රමලාන් මාසයේ උදාවන උතුම් වූ ලෙයිලතුල් කදීර් රාත්‍රිය
උම්මි නබි යනුවෙන් හැඳින්වූ එතුමාට ‘නබිත්වය’ පිරිනමා ඉස්ලාම් මාර්ගෝපදේශකත්වයට පත් කෙරුනේ මේ දිනයේදීය. අල්කුරාණය පළමුවරට එතුමා වෙත පිරිනැමුවෙත් මේ දිනයේදීය. අල්කුරාණයේ 96වැනි සුරාවේ ‘ඉක්රව් බිස්මි රබ්බිකල්ලදී’ යන අධ්‍යාපනයට සම්බන්ධ මුල් වැකිය පසුකලෙකදී ඉස්ලාමයට අධ්‍යාපනය කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති කිරීමට මුල්විය. ‘ජිබ්රීල් අලෙයිසලාම් දේව දූතයා පළමු වරට කුරාණ් වැකි රැගෙන එන විට නබිතුමානෝ හීරා ගුහාවේ භාවනාවේ යෙදී සිටියේ මිනිස් වර්ගයා යහමගට යැවීමට කළ යුතු ක්‍රියාමාර්ගයන් කුමක්ද යන්න මෙනෙහි කරමින්ය. ආගමික, සාමාජික, සංස්කෘතික හා ආර්ථික වශයෙන් පිරිහි සිටි අරාබි ජනතාව යහමග යැවීමට මග පෑදුනේ ලෙයිලතුල් කදීර් දිනයේ දී ලොවට පහළ වූ ශුද්ධ වූ අල්කුරානයේ උපදෙස් බව මෙහිදී සඳහන් කළ යුතු කරුණකි.
මිනිස් අවශ්‍යතා, මිනිසාට අවශ්‍ය හික්වීම, එකිනෙකට දැක්විය යුතු ආදරය, කරුණාව, සෙනෙහස පැවැත්ම, ජීවිතේ ආරම්භය අවසානය මේ සියල්ල යහපත් ලෙස තිබිය යුතු අයුරු මිිනිස් සිත් වෙත යොමු කෙරුනේ මේ ලෙයිලතුල් කදීර් දිනයේ පහළ වූ ශුද්ධ වූ අල්කුරාණය මග පෙන්වීම හේතු කොට ගෙනය. මේ අගනා වූ රාත්‍රියේ ශ්‍රේෂ්ඨත්වය ගැන ශුද්ධ වූ අල්කුරාණයේ මෙසේ සඳහන් වී තිබේ. ‘රමලානය කෙතරම් උසස් ද කියා කිවහොත් මිනිසුන්ට මාර්ගෝපදේශකයා වශයෙන් ද, සෘජු මාර්ගය පෙන්වන්නෙකු වශයෙන් ද, ශුද්ධ වූ අල්කුරාණය පහළ වූයේ මේ මාසයේය.
එම නිසා මේ මාසයේ උපවාස කිරීමට ඔබ අතරින් කවරෙකුට හෝ අවස්ථාව ලැබුණේද එය ඉටු කරන්න. උපවාසය ආරම්භ වූ වහාම ස්වර්ගයේ දොරටු විවරවේ. නිරයේ දොරටු වැසී යයි. ‘ලෙයිලතුල්’ යන වචනයේ ශක්තිමත් වූත් ගරුකටයුතු වූත් රාත්‍රිය යන අරුත ගැබ්වී තිබේ. මෙම රාත්‍රියේ ජිබ්රීල් දේව දූතයා අල්ලාගේ අණපරිදි මේ ලොව සිදුවීමට නියමිත සියලු කටයුතු පහළ කරන බවත් සඳහන්වේ. මේ නිසා මෙය ඉරණම් රාත්‍රිය යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ශුද්ධ වූ අල්කුරාණය පහළ වීමෙන් පසු ලොවබොහෝ වෙනස්කම් සිදුවිය. අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, දිනකට පස්වරක් සලාතය ඉටුකිරීම, සකාත් නැමැති දුගී බද්ද ගෙවීම, උපවාස ශිලය රැකීම හා හජ් මෙහෙය ඉටු කිරීම වැනි ඉස්ලාමයේ කුළුණු පහ තුළින් මිනිස් සිත ගත මනස තැන්පත් විය. ඔවූහූ යහමගට යොමුවිය.
