේදී ඔහු පැවසුවේ මොකක් ද?

    මා හට අල්ලාහ්ගේ ආරක්ෂාව ප‍්‍රමාණවත්ය. ඔහු හොඳම ආරක්ෂකයාය; යනුවෙන් සඳහන් කලේය. එම විශ්වාසය ගිනිමැලයේ වැටීමට තරම් වු ධෛර්්‍යයක් ඔහු තුල ඇතිකර තිබුනේය. කාත් කව්රුත් නැති වියළි කාන්තාරයක තම බිරිඳ හාජරා සහ කුඩා දරුවා ඉස්මායීල් තනි කර දමා පිටත්ව යාමට තුඩු ුදුන්නේද එම දේව විශ්වාසයයි. බිරිඳ සහ දරුවා රැුක බලාගන්නේ කව්රුන් දැයි ඔහු කල්පනා කලේ නැත. විශ්වයේ

    ආරක්ෂකයා (රබ්බුල් ආලමීන්) ආරක්ෂා කරයි යන දැඩි විශ්වාසය ඔහු තුල තිබුණි. එම නිසා කිසිම බියක්, පැකිලීමක් සැකයක් නොමැතිව ඔහු තීරණ ගත්තේය. රටේ පාලකයා වෙත ගොස් ප‍්‍රශ්න අසමින් කට උත්තර
    නැති තත්ත්වයක් ඇති කිරීමට තරම් ධෛර්්‍යයක් ඔහු තුල ජනිත කළේද එම විශ්වාසයයි. නබිනායක මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා)තුමාගේ මග පෙන්වීම යටතේ ඉස්ලාමය වැළඳ ගත් සහාබාවරුන් තුල ඇතිවී තිබු වීරත්වය දුටු එදා කුරයිෂ් කාෆිර්වරුන් (ප‍්‍රතික්ෂේප කරන්නන්) පුදුමයට
    පත්වූහ. ඉස්ලාමය වැළඳගත්තවුන්ගේ ධෛර්යය නැති කිරීමට ඕනෑම කෲරකමක් හිංසාවක් කිරීමට කුරයිෂ්වරුන් පසුභට නොවූහ. බිලාල් නැමති වහලෙක් ඉස්ලාමය වැළඳ ගත්විට ඔහුව කාන්තාර වැලි පොළොවේ තබා තලගල් පටවා පහර දීමට කටයුතු කරන ලදී. එහෙත්, බිලාල්ගේ මුවින් නිතරම පිටවූයේ අල්ලාහ් එ්කියයි යන වචනයයි. 

    සුමෙයියා තුමියට කළ හිංසාව හේතුවෙන් ඇය (ෂහීද්) මරණයට පත් වූවත් ඇය නොව තම ප‍්‍රතිපත්තිය අත හැරියේ. මුස්ලිම්වරුන්ගේ දේපල කොල්ල කෑමට කාෆිර්වරු කටයුතු කළහ. ජීවත් වූ ගෙවල්වලින් පන්නා දැමූහ. සෙසු අයගේ සම්බන්ධයෙන් ඈත් කර ආහාරපාන පවා නොදී මුර කාවල් දැමුවෝය. මොනවා කළත් කොතරම් හිරිහැර, අඩන්තේට්ටම් උසුළු විසුළු කළත් ඔවුන්ගේ විශ්වාසයෙන් අබ මල් රේණුවක තරම්වත් අඩු නොවේ.තව තවත් විශ්වාසය වැඩි විය.කුමන කාරණයක් මගින් මුස්ලිම්වරුන් බියගුල්ලන්,දීනයන් කළ හැකි දැයි කල්පනා කරමින් අළුත් අළුත් ක‍්‍රම භාවිතා කරමින් හිංසා පමුණුවීමට කුරයිෂ්වරු නිතර කටයුතු කළහ. 

    ෂුඅයිබ් (රලියල්ලාහු අන්හු) තුමා විශාල දේපලක් අයිතිව තිබුණු සහාබිවරයෙකි. ඔහු මදීනාවට හිජ්රත් යාමට
    තැත් කළ අවස්ථාවේදීත්, සියලූ දේපල මක්කාවේම තබා යන ලෙස කුරයිෂ්වරුන් බලහත්කාරකම් කළහ. එය තුට්ටුවකටවත් ගණන් නොගත් ෂුඅයිබ් තුමා හිස් අතින්ම සතුටින්ම මදීනාව  බලා ගියේය. දේපල අවශ්‍යතාවය ගැන සිතනවාට වඩා එය දමා ගසා යෑමට තරම් ධෛර්්‍යයක් ෂුඅයිබ් තුමාට ගෙන දුන්නේ ඔහුගේ විශ්වාසයයි.

