Header Ads

  • Breaking News

    එදිනෙදා ජීවිතයේදී පිළිපැදිය යුතු ගුණාංග

    එක් එක් මිනිසා තම පෞද්ගලික ජිවිතයේ විනයෙන් හා බැතියෙන් සිටිය යුතු යැයි ඉස්ලාමයෙන් බලාපොරොත්තු වේ.රසුල් (සල්) තුමාණන් කරුණාව,දයාව ආකර්ශනීය බව භක්තිය පිහිට තිබුණු මිනිසෙකු සේම ගෘහ පාලකයෙකු ,සත්‍යවන්ත ව්‍යාපාරිකයෙකු,එඩිතර සෙන්පතියෙකු,අග්‍රගන්‍ය මගපෙන්වන්නෙකු,යුක්ති සහගත රාජ්‍ය නායකයෙකු සේ බැබලුනේය.මුස්ලිම් වරු හැසිරිය යුත්තේද මෙලෙස යැයි ඉස්ලාමය පවසා සිටියි.


    මිනිසා ඔහුගේ සෑම ක්‍රියාවලියකදීම යුක්ති සහගතව කටයුතු කල යුතුය.මිනිසෙකු තවත් මිනිසෙකුට ගරු නොකරන්නේ ඔහු යුක්ති සහගතයෙකු නොවන විටය.වර්තමානයේ නොසුදුස්සෝ උසස් රැකියාවල නියැලී සිටිති.ඔවුන් මනුෂ්‍යත්වයෙන් ක්‍රියා නොකරන නිසා වංචා හා දුෂණ බහුලව දකින්නට ලැබේ.මේවා සමාජ විරෝධී ක්‍රියාවන්ය.සුදුසු පුද්ගලයෙකු සිටින විට ඔහුව පිටු දැක නුසුදුසු පුද්ගලයෙකු යම්කිසි නායකත්වයට පත්කර ගන්නවුන් අල්ලාහ් ඔහුගේ දුතයා,මුස්ලිම්වරු යන සියලුම දෙනාටම දුරෝගී වුවෙති ( අල්-හදිස් හකීම්)


    අල්ලාහ් සැමවිටම අපදෙස බලා සිටින නිසා අප ඔහුගේ අණට කීකරුව ජිවත් විය යුතුය.අල්ලාහ් නීතිගරුක පුද්ගලයින් ප්‍රිය කරයි.මිනිසා කරුණාව,ආදරය ඇතිකරගත් විට ඔහු නීතිගරුක වෙයි.තමා මෙන් අන් අයවද එකසේ සලකයි.තමාට ප්‍රිය දේ අනුන්ටද ප්‍රිය කරයි.අනුන්ටද යුතුකම් ඉටුකර ජිවත් වෙයි.


    විශ්වසවන්තයිනි ! විශ්වාසයට ද්‍රෝහී නොවන්න යුක්තිසහගතව නිතිය ඉටුකරන්න.අනුන්ට උදව් උපකාර කරන්න.ඥතීන්ට සලකන්න යැයි අල්ලාහ් එන කරයි.ඔබ විනය විරෝධී හා තහනම් කල කටයුතු වලට යෙදෙන්න එපා.අණට අකීකරු නොවන්න.කෝලාහල නොකරන්න, මේවා ඔබට තහනම් කර ඇත. (අල්-කුරාන්)


    සත්‍යවන්තභාවය

    ඉපයීම හා ගනුදෙනු කිරීම යන කටයුතුවලදී සත්‍යවන්තභාවය පිළිපැදිය යුතුය.යුක්ති සහගත ව්‍යාපාරිකයෙකුට මෙම ගුණාංගය ඉතා වැදගත්ය.නබි (සල්) තුමාණන් මෙම ගුණාංගයන්ගෙන් පිරිපුන් අයෙකු වුහ.දවසක් මෙතුමාණන් ඇදුමක් මිලට ගෙන එහි මිලට වඩා යම්කිසි මුදලක් වැඩිපුර දුන්නෝය.තමා දිනෙක කඩවීදියේ ගමන් කරන විට ධාන්‍ය ගොඩක් දැක ඇතුලට අත දමා පරික්ෂා කර බැලුවෝය.ඇතුලත තෙත ස්වරුපයෙන් ධාන්‍ය තිබෙන දුටු හෙයින් ව්‍යාපාරිකයාට දොස් පවරුහ.

