Header Ads

  • Breaking News

    ඉස්ලාමයෙහි ඇති මානව හිමිකම් හා සාධාරණත්වය


    ඉස්ලාමයෙහි මිනිසාට බොහෝ මානව හිමිකම් ප්‍රදානය කර ඇත. පහත දැක්වනුයේ එසේ ඉස්ලාමය තුළ ආරක්ෂා කෙරෙන මානව හිමිකම් කිහිපයකි.

    ඉස්ලාමිය රාජ්‍යයක් තුළ සිටින සියළුම පුරවැසියන්ගේ ජීවිත හා දේපළ එම පුද්ගලයා මුස්ලිම්වුවත් නොවූවත් එය පාරිශුද්ධ ලෙස සැළකේ. ඉස්ලාමය කෙනෙකුගේ ගෞරවයද ආරක්ෂා කරයි. එබැවින්, ඉස්ලාමයෙහි අන් අයට අපහාස කිරීමටත් ඔවුන් විහිළුවට ලක් කිරීමටත් ඉඩකඩ නැත. මුහම්මද් (සල්) තුමාණන් පවසා ඇති ආකාරයට (ඇත්තෙන්ම, ඔබගේ රුධිරය ඔබගේ දේපළ හා ඔබගේ ගෞරවය නොකෙළෙසිය යුතුයි). ඉස්ලාමයෙහි ජාතිවාදයට ඉඩක් නොමැති අතර අල් කුර්ආනයෙහි පහත දැක්වෙන ආකාරයට මානව සමානාත්මතාවය පිළිබඳව ප්‍රකාශ කෙරේ.


    මිනිසුනි ' නුඹව නිර්මාණය කර ඇත්තේ ස්ත්‍රීයකගෙන් හා පුරුෂයෙකුගෙනි. නුඹලා එකිනෙක දැනගනු පිණිස ජාතීන් හා ගෝත්‍රයින් කළෙමු. ඇත්තෙන්ම නුඹලාගෙන් ඉතා ගෞරවනීය තැනැත්තාවන්නේ ඉතා ශ්‍රද්ධාවන්ත තැනැත්තාය. සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේ සියල්ල දන්නේය. (අල් කුර්ආනය 49:13)




    යම්කිසි විශේෂිත පුද්ගලයෙකුට හෝ ජාතියකට ඔවුන්ගේ ධනය, බලය හෝ ජාතිය හේතු කොටගෙන පඬපාති බව පෙන්වීම ඉස්ලාමය ප්‍රතික්ෂේප කරයි. අල්ලාහ් මිනිසාව මවා ඇත්තේ සමානයන් ලෙසයි. ඔවුන් එකිනෙකාගෙන් වෙනස් විය යුත්තේ ඔවුන්ගේ දේව විශ්වාසය හා ධර්මිෂ්ඨභාවය අනුව පමණි. මුහම්මද් තුමාණන් පවසා ඇති ආකාරයට

    (අහෝ මිනිසුනි, ඔබගේ දෙවියන්වහන්සේ එක් අයෙකු වන අතරම ඔබගේ ආදි මුතුන්මිත්තාද (ආදම්) එක් අයෙකි. අරාබිවරයෙකු අරාබි නොවන්නෙකුට වඩා උසස් නොවෙනවා සේම අරාබි නොවන්නෙකුත් අරාබිවරයෙකුට වඩා උසස් නොවේ. එසේම රතු (රතු පැහැයට හුරු සමේ වර්ණයෙන් යුත් සුදු) පුද්ගලයෙකු කළු පුද්ගලයෙකුට වඩා උසස් වන්නේද නැත. කළු පුද්ගලයෙකු රතු පුද්ගලයෙකුට වඩා උසස් වන්නේද නැත. යමෙක් අනෙකුට වඩා උසස් වන්නේ ශ්‍රද්ධාවෙන් පමණි) 

