ඉස්ලාම් යනු- දේව විශ්වාසය හා අවනතභාවය
ඉස්ලාම් යනු අල්ලාහ්ට අවනත වීමයි.මිනිසා ජීවිතය පිළිබද යම් යම් කරුණු වටහාගෙන එහිලා තදබල විශ්වාසයක් තහවුරු කර ගන්නා තුරු මේ අවනතභාවය සාක්ෂාත් නොවේ.ඒ මුලික කරුණු මොනවාද ?දිව්‍යමය මාර්ගය ඔස්සේ ජීවිතය හැඩගස්ව ගැනීමට අදලවුත්,මිනිසා අනිවාර්යයෙන්ම දැනගත යුතුවුත්,ඒ මුලික කරුණු කවරේද ?
අන් සියල්ලට වඩා,අල්ලාහ්ගේ පැවැත්ම පිලිබදව මිනිසාට අචල විශ්වාසයක් තිබිය යුතුය.අල්ලාහ්ගේ පැවැත්ම කෙරෙහි ස්ථාවර හා අමිශ්‍ර නොකැළැල් භක්තියක් ඇතිවන තුරු ඔහු කෙරේ අවනත බවත් නොපිහිටේ.
පසුව අල්ලාහ්ගේ පරම ගුණ මහිමය පිලිබදව දැනගත යුතුය.අල්ලාහ්ගේ පරම ගුණ මහිමය පිළිබද වූ දැනුමෙන් මිනිස් සිත් සතන් තුල,උතුම් ගතිගුණ වගා කර ගත හැකිය.ඉක්බිති ගුණයහපත් කමින් යුත්,සුසිල්වත් පැවැත්මක් ඇතිකරගත හැකිය.විශ්වයේ මැවුම්කාර ,පෝෂක,ආරක්ෂක හා පාලකයා වන්නේ එකම අල්ලාහ් බවත්,ඔහුගේ දිවය බලය හා ආධිපත්‍ය අංශු මාත්‍රයකින් වත් බෙදාහදා ගැනීමට තරම් අන් කිසිවෙකු නැති බවත්,මිනිසා නොදැන සිටියේ නම්,ඔහු ව්‍යාජ දෙවිවරුන්ට ගොදුරු වී ඒවාට පුද සත්කාර කරමින් ,උදව් උපකාර, සවිසරණ පතන බොළද තත්වයට පත්වෙනු ඇත.එහෙත් ඔහුට අල්ලාහ්ගේ දිවය ගුණාංගයක් වන ඒකීයත්වය පිළිබද දැනුමක් තිබේ නම්,එකී මුලාවට ගොදුරු වීමේ නැමියාවක් කොහෙත්ම නැත.
එසේම අල්ලාහ්,සර්වඥතානි (සියල්ල දත්) බව මිනිසා දන්නේ නම්,ප්‍රසිද්ධියේ හා රහසේ සිතන,කරන දේ වුවත්,සිතුම් පැතුම් වුවත් අල්ලාහ් දන්නා බව මිනිසා වටහා ගනු ලැබුනේ නම්,ඔහු තම සිතුමතේ, අල්ලාහ්ට අකීකරු විය හැකිද ?තමන්ගේ ක්‍රියාකලාප අල්ලාහ්ගේ සදාකාලින සුපරීක්ෂාවට ලක්ව ඇති බව වටහා ගන්නා මිනිසා ඉතාම උචිත නිවැරදි ක්‍රමයට හැසිරෙනු ඇත.
තවද,අල්ලාහ්ගේ ප්‍රසාදයට අදාල දිවි පැවැත්මක් ගෙනයාමට නිසිමග ගැන වැටහීමක් තිබිය යුතුය.මෙහිදී හුදෙක් අවබෝධය පමණක් නොසැහේ.ඒවා දිවය න්‍යායන් බවත්,විමුක්තිය රැදී ඇත්තේ මේ අනපනත් පිලිපැදීමෙන් බවත් දැන,ඒ කෙරේ සම්පුර්ණ විශ්වාසය තහවුරු වියයුතුය.එසේ තහවුරු නොවූ දැනුමෙන් මිනිසා සෘජුමග කරා පෙළබවෙන්නේ නැත.මේ හේතුවෙන් මොහු අකීකරු බව නමැති ඝනදුර පටුමග දිගේ අතරමං වනු ඇත.
ඔබේ විශ්වාසය ස්ථාවර නම්,ඔබේ හැසිරීමද ස්ථාවරය.ඔබට සසල සිතක් ඇත්නම්,ඔබේ ගතද සසලය.සෘජුව,කෙලින් සිටිය නොහැකිය.මෙතෙක් කි කරුණු පිලිපැදීමෙන් ඔබට අත්වන පාඩු ,දික්ගහට යනාදිය ගැනද මන දැනුමක් ඇතිනම් මෙන්ම මෙයින් වැලකීමට කල යුතුදේ වැටහුනේ නම් පමණක් ඔබට ඒවා මුළු හදින්ම පිළිපැදිය හැකිවේ.අල්ලාහ් කෙරෙහි සුවකභාවයක් ඇතිකර ගනු පිණිස,විශ්වාසය නිසා සිදුවන ආනිසංස හා අවිශ්වාසයන් නිසා සිදුවන අදිනවා ගැන ඔබට මන දැනුමක් තිබිය යුතුය.
මේවා නිවැරදි ජිවිතයක්,ඉස්ලාමිය ජිවිතයක් ගතකිරීම වස් කෙනෙකු දැන සිටිය යුතු අවශ්‍යතම මුලික කරුණුය.