උපවාසයේ අංග
01). ෆජ්රයට මද වේලාවකට කලින් සහර් ආහාරය අනුභව කිරීම හා ඉර බැසගිය විගස ප්‍රමාද නොකර උපවාසයෙන් මිදීම සුන්නත් වේ.
02). උපවාසයෙන් මිදීම සඳහා රටඉඳි අනුභව කිරීම, රටඉඳි නොමැති විට වතුර පානය කර උපවාසයෙන් මිදීම සුන්නත් වේ.
03). උපවාසයෙන් මිදීමට කිසි දෙයක් නොමැති විට උපවාසයෙන් මිදිය යුතු වේලාවේදී උපවාසයෙන් මිදෙන බව සිතා ගත යුතුයි. යම් දෙයක් ලබුනු විට අනුභව කිරීම ප්‍රමාණවත් වේ.
04). ප්‍රමාද වී අවධි වූ විට ෆජිර් වේලාව පැමිණ ඇති බව දැනගත් පසු අනුභව කිරීම නොකළ යුතුය. ෆජ්ර් වේලාව පැමිණි පසු කිසිදෙයක් අනුභව නොකළ යුතුය. මෙවැනි අවස්ථාවක සහර් නොකර උපවාසය රැකිය යුතුය.
05). හලාල් වූ අහාර පමණක් අනුභව කළ යුතුය. මෙය හැම විටම අනුගමනය කළ යුතුත්තකි.
06). උපවාසය රකින්නා අධික ලෙස නැමදුම් වල යෙදිය යුතුය. අල්ලාහ් තහනම් කර ඇති ක්‍රියාවලින් සහමුලින්ම වැලකී සිටිය යු තුයි.බොරු කීම, කේලම් කීම ඕපාදූප කථා කිරීම, රැවටීම, හරාම් වූ මාර්ගවලින් ඉපයීම ආදී සිය`ඵ කථා හා ක්‍රියා වලින් වැලකී සිටීම අනිවාර්ය යුතුකම වේ.
07). අවසාන දින දහය තුළ විශේෂයෙන් සිය`ඵම ඔත්තේ දිනවල රාත්‍රීය පුරාම නැමදුම් වල යෙදී ෙලෙලතුල් කද්ර් රාත්‍රීය ලබාගත යුතුය.
08). අවුරුදු(ඊද්) සලාතයට පෙර සදකතුල් ෆිත්ර් නැමැති අවුරුදු දානය නිසියාකාරව දිය යුතුය.