උපවාස කාලය තුල ගෘහනියන් අවධානය යොමු කල යුතු කරුණු
ජීවත්වීම සඳහා ආහාර අත්‍යවශ්‍ය වූවද ඇතැමුන් ඕනෑවට වඩා ආහාර වළඳින අවස්ථා ඕනෑතරම් දක්නට ලැබේ. එහෙත් අතැමුන්ට කුස පිරෙන තරමටවත් ආහාර නොලැබෙන අවස්ථා එමටය. මේ තත්ත්වය සමබර කරගැනීමට උදාවූ ‘සව්මය’ නැමති උපවාස මාසය බෙහෙවින් උපකාරී වේ. පාන්දර හතරේ සිට හවස හයවන තුරු කෑම බීමවලින් මිදි එදිනෙදා කටයුතුවල යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.
පුරා පැය 14ක් නිරාහාරව සිටින විට කුස හිස්වෙයි. ශරීරයේ දියර ප්‍රමාණය අඩුවේ. සිරුරේ තෙහෙට්ටුව වැඩිවේ. ඒත් ඒ තෙහෙට්ටුවත් දරා ගෙන එදිනෙදා වැඩ කටයුතු කරමින් දුසිරිත්වලින් ද ඈත්වීමට හැකිවන්නේ ආත්ම විශ්වාසය නිසාය. සිත දමනය කර ගැනීමේ හැකියාව නිසාය. රමලාන් උපවාස ශීලයේ මහිමය එයවේ.
තෙහෙට්ටුව මග හරවා ශරීරයට ප්‍රාණවත් බවක් ලබා දීමට මුස්ලිම් කාන්තාවන් විශේෂ උනන්දුවක් දක්වති. නමුත් මේ උනන්දුව සීමාව ඉක්මවන අවස්ථාවන් ද එමටය. උපවාසය පවාරණය කරන (අත්හරින) පල්ලියේ බාංගු නාදය ඇසෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඔවුන් කෑම මේස සම්පූර්ණයෙන් සූදානම් කර අවසන් කරති. ( මෙම උපවාස පවාරණය ඉෆ්තාර් නමින් හැඳින්වේ.)එම කෑම මේස දකින විට මුස්ලිම් කාන්තාවන් තවමත් ගතානුගතික ක්‍රියාවලින් ඈත්වී නැතිබව පැහැදිලිව පෙනේ. බාංගු හඬත් සමග ඉදි ගෙඩි කිහිපයකින් හා වතුර ස්වල්පයකින් උපවාසය අවසන් කෙරේ. ඒ ක්ෂණයකින් ලොකු කිරි කැඳ කෝප්පයක් සමග පැටිස්, කට්ලට්, සමුසා වැනි කෙටි ආහාර වර්ග කීපයක්ම සූදානම් කර තිබේ. ඊට සුළු වේලාවකට පසු ඉතාමත් පැණි රස ෆලූඩා වැනි බීම වර්ගයක් අනිවාර්යයෙන් සූදානම් කර තිබෙනු පෙනේ. මහ්රිබ් සලාතය ඉටුකළ පසු ඉදි ආප්ප, රොටී, නූඩ්ල්ස්, පිට්ටු වැනි දෙයක් ආහාරයට සූදානම්ය. ඉන් මොහොතකට පසු උණු තේ හෝ කෝපි කෝප්පයක් රස විඳිමට වැඩිහිටියන් වැඩි දෙනෙක් කැමැත්තක් දක්වති. ඉන්පසු කාන්තා පිරිමි දෙපාර්ශවයම රාත්‍රී අටට පමණ මස්ජීදයේ පැවැත්වෙන ‘තරාවියා’ නැමැති විශේෂ සලාතයට සහභාගී වෙති. කාන්තා පක්ෂ සඳහා මස්ජිදයේ තිර මගින් වෙන්කර ඇති ස්ථානයක හෝ නිවසක වෙන් කර ඇති ස්ථානයක තරාවියා සලාතය ඉටු කර නිවසට පැමිණීමෙන් අනතුරුව පුඩිං වර්ගයක් හෝ වෙනයම් කෑම වර්ගයක් අනුභව කරති.
උපවාස කිරීම යනු කෑම බීම නොගෙන සිටීම වුවත් උපවාසය පවාරණයෙන් පසු මුස්ලිම් ප්‍රජාව වෙන දිනවලට වඩා ආහාර අනුභව කරන බව අකමැත්තෙන් වුවද සඳහන් කළ යුතු කරුණකි. ඉස්ලාමයෙන් පවසන්නේ මේ සව්මය කාලය තුළදී ආහාර අඩුකර ඒ කොටස දිලින්දන් වෙනුවෙන් වෙන කරන ලෙසටය. එය එසේ සිදු වෙනවාද? උපවාස ශීලය හදවත පවිත්‍ර කරන බවත් බුද්ධිය තීක්ෂණ්‍ය කරන බවත් නබිතුමාණන් දේශනා කර තිබේ. කුස පිරෙන විට හදවත නිදියන බවත් පින් කිරීමට මැලිකමක් ඇතිවන බවත් සහාබිවරයෙක් තම පුතාට දේශනා කළ බවක් ශුද්ධ වූ අල් කුරාණයේ සඳහන් වී ඇත. උපවාසය පවාරණය කිරීම සාදන කෑම වට්ටෝරුවේ සෞඛ්‍යය පැත්ත ගැන මීට වඩා සැළකිලිමත් විය යුතුය.
