පරිසරය සුරකිමු ,ආදර්ශමත් හරිතවෙදියෙකු වෙමු
දව ස වනවිට අප ජීවත් වන ලෝකය ගැටළු ගණනාවකට මුහුණ පා සිටී. පරිසර විනාශය ඉන් එකකි. පොළොව මතුපිට අප වටා පවතින ස්වභාවික සම්පත්වලට, ඒවායින් ජීවීන්ට ලැබෙන ඵල ප‍්‍රයෝජන හා සෞන්දර්යයට සිදුවෙමින් පවතින හානිය විස්තර කළ නොහැකි තරම්ය. දැනට ඉතිරිව තිබෙන ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීමට වෙනසකින් තොරව සෑම රජයක්ම රාජ්‍යයක්ම දැඩි උත්සාහයක නිරතව සිටී. එක්සත් ජාතින්ගේ සංවිධානය ”ජගත් ජල දිනය” ආදි වශයෙන් විවිධ දින ප‍්‍රකාශයට පත්කිරීම තුළින් මෙම ප‍්‍රශ්නයේ බරපතලකම අපට තේරුම් ගත හැක.
ස්වභාවික සම්පත් ආරක්ෂා කරගැනීම රජයක් හෝ සංවිධානයක් සතු වගකීමක්ද? නොඑසේනම් සෑම මිනිසෙකුගේම පුද්ගලික වගකීමක්ද? අප විමසිය යුතු ප‍්‍රශ්නය විය යුත්තේ එයයි.
රජයක් වශයෙන් තම රටවැසියන්ගේ යහපත උදෙසා යම් වැඩ කොටසක් ඉටුකිරීම යුතුකමකි. ජාත්‍යන්තර ආයතනයක් ලෙසින් එ.ජා. සංවිධානය ලෝවැසියන්ගේ සුභසාධනය පිණිස යම් වැඩ පිළිවෙලක් සකස්කිරීමද යුතුකමකි. එහෙත්, මෙවන් වැඩසටහන් ව්‍යාපෘති වලින් අපේක්ෂිත ප‍්‍රතිඵලය ලැබෙනුයේ පොළොව මත ජීවත් වන බුද්ධිමත්ම ජීවියා වන අප; මිනිසා මෙම වැඩසටහන් වලට තම සකී‍්‍රය දායකත්වය දැක්වීමෙන් පමණි. නො එසේනම් එය යෝජනාවලියේ පිටු පිරවීමක් පමණි.
ඉස්ලාම් දහමේ මග පෙන්වීම්, තනි පුද්ගල ආකල්ප සංවර්ධනය මූලික කරගත් ක‍්‍රමවේදයකි. බුද්ධි මානසිකත්වයේ වර්ධනයකින් තොරව කිසිදු ව්‍යාපෘතියකින් අපේක්ෂිත ප‍්‍රතිඵල සාක්ෂාත් කරගත නොහැක. එය නීතියෙන් කෙවිටෙන් සාධනීය කරගැනීමටද නො හැක.
එහෙයින්, ස්වභාවික සම්පත්, ගහ කොළ ඇතුළු පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම සෑම මිනිසෙකුගේ ම පුද්ගලික යුතුකමක් බවට පත්කිරීම තුළින් අපේක්ෂිත ප‍්‍රතිඵලයට ළඟාවීම පහසුකරවයි. මෙම කි‍්‍රයාදාමයේ මූලිකත්වය දැරීම මුස්ලිම්වරයෙකු සතු සදාචාරාත්මක වගකීමකි. ඒ මන්දයත්, ඔහු ආදර්ශ විය යුතු මෙන්ම ඔහුට පූර්වාදර්ශී මග පෙන්වන්නෙකු සිටින බැවිනි.
විශ්වයටම දයාවක් වූ මුහම්මද් නබිනායකතුමාගේ ජීවිතාදර්ශයෙන් මේ බව අපට අවබෝධ කරගත හැක. අපගේ එදිනෙදා ජීවිතයේදී, එම මග පෙන්වීම් අනුගමනය කිරීම තුළින් ස්වභාවික සම්පත් නාස්තිය අවම කරගැනීමට අපගේ සකි‍්‍රය දායකත්වය සහතික කළ හැක. එහෙයින්, පහත කරුණු නැවතත් මෙනෙහි කරගනිමු.
