මනෝ උපදේශක වශයෙන් නබි තුමාණෝ
අබූ උමාමා රළියල්ලාහු අන්හු තුමා වාර්තා කරයි: එක්තරා තරුණයෙක් නබි ( එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමා වෙත පැමිණ,”අල්ලාහ්ගේ
දුතයනෙනි ! දුරාචාරයේ නියැලීමට මාහට අවසර දෙනු මැනව”. යැයි විමසා සිටියේය. එසැණින්ම, එහි රැුස්ව සිටි පිරිස ”ඇති ඇති නවත්තගන්න”
යැයි තරයේ හෙළා දැක ඔහුව වැලකූහ. එවිට, නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ ”ඔහුට මා වෙත සමීපව පැමිණෙන ලෙස පවසන්න” යැයි ප‍්‍රකාශ කළහ.
එසැණින්ම, ඔහු නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමා වෙත සමීපවිය. එවිට ”අසුන්ගන්න” යැයි නබිතුමාණෝ පැවසූහ. එසැණින්ම, ඔහු අසුන් ගත්තේය. පසුව, නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා* තුමාණෝ ”නුඹගේ මව සමඟ දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි විචාළේය.”ඇත්තවශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකමැත්තෙමි. කිසිදු පුද්ගලයෙකු තම මව සමඟ එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය.
”නුඹගේ ගැහැණු දරුවන් සමඟ දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ. ”ඇත්තවශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි. කිසිදු පුද්ගලයෙකු තම දියණියන් සමඟ එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය. ”නුඹගේ සහෝදරියන් සමඟ දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි රසූල් (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා* තුමාණෝ විමසූහ. ”ඇත්තවශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි. කිසිදු පුද්ගලයෙකු තම සහෝදරියන් සමඟ එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය.
”නුබගේ පියාගේ සහෝදරියන් සමඟ දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ. ”ඇත්තවශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි. කිසිදු පුද්ගලයෙකු තම පියාගේ සහෝ දරියන් සමඟ එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වේ” යැයි එම තරුණයා පැවසුවේය. ”නුඹගේ මවගේ සහෝදරියන් සමඟ දුරාචාරයේ නියැලීමට කැමතිද?” යැයි නබිතුමාණෝ විමසූහ. ”ඇත්තවශයෙන්ම අල්ලාහ් මත දිවුරා මම එසේ කිරීමට අකැමත්තෙමි. කිසිදු පුද්ගලයෙකු තම මවගේ සහෝදරියන් සමඟ එසේ දුරාචාරයේ නියැලීමට අකැමති වෙති” යැයි එම තරුණයා පැවසුවේය. එවිට නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ ඔහු මත දෑත තබා ”යා අල්ලාහ්! මොහුගේ පාපයන් ක්ෂමා කරනු මැන; මොහුගේ සිත පවිත‍්‍ර කරනු මැන; මොහුගේ පතිවත ආරක්ෂා කරනු මැන”යැයි ප‍්‍රාර්ථනා කළේය. ඉන්පසු එම තරුණයා දුරාචාරය දෙස හැරී බැලූවේ වත් නැත.
(ග‍්‍රන්ථය: මුස්නද් අහ්මද්)
මෙය හුදෙක් සහාබාවරයෙකු සඳහා වූ ආගමික උපදේශයක් නොව, එතුමා පැවසූ මනෝ උපදේශනයක් වේ.
තාරුණ්‍යයේ වසන්තය ඉස්මතු වන වකවානුවේ තම හැඟීම් උද්වීපනය වීමේ වේගය පාලනය කරගැනීමට නොහැකිව නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමා අබියස දුරාචාරයේ නියැලීම සඳහා අනුමැතිය කෙනෙකු ඉල්ලා සිටියි. මෙය අශීලාචාර, විනය විරොධී කි‍්‍රයාවක් යැයි සලකනු ලැබ ඔහු හෙලා දකි නු ලබයි. නමුත්, නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා* තුමා වෙනත් ස්ථාවරයක සිට, ඔහුව රෝගියෙකු ලෙස සලකා බලපෑමට ලක් වූ ඔහුගේ සිතට ප‍්‍රතිකාර කිරීම සඳහා මැදිහත් ව තැලී පොඩි වී ගියා වූ සිත ක‍්‍රමක‍්‍රමයෙන් ගොඩ නගුවේය. වර්තමාන ලෝකයේ ”මනෝ උපදේශනය” යැයි සලකනු ලබන්නේ මෙයමය.