ආධ්‍යාත්මික සුවය සොයන්නට උත්සාහක් ඇතිවිය. මීට අවුරුදු 1440 කට පමණ පෙර බිහිවූ ශුද්ධ කුරාණයේ කරුණු අතීතයටත්, වර්තමානයටත් අනාගතයටත් වලංගු වන ආකාරයට නිර්මාණය වී තිබේ. එය තත්කාලීනය. මව්කුසේ සිට කබ්ර් (සොහොන) දක්වා ජීවිතය පැවැත්ම කෙසේ විය යුතුද යන්න මෙහි ඇතුළත් වි තිබේ. මෙවැනි ග්රන්ථයක් මීට පෙර කිසිවකු නිර්මාණය කර නැත. පාලන ක්‍රම, නීති පද්ධතිය, විද්‍යාත්මක පරීක්ෂණ, නව සොයා ගැනීම් වලට මග පෙන්වන කරුණු, පරිසරය සුරැකීම, මහ සමුද්‍රයේ ගවේෂණ, තාරකා ශාස්ත්‍රය, ගණිත ශාස්ත්‍රය, වර්තමාන මෙන් ම අනාගත ලෝකයටත් අවශ්‍ය තොරතුරු මෙහි සඳහන් වී තිබේ. එය අතිශයින්ම ආශ්චර්යමත් ග්රන්ථයක් බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. අතිශයින් උතුම් වූ මෙම රාත්‍රියේ අප සියලු දෙනාම කළයුතු කටයුත්තක් ඇත. එනම් පාපොච්ඡාරණය කිරීමයි.
එය ‘තව්බා’ යනුවෙන් හැඳින්වේ. දන්පින් කටයුතුවලට අමතරව මෙදින රාත්‍රියේ තව්බා කිරීමෙන් අප කළ පව්වලට සමාව ලැබේ. අප දැනුවත් හෝ නොදැනුවත්ව කළ පව්වලට සමාව ඉල්ලීම මේ දින රාත්‍රියේ සිදු කෙරෙන ප්‍රධාන කටයුත්තයි. නබි ආදම් (අෙලෙ) තුමා මහපොළොවට පහළ කළ අවස්ථාවේදී එතුමා තමා කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියේය. එවිට අල්ලාහ් ඔහුට සමාව දෙනු ලැබුවා යයි ඉතිහාසයේ සඳහන් වී තිබේ.
‘තමාට තමා විසින්ම වැරදි කරගත් මගේ අනුගාමිකයෙනි, ඔබ අල්ලාහ්ගේ දායදවලින් කළ කිරීමට පත් නොවන්න. නිශ්චය වශයෙන් ම අල්ලාහ් සියලු පව්වලට සමාව දෙන්නේය’
කුරාණයේ එසේ සඳහන් වී තිබේ. මුස්ලිම්වරුන් සියලු දෙනාම මෙදින රාත්‍රියේ ප්‍රාර්ථනාවේ යෙදෙති. අපේ ප්‍රාර්ථනාවන් සුභවාදී විය යුතුයි. අසුභවාදයෙන් මිදි යහපත් සිතින් ප්‍රාර්ථනා කරන්න යැයි මුහම්මත් නබිතුමාණන් දේශනා කර තිබේ.මෙම රාත්‍රියේ තමා කළ පව්වලට සමාව අයදීමේදී කොන්දේසි කිහිපයක් අනුගමනය කළ යුතුයි. එසේ නොවු විට ප්‍රාර්ථනාවන් ඉටු වීම අවිනිශ්චිතය. සත්‍යවූ මුස්ලිම්වරයකු ලෙසින් තමා කළ පව්වලට සමාව අයැදිය යුතුයි. මීට පෙර කළ පාපකාරි ක්‍රියාවන් ගැන පසුතැවිලි වි දුක්වීමත් නැවත එවැනි වැරදි නොකරන බවට සිතා අවංක සිතෙන් අධිෂ්ඨාන කරගැනීමත් වැදගත්ය. සිත තුළ එක් අදහසකුත් බාහිරව තවත් අදහසකුත් තබාගෙන සමාව ඉල්ලීම හෝ ප්‍රාර්ථනා කිරීම නොකළ යුතුය. එසේ කළ විට වැරදිවලට සමාව ලැබීමක් හෝ ප්‍රාර්ථනාවන් ඉටුවීමක් හෝ සිදු නොවේ.
“ආදම්ගේ දරුවනි ඔබ කරන ලද පව් අහස් කුස දක්වා ඉහළ ගියත් මගෙන් ඔබ අවංකව සමාව අයැද සිටියේ නම් මම ඔබට සමාව දෙමි.”
