Header Ads

  • Breaking News

    රම්සාන් උපවාසයට පෙර ඔබේ ආහාර ගැන සිතන්න


    නීරෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සියලූ මග පෙන්වීම් නබිනායක තුමාගේ සුන්නාව මගින් සහ අල්- කුර්ආනය මගින් මනාව පැහැදිලි කරයි. "ඔබ රෝගී වීමට පෙර නීරෝගී භාවයේ සුවය අත්විඳින්න" මෙලෙස නබිනායක තුමා පවසා ඇත. 

    රාම්සාන් උපවාස මාසය අපගේ ජීවිත නීරෝගීව සමබරව හැඩගන්වා ගැනීමට අල්ලාහ්තආලා විසින් අපට ලබා දී ඇති දායාදයකි. රාම්සාන් උපවාසය ආහාර ගැනීම පාලනය කිරීමට පෙරහුරුවක් ලබා දේ. උපවාස කාලය තුලදී ආමාශයට විවේකයක් ලබා දෙන අතරම එමගින් ශරීරයේ තැන්පත් වී ඇති විෂබීජ බිඳහෙලා ශරීරයෙන් බැහැර කිරීමද සිදු වේ. නිසි ලෙස උපවාස කිරීම මගින් බොහෝ රෝග, එනම්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, ගැස්ට‍්‍රයිටිස් වැනි රෝග පාලනය මෙන්ම ශරීරයේ බර අඩු කර ගැනීම ද කර ගත හැකිය. මෙලෙස රාම්සාන් උපවාස මාසය පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය දියුණු කිරීමට උපකාරි වේ. නමුත්, එය රදා පවතින්නේ උපවාසය අත් හල පසු අප ගන්නා ආහාර මතය.

    වර්තමාන රාමසාන් ආහාර රටාව
    උපවාස දිනකදී අප සාමාන්‍ය දිනකදී ආහාර ගන්නා ආකා රයට ආහාර නොගන්නෙමු. සාමාන්‍යයෙන් උපවාස දිනකදී අප ගන්නා ආහාර වේල් වන්නේ සහර්, ඉෆ්තාර් සහ රාත‍්‍රී ආහාර වේල් ය. බොහෝ විට සහර් වෙලාවට බත් සහ අනෙකුත් ව්‍යංජන ආහාරයට ගන්නා අතර පලතුරු සහ මී කිරි ද එකතු කර ගනී. ඉෆ්තාර් වේලාව යනු, අපට සතුට ගෙන දෙන අවස්ථාවකි. කැඳ, රෝල්ස්, පැටිස් වැනි තෙලෙන් බැදපු ආහාර සහ බීම වර්ගයක් අනිවාර්යයෙන්ම ඉෆ්තාර් වේලාවට අඩංගු කර ගැනීම වර්තමානයේ ලංකාවේ සියලූම ප‍්‍රදේශවලම පාහේ දකින්නට ලැබේ.

    මෙලෙස ආහාර ගැනීමෙන් නීරෝගී ජීවිතයක සිහිනය බොඳවී යනු ලැබේ. මේනිසා බොහෝ වෛද්‍යවරුන් පවසන පරිදි රාම්සාන් උපවාස මාසයෙන් පසු දියවැඩියාව, අධික රුධිර පීඩනය, ගැස්ට‍්‍රයිටිස් වැනි රෝග සඳහා ප‍්‍රතිකාර ගැනීමට පැමිනෙණ රෝගීන් ගනණ වසරින් වසර වැඩි වේ. එමනිසා රාම්සාන් මස තුළ නිසි ලෙස ආහාර ලබා ගැනීමට වග බලා ගත යුතුය.

    උපවාසයේ දී ආහාර ගත යුත්තේ කෙසේද?
    ආහාර ගැනීම සරල විය යුතු අතර සාමාන්‍ය දිනවල ආහාර රටාවන්වලට වඩා බොහෝ වෙනස් නොවිය යුතුය. ආහා රවල ප‍්‍රධාන ආහාර කාණ්ඩවල ඇති සියලූම ආහාර වර්ග තිබිය යුතුය. එනම්;

    පලතුරු සහ එලවළු
    පිෂ්ඨ සහිත ආහාර
    මස්, මාළු හෝ වෙනත් ආදේශක
    කිරි සහ කිරි ආහාර
    තෙල් සහ සීනි සහිත ආහාර