    අද දින මනුෂ්‍යවර්ගයා මුහුණදෙන ප්‍රධාන ගැටළු වලින් එකකි ජාතිවාදය. දියුණුවූ ලෝකයට මිනිසෙකු සඳට යැවීමේ හැකියාව ඇතිමුත් මිනිසෙකු තම සගයාට වෛර කිරිමවත්, ඔවුනොවුන් කළකෝළහල කිරීමවත් නැවැත්විමේ හැකියාව එයට නොමැත. මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ පටන්ම, ජාතිවාදය දුරලිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි උදාහරණයක් ඉස්ලාමයෙහි පෙන්වා දී තිබේ.මක්කාවට වාර්ෂිකව සිදුකරනු ලබන වන්දනා ගමන (හජ්) තුලින් සියළුම මාර්ගයන් හා ජාතීන් අතර සැබෑ ඉස්ලාමීය සහෝදරත්වය පෙන්නුම් කෙරෙයි. මෙහිදි ලොව පුරා වසන මිළියන දෙකක් පමණ වු මුස්ලිම් ජනතාවක් වන්දනාව ඉටු කිරීම සඳහා මක්කාවට පැමිණෙති. ඉස්ලාමය සාධාරණවූ ධර්මයකි. දෙවියන්වහන්සේ පවසන ආකාරයට :

    සැබැවින්ම විශ්වාසය කාහට ලැබිය යුතුද ඔවුනට එය නැවත ලබාදෙන ලෙසත්, ජනයා අතර විනිෂ්චයන් දීමේදී යුක්ති සහගත විනිෂ්චයන් දෙන ලෙසත් දෙවියන්වහන්සේ අණකර සිට්යි. (අල් කුර්ආනය, 4 ඃ 58)


    එසේම දෙවියන්වහන්සේ පවසන ආකාරයට :
    .....සාධාරණව කටයුතු කරන්න. දෙවියන්වහන්සේ යුක්තිය ඉටුකරන්නන් ප්‍රිය කරයි. (අල් කුර්ආනය 49:9)

    දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට, අප වෛරකරන පුද්ගලයාට පවා අපි සාධාරණ හා යුක්ති සහගත විය යුතුයි.

    අන්අය සමග සතුරු වී සිටීම නුඹලාව යුක්ති සහගත වීම වළක්වාලයි. යුක්තිය ඉටු කරනු, එය ධාර්මිෂ්ඨභාවයට ඉතා කිට්ටුය. (අල් කුර්ආනය 5:8)

    මුහම්මද් (සල්) තුමාණන් පවසා ඇති ආකාරයට :

    මිනිසුනි, අයුක්තියෙන් ප්‍රවේසම් වන්න, මක්නිසාද යත්, විනිශ්චය දිනයේදී අයුක්තිය අඳුරු නිසාය.මෙලොව ජීවිතයේදි තම අයිතින් (ඔවුන් සාධාරණ ලෙස ඉල්ලන දේ) නොලද පුද්ගලයන්ට මුහම්මද් තුමාණන් පවසා ඇති ආකාරයට විනිශ්චය දිනයේදී ඒවා ලැඛෙනු ඇත. ඤුවිනිශ්චය දිනයේදි ලැබිය යුතු පුද්ගලයන්ට ඔවුනගේ අයිතින් ලබා දෙනු ඇත. (එසේම වැරදි නිවැරදි කර සහනය ලබාදෙනු ඇත......)





    මුලාශ්‍ර 
    :1- සඳහන් වී ඇත්තේ සහීහ් අල් බුහාරි-1739 සහ මොස්නද් අහ්මඩ්-2037
    :2- ධාර්මිෂ්ඨ පුද්ගලයෙකු යනු විශ්වාසවන්තයෙකු වන අතර ඔහු සියළුම ආකාරයේ පව් වලින් වැළකී සිටී, දෙවියන්වහන්සේ අපහට කිරීමට අණ කොට ඇති සියළුම යහපත් කි්‍රයාවන් සිදුකරයි. දෙවියන්වහන්සේට ආදරය හා බිය භක්තියක් දක්වයි.
    :3- වක්තෘවරයාණන්ගේ මෙම ප්‍රකාශනයෙහි සඳහන්වන සියළුම වර්ණයන් උදාහරණයන්වේ. මෙහි අර්ථය වන්නේ යමෙකුගේ පැහැය, එය සුදු වුවත් කළු, රතු හෝ වෙනත් වර්ණයක් වුවත් ඉස්ලාමයෙහි කිසිදු අයෙකු අනෙකාට වඩා යහපත් වන්නේ නැත යන්නයි.
    මොස්නද් අහ්මඩ් ඃ22978
    :1- අනුන්ට හිංසා කිරීම, අසාධාරණ ලෙස හැසිරීම හෝ අන්අයට අයහපත් දේ කිරීම.
    මුස්නද් අහ්මද් ඃ5798 සහ සහීහ් අල් බුහාරි ඃ2447
    සහීහ් මුස්ලිම් ඃ2582 සහ මුස්නද් අහ්මද් ඃ7163



    Post Top Ad

    Post Bottom Ad