    අනුමත ක්‍රමයට ඉපයීම ප්‍රධාන යුතුකම්වලින් දෙවන යුතුකම වේ.වරෙක නබි (සල්) තුමනන්ගෙන් මේ පිළිබද අසු විට දතින් උපයාගන්නා හා බොරුව,විශ්වාසය කඩ කිරීම් නැති වෙළදාම යනාදිය ප්‍රධාන යුතුකම් වලට පමණක් දෙවැනි වන්නේයැයි පවසා සිටියහ.රැවටීම,උප්පරවැටි කිරීම යනාදිය අයුක්තිසහගත වේ.මුස්ලිම්වරයෙකු පොරොන්දු කඩ කිරීම ,බොරු පොරොන්දු දීම යනාදියෙන් වැලකි සිටිය යුතුය.යම් කෙනෙකුගෙන් වැඩක් ලබා ගන්නෙහිද ඒ වැඩට සරිලන වැටුපක් ඔහුට ලබා දෙන්න.එසේ නොකරන්න අවසාන විනිශ්චයේ (කියමා) මාගේ විරෝධිකයෙක්ය යනුවෙන් නබි (සල්)තුමාණන් පැවසුහ.



    ඉවසිලිවන්ත බව.

    මෙය මිනිසාට අවශ්‍ය උතුම් ගුණාංගයකි.දුක් කරදර විද දර ගැනීම කරදර නොතකා කුසල් වල යෙදීම ඉවසිලිවන්තකම වේ.මිනිසා පරීක්ෂණයට භාජනය කිරීම සදහා අල්ලාහ් ජීවිතය හා මරණය මැව්වේය.ඔහු තම ගත්ත භීතියෙන්,බඩගින්නෙන්,වස්තුන්ගෙන්,ජීවින්ගෙන් පිරික්සුමට භාජනය කරයි.මෙම පිරික්සුම විද දරන්නා මුස්ලිම්වරුන්ට අල්ලාහ් සුභාශින්ෂණය කරයි යන්න පවසන ලෙස අල්ලාහ් නබි (සල්) තුමාට අණ කරයි.පිරික්සුම තුලින් අප ඊමානය (විශ්වාසය) ආරක්ෂා කිරීමට නම් අපි ඉවසිලිවන්ත විය යුතුය.

    දරිද්‍රතාවය,වසංගත රෝග,ස්වභාවික ව්‍යවසන,ආර්ථක අගහිගකම්,ජිවිත හානි යනාදී දැ ජයගනිමටද ඉවසිලිවන්තභවය අවශ්‍ය වේ.තමාගේ හැගීම් පාලනය කිරීමටත් ඉවසිලිවන්තභවය අත්‍යවශ්‍ය වේ.අල්ලාහ් (අස්-සවුම්) උපවාසය අපට අනිවාර්ය කලේ මේ සදහාය.උපවාසය, විද දරාගැනීමේ ශක්තිය වැඩි කිරීමේ පුහුණුවකි.යම් කෙනෙකුට උසස් ජිවන තත්වයක් හිමි වී තිබීමද පිරික්සුමකි.එවිට ඔහු සිමාව ඉක්මවා ගොස් භුක්ති විදීම නොකිරීමට ඔහුට ඉවසිලිවන්තභාවය අත්‍යවශ්‍ය යයි ප්‍රකාශ කර සිටියහ.




    Post Top Ad

    Post Bottom Ad