රෝගයකින් සිරුර බලපෑමකට ලක්වන්නා සේ සිත ද බලපෑමකට ලක් වේ. රෝගාතුර වූ සිත කම්පන චිකිත්සාවෙන් සුවකළ නොහැක. දැඩි ක‍්‍රියාමාර්ග හා බලකිරීම් වැනි නුසුදුසු ක‍්‍රම තුළින් මෙම කටයුත්තේ දී කිසිදු ඵලක් නොවෙයි. නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ, එම සහාබිවරයාට තම සමීපයට පැමිණෙන ලෙස ඉතා ආදරයෙන් ආරාධනා කළේ එමනි සාය. වෛද්‍යවරයෙකු රෝගියාව තමා අසළ වාඩි කරවා විමසන්නා සේ නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ එම සහාබිවරයාගෙන් තාර්කික ලෙස, විවාහ වීමට තහනම් කරන ලද මහ්රම් වූ ඥාතීත්වයන් එකිනෙක ඔහුට සිහිපත් කර දුන්හ.
මෙවැනි ඥාති ස්ත‍්‍රීන් සමඟ දුරාචාරයේ යෙදීමට මිනිස් ස්වභාවය කිසිවිටෙකත් ප‍්‍රිය නෙකරන්නේය යන සාධාරණ පිළිතුර ඔහුගේ මුවින්ම පවසන්නට සලස්වා තැලී පොඩි වී ගිය සිත නැවත ගොඩ නැගූහ.
තාක්ෂණයේ සීඝ‍්‍ර දියුණුවත් සමඟ නූතන ලෝකයේ පොදුවේ මිනිස්සු මානසික පීඩනයකින් ජීවත් වෙමින් සිටිති. ක්ෂණික මුදල් ඉපැයිම, පේ‍්‍රම සබඳතා බිඳී යෑම වැනි විවිධ කාරණා හේතුකොට ගෙන මානසික ආතතියෙන් මිනිස්සු මානසික රෝගී හු බවට පත්වෙමින් සිටිති. සැමවිටම ආතතිය (එැබිසදබ* සමඟම කාලය ගතකරන පවුල් අප සමාජයේ ති බෙණු අපට දැකගත හැකිය. එහි සැනසිලිමත් ජීවිතයක් වෙනුවට පීඩා කාරී ජීවිතයක් දකිනු ලැබේ. පවුල් ජීවිතයක් ගත කිරීමට නොගැලපෙන දෙදෙනෙක්ව සරණ පාවා දී කෙසේ හෝ ජීවත් විය යුතුමය යන නියම යෙන් දෙලොවක ජීවත්වන සැමියාගෙන් හෝ භාර්යාවගෙන් පවුලට සතුටක් සැනසිල්ලක් අත්වේ ද?
මෙවැනි පවුල්වල මානසික පීඩනය උග‍්‍ර වනු නොඅනුමානය. එම හේතුවෙන් අවසානයේ, දෙවියන් ප‍්‍රියනොකරන එනමුත්, අනුමත කරන ලද දික්කසා දයම තීරණය බවට පත් වේ. මෙනිසා දරුවන්ගේ දීප්තිමත් අනාගත ජීවිත යම අඳුරෙන් වෙලී යයි.
සමාජයේ කොඳුනාරටිය ලෙස ප‍්‍රශංසාවෙන් කතා කරනු ලබන තරුණ පරපුර වර්තමානයේ බොහෝ මානසික ගැටළුවලින් පීඩා විඳිති. ඔවුන්ගේ සිත්තැවුල නිසා ඔවුන්ගේ ජීවිතය සුනුවිසුනු වී යයි. දෙමාපියන්ගේ වැරැුදි හා නුසුදුසු මගපෙන්වීම් නිසා හැදීවැඩෙන බාල පරපුර විනාශ වී යයි. මෙම කාල වකවානුවේ දී ශරීරයේ වෙනස්කම් ඇතිවන්නා සේම චින්තනයේ ද, හැඟීම් වලද, හැසි රීම්වල ද සුවිශාල වෙනසක් සිදුවන බව හඳුනාගත නොහැකි තත්ත්වයෙන් ජීවත්වන දෙමාපියන්ගේ පීඩනකාරී, වෛරී ක‍්‍රියා පටිපාටීන් නිසා ඇතිවන අහිතකර බලපෑම් අසීමිතය.
ටීන් ඒජ් නැමති යොවුන් වියට පත් තම පුතා ව, දුව ව, කුඩා දරුවෙකු සේ සලකා හැසිරවීමට යෑමෙන් සමාජගත කරනුයේ කලහකාරී පුද්ගලයෙකි. තවද, පුතෙකු තම මානසික ආතතිය, මානසික පීඩනය හා තම අපේක්‍ෂාවන් දිගහැරීමට සුදුසු ස්ථානය තම පවුල නොවේ යන තීරණයට එළඹෙන හෙයින් ඔහු ඒවා තම මිතුරන් ඉදිරියේ දිගහැර මානසික සැනසුමක් ලැබීමට උත්සාහ දරයි. තම දෙමාපියන් තමාට අමතර බරක් යන තීරණයට පැමිණෙයි. එබැවින්, මෙම පුතාගේ ජීවිතය තීරණය කරනුයේ දෙමාපියන් නොව, මගතොට ඇසුරු කරන්නෝය.