    සහර්

    මෙම වේලාවට ගන්නා ආහාරය යහපත්, අවශ්‍ය ප‍්‍රමාණයෙන් උපවාසයට අවශ්‍ය ශක්තිය ලබා දෙන එකක් විය යුතුය. උපවාසව සිටින කාලය තුලදී ශරිරයේ පරිවෘත්තීය ක‍්‍රියාකාරීත්වය අඩු වේ. එමනිසා අප පැය 12 ක් ආහාර නොමැතිව සිටියද ආහාර වැඩිපුර ගැනීම අවශ්‍ය නොවේ. ශක්තිය සෙමින් ලබා දෙන සංයුක්ත කාබෝහයිඞ්රේට සහ තන්තු අඩංගු ආහාර ගැනීම සුදුසුය. එනම්, ධාන්‍ය වර්ග, නොපාහින ලද හාල් (රතු හාල්), පලතුරු සහ එලවළු වැනි ආහාර.

    තෙල් සහ ලූණු අධික ආහාර පිපාසය ඇති කරන අතර අධික සීනි බඩගිනි ඇති කරන බැවින් මේවා අඩු කර ගත යුතුය. එමෙන්ම කැෆේන් අඩංගු පාන වර්ග එනම්, තේ, කෝපි සහ කෝලා වර්ග ශරිරයෙන් ජලය පිටවීම උත්තේජනය කරන බැවින් ඒවා පානය කිරීමද අඩු කල යුතුය.

    අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ආහාර ගැනීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක‍්‍රියා වෙනස් විය හැකිය. එනම්, විජලනය සහ රුධිරයේ සීනි මට්ටම අඩු හෝ වැඩි විය හැකිය. ආහාර ගත් විගසම නින්දට යෑම ද නොකල යුතුය. ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රමාණවත් කාලය අවශ්‍ය බැවින් පැය 2-3 ක් සිට නින්දට යෑම සුදුසුය.

    ඉෆ්තාර්

    උපවාසය අවසන් කරන අවස්ථාවේ දී රටඉඳි සහ ජලය මුල්ම ආහාර වේල වේ. රටඉඳි වෙනුවට පලතුරක් හෝ පලතුරු යුෂ ගත හැකිය. මේවා ක්ෂණිකව ශරීරයට අවශ්‍ය ශක්තිය දෙන සීනි (ග්ලූකෝස්) ඉතා ඉක්මනින් ලබා දේ. රටඉඳිවල විටමින් ් සහ විටමින ඊ6, ෆෝලික් අම්ලය, පොටෑසියම්, යකඩ, සෝඩියම් සහ මැග්නීසියම් අඩංගු වේ. එම නිසා රටඉඳි ආහාරයට ගැනීම මල්ටිවිටමිනයක් ගැනීම වැනිය. එමෙන්ම, රටඉඳිවල තන්තු ද බහුලව ඇත. මුල්ම ආහාරය ලෙස රටඉඳි ගැනීම ශරීරයේ ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට සහ අනෙකුත් සංකීර්ණ ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දේ.
    වෙනත් ආහාරයක් ගැනීමට පෙර සලාතය ඉටු කල යුතුය. මෙම කාලය රටඉඳි සහ ජලය පරිවෘත්තිය ක‍්‍රයාවලියට ලක් වී ශරීරයේ ජීර්ණ ක‍්‍රියාවලිය ආරම්භ කරනු ලැබේ. අධික ලෙස ආහාර ගැනීම ශරීරයට අහිතකරය. අධික තෙලෙන් බැදපු සමූසා, රෝල්ස් වැනි ආහාර සතියකට දෙවරකට හෝ තෙවරකට සීමා කරන්න. සාමාන්‍යයෙන් ලංකාවේ අප ගන්නා පරිදි කැඳ සහ අනෙකුත් ආහාර සලාතයෙන් පසු ගත යුතුය. එමෙන්ම මේවායේ ප‍්‍රමාණයන් අඩු කර ගන්න. රාත‍්‍රී ආහාරය ගන්නේ නම් සැහැල්ලූ ආහාර වේලක් ගන්න.

    ජලය

    සාමාන්‍ය දිනකට පුද්ගලයෙකු වීදුරු 8 ක් පානය කිරීමට අවශ්‍යය. උපවාස දිනකදී වුවද එහි වෙනසක් නැත. ඉෆ්තාර් වෙලාවේ සිට සහර් යන කාල අතර තුල ජලය වීදුරු 8-10 ක් පානය කල යුතුය

    Post Top Ad

    Post Bottom Ad