Header Ads

  • Breaking News

    ඉස්ලාමයෙහි කාන්තාවන්ගේ තත්වය කුමක්ද?


    ඉස්ලාමීය කාන්තාවක් විවාහවී සිටියත්, අවිවාහක වුවත්, ඇයට ඉස්ලාම් ධර්මයට අනුව තමාගේ දේපළ වලට හිමිකරුවා වීමෙත්, තම දේපළ හා ඉපැයිම් පිළිබඳව කිසිම කෙනෙකුගේ (එය ඇගේ පියා, ස්වාමි පුරුෂයා හෝ අනෙකෙකු විය හැක) බලපෑමක් නොමැතිව තම අභිමතයට අනුව ඒ පිළිබඳව ක්‍රියා කිරීමේ අයිතියත්,ඇයට මිළදි ගැනිමේත්, විකිණීමේදී අයිතියද, පුණ්‍යාධාර ලෙස ත්‍යාගයන් දීමේ අයිතියද ඇති අතර ඇයට කැමති ආකරයට ඇගේ ධනය වියදම් කිරිමටද ඇයට හැක. විවාහයකදි මනාලයා විසින් මනාලියට දෙනු ලබන දෑවැද්ද (මහර්) ඇයගේ පෞද්ගලික භාවිතය සඳහාම වන අතර, ඇයට ඇයගේ සැමියාගේ වාසගම වෙනුවට තම පරම්පරාගත නාමයම තව දුරටත් පවත්වා ගත හැක.

    මුහම්මද් (සල්)තුමා පවසා ඇති ආකාරයට ඉස්ලාමයෙහි සැමියාට තම බිරිඳට ඉතා හොඳින් සැලකීමට අනුබල දෙයි. (ඔබලාගෙන් උසස්ම වන්නේ තම බිරිඳට වඩාත්ම යහපත් වන්නාය) ඉස්ලාමයෙහි මව්වරුන් අධික ගෞරවයට පාත්‍ර වෙති. ඉස්ලාමය ඔවුනට වඩාත්ම හොඳ ආකාරයට සැලකිමට නිර්දේශ කරයි. වරක් මිනිසෙකු වක්තෘ මුහම්මද් තුමා වෙත පැමිණ,


    වක්තෘවරයාණෙනි ,මාගේ ඇසුරට සුදුසු වඩාත්ම වටිනා පුද්ගලයා කවුරුන්ද? යැයි ඇසීය. එවිට වක්තෘතුමාණන්
    "ඔබගේ මව" යැයි පිළිතුරු දුන්නේය.. පසුව ඔහු ඊලගට කවුරුන්ද? යැයි ඇසුවේය.
    එවිට මුහම්මද් තුමා "ඔබගේ මව"යැයි පිළිතුරු දුන්නේය.. ඔහු තෙවන වරටත් එමප්‍රශ්නයම ඇසීය. එවිටද ඔහුට ලැබුණේ එම පිළිතුරමය. ඔහු නැවත වරක් එයම
    ඇසීය. එවිට මුහම්මද් තුමා "ඔබගේ පියා"යැයි පිළිතුරු දුන්නේය..


    ඉස්ලාමය තුළ පවුල
    ශිෂ්ඨාචාරයක මූලික ඒකකය වන පවුල වර්තමානයේදි කැඩී බිදී ගොස් ඇත.ඉස්ලාමීය පවුල් සංස්ථාව සැමියාගෙත් බිරිඳගේත්, දරුවන්ගේ හා නෑදෑයන්ගේත්,අයිතීන් මනාව සමතුලිත කරයි. ඉස්ලාමය මඟින්, මනා ලෙස ස්ථාපිත වූ පවුල් සංස්ථාවක් තුළ ආත්මාර්ථකාමීත්වයෙන් තොර හැසිරීම, තා්‍යගශීලි බව හා ආදරයරෝපණය කරයි. ස්ථායි පවුල් ඒකකයක් මඟින් ඇති කරන සාමය හා ආරක්ෂිතභාවය ඉතාමත් ඇගයිය යුතු අතරම එය එම පවුලේ සාමාජිකයන්ගේ ආධ්‍යාත්මික වර්ධනය අත්‍යාවශ්‍ය ලෙසද සැළකිය හැක. වැඩිදියුණු වූ පවුල් සංස්ථාවන් වල පැවැත්ම හා ළමුන්ව අගය කිරීම තුළින් එකමුතු කමින් පිරි සමාජ ක්‍රමයක් ඇතිවෙයි.

    Post Top Ad

    Post Bottom Ad