පවුල තුළ දී තම මානසිකත්වය ගොඩනගා ගැනීමට අසමත් වූ දරුවා පාසල් පරිශ‍්‍රයේදී අසමත් වනු ඇත. පංතිකාමරය තොරතුරුගා රයක් බවට පමණක් සීමා වී ඇත. ගුරු සිසු සබඳතාවය බොහෝ දුරට පළුදු වී ඇත. වැඩෙන තරුණ වියේ ස්වභාවික හැඟීම් තේරුම්ගෙන ඉගැන්වීම් කටයුතු සිදුනොවේ. සිසූහූ විභාගයට පමණක් සූදානම් කරනු ලබති. ඔවුන්ගේ ආත්මය, චින්තනය, සදාචාර හැසිරීම් සම්බන්ධ යෙන් නුසුදුසු තොරතුරු හුවමාරු වන ස්ථානයක් බවට පංති කාමර පරිසරය වෙනස් වී ඇත. එමනිසා පාසලෙන් යහපත් පුරවැසියන් බිහිවනු වෙනුවට ලෞකිකවාදීහූ, කෝලාහල කරන්නන්, මඟ තොටේ රණ්ඩු සරුවල් ඇති කරගන්නන් බිහි කරනු ලබති. පසුව මෙම සිසූහු ගුරුවරුන් හා වැඩිහිටියන් විසින් දැඩි ලෙස විවේචන යට ලක්කරණු ලබති. නව යොවුන් වියේ පසුවන්නන් ගත් කල මෙය මහත් අසරණ හා කණගාටුදායක තත්ත්වයකි.
මෙලෙස සමාජයේ මානසික පීඩනයට ලක් ව ජීවත්වන්නන් වෙනුවෙන් මනෝ උපදෙස්, කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. පවුල් වෛද්‍යවරයෙකු සිටිනා සේ බලපෑමට ලක් වූ සියලූම පවුල්වල මනෝ උපදේශකවරයෙකු සිටිය යුතුය. මානසික ආතතියට ලක් වන සෑම තරුණයෙක්ම, තරුණියක්ම තමාටම කියා මනෝ උපදේශකවරයෙකු උපදේශිකාවක, සහයකයෙකු ලෙස තබා ගැනීම අවශ්‍යය.
මනෝ උපදේශනය අද පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් ලෙස වර්ධනය වී ඇත. මෙම ක්‍ෂේත‍්‍රයේ පුද්ගලයින් පුරුදු පුහු ණු කරනු ලබති. මෙම ක්‍ෂේත‍්‍රය හදාරා උපාධි ලබා රැුකියාවන් හි නියුක්ත ව සිටින්නන් ද බිහි වී ඇත. එනමුත්, නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා* තුමාණෝ ක‍්‍රියාවට නැගූ මනෝ උපදෙස් ලෞකික අරමුණුවලින් බැහැර වූවකි.
අපි විමසුමට භාජනය කළ මෙම හදීසයේ නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමා තර්කනය අනුගමනය කර එම තරුණ සහාබිවරයා සමඟ සාකච්ඡුා කිරීමෙන් පමණක් සීමා නොවු බව පැහැදිළි වේ. නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ එම තරුණ සහාබිවරයාගේ මානසිකත්වය ගොඩනැගීමෙහිලා අල්ලාහ්ගෙන් පිහිට පැතුවේය. නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ අවසානයේ ඔහු වෙනුවෙන් ප‍්‍රාර්ථනා කළේ එබැවිනි. නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා* තුමා හඳුන්වා දුන් මනෝ විද්‍යාවත් අද කලාවක් ලෙස වර්ධනය වී ඇති මනෝ විද්‍යාවත් අතර ඇති ප‍්‍රධානතම වෙනස මෙය වේ.
මනෝ උපදේශනය වෘත්තීයමය ක‍්‍රියාවලියක් වශයෙන් පමණක් පත්වුවහොත් අපේක්ෂිත ප‍්‍රතිඵල ළඟා කර ගත නොහැකිය. එය එක්තරා මානව හිමිකමක් ලෙස වෘතීකයින් වටහා ගත යුතුය.
නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමාණෝ විටෙක
”ඔබගෙන් යමෙකු උපදෙස් පැතුවහොත් ඔහුට උපදෙස් ලබා දෙන්න”යැයි පැවසූහ.
එබැවින්, වර්තමාන මනෝ උපදේශන ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමියා ලෙස නබි (එතුමන්ට අල්ලාහ්ගේ ආශීර්වාදය අත්වේවා) තුමා සිටින බව ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.