යනුවෙන් ශුද්ධ වූ අල්කුරාණයේ සඳහන් වී තිබේ.
මගහැරුණු උපවාස ශිලය වෙනුවෙන් කෆ්ෆාර් දීම එනම් දුගී අයට ආහාර දීම, ණය තුරුස් දීමට තිබේනම් ඒවා පියවා දැමීම, ණය ගෙවීමට අපහසු නම් තවත් කෙනෙක් ලවා එම ණය මුදල ගෙවා දැමීමට කටයුතු කරමි යයි සිතේ අධිෂ්ඨාන කරගතයුතුය. ඒ සමගම අල්ලාහ් වෙනුවෙන් මේ කටයුතු ඉටු කරමි යයි අධිෂ්ඨාන කර ගැනීම ද අවශ්‍ය වේ. එවිට ඔබගෙන් සිදුවු පව්වලට සමාව ලැබෙන අතරම ඔබේ ප්‍රාර්ථනාවන්ද ඉටු වෙනු ඇත. අතැමුන්ගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් ඉතා ඉක්මණින් ඉටුකරන බැව් පැවැසේ. හජ් ඉටු කරන්නට අධිෂ්ඨාන කරගෙන සිටින අය, අසාධාරණයට පත්වී සිටින අය, දුක් පීඩා කම්කටොලුවලට මැදිවී සිටින අය, දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දෙමව්පියන්, තම සහෝදරයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සහෝදර සහෝරයින්, රෝගී තත්ත්වයට පත්වී දුක්විඳින අය, දුර ඈත ගමන්බිමන්වල යෙදෙන මගීන්, යුක්ති ගරුක නායකයන් යන අයගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් නොවරදවාම ඉටුකරන බැව් පැවැසේ.
ලෙයිලතුල් කදීර් රාත්‍රියක මරණයට පත්වුවන්ගෙන් අවසාන දිනයේදී ප්‍රශ්න කිරීමක් සිදුවන්නේ නැතැයි කියැවේ. මහ්රිබ් සලාතය කිරිමෙන් හා ඉෂා සලාත් ජමාන් වශයෙන් (සමූහ වශයෙන්) ඉටු කිරීමෙන් එම රාත්‍රියේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙනු ඇත. මේ උතුම් වූ රාත්‍රිය හරවත් කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරමු. ‘යා අල්ලාහ් ඔබ සමාව දෙන්නෙහිය. සමාව වැඩි වැඩියෙන් ප්‍රිය කරන්නෙහිය. එම නිසා අපට සමාව දෙනු මැනවි’ යැයි නැවත නැවත අයැද සිටිමු. අප දැනුවත්ව කළ වැරදි, අප අතින් නොදැනුවත්ව සිදුවු වැරදි ගැන අප හදපත්ලෙන්ම දුක්වෙමු. මින් ඉදිරියට කිසිම දිනෙක වරදක් නොකරමු. අප කළ වැරැදිවලට අපට සමාව දෙනු මැනවි’ යැයි අල්ලාහ්ට පාපොච්ඡාරණය කරමු. මේ දිනයේ ප්‍රාර්ථනාවන් සඳහා හදවත විවෘත කළ හැක. චංචල නොවූ ඊමානයත්, ඍජු මගෙහි ස්ථිරත්වයත් ඔබගෙන් අයැද සිටිමු. සෞභාග්‍ය ඉල්ලා සිටිමු. ඔබට නැමදුම් කිරීම සඳහා වැඩි වැඩියෙන් ශක්තිය ලබා දෙන ලෙස අයැද සිටිමු.
කැළැල් නොවූ ශ්‍රේෂ්ඨ හදවතක් හා සත්‍ය කථා කිරීමේ මනස ද ඉල්ලා සිටිමු. මගේ හදවතින් වෛරය කෝපය තුරන් කරනු මැනවි. යහපත් දේ පමණක් කිරීමට මග පෙන්වනු මැනවි. යා අල්ලාහ් මගේ සිතට භක්තිය වැඩි වැඩියෙන් පිරි නමා එය ස්ථීර කරනු මැනවි. රටටත්, රටේ නායකයාටත්, රට වැසියාටත් සෞභාග්‍ය ලබා දෙනු මැනවි. මේ ආකාරයෙන් අල්ලාහ්ට ප්‍රාර්ථනා කරමින් හා තව්බා කිරිමෙන් මේ උතුම් වු රාත්‍රියෙන් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරමු.