Header Ads

  • Breaking News

    දුප්පත් වුණා කියා බිය නොවන්න

    ”ඔබලාගේ වත්කම්, වස්තූන් කිසිවක් වියදම් නොකර ඔබේ දෑත් මිට මොළවා ඔබේම ගෙල වටා තරයේ ග‍්‍රහණය කොට ගැට ගසා බැඳ තබා නොගනුව! එවන් ලෙසින් පමණක් නොව, ඔබ සන්තක සියළු දේ නිකරුනේ වියදම් කර ලබා දීමෙන් ඔබගේ අත් දිගු කරවා මුළුමනින්ම දෑත් විවර නොකරනුව! එවන් අයුරින් කි‍්‍රයා කිරීමට යාම නිසා ඔබ නින්දාවටත් අවඥාවටත් ලක්වී (කිසිවක් කර කියා ගැනී මට නොහැකිව) සිර අඩස්සියේ රඳවා තැබුවෙකුගේ අසීරුතාවයට පත්වනු ඇත.” 
    (අල්-කුර්ආන්-17:29)


    ”නියත වශයෙන්ම ඔබගේ අග‍්‍ර දෙවිඳුන් වූ පරමාධිපති අල්ලාහ්, තමන් හට රිසි පරිදි වැඩි වැඩියෙන් සපුරා පුලූල්ව ලැබෙන පරිදි ජීවිකාග‍්‍ර සම්පත්තීන් නොඅඩුව පිරිනමන්නේ ය. එමෙන්ම, තමන් හට රිසිසේ කැමැත්තවුන් සඳහා අඩු ලූහුඬුු කොට තරාතිරමකට අනුව පමණ දැන ලැබීම් සමමිතිකම සීමා කරවා පිරිනමනු ලබන්නේ ය. නියත වශයෙන්ම හෙතෙමේ ස්වකීය වහල් ගැත්තවුන්ගේ ගතිස්වාභාවය පිළිබඳව මැනවින් දැන හැඳිනගෙන සිටින්නාසේ ම ඔවුන්ගේ කල් කි‍්‍රයාවන් කෙරෙහි සියුම්ව පැහැදිලිව දැක බලාගෙනම (සැමවිටම* සිටින්නේය. එහෙයින්, එකිනෙකාගේ තරාතිරමට අනුව උචිත පරිදි (සමතුලිත මිම්මකට අනුගතව) (ජීවිතයට අවශ්‍ය සෑම දැයම) සලසා දෙනු ලබන්නේය.” 
    (අල්-කුර්ආන්-17:30)


    ”මනුෂ්‍යයනි! දිළිඳුකමට බියවී ඔබගේ දරුදැරියන්ව මරා දැමීමට උත්සුක නොවන්න. අප ආහාර පානාදි ඔබලාගේ ජීවිකා පැවැත්මට අවශ්‍ය සැම දැයම ඇතුව, සම්පත්තීන් නිසිසේ සම්පාදනය කරන්නෙමු. එලෙසින්ම, ඔබහටත් ඔබගේ ජීවිකා පැවැත්මට අවශ්‍ය සියළු ආහාරපානාදි ඇතුළු සැප සම්පත්තීන් නිසිසේ සලසා දී සම්පාදනය කරන්නෙමු. සැබැවින්ම, ඔවුන්ව (දරුවන්ව* මරා දැමීම ඉමහත් සේ දරුණු සාපරාධි ඉතා නපුරු පාපයක් වන්නේ ය.”
    (අල්-කුර්ආන්-17:31)
    ”තවද, දුරාචාරයේ අසල මායිම් සමීපයටවත් ළංවීමට පවා තැත් නොකරන්න. නියත වශයෙන්ම එය විලි ලැජ්ජා නැති නින්දාවටත් අවමානයටත් පත් කරවන අමනෝඥ දුෂ්ට කි‍්‍රයාවක් වන්නේ ය. එමෙන්ම, එය ඉතා නපුරු අගතිගාමී දුර්දාන්ත පවිටු චර්යාමාර්ගයක් වන්නේය.” (අල්-කුර්ආන්-17:32)

    වත්කම්, වස්තූන්, ධනය, සම්පත්, සැප සම්පත්තීන් යනාදි මිනිස් දිවි පැවැත්මට අවශ්‍ය සියලූ දේවල් ස්වකීය වහල් ගැත්තන් හට බෙදා දීමේදී සර්ව බලධාරි පරමාධිපති අල්ලාහ් සැමට සමාන ලෙස බෙදා නොදී ඇතැම් අයට අප‍්‍රමාණ ලෙසත් සමහරුන්ට ඉතා අධික වශයෙනුත් තවත් පිරිසකට අඩුවශයෙන්ද පිරිනමනු ලබන්නේය.

    මෙලෙසින් සම්පත් බෙදා දීමේදී අඩු වැඩි වෙනස්කම් දක්නට ලැබෙන්නේ මක්නිසාද? 
    මෙලෙසින් අසමානව සම්පත් බෙදී යන්නේ ඇයි? 

    සර්ව බලක‍්‍රමයෙන් අනුන අල්ලාහ්, කුමන හේතුවක් නිසාද මෙබඳු ආකාර යෙන් කි‍්‍රයාකර ඇත්තේ ද යන්නත් එයට පසුබිමක් ලෙසින් සකි‍්‍රයව බලපවත්නා සියුම් ඥානයේ අභිරහස මිනිසා හරිහැටි නොදනී. එබැවින්, දිව්‍ය ආනිසංසයේ ප‍්‍රතිදානයන් ලෙසින් වූ සම්පත්තීන් බෙදී ගොස් ඇති ස්වරූපය පිළිබඳව බලපවත්නා මෙම ස්වභාවික ධර්මතාවය කෘතිම කි‍්‍රයාමාර්ග මගින් නුවුවමනා ලෙසින් එයට හොට දමා හරස් කැපීමෙන් වෙනස්කම් කිරීමට මිනිසා උත්සුක නොවිය යුතුය. යථා ස්වභාවයෙන්ම බලා පවත්නා උස් මිටිකම, උසස් පහත් අඩුවැඩි/විවිධ තරාතිරමේ විෂමතාවන් කෘතිම ආකාරයේ සමානතාවයක් වශයෙන් පරිවර්තනය කිරීමත් පරමාධිපති දෙවියන් වහන්සේ වූ අල්ලාහ් විසින් පනවන ලද්දාවූ සීමා මායිම් තවත් දුර දිගට ඇදගෙන ගොස් මෙබඳු සමාජ විෂමතාවය තවත් උත්සන්න කොට අයුක්තිය, අසාධාරණය, අවනීතිය හා සාපරාධී වර්ගයන්ගේ සීමාව ඉක්මවා යාමත් යනාදි ක‍්‍රමවේදයන් දිව්‍යමය වැරදි සහගත වන්නේය. 

    සකල විශ්වයේම ජීවන පැවැත්මට අවශ්‍ය සම්පත් බෙදා හැරීම සඳහා දෙවිඳුන් විසින් නිර්නායක ලෙසින් උත්පාදනය කරන ලදී. නියමයන් හට සරිලන අයුරින් දිව්‍යම කි‍්‍රයාපිළිවෙතට ගෝචර වන ආකාරයේ සැලසුම් ක‍්‍රම සම්පා දනය කිරීම වඩාත් නිර්වද්‍ය ආර්ථික සැලැස්ම වන්නේය. එකම ජනතා සුභසිද්ධි තකා ආර්ථික ප‍්‍රවර්ධන සැලසුම් සැකසීමේදී ස්වභාවික ප‍්‍රවණතාවය ගැන අධ්‍යයන කොට එය සමගාමිවන ලෙස උචිත පරිදි සැලසුම් ක‍්‍රම සම්පාදනය සලසා ගත යුත්තේ ය. එවිට, එම ප‍්‍රස්ථාව, වැඩ පිළිවෙල දිව්‍යය මගපෙන්වීම තුළින් වඩාත් නිවැරදි මාවතට යොමු කළ හෙයින් ප‍්‍රායෝගීකව කි‍්‍රයාවට නැංවීමට සුදුසු නිවැරැුදි සැලැස්මක් වශයෙන් පෙන්වා දිය හැක්කේය.