1. මුහුණ සේදීමකදී හෝ ‘වුළුෑ’ දෝවනයේදී එක ලීටරයකට වඩා ජලය උපයෝගී නො කළ මුහම්මද් නබිනායකතුමා මෙනෙහි කර ගනිමු. එමෙන්ම, එතුමාට වඩා විශිෂ්ඨ ලෙස වුළුෑ කළ හැකි වෙනත් අයෙකු නැති බව ද සිහියේ තබා ගනිමු.
2. ඇඟ පත සෝදාගැනීමකදී හෝ ස්නානය කිරීමකදී, ජලය ලීටර තුනකට වඩා මුහම්මද් නබිනායකතුමා උපයෝගී නොකළ බව සිහියේ තබා ගනිමු. නළ ජලයෙන් ස්නානය කරනවා නම් ස්නානය සඳහා අවම වෙලාවක් මිඩංගු කිරීමටත් වගබලා ගනිමු.
3. එකල නබිනායකතුමාගේ මස්ජිදයේ තිබුණේ ලන්තෑරුම්ය. ඒවා භාවිතා වූයේද ඉතා අරපරිස්සමිනි. තවද, එකල විසූ විද්‍යාඥයින් සාහිත්‍යධරයින් පවා සඳ එළියේ ආලෝකයෙන් තම අධ්‍යාපන කටයුතුවල යෙදුන බව සිතේ තබා ගනිමින් අපගේ නිවෙස්වල දැල්වෙන විදුලි පහන් දෙස සැලකිල්ල යොමු කරමු. ඔවුන්ගේ මාර්ගය අනුගමනය කරමින් අනවශ්‍ය අමතර විදුලි පහන් නිවා දමමු. මඳ ආලෝකයේ හෝ අඳුරේ විවේකයේ වින්දනය අත්දැකීමට පුරුදුවෙමු.
4. පාරේ කැලි කසල වැටී තිබෙනු දුටුවහොත්, ඒවා ඉවත් කිරීම හෝ කසල භාජනයට දැමීම පුණ්‍ය කර්මයක් යැයි මුහම්මද් නබිනායකතුමා පෙන්වා දුන් බව මත කයට නංවා ගනිමු.
5. අළුත් ඇඳුමක් මිළදී ගන්නා විට, නබිනායකතුමාගේ භාර්යාව වූ ආයිෂා මෑණියන් ස්ථාන හැටක් පමණ පැල්ලම් මැසූ ඇඳුමක් හැඳ සිටි බව සිහිපත් කරගනිමු.
6. අනුභවයට සහ පරිභෝජනයේදී සීමාරහිත ආශාවන් දමනය කරගැනීමට නබිනායකතුමාගේ දේශනාවක් නිතර සිහිපත් කරගනිමු. ”තම අසල්වැසියා කුසගින්නේ සිටියදී තම කුස පුරවාගන්නා විශ්වාසවන්තයෙකු නොවේ” (අල්බුහාරි, මුස්ලිම්)
7. අල්ලාහ්ගේ දුතවරු බහුතරයක් (ඔවුන් වෙත ශාන්තිය වේවා) එඩේරුන් න් ලෙස පුහුණු කරවනු ලැබුවෝය. එෙඬ්රු නිතරම එළිමහනේ සැරිසැරුවෝ වූහ. එහෙයින්, ස්වභාවික පරිසරය පිළිබඳ මනා දැනුමක් ලබාගෙන එය ආරක්ෂා කරන්නන් බවට පත්වෙමු.
මෙම පෘථිවිය මිනිස් දිවියට සුදුසු ආකා රයෙන් මැවූ අල්ලාහ් දෙවියන්ට කෘතගුණවේදී විය යුතුය. ඔහුගේ අවසන් ධර්මදුත මුහම්මද් නබිනායකතුමාගේ ආදර්ශයන් අපගේ ජීවිතයේ අනුගමනය කිරීම තුළින් මෙම කෘත ගුණවේදිත්වය ප‍්‍රකාශ කළ හැකිය. එහෙයින්, ස්වභාවික සම්පත් පරි භෝජනයේදී අප සතු වගකීම නිවැරදිව ඉටුකිරීම තුළින් ලෝවැසි මිනිස් සමාජය අපේක්ෂා කරන ‘ආදර්ශමත් හරිතකාමියා’ බවට පත්වෙමු.