Header Ads

  • Breaking News

    සුන්නත් කිරීම හෙවත් චර්මජේදනය කිරීමෙන් ඇතිවන වාසි


    චර්මජේදනය කිරීම යනු පුරුෂ ලිංගයේ පෙරසම ඉවත් කිරීමයි.මෙම ක්‍රියාව සුන්නත් ක්‍රියාවලියකි.එනම් ඉබ්‍රහිම් නබි තුමා පටන් අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මත් නබි (සල්) තුමනන්ගේ සහ එතුමාගේ අනුගාමිකයින් වන දැනටමත් මුළු ලොවෙහිම වාසය කරන සැම මුස්ලිම්වරයෙකුම අතීතයේ සිට නොකඩවා පවත්වාගෙන එන්නා වූ ක්‍රියාවලියකි.

    සුප්‍රසිද්ධ වෛද්‍ය වචිචර් මෙසේ පවසයි.චර්මජේදනය නොකරනු ලැබූ පුද්ගලයා බොහෝ රෝගාබාද වලට ගොදුරු විය හැකි බවත්,චර්මජේදනය නොකිරීමෙන් (Penis Cancer ) නමැති පිළිකාවට ලිංගය ගොදුරු විය හැකි බවත්,තවද ( kidney stones )මුත්‍රාශයේ ගල් ඇතිවීමෙන් මුත්‍රාශ ද්වාරය වාසි යාමට ඉඩ තිබෙන බවත් පවසයි
    ඔහු තව දුරටත් කියා සිටියේ චර්මජේදනය කිරීම මගින් පිරිමින්ට අනිසි කාමාශාවන් ඇති නොවන බවත්,සංසර්ගය මගින් බෝවන රෝගයක් වන   ගොනෝරියා  (gonorhea) නමැති රෝගයෙන් ආරක්ෂාව ලැබෙන බවත්ය.

    ඉන්දියාවේ කරන ලද පරීක්ෂණ වලින් චර්මජේදනය කරගත් තැනැත්තෙක් එය නොකළ තැනැත්තෙකුට වඩා එච්.අයි.වී. වයිරසයට ගොදුරු වීමේ සම්භාවිතාවය සය ගුණයකින් අඩු බව සොයා ගෙන ඇත.ශිෂ්ණය අග සමෙහි ඇති සියුම් පටකය H .I .V වයිරසයට ගොදුරු වීමේ අවකාශය ඉතාමට් වැඩි බව ඉන්දියාවෙහි පලවන ප්‍රධාන පෙලේ සගරාවක් වන "ලන්සට් ජනල්" සගරාව සාක්ෂි දරයි.


    බටහිර අප්‍රිකාවට වඩා නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු ප්‍රදේශ වල එච්.අයි.වී වෛරසය සීග්‍රයෙන් පැතිරී ඇති බව කව්රුත් දන්නා කාරණයක්.ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ බටහිර අප්‍රිකාවේ චර්මජේදනය කර ගැනීම බහුලව තිබෙන නිසා H .I .V . අඩුවීමට හේතු වී ඇති බවයි.ඉන්දියාවේදී මිනිසුන් 2000 ගෙන් කරන ලද පරීක්ෂණ වලින් මෙය මැනවින් ඔප්පු කර ඇත.


    තවද බයිබලයෙහි උප්පත්ති කතාවේ මෙසේ පැවසේ.
    "ආබ්‍රහම් චර්මග මාංශය චේදනය කරනු ලබන කල අවු: 99 වයස්ව සිටියේය.ඔහුගේ පුත්‍ර වූ ඉස්මයිල්ගේ චර්මග්‍ර මාංශය චෙදකය කරනු ලබන කල ඔහු අවු: 13 වයස්ව සිටියේය.එම දවසෙහිම අබ්‍රහිම්ද,ඔහුගේ පුත් වූ ඉස්මයිල් ද, චර්මජේදනය කරනු ලැබුවෝය.ගෙයි උපන්නෝද,විදෙශින්ගෙන් මිලට ගනු ලැබුවොද,යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමග චර්මජේදනය කරනු ලැබුවෝය."


    H .I .V . වෛරසයට ගොදුරු නොවී ආරක්ෂා විය හැකි ක්‍රමයක් වනුයේ චර්මජේදනය බවත්,අනෙකුත් ලිංගික රෝගාබාධ වලින් එය මිනිසා ආරක්ෂා කරන බවද විද්‍යාඥයින් අවධාරණය කරති.මේ පිලිබදව ඉස්ලාමය මෙන්ම ක්‍රිස්තියානි ධර්මයෙන්ද මානව ඔප්පු වේ.වර්තමාන සමාජයේ බොහෝ යද වෛද්‍ය හා අනිකුත් හේතු මත චර්මජේදනය කර ගැනීම දැකිය හැකිය.

    Post Top Ad

    Post Bottom Ad