මුහම්මද් (සල්) තුමාණන්ගේ සරළ දිවි පෙවෙත
මුහම්මද් තුමාණන් වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ආරම්කිරීමට පෙර හා වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ඇරඹිමෙන් පසුව එතුමාණන්ගේ ජිවිතය සංසන්දනයට ලක් කළහොත්, අපට නිගමනය කළ හැකිවන්නේ වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් යනු භෞතික ප්‍රයෝජන, උසස් බව, කීර්තිය හෝ බලය ලබා ගැනීම උදෙසා වක්තෘ භාවය ලබා ගත් ව්‍යාජ වක්තෘවරයෙකු බව සිතීම හේතු සහගත නොවන බවයි.

වක්තෘ මුහම්මද් (සල්) තුමා, වක්තෘවරයෙකු ලෙස තම ධර්ම දූත මෙහෙවර ඇරඹීමට පෙර එතුමාණන්ට ආර්ථීක ගැටළු කිසිවක් නොතිබුණි. සාර්ථක හා සුප්‍රසිද්ධ වෙළෙන්දෙකු ලෙස සතුටුදායක හා සැප පහසුකම් සහිත ආදායමක්ද එතුමා සතු විය. වක්තෘවරයෙකු ලෙස තම ධර්ම දූත මෙහෙවර ඇරඹීමෙන් පසුව හා එය හේතු කොට ගෙන භෞතික සම්පත් අතින් එතුමාණන් ඉතාමත් දිළිඳු බවට පත් වූහ. මෙය තවදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා එතුමාගේ දිවිය පිළිබඳව වන පහත ප්‍රකාශයන් සළකා බලමු:
වරක් වක්තෘ මුහම්මද් (සල්) තුමාගේ බිරියක් වන ආයිෂා තුමිය, එතුමියගේ බෑණනුවන් අමතා: —බෑණනුවනි, වක්තෘවරයාණන්ගේ නිවසෙහි (ආහාර පිළියෙල කිරීම සඳහා) ගිනි නොදල්වා මාස දෙකක් නව සඳවල් තුනක් අප ගතකර ඇත්තෙමු˜ යි පැවසුවාය.
එවිට ඔහු —නැන්දේ, ඔබව නොනැසි පවත්වා ගත්තේ කුමක්ද?˜ යැයි විමසන ලදි.
— කළු පැහැති වස්තුන් දෙක, එනම් රටඉඳි සහ ජලයයි. නමුත්, වක්තෘවරයාණන්ට අසල්වැසිව කිරිදෙන ඔටුදෙනුන් සිටින අන්සාරිවරුන් කිහිපදෙනෙකු සිටි නිසා එම කිරි වලින් ස්වල්පයක් වක්තෘවරයාණන්ටත් එවීමට ඔවුන් පුරුදු වී සිටිහ.˜
වක්තෘ මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයෙකු වන සහ්ල් ඉබ්නු සාද් පවසන ආකාරයට දෙවියන් විසින් එතුමාව වක්තෘවරයෙකු ලෙස යැවු කාලයේ සිට එතුමා අභාවයටපත් වන තුරුම දෙවියන්ගේ වක්තෘවරයාණන් සියුම් පිටි වලින් සෑදූ පාන් නොදුටූහ.
වක්තෘ මුහම්මද් තුමාගේ බිරිය ආයිෂා තුමිය පැවසූ ආකාරයට —වක්තෘවරයාණන් සැතපීම සඳහා පාවිච්චි කළ එතුමාගේ මෙට්ටය සාදා තිබුණේ රටඉඳි ගසෙහි කෙඳි වලින් පුරවන ලද සත්ව සමකිනි.
වක්තෘ මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයෙකු වූ අමිර් ඉබ්නු අල් හාරිස් පවසන ආකාරයට වක්තෘවරයාණන් අභාවයටපත් වන අවස්ථාවේ එතුමාණන් සිය ගමන් බිමන් සඳහා යොදාගත් සුදු පැහැති කොටළුවා, එතුමාගේ ආයුධ සහ පුන්‍ය කටයුතු සඳහා වෙන් කරන ලද ඉඩම් කැබැල්ලක් හැර කිසිඳු මුදලක් හෝ අන් කිසිඳු වස්තුවක් ඉතිරිකොට ගොස් නොතිබුණි.
මුස්ලිම් භාණ්ඩාගාරය වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ භාරයෙහි පැවතුනත් එතුමාගේ අභාවයට පෙර අරාබියානු අර්ධද්වීපයෙහි වැඩි කොටසක් මුස්ලිම් බවට පත්ව තිබියදීත් එතුමා ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කළහ.
එතුමාගේ දූත මෙහෙවර අරඹා වසර දහ අටකට පසුව මුස්ලිම්වරුන් ජයග්‍රාහකයන් බවට පත් වූ නමුත් වක්තෘ මුහම්මද් (සල්) තුමාණන්ගේ අභාවය දක්වාම එතුමාණන් මෙම දුෂ්කර දිවි පෙවෙතම ගත කළහ.
වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් වක්තෘභාවය ලබා ගත්තේ තත්වය, උසස් බව හෝ බලය ලබා ගැනීමේ අදහසින් විය හැකිද? බලය සහ තත්වය භූක්ති විඳීමේ ආශාව සාමාන්‍යයෙන් හොඳ ආහාර පාන, අලංකාර ඇඳුම් පැළඳුම්, විශාල මාළිගා, මුරකාවල්, නිසැක ආධිපත්‍ය යනාදිය සමග බැදෙයි. මෙම කිසිඳු දෙයක් මුහම්මද් (සල්) තුමාට අදාළ වෙයිද? මෙම පැණයට පිළිතුරු සැපයිමට එතුමාගේ ජීවිතය පිළිබඳව ඉතාමත් කෙටි නිරික්ෂණයන් කිහිපයක් පහත පරිදි උපකාරී කර ගත හැක. වක්තෘවරයෙකු ලෙසත්, ගුරුවරයෙකු ලෙසත්, උසස් දේශපාලකයෙකු ලෙසත්, විනිශ්චයකරුවෙකු ලෙසත් තම වගකීම් ඉටු කිරීමට අමතරව වක්තෘ මුහම්මදඅ තුමාණන් එතුමාගේ එළු දෙනගෙන් කිරි දෙවීමටත්,එතුමාගේ ඇඳුම් පිළිසකර කිරීමටත්, එතුමාගේ පාවහන් අළුත්වැඩියා කර ගැනිමටත්,ගේ දොර වැඩ කටයුතු සඳහා සහාය වීමටත්,දුගී පුද්ගලයන් අසනීපවූ අවස්ථාවන්හිදි ඔවුන්ගේ සුව දුක් බැලීමට යෑමටත් පුරුදු වී සිටියහ.
එසේම එතුමාගේ අනුගාමිකයින් අගලක් කණින අවස්ථාවේදී ඔවුන් සමග එක්ව එහි වැලි ඉවත් කරමින් එතුමාණන් ඒ සඳහා සහාය වී ඇත
එතුමාගේ දිවි පෙවෙත සරළ බවේ සහ නිහතමානිකමේ විශ්මය ජනක ප්‍රතිමූුර්තියකි.
වක්තෘ මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයන් එතුමාණන්ට පුදුම සහගත ආකාරයට ආදරය කළහ. ගෞරව කළහ, එසේම, එතුමාව විශ්වාස කළහ. එසේ වුවත් එතුමා නිරතුරුවම අවධාරණය කර සිටියේ දේවත්වයෙන් සැළකීම දෙවියන් උදෙසා කළයුතු වනවා හැරෙන්නට එතුමාණන්ට පෞද්ගලිකව එසේ නොකල යුතු බවයි.
මුහම්මද් (සල්) තුමාගේ අනුගාමිකයෙකු වන අනස් ප්‍රකාශ කරන ආකාරයට, මුහම්මද් (සල්) තුමාණන් හැර ඔවුන් දැඩිව ආදරය කළ වෙනත් අයෙකු නොමැති වුවත්, එතුමාණන් ඔවුන් අසළට පැමිණෙන විට අනෙකුත් පුද්ගලයන් ඉතාමත් උසස් පුද්ගලයන්ට ළගට පැමිණෙන විට නැගිට, ගරු කරන ආකාරයට එතුමාට ගරු කිරිම සඳහා නැගිට සිටීම එතුමාණන් පිළිකුල් කළ නිසා ඔවුන් එතුමාණන් වෙනුවෙන් නැගිට නොසිටියහ.
ඉස්ලාමයෙහි සමෘධිය පිළිබඳව අපේක්ෂාවක් ඇතිවීමට බොහෝ කලකට පෙර මුහම්මද් (සල්) තුමාණන්ට හා එතුමගේ අනුගාමිකයන්ට බොහෝ වධ හිංසා, දුක් වේදනා කම්කටොළු වලට මුහුණ දීමට සිදුවූ යුගයක ආරම්භයේදී එතුමාණන්ට ඉතාමත් සිත්ගන්නා සුළු යෝජනාවක් ඉදිරිපත් විය. මිත්‍යාදෘෂ්ටික නායකයන්ගේ නියෝජිතයෙකු වන ඔත්බා නැමැත්තා වක්තෘ මුහම්මද් (සල්) තුමාණන් කරා පැමිණ,
—ඔබට මුදල් අවශ්‍යනම් අපි ඔබ වෙනුවෙන් ඇති තරම් මුදල් රැස්කර දෙන්නෙමු. එවිට ඔබට අප අතරින් ඉතාමත් ධනවත් අයෙකු වීමට හැකියි.ඔබට නායකත්වය අවශ්‍ය නම් අපි ඔබව අපගේ රජු ලෙස ඔටුනු පළඳවන්නේමු යැයි පැවසිය.