    බද්ර් සටනේ සහාබාවරුන් 313 දෙනෙකු සටන සඳහා ඉදිරිපත් වූහ. කාෆිර්වරුන්ගේ පාර්ශවයේ 1000 ක් දෙනා සිටියහ. මෙතරම් විශාල සේනාවක් දුටු මුස්ලිම්වරුන් තමන් සතුව අවි ආයුධ නොමැති තත්ත්වයකදී පවා කිසිසේත් ධෛර්්‍යය අත් නොහළහ. ඔවුනට එය වීරත්වය ගෙන දුන්නේ වෙන කිසිවක් නොවේ, අල්ලාහ්ගේ ආරක්ෂාව. සටන් බිමේ මරණයට පත්වූවත් උතුම් ස්වර්ගය ලැබීමේ භාග්‍යය ඔවුනට ජය ලබා දීමට සමත් විය.

    නබිතුමාව අවනත කර ගැනීමට කාෆිර්වරු නොයෙකුත් උප්පැරවැට්ටි භාවිතා කළහ. දේපල, ලස්සන කාන්තාවන්, නායකත්ව තනතුර පෙන්වා නබිතුමාගේ ප‍්‍රචාර කටයුතු වෙනතකට හැරවීමට කාෆිර්වරු උත්සාහ දැරූහ. එවැනි අවස්ථාවලදී නබිතුමා කළ වීර ප‍්‍රකාශය ඉතිහාස පිටුවල රන් අකුරින් ලියවී ඇත.

    ”ඔබ මගේ එක් අතේ සූර්‍යයාත් අනෙක් අතේ චන්ද්‍රයාවත් ගෙනැවිත් දුන්නත් මම මාගේ කටයුතුවලින් ඈත් නොවෙමි”

    යනුවෙන් එතුමා පිළිතුරු දුන්නේය. කුරෙයිෂ්වරුන්ගේ මෙම ක‍්‍රමය සාමාන්‍ය යෙන් ඕනෑම මිනිසෙකු ආකර්ෂණය කල හැකි කරුණු බව අපි දනිමු. ධන සම්පත් හෝ දේපල, කාන්තාවන් සහ උසස් තනතුරු ඉතිහාසයේ ඕනෑම කාල පරිච්ඡෙදයක සමාජ කි‍්‍රයාකාරීන් වට්ටවීම සඳහා භාවිතා කළ තුරුම්පු බව පැහැදිලිය. මේවාට යට නොවී තම ප‍්‍රතිපත්තියේ රැුඳී සිටීමට කෙනෙකුට එඩිතරකමක් අවශ්‍යය. එම එඩිතරකම එදා
    සහාබාවරුන් තුළ ඉහළ මට්ටමෙන් තිබුණු බව අමුතුවෙන් කිව යුතු නැත.

    අද සමාජයේ පොලිය. දෑවැද්ද, බොරුව ජීවිතයෙන් තුරන් කිරීමට තරම් එඩිතරකමක් ධෛර්්‍යයක් නොමැති වීමට හේතුව විශ්වාසයේ ඇති වී තිබෙන බෙලහීනතාවයයි. වසර 50ක් තිස්සේම ඉස්රායේලයේ අඩන්තේට්ටම් ඉවසා දරාගෙන තම ප‍්‍රතිපත්තියේ සිටගෙන සටන් කිරීමේ ධෛර්්‍යය පලස්තීන
    ජනතාව තුළ තිබීම අදටත් දැකිය හැකිය. යුධ පිටියේදී සිකුරාදා ජුම්මා සලාතය මෙහෙයවූ වයෝවෘද්ධ පාලස්තීන වැසියෙකුගෙන් වරක් බී බී සී මාධ්‍ය වේදියෙක් මෙතරම් භයානක තත්ත්වයකදී පවා නැමදීම කරන්න තරම් සිතක් පහළ වූයේ කෙසේ දැයි ප‍්‍රශ්න කලේය. එයට ඔහු දුන් පිළිතුර මාධ්‍ය වේදියා ආශ්චර්යවත් කලේය. සතුරාගේ බෝම්බයෙන් අපගේ ගෙවල් දොරවල් විනාශ කල හැකිය. එහෙත්, අපගේ ඊමානයට (විශ්වාසයට) එයින් කිසිම හානියක් කල නොහැකිය යන්න ඔහුගේ පිළිතුර විය.

    අල්-කුර්ආනය අර්ථාන්චිතව හැදෑරීමේදී හා නබි නායක චරිත සංවේදීව අධ්‍යයනය කිරීමේදී ඔබටත් මටත් එම ධෛර්්‍යය ජනනය වන ු ඇත. නැමදුමෙන ් හා ඉවසෙී මන ් ප‍්‍රාර්ථනා කිරීමටත්, චිත්ත ධෛර්්‍යයෙන් යුතුව කටයුතු කිරීමටත් ඇති එකම හා බලවත් ආයුධය ඊමානයයි.

    Post Top Ad

    Post Bottom Ad