උපවාසයේ ෆර්ල් (අනිවාර්ය යුතුකම්)
01). වැඩිවියට පත් සියලුම ගැහැණු හා පිරිමි අය හට උපවාසයේ යෙදීම අනිවාර්ය වේ. වැඩිවියට පත් නොවූ අයට උපවාසයේ යෙදීම අනිවාර්ය නොවන නමුත් පුරුදු කිරීම සඳහා උපවාසයෙහි යෙදීමට සැලැස්විය හැක.
02). පිස්සන් හොඳ හා නරක ඛෙදා වෙන්කර ගැනීමට තරම් මොළයේ වර්ධනයක් නොමැති අය,වයෝවෘද්ධ භාවය නිසා නිවැරදි මානසික චින්තනයක් නොමැති අය යනාදීන් හට උපවාසයේ යෙදීම අනිවාර්ය නොවේ. උපවාසය වෙනුවට දුප්පතුන්ට ආහාර සැපයීමටද අවශ්‍ය නැත.
03). වයෝවෘද්ධ භාවය නිසා හෝ සුව නොවන රෝගී තත්වයන් නිසා උපවාසයේ යෙදිය නොහැකි අය එක් උපවාසයට එක් දුප්පතෙකුට බැගින් ආහාර ලබාදිය යුතුය.
04). සුව වේ යැයි බලාපොරොත්තු විය හැකි රෝගයක් නිසා උපවාසය අතහැරීමට අවසර ඇති නමුත් රෝගය සුව වූ පසු අතහැරනු උපවාසය රැකිය යුතුවේ.
05). මගීන්ට උපවාසය අතහැරීමට අවසර ඇත. තම ගමට පැමිණි පසු අතහැරුනු උපවාසය රැකිය යුතුය.
06). ගර්භනී කාන්තාව හෝ ළදරුවන්ට කිරි දෙන කාන්තාව උපවාසයේ යෙදීමෙන් තමාට හෝ තම ළදරුවාට අකරතැබ්බක් ඇති වේ යැයි බියට පත්වන්නී නම් උපවාසය අතහැරීමට අවසර ඇත. එම බිය තුරන් වූ පසු අතහැරුනු උපවාසය රැකිය යුතුය.
07).මාසික ඔසප් වීම හෝ දරු ප්‍රසූතිය නිසා රුධිර ගැලීමක් සිදු වුවහොත් උපවාසයේ යෙදීම නොකළ යුතුය. රුධිර ගැලීම නතර වූ පසු අතහැරුනු උපවාසය රැකිය යුතුය.
08). ජලයේ ගිලීමෙන් හෝ ගින්න නිසා ආපදාවන්ට මුහුණ දෙන අය ආරකෂා කිරීම සඳහා (නිසි වේලාවට පෙර) උපවායෙන් මිදීමට අවසර ඇත. පසුව එම උපවාසය රැකිය යුතුය.