මේ සියල්ල වෙනුවෙන් ඔවුන් එතුමාණන්ගෙන් එක් කොන්දේසියක් පමණක් බලාපොරොත්තු වුහ. එනම්, එතුමා ජනයාව ඉස්ලාමය වැළඳ ගැනීමට ඇරයුම් කිරීම අත්හළ යුතු යන්නත්, දෙවියන්වහන්සේව නැමදිමේදී එතුමා කිසිදු සගයෙකු නොමැතිව එය තනිවම ඉටුකළ යුතු බවත්ය. මෙලොව වාසි පතන පුද්ගලයෙකුට මෙම යෝජනා මඟින් එක්තරා පෙළඹවිමක් ඇති නොකරනු ඇත්ද?
මෙම යෝජනාව ඉදිරිපත් වු විට මුහම්මද් (සල්) තුමාණන් කුමන පැත්තක් ගත යුතුදැයි දෙගිඩියාවකට පත්වීද ? එසේත් නොමැති නම් කේවල් කිරිමේ එක්තරා ක්‍රමයක් ලෙස මෙයටත් වඩා හොඳ දීමනාවක් අපේක්ෂා කරමින් එතුමාණන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළාද ?
එතුමාණන් එහිදී පිළිතුරු දුන් ආකාරය පහත දැක්වෙයි
. —මහා කාරුණික, පරම දයාබර දෙවියන්වහන්සේගේ නාමයෙනි˜ එතුමාණන් ඔත්බාට අල් කුර්ආනයෙහි 41 : 1-381 දක්වාවු වැකි පාරායනාකොට පෙන්වූහ. පහත දැක්වෙන්නේ එම වැකි වලින් කිහිපයකි
මෙය පරම දායබර, අසමසම කරුණාවන්තයා (අල්ලාහ්) ගෙන් පහළවීමකි. එහි පරිච්ඡේදයන් විස්තරව කරුණු සහිතව දක්වා ඇත. අරාබි බස දන්නා ජනතාවට කුර්ආනයකි. ශුභාරංචි හා අනතුරු හැඟවීම් සහිත වූවකි. එහෙත් වැඩිදෙනෙක් මෙයට ඇහුම්කන් නොදී ප්‍රතික්ෂේප කරයි.(අල් කුර්ආන් 41 : 2 - 4)
තවත් අවස්ථාවකදී මිනිසුන් ඉස්ලාමය වෙත කැඳවීම නවත්වන මෙන් මුහම්මද් (සල්) තුමාණන්ගේ සුළු පියා විසින් එතුමාණන්ට කරන ලද ඉල්ලිමට එතුමාගේ පිළිතුර ඉතාමත් ස්ථීර හා අවංක විය.
—මා දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙමි. බාප්පේ, මෙම කාර්යය (මිනිසුන් ඉස්ලාමය වෙත කැඳවීම) අත්හැර දැමීම වෙනුවෙන් ඔවුන් මාගේ දකුණතෙහි ඉරත් මාගේ වම් අතෙහි සදත්ගෙනවිත් දුන්නත්, දෙවියන් එහි ජයග්‍රහණය ලබා දෙන තුරු මා එයින් වැළකෙමි. එසේත් නැතහොත් එය ආරක්ෂා කරමින් මා මිය යමි.˜
මුහම්මද් (සල්) තුමාණන් හා එතුමාගේ අනුගාමිකයන් වසර දහතුනක් මුළුල්ලේ ඉතාමත් දරුණු වධහිංසා වලින් පීඩනයට පත්වූුවා පමණක් නොව, එතුමාණන්ව ඝාතනය කිරිම සඳහාද දේව විශ්වාසය නොකරන්නන් බොහෝ වාරයක් උත්සාහ කොට ඇත. එක් අවස්ථාවකදී එසවීමට පවා ඉතාමත්ම අසීරුවු විශාල ගලක් එතුමාණන්ගේ හිස මතට පෙරලීම මඟින් එතුමාව ඝාතනය කිරීමට ඔවුන් තැත් කළහ.
තවත් අවස්ථාවකදි එතුමාගේ ආහාර වලට විෂ මිශ්‍ර කර එතුමාව ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ කළහ.
එතුමාගේ සතුරන්ට එරෙහිව එතුමාණන් සම්පූර්ණයෙන් ජයග්‍රහණය කර තිබියදීත් එතරම් දුක් කම්කටොළු හා පරිත්‍යාග වලින් යුත් ජීවිතයක් සුදුසු යැයි නිර්දේශ කරන්නේ කුමක් මඟින්ද? ඉතාමත් කීර්තිමත් අවස්ථාවන්හිදී පවා එතුමාණන්ගේ එම සාර්ථකත්වයට හේතුව එතුමාණන්ගේ බුද්ධිය හෝ දක්ෂතාවයන් නොම දෙවියන්වහන්සේගේ උපකාරයම පමණක් බව තරයේම ප්‍රකාශ කරමින්, එතුමාණන් පෙන්වන ලද නිහතමානි බව සහ උදාර බව කුමකින් විස්තර කළ හැකිද? මෙම ගතිගුණයන් බල තණ්හාවෙන් පෙළෙන එසේත් නැතිනම් තමාගේ යහපත ගැනම සිතන පුද්ගලයෙකුගේ ලක්ෂණයන් විය හැකිද?