    ශුද්ධ අල්-කුර්ආනයේ, මෙම දිව්‍යමය වදන් තුළින් සම්පත් බෙදාහැරීම පිළිබඳව යථාර්ථවාදීව තීරණාත්මකව පැහැදිළිව විග‍්‍රහ කර ඇත්තේය. මෙම හේතූන් මුල්කරගෙන මදිනා ප‍්‍රදේශයේ ඉස්ලාමීය සමාජ ක‍්‍රමය ගොඩනැගීම සඳහා ප‍්‍රතිසංස්කරණ සැලසුම් කි‍්‍රයාවට නැංවීමට උත්සුක වීමේදී ආර්ථිකය ජීවනෝපාය මාර්ග මෙන්ම තවත් එ්වාට අවශ්‍ය ක‍්‍රමවේදයත්, වෙනස්කම් හෝ විෂමතාවයත් උස් පහත් භේදයත් ප‍්‍රචලිතව පැවතීම එක්තරා විදියේ සමාජීය අගතීන් වශයෙන් සලකා එවන් සිතැඟියාවන් පන්ති බේද රහිත සමාජ ක‍්‍රමයක් ගොඩනංවාලීම සඳහා කැපවිය යුතු යැයි යන පුරුෂාර්ථයෙන් යුත් මතවාදයන් සංකල්ප චින්තන ක‍්‍රමයක් පිනි බිංදුවක් තරම්වත් අදහස් පහළ වූයේ නැත. මෙයට සමගාමී ලෙසින් මදීනා නුවර එබඳු වැරදි මතවාද හිස එසවූයේ ද නැත. එයට ප‍්‍රතිවිරුද්ධ ලෙසින් මිනිස් හැදියාව පරම පවිත‍්‍ර මූල ධර්ම මුල් කරගෙන ප‍්‍රතිශ්ටාපනය කිරීම උදෙසා අනුගමනය කරන ලද්දාවූ කි‍්‍රයාමාර්ග සර්ව සම්පූර්ණයෙන්ම යුක්තියටත් සාධාරණත්වයටත් සරිලන ලෙසින් ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවා සාර්ථකව සක්ෂාත් කර ගත හැකි අයුරින් ශක්තිමත්ව නිර්මිතවී තිබුණේය.

    මදිනාවේ ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවූ ක‍්‍රමවේදය කුමක් ද? 
    ප‍්‍රථමයෙන් ම දිව්‍ය නියතියට අනුව මනුෂ්‍යයින් අතර ආර්ථික වශයෙන් දක්නට ලැබෙ න්නාවූ විවධ වෙනස්කම් හා විෂමතා බලය යොදවා බලහත්කාරයෙන් කප්පාදු කොට සමාන මට්ටමකට ගෙන එ්මට තැත් නොකර සැබෑ මිනිස් ස්වභාවයට අනුකූල ලෙසින් එපරිද්දෙන් දිගටම පවත්වාගෙන යා යුතුවේ. එපමණක් නොව, ආර්ථික වෙනස්කම්, උස් මිටිකම් හා විෂමතා කිසියම් අයුක්තිය, අසාධාරණය, අපරාධ හා අක‍්‍රමිකතා පැතිරී යාමට හේතු සාදකව නොපිිට වන ලෙසින්ද අපමණ සංවරකම සදා චාරය, විනය, සාරධර්ම අධ්‍යාත්මික හා සංස්කෘතික ප‍්‍රතිලාභ සම්පත් වැඩිදියුණුවට පත්වී සෞභාග්‍යය ළඟා කර ගැනීම සඳහා වූ කි‍්‍රයාපිළිවෙතක් ලෙසින් ද එම වෙනස් කම් හා විෂමතා උපයෝගිතාවය ලෙසින් පලදායිතාව යොදවා ශක්තිමත්ව නිර්මාණශීලිව සංවිධානය කරමින් කි‍්‍රයා කළ යුත්තේය.

    තවත් දුරට කරුණු අවබෝධ කර ගැනීම සඳහා පැහැදිලි කරන්නේ නම්, මෙබඳු සම්පත් ප‍්‍රවර්ධනය වී ව්‍යාප්ත විය යුතු යැයි සර්ව බලධාරී පරමාධිපති දෙවිඳාණන් අදහස් කළ නිසයි මිනිස් වර්ගයා අතර මේ ආකා රයේ වෙනස්කම් විෂමතාවයන් හා උස් මිටිකම් ඇතිකර ඇත්තේ ය. මෙයට ඉහත සඳහන් කළ අයුරින් මගපෙන්වීම පදනම් කරගෙන සමාජයේ සදාචාර සංවරභාවය හැදියා චර්යාධර්ම හා දැනට බලපවත්නා නීතිරීති ප‍්‍රතිසංශෝධනය කොට වැරදි නිවැරදි කොට නිසි සේ මිනිස් සංහතියට ඵලදායිතා ලෙසින් සකස් කර ගතයුතු වන්නේය.
    :: 31 වෙනි වැකිය ::
    පවුල් සැලසුම, පුංචි පවුල යනාදි වශයෙන් එදා සිට අද දක්වා මානව ඉතිහාසයේ ප‍්‍රගමන දිගින් දිගට විවිධ කාල පරිච්ෙඡ්දවලදී නොයෙක් ස්වරූපයෙන් නානාවිධ ප‍්‍රදේශවල, රටවල්වල හඬ නගන්නාවූ ඝෝෂා තුළින් හා මතවාද මගින් තවත් අතකින් පවුල් සංවිධාන ව්‍යාපාරය මගින් සිදුකෙරෙන්නාවූ ආර්ථික සංවර්ධන සංකල්ප පදනම් කොට ගත් ප‍්‍රචාරක ව්‍යාපාර මෙම දිව්‍යමය වදන මගින් පිටු දකිනු ලබයි. දරිද්‍රතාවයට ගොදුරුවේ යන බිය සාංකාව හේතු කොටගෙනයි, පෙර කාලවකවානුවල උපන් හා නුපන් දරුවන් මරා දැමීමට මුදුන් මුලක් සේ මුල් පදනම වූයේ. එම භීතිකාව නිසාමය නූතන සමයේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා නුපන් ළදරුවන් මරා දැමීමට මුල්ම අඩිතාලම වන්නේ. වර්තමානයේ ගබ්සා නැමැති සාපරාධී තෙවැනි පිළිවෙත කරළිය පැමිණ ප‍්‍රචලිතවීමට හේතුපාදක වූයේ ද මෙම දිළිඳු භීතිකාව ය.

    එනමුදු, ඉස්ලාමික නීති ව්‍යවස්ථාවෙන් මෙම ප‍්‍රස්ථූූත විෂයාංශයෙන් මිනිස් වර්ගයාට කෙතරම් සුන්දර ලෙසින් ප‍්‍රශස්ථ ආකාරයෙන් දැනමුතුකම් ලබාදීමට ප‍්‍රතිපාදන සලසා දී ඇත්තේ දැයි සලකා බැලීම මෙහිලා උචිත වන්නේය. ආහාර අනුභව කිරීමේ ප‍්‍රමාණය සීමා කිරීම සඳහා ප‍්‍රචණ්ඩත්ව කි‍්‍රමවේදයෙන් විසඳුම් සෙවීමට නොගොස් ඵලදායි නිර්මාණශීලී සජීවි කි‍්‍රයාමාර්ග තුළින් සිය හැකියා , දක්ෂතා යොදවා ගනිමින් කැපවී කි‍්‍රයා කලයුතු වන්නේය. මේ ආකාරයෙන් අල්ලාහ් විසින් පනවන ලද ස්වභාව ධර්මානුකූල නීතිමාලා අනුව ආහාර සම්පාදනය හා සම්පත් සංවර්ධනය ප‍්‍රවර්ධන මෙන්ම සැලකිය යුතු ප‍්‍රගතියක් පැහැදිලිව පෙන්නුම් කරනු ලැබීම නිසැකය. එය සක්සුදක්සේ සනාථකරනු ඇත. මෙතුළින් මානව ශිස්ටාචාරයේ තිරසාර දියුණුවක් උදාවනු ඇත.

    ආර්ථික හේතුකාරණා මුල්කරගෙන එම ක්‍ෂේත‍්‍රයේ අහේනියක් ඇතිවේදෝ යන අස්ථාන බියෙන් මිනිසා තම වර්ගයා බෝකිරීමේ ප‍්‍රජනනකාර්‍යය අහුරා වළක්වාලීමට උත්සුක වන්නේ ය. ප‍්‍රජනන කි‍්‍රයාවලියෙන් ඈත්වීම මිනිසුන් විසින් කරනු ලබන ඉතා බරපතල වරදක් ලෙසින් ශුද්ධ වාක්‍ය තුළින් පෙන්වා දිය හැකිවන්නේය. ආහාර පානාදී ජීවන අවශ්‍යතාවයන් සපුරාලීමේ කාර්යභාර්යන් එයට උවමනා පෙර සූදානමෙන්වූ ධනාත්මක කර්තව්‍යයන් සම්පාදනය කිරීමේ ආනුභව සම්පන්න හැකියාව මිනිසාගේ දෑත්වල රැුඳී නොමැත. එය මිනි ස් වර්ගයාට මෙම මහ පොළොවේ පතිත කරවා ජීවත්කරවූ පරමාධිපති අල්ලාහ්ගේ බලගතු හස්තයේ අණසක යටතේ බලපවත්නා බව මෙම පිවිතුරු වාක්‍යය මගින් අනතුරු හඟවා අවවාද කරනු ලබන්නෙ ය. මෙයට පෙර විසු පුරාතන යුගයේ පරපුරට හෙතෙම කෙසේ ජීවිකා අවශ්‍යතා ආහාරපා නාදිය සලසා දුන්නේද, එලෙසින්ම මින්මතුවට උපදින්නාවූ පෙළපතටද සපුරා අංගසම්පූර්ණ ලෙස අහාරපා නාදිය ලබා දෙනු ලබන්නේය. ලොවේ ජනගහනය වර්ධනය කිනම් ප‍්‍රතිශතයකට ප‍්‍රවර්ධනවන්නේ ද, එයට සමාන්තර ප‍්‍රතිශත ප‍්‍රමාණයක් ද ආහාර නිෂ්පාදනය හා වෙනත් ජීවීකා අවශ්‍යතාවයන්ට සරිලන සම්පත් වර්ධනය වී ඇති බව විද්‍යාත්මක සංඛ්‍යා ලේඛන හා දත්ත සමීක්ෂණය කොට බැලීමෙන් අවබෝධවනු ඇත.

    මෙය ගැන වඩාත් දුරටත් අධ්‍යයනය කොට සංසදාණාත්මකව ලෝකයේ විවිධ රටවල ආහාර නිෂ්පාදනය හා ජන සංඛ්‍යා වර්ධ පිළිබඳව මැනවින් විශ්ලේෂණය කර බැලීමට උත්සුක වීමෙන් මෙම කරුණ ගැන සැබෑ තත්ත්වය ප‍්‍රත්‍යක්ෂව වටහා ගැනී මට ඉවහල් වනු ඇත. එහෙයින්, පරමාධිපති සර්ව සංරක්ෂකයා වූ අල්ලාහ් විසින් සම්පාදනය කරන ලද්දාවූ දිව්‍යම ප‍්‍රජනන කි‍්‍රයාවලිය කෙරෙහි මිනිසා අනවශ්‍ය ලෙසින් හොට දමා බාධා පැමිණවීමට වඩා අඥාන මෝඩකමක් තවත් නොමැති බව පැහැදිළිවනු ඇත. මිනිසා විසින් කරන ලද අමනකම් නිසා නිසිපරිදි සම්පත් බෙදී ගොස් නැත. අදත් පොළවේ සම්පත් අතිරික්තයක් ඇත්තේය.