අතීතයේ මෙන් නොව වර්තමානයේ ආහාර ගැන බොහෝ තර්ක විතර්ක වාද විවාද පවතින බව පුවත්පත්වලින් දැකගත හැකිය. ඒ ගැනත් සැළකිලි විය යුතු අතර ආහාර තෝරා ගැනීම සමබර ලෙස විය යුතුය. පැය ගණනක් නිරාහාරව පවතින කුසට මෘදු ආහාරයක් දිය යුතුය. ඒ අදහස පෙර දැරි කරගෙන කැඳ වර්ගයක් දීම සුදුසු බවට විවාදයක් නැත. එහෙත් ඊට මුසුකරන උකු පොල්කිරි, මස්, දුම්තෙල් හි කෙතරම් අධි පෝෂණ කොටස් අඩංගුද? කැඳ සමග අනුභව කරන ‘බේකරි කෑම’ මේදය දෙගුණ තෙගුණ කරයි. සව්මය දිනවල කෑම මේසයේ පලාවර්ග කොහෙත්ම නැත. පලාවර්ග සියල්ල ඒ කාලයට මුස්ලිම් ප්‍රජාවගෙන් ඈත් වෙයි. බීම, පුඩිං වර්ග හා කෘත්‍රිම බීම, සියල්ලෙහිම අඩංගු වී ඇත්තේ සීනි බව කවුරුත් දනී. ධාන්‍ය වර්ග ද කෑම මේසයේ කොහෙත්ම දකින්නට නැත. වැඩිපුර ආහාර ගැනීමට අවශ්‍ය නැත. එහෙත් ආහාර වේල සමබළ එකක් විය යුතුය. සීනී, පිෂ්ඨය, මේදය ශරීරයේ පැවැත්මට අවශ්‍ය වුවත් එය සීමාව ඉක්මවා යනවිට ශරීරයට අහිතකර බව පැවසේ. බටහිර වෛද්‍යවරු, පෙරදිග වෛද්‍යවරු, පෝෂණවේදීන් යන අය සීනී, මේදය, පිෂ්ඨය අඩුවෙන් පාවිච්චි නොකළහොත් බොහෝ ලෙඩරෝගවලට අතවැනීමක් බව පෙන්වා දී ඇත. වර්තමානයේ දියවැඩියා රෝගීන් ඉතා බහුලය. රුධිර පීඩනයෙන් පෙලෙන අයත්, හෘදයාබාධායෙන් පෙලෙන අයත් එසේමය. උපවාස ශීලය එම රෝග වලට ඔසුවක් සේ වුවත් පවාරණයෙන් පසු ගන්නා ආහාර නම් එවැනි රෝගී තත්ත්වයෙන් පසුවන අයට කොහෙත්ම සුදුසු නැත.
විවිධ කෑම වර්ග සෑදීමට අපේ වනිතාවන් මුලුතැන් ගෙයි වැඩි පුර කාලයක් ගත කරන බැවින් ආගමික කටයුතු මඟ හැරෙන බවට චෝදනාවක් ද පවතී. වයසට යාමට පෙර තරුණ කාලයේදී උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ඉස්ලාමයේ උපදේශයක් වේ. ඒ අනුව අපට හැකි හැම අවස්ථාවක අපි අප වෙනුවෙන් යමක් කළ යුතුයි. අවාසානයට අපට ඉතිරි වන්නේ අප කළ පින් පමණි. සව්මයේ යෙදී සිටින අසරණ පිරිස් ගෙන්වා උපාවාසය පවාරණ කරන අවස්ථාවේදී ආහාර පානවලින් සංග්‍රහ කිරීමට සැලසීම ඉතා හොඳ පින් කටයුත්තකි. කාලයක පටන් එසේ සිදු කෙරෙමින් පවතියි. එහෙත් දැන් දැන් දුප්පත් අය වෙනුවට තමුන් දන්නා හඳුනන යහළු මිත්‍රාදීන් සමග ධනවත් නෑයින් ගෙන්වා ‘ඉෆ්තාර්’ කිරීමේ තත්ත්වයක් උදාවී ඇත. මේ නිසා කෑම බීම හිඟ දුප්පත් අය මග හැරී ගොස් ඇති බව සඳහන් කළ යුතුය. මේ තත්ත්වය දැන් දුරදිග ගොස් තරගයක් තරගයක් බවට පත්වී ඇත. තරුපහේ හෝටල්වල පවා දැන් දැන් ඉෆ්තාර් වැඩ සටහන් පැවැත්වේ. කෙසේ වුව ද දුර්වලතා සහ වැරැදි අවබෝධ මගහරවාගෙන මෙම පින්බර මාසය හැම අතින්ම හරවත් කිරීමට උත්සාහ කරමු.