හිජ්රතය සමරමු.-ඉස්ලාමිය කැලැන්ඩරය සැකසීම
මක්කා පුරවරයේදී නබි(සල්) තුමාගේ 40 වැනි වියේ හිර නම් ගුහාවක භාවනාවේ දී සිටින විට අල්ලහ්ගෙන් මුල් වරට වහී නමැති දිවයම පණිවුඩය ලැබීමත් සමග මුහම්මත් (සල්) තුමා නබිවරයෙකු වශයෙන් අල්ලාහ් විසින් තෝරා ගන්නා ලදී.පුර වසර 13 තිස්සේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ඉස්ලාමයේ පණිවුඩය තම ඥතින් හා අනෙක් ය වෙත ඉදිරිපත් කිරීමට දිවි හිමියෙන් දායක වුවත් බලාපොරොත්තු වූ තරම් ප්‍රතිපල නොලැබිණි.මුහම්මත් (සල්) තුමාණන්ගේ ගෝත්‍රයට අයත් කුරෙයිෂ් වැසියන් නබි (සල්) තුමන්ටත් ඉස්ලාමය වැලදගත් අනුගමිකයින්ටත් විවිධ වදහින්සවන් පැමිණවුහ, කුඩා කාලයේ සිටම මක්කා වැසියන්ගේ හොද හිත හා ප්‍රසංසාව දිනාගෙන සිටි මුහම්මත් (සල්) තුමාණන් අල්ලාහ්ගේ සත්‍ය දහම ප්‍රචාරය කල විට කුරෙයිෂ් වරුන් එයට විරුද්ධ වුයේ ලෞකික වාසි තකාය.ප්‍රභූ පන්තිය භුක්ති විදින නායකත්වයට හානියක් ඇතිවීම වැලැක්වීම එහි අරමුණ විය.
එවැනි තත්වයක් තුල අල්ලාහ්ගේ නියමය පරිදි මුහම්මත් (සල්) තුමා තම අනුගාමිකයින් මදින පුරවරයට පිටත් කර යැවුහ.අවසානයේදී මුහම්මත් (සල්) තුමාද තම හිත මිත්‍ර අබුබකර් සමග දුෂ්කර ගමනකට සුදානම් වුහ.කුරෙයිෂ් වරුන්ගේ බාධක ,අඩන්තේට්ටම් හා ජිවිත තර්ජන මැද අල්ලාහ්ගේ ආශීර්වාදයෙන් මදිනා ගමන සාර්ථක කළහ.ඓතිහාසික එම ගමන ඉස්ලාමිය ව්‍යවහාරයේ දී "හිජ්රත්" යනුවෙන් හැදින් වේ.ඉස්ලාමිය කැලැන්ඩරය අරම්භ්ජ වන්නේ එම ගමනේ සිටයි.
ඇත්ත වශයෙන්ම ඉස්ලාමිය ඉතිහාසයේ හිජ්රත් යනු සුවිශේෂ සිද්ධියකි.හිජ්රතයෙන් පසු මදිනාවේ ස්ථාපිත වූ ඉස්ලාමිය රාජ්‍යය නිසා අරාබි අර්ධත්විපයේ පමණක් නොව අප්‍රිකාව,ආසියාව,යුරෝපය දක්වාද ඉස්ලාමයේ පණිවුඩය යහතින් ගෙනයන ලදී.තමාව පිටුවහල් කල මක්කා පුරවරයද ජයග්‍රහණය කරන ලදී.වසර 10 වැනි කෙටි කාලයක් තුල ඉස්ලාමය සමස්ත අරාබි ලෝකයේ ජිවන මාර්ගය වශයෙන් ස්ථාපිත කරන ලදී.ලෝකයට අලුත් රාජ්‍ය ක්‍රමයක්,ශිෂ්ටාචාරයක්,සංස්කෘතියක් හදුන්වා දෙන ලදී.අදටත් කෝටි 160 තරම් මුස්ලිම් ජනතාව ලොව පුර සාඩම්බරයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ රැදී සිටීමේ අඩිතාලම මදිනා රාජ්‍යයේදී දමන ලදී.
එම අර්ථයෙන් ගත් කල හිජ්රත් සිද්ධිය කෙතරම් සුවිශේෂී දැයි අපට තේරුම් ගත හැකිය.එම සිද්ධිය අනුව ඉස්ලාමිය කැලැන්ඩරය සැකසීම කොතරම් සුදුසුද යන්නත් සිත ගත හැකිය.එවැනි අලුත් ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අප හිජ්රි වර්ෂය අනුව අපගේ කටයුතු සැලසුම් කර ගැනීමට හා හිජ්රතය මෙනෙහි කිරීමට උනන්දු වෙමු.