    :: 32 වෙනි වැකිය ::

    ”දුරාචාරයේ සමීප සීමා මායිම අසලවත් ළං නොවන්න”


    මෙම අවවාදය හුදෙක් පෞද්ගලිකව එක් තැනැත්තෙකුට පමණක් නොව, මුළු මහත් මාජයටම අදාල වන්නේය. එමෙන්ම මෙම ප‍්‍රඥප්තිය පුද්ගලිකව පමණක් නොව, සමස්ථ මානව සංහතියටම යෝග්‍ය වන්නේ ය. මෙම මූල ධර්ම මුල්කරගෙන තනි පුද්ගලයන් පමණක් කාම දුරාචාරයේ නියැලීම සපුරා වැලකී සිටීමෙන් පමණක් ප‍්‍රමාණවත් නොවන්නේය. දුරාචාරයට පොළඹවන සියලූ හේතූන්, සංඥාවන්, කි‍්‍රයා කාරකම් සහමුලින්ම තුරන් කළ යුතු වන්නේය. කාමය වරදවා හැසිරෙන්නාවූ සදාචාර විරෝධී දුරාචාරයට කැඳවන සියලූ කඩතොලූ මුළුමනින්ම වසා තැබීමේ උතුම් මානව සංස්කෘතියක් ඇති කළ යුතුය. එයට මුළුමනින්ම අමනෝඥ දුරාචාරයෙන් දුරස්ථවී තැබිය යුතු වන්නේය.

    මෙම දිව්‍යම වක්‍යය ඉදිරි අනාගතයේදී පිහිටුවීමට යෝජිත ඉසලාමීය රාජ්‍ය ක‍්‍රමයේ නීති පද්ධතියට මූලික වගන්තියක් අඩංගු කරන ලද්දේය. එ් අනුව සමස්ථ ජන සමාජයම කෙබඳු ලෙසින් කි‍්‍රයා කල යුත්තේ ද යත්, සාමුහික දිවි පැවැත්මේදී දුරාචාරය එයට මුල්වන පෙළඹීම් හේතුකාරක, සම්පූර්ණයෙන්ම සහමුලින්ම උගුල්වා දැමිය යුත්තේ ය. මෙය සඳහා මෙම ශුද්ධ කුර්ආන් දිව්‍යම භාෂිතය පදනම් කරගෙන නීති සම්පාදනය කළ යුතුවන්නේ ය. එමෙන්ම අධ්‍යා පන යෙන් දැනුවත් කොට පුහුණුව ලබාදී අධ්‍යාත්මිකව ප‍්‍රගුණ කරවා එයට සුදුසු ක‍්‍රමවේදය අනුගමනය කොට මුළු මහත් සමාජයම නිවැරදි මාවතකට යොමු කරවා සාමුහික ජන ජීවිතය හැඩගස්වා වෙනත් කි‍්‍රයා මාර්ග තුළින් දුරාචාරයේ දුගන්ධය අකා මකා තුරන් කිරීමට පියවර ගතයුතුයි. එයට අවශ්‍ය සියලූ පූර්වාදර්ශ මුහම්මද් නබි (ඔහුට අල්ලාහ්ගේ ශාන්තිය සාමය අත්වේවා* තුමා තුළින් විනිවිද ලෙසින් ප‍්‍රායෝගිකව සැබෑ දිවියේ මග පෙන්වා දී ඇත්තේ ය. එදා අරාබි දේශය පුරා දුරාචාරයේ සියලූ සංඥාවන් නැතිකොට පෙන්වූහ.

    මෙම දිව්‍ය භාෂිත ඔවදන් මුල්කරගෙන පසුකාලීනව ඉස්ලාමීය අංග සම්පූර්ණ ජීවන ක‍්‍රමයේ සමාජ සංයුතියේ ඓතිහාසික සුවිශාල වෙනසක් ඇති කිරීමට තරම් බලගතු සංවේදී සකි‍්‍රයශීලී බලවේගයක් වූයේ ය. ජීවිතයේ සෑම පියවරකටම නිවැරදි විසඳුම් පැහැදිලි නිවැරදි මාර්ග පෙන්වා දී ඇත්තේ ය. ඉස්ලාමික නීති රීති මගින් ඉදිරිපත් කරන ලද උදාර අරමුණු පදනම් කොට ගෙන

    දුරාචාරයේ යෙදීමත් දුරාචාර පාප යෙහි නිරතවූ බවට චෝදනා කිරීමත් සාපරාධී දඬුවම් ලැබිය යුතු බරපතල වරදක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලද්දේය. එයට අනුබල හා අනුග‍්‍රහය දක්වන්නාවූ සියලූ කි‍්‍රයාකාරකම් තුරන් කොට අබමල් රේණුවක තරම්වත් පිවිසුම් අවස්ථාවන් නැති කරන ලද්දේ ය. දෛනික ජීවිත ශෛලියට හානි නොවන පරිදි ස්තී‍්‍රන් සඳහා හිජාබ් හෝ ෆර්දා නැමති සුවිශේෂි විනය නීති සංග‍්‍රහයක් පනවන ලද්දේ ය. මෙය තුළින් මිනිස් වර්ගයාගේ ප‍්‍රගමනය උදෙසා සාරධර්ම සදාචාරය හා සංවරකම සුරක්ෂිත කිරීම ඉතා උතුම් පුරුෂාර්ථයක් ලෙසත් හුවා දක්වන ලද්දේ ය. මෙලොව අසභ්‍ය දේවල් ප‍්‍රචලිත කිරීම හා දුෂමාන අශෝභන කි‍්‍රයාකාරකම් මුළුමනින්ම තහනම් කරන ලද්දේය. දුරාචාරයේ එකට බැඳුනු ඉතා කිට්ටුම නෑදෑයින් ලෙස සැලකෙන සුරාව, මත්ද්‍රව්‍ය, පහත් සංගීතය, නර්තනය, නිරුවත් චිත‍්‍ර කලාව, මින් ප‍්‍රකට චිත‍්‍රපට යනාදියට මුල්වන සියලූ මාර්ගවලට තහංචි පනවන ලද්දේය.

    දිව්‍යම භාෂිතයවූ ශුද්ධ අල්-කුර්ආනයේ පැනවූ සමාජීය පවුල් නීතිය වඩාත් සරලව ජීවමානව ප‍්‍රායෝගිකව කි‍්‍රයාකරවීමට තරම් පසු කරවන ලද්දේය. සමාජයේ ගැහැණු පිරිමි සැමට පහසුවෙන් විවාහ වීමට හැකිවන පරිදි පරිසරය අවාහ විවාහ නීති රීති නියෝග මගින් සරල සුමගකරවන ලද්දේ ය. මෙම හේතුව නිසා විවාහයට ඇතුලත්වීමේ මාර්ගය ඉතාම පහසු ආරක්ෂාභාවයක් සලසා දෙනු ලැබීය. එමෙන්ම, එයට සමගාමීව දුරාචාරයේ මාර්ගය අතිශයින් දුෂ්කර එකක් බවට පත්වූයේ ය. දුරාචාරයට විවෘත විය හැකි සියලූ හිඩැස් වසා දමා තහංචි පනවන ලද්දේය. අවසාන වශ යෙන් දුරාචාරයට අනුබල දෙන්නාවූ සියලූ විෂබීජ සමාජීය හේතුකාරණා සහමුලින්ම සුනුවිසුණු කරනු ලැබීය. එය තුලින් පී‍්‍ර‍්‍රතිමත් පවුලක් හා සදාචාර සම්පන්න විනයානුකූල සෞභාග්‍යමත් සමාජයක් බිහිකිරීමට සජීවි ලෙසින් හැකි වූයේය. එමෙන්ම, උදාර මිනිස් ගුණංග පරිපූර්ණ නායකත්වය යටතේ යුක්ති නීතිය ඇති කළ හැකි වූයේය.

    Post Top Ad

    Post Bottom Ad