ඉස්ලාමීය ලෝකය තුළ "වැඩිහිටි නිවාස" දැකගැනීම ඉතාමත් අසීරුය. මෙහිදී, තම දෙමාපියන්ගේ ජීවිත වල ඉතාමත්ම දුෂ්කර අවධිය වන වැඩිමහල්අවධියේදී ඔවුන්ව රැක බලාගැනීම ගෞරවයක් ලෙස සැලකෙන අතර එය ආශිර්වාදයක්ද, විශිෂ්ඨ ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කර ගැනිමේ අවස්ථාවක් ලෙසද සැලකේ. ඉස්ලාමයෙහි අප අපගේ දෙමාපියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම පමණක් නොසෑහේ. නමුත් අප කිසිඳු හැකියාවක් නොමැති කුඩා දරුවන්ව සිටියදී ඔවුන් ඔවුන්ටත් වඩා අප කෙරෙහි ආදරය දැක්වූවාසේ අපිද ඔවුන් කෙරෙහි සීමා රහිත වූ ආදරයකින් ක්‍රියා කළ යුතුය. මව්වරුන්ට විශේෂිත වූ ගෞරවයක් හිමිවෙයි. මුස්ලිම් දෙමාපියන් වියපත් වන විට ඔවුන් දයාව, කරුණාව හා ආත්මාර්ථකාමී බවින් තොරව සැළකීමකට බඳුන් වෙති. ඉස්ලාමයෙහි යමෙකුට තම දෙමාපියන් රැක බලාගැනීම දේව නැමදීමට පසුව ඇති (දෙවන) වගකීම වන අතරම, දෙමාපියන් එය බලාපොරොත්තු වීම ඔවුන් සතු අයිතියකි. කෙනෙකු වයෝවෘධභාවයට පත්ව දුබල තත්වයට පත්වන්නේ කිසිඳු වරදක් හේතු කොටගෙන නොවේ. එවිට, ඔවුන්ට තම නොරිස්සීම පෙන්වීම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස ඉස්ලාමය සලකනු ලැබේ. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට :
දෙවියන්වහන්සේ හැර වෙනත් කිසිවක් වන්දනාමාන නොකරනු. තවද දෙමාපියන්ට දයාබර වනු. ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ දෙදෙනාම නුඔ ළඟ මහළු වියට පත්වුවහොත් ඔවුන් දෙදෙනාට චී..-ඊයා... යනුවෙන් නොකියනු. ඔවුනට බැන නොවදිනු. ඔවුන් දෙදෙනාට ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරනු, නුඹලාගේ පරිමාධිපති නුඹට නියෝග කරයි. තවද ඔවුන් දෙදෙනාට දයාළුභාවයෙන් නිහතමානීව සලකනු. තවද මාගේ පරිමාධිපතියාණෙනි, ඔවුන් දෙදෙනා මා බාල වියේ ආදරයෙන් රැක බලාගත්හ, ඔවුන් දෙදෙනාට දයාන්විත වනු මැනවයි, ලෙසින ප්‍රාර්ථනා කරනු. (අල් කුර්ආනය 